18/09/2023
ඉඟුරුවත්ත පොලිස් ස්ථානය, කාන්තා හා ළමාරක්ෂක ඒකකය, කන්දේහේන ශ්රී වාලුකාරාම විහාරස්ථ ශ්රී සංඝරක්ඛිත දහම් පාසල හා සඳහිරු ළමා සමාජය එක්ව සංවිධානය කළ ළමා අපචාර හා මත්ද්රව්ය පිටුදැකීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන 2023.09.17 වන ඉරුදින විහාරස්ථ ධර්ම ශාලාවේ දී සාර්ථකව පැවැත්වුණි. මේ සඳහා ළමුන් හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ළමුන් හා දෙමව්පියන් යන දෙපාර්ශවය ම දැනුවත් කිරීම මෙහි අරමුණ විය.