21/08/2025
කියවා අවසානයේ Share කිරීමට කාරුණික වන්න
මරණය අපි කාටත් පොදුයි. මරණයෙන් පසු අපි කොහේටද යන්නෙ. කතෝලික අපේ විශ්වාසය අපි ශුද්ධගිනිස්ථානයට යනව විනිශ්චය ලබන්න. අපේ පව්වලට සමාව ලැබෙන තුරු අපේ පව් වලට හැටියට අපිට එහි පීඩා විදීමට සිදු වෙනව. ස්වර්ගීය ජිවීතය ලැබීමටනම් අපේ ආත්මවලට පව් සමාව ලැබෙන්න ඕනි. හැබැයි අපේ ආත්ම ශුද්ධගිනිස්ථානයේ පීඩා විදිද්දි අපි කොච්චර යාච්ඤා කළත් අපේ පව්වලට සමාව ලැබෙන්නෙ නෑ. ප්‍රධානකොට අපි මේ ලෝකයේ යහපත්ව ජීවත් විය යුතුයි. ඒ වගේම මිය ගිය ආත්ම උදෙසා ජිවතුන් නිතරම යාච්ඤා කළ යුතුයි. එවිටයි ශුද්ධගිනිස්ථානයේ ආත්මවලට නිදහස ලැබෙන්නෙ. ඉතින් මේ ශුද්ධගිනිස්ථානය ගැන විවිධ අය වගේම සාන්තුවරු විවිධ අදහස් ප්‍රකාශ කරල තියෙනව. ඒ අතරින් කිහිප දෙනෙකුට ශුද්ධගිනිස්ථානයට යන්නට දකින්නට වරම් ලැබිලා තියෙනවා. එවැනි සාන්තුවරුන් තුන්දෙනෙකු ඔවුන්ගේ දර්ශනය ගැන කියල තියෙන්නෙ මෙන්න මෙහෙමයි.
⭕සාන්ත මරියා ෆවුස්තීනා
"මම දැක්ක මගේ රැකවල් දේවදූතයා, ඔහු මට අණ කර සිටියා ඔහු පසු පස එන ලෙස. ස්වල්ප මොහොතකට පසු මම ගින්දරෙන් පිරුණු මීදුම සහිත තැනකට ඇතුල් වෙනවා. එහි පීඩා විදින ආත්ම දහස් ගණනක් කෑ මොර දෙන්නට විය. ඔවුන් නිතරම ඔවුනොවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නට විය. නමුත් එය නිෂ්ඵලයි. ඔවුන් සහයට වැඩිය හැක්කේ අපට පමණි. ඔවුන්ව පුලුස්සාලන ගිනි දලු මට හානියක් නොකරන්නට විය. මාගේ රැකවල් දේවදූතයා මොහොතකටවත් මා අතහැර නොගියේය. මෙහි පීඩා විදින ආත්මයන්ගෙන් මම මෙසේ ඇසුවාය. ඔබ විදින දරුණුම වේදනවා කුමක්ද? එවිට සියල්ලන්ම එකම හඩින් 'අප විදින දරුනම පීඩාව දෙවිදු කෙරෙහි ඇති මහත් ආශාවයි.
ශුද්ධගිනිස්ථානයේ ආත්මයන් උදෙසා දේව අම්ම වැඩම කර සිටිනවා මම දුටුවාය. එය එම ආත්මවලට නවමු ප්‍රාණයක් ගෙන දෙන්නට විය. මට අවශ්‍ය උනා ඔවුන් සමග තව දුරටත් කතා කරන්න. නමුත් මාගේ රැකවල් දේව දූතය පිට වීම සදහා මා කැදවනු ලැබීය. අප මේ පීඩා විදින සිර කුටියෙන් පිටතට පැමිනෙන්නට විය.[අභ්‍යන්තරයේන් නැගෙන හඩක් මට ඇසෙන්නට විය] 'මාගේ කරුණාවට මෙය අවශ්‍ය නැත. නමුත් විනිශ්චය රදාපවතින්නෙ මෙය මත වේ."[Diary 20]
⭕ජිනෝවාහි සාන්ත කැතරින් තුමිය
"ශුද්ධගිනිස්ථානයේ ඇති දරුණුකම කිසිම දිවකට තේරුම් කිරීමටවත්, කිසිම මනසකට තෙරුම් ගැනීමටවත් බෑ. නමුත් මම දැක්ක එහි ශුද්ධගිනිස්ථානයක් තියෙනවා. එය අපාය තරම්ම වේදනාකාරීයි. මට පෙන්නේ ඔවුන් ශුද්ධගිනිස්ථානයේ පීඩා විදින්නෙ ඔවුන් තුළ ඇති මොනයම් හෝ දෙයක් ඔවුන්ට දෙවියන්වහන්සේ අප්‍රසන්න කරන නිසාවෙනි. එය ඔවුන් ශුද්ධගිනිස්ථානයේ විදින සියලුම වේදනාවන්ගෙ වැඩිම දුක්විදින පීඩාව වේ."
⭕St. Lidwina of Schiedam (Schiedam හී සාන්ත ලිඩ්විනා තුමිය)
පාපිෂ්ඨ මිනිසෙක් මෙතුමියගෙ දේශනාවලින් පසු සිත් හැරී යහපත් වී ඇත. නමුත් ඔහුට ඉක්මනින්ම මිය යාමට සිදු වුණි. පසුව මෙතුමිය ඇගේ රැකවල් දේවදූතයාගෙන් ඔහු තවමත් ශුද්ධගිනිස්ථානයේද යැයි අසන්නට විය. එවිට ඇය මෙම දර්ශනය දුටුවාය.
ඇගේ රැකවල දේවදුතයා මෙසේ පවසන ලදී 'ඔහු එහි ඉන්නවා සහ ඔහු ගොඩක් දුක්විදිනවා, ඔයා කැමතිද ඔහු විදින වේදනාවන් යම් තාක් අඩු වීම සදහා එය විදවන්න?
'ඔව් මම ඕනි වෙලාවක සූදානම් ඔහුගේ සහයට වඩින්න.මෙතුමිය පිළිතුරු දෙන ලදී
එවිට දෙවදූතයා මෙතුමියව ශුද්ධගිනිස්ථානයේ දරුණු වේදනා සහිත තැනකට ගෙන යන ලදී. එවිට ඇය, ' මේ එය නම් අපාය?
එවිට දේවදූතයා පිළිතුරු දෙමින්.
'නෑ සහෝදරිය , නමුත් ශූද්ධගිනිස්තානයේ මෙම කොටස පිහිටා ඇත්තේ අපායට මායිම්ව වේ.
සියලුම පැති දිහා ඇය බලන්නට විය. සමානව බෙදුනු විශාල සිර කුටියක් අති විශාල උස බිත්තිවලින් වට වෙමින් අදුරුව ඇතිව. එය ඇයව දැඩි ලෙස බියට පමුණුවන ලදී. මෙම දුක්මුසු කුටිය දෙසට කිට්ටු වීමත් සමග ඇයට ව්‍යකූල වූ විලාප දෙමින් කැ ගස හඩවල් ඇසෙන්නට විය. වියරුවෙන් හැඩිම්,දම්වැල් ශබ්ද,වධ හිංසා පමුණුවන උපකරණසල ශබ්ද ඇයට ඇසෙන්නට විය. මේ ඝෝෂාව හරියට ලෝකයේ සියලුම කෝලහලයන් වගේ.
'මේ ඒ දරුණු තැනද? ඇය අසන්නට විය.එවිට දේවදූතයා පිළිතුරු දෙමින්.
ඔබ මගෙන් එය බලාපොරොත්තු වෙනවද?
එවිට ඇය, ' නෑ...මම ඔබෙන් ආයාචනය කරනවා'.එවිට ඇය භීතියෙන් පිටුපසට විත්
'මට ඇහෙන මේ ඝෝශාවන් මා මහත් භීතියට පමුණුවනවා මට තවදුරටත් එය දරන් ඉන්න බෑ.
ඇය ළිදක ගැට්ටෙ ඉදගෙන දුකින් සිටින දේවදූතයෙකු දුටුවාය.' ඇය කවුද?
එවිට ඇගේ රැකවල් දේවදූතයා පිළිතුරු දෙමින්.' ඒ රැකවල් දේවදූතයෙක්. ඔබ වැඩියෙන්ම යාච්ඤා කල පව්කාරයගේ රැකවල් දේවදූතය ඔවුගේ ආත්මය මේ ළිදේ එනම් විශේෂ ශුද්ධගිනිස්ථානයේ ඇත. එවිට ඇය තම දේවදූතයාගෙන් එය දැකීමට ඉල්ලන ලදී. එම ළිදේ විවරය විවෘත කිරීමත් සමග අදුරු මීදුමෙන් හා ගිනිදලු අතරින් මහත් භයානක ඝොෂා නික්මිනි. ඒත් සමග එම පාපිෂ්ඨ පුද්ගලයා ගිනි අතර පිච්චෙමිනි මතුවිය. මෙතුමියට තවදුරටත් මේ භයානක දර්ශනය දරා සිටීමට නොහැකි විය.
--------------------------------------------------
අපි නිරතුරුවම ශුද්ධගිනිස්ථානයේ පීඩා විදින ආත්ම උදේසා අපි යාච්ඤා කරමු. ඔවුන්ටත් අපටත් ගැළවීම ඇත්තේ ඒතුළ වේ.