Sri-Namah

Sri-Namah 🙏 𝐄𝐦𝐩𝐨𝐰𝐞𝐫𝐢𝐧𝐠 𝐘𝐨𝐮𝐫 𝐏𝐫𝐚𝐲𝐞𝐫𝐬 𝐰𝐢𝐭𝐡 𝐀𝐮𝐭𝐡𝐞𝐧𝐭𝐢𝐜 𝐏𝐮𝐣𝐚 𝐁𝐚𝐧𝐝𝐚 🙏
❤️️භක්තියෙන් කරන සෑම ප්‍රාර්ථනාවකටම ශක්තියක්❤️️

2026 ඔබගේ උත්සාහයට ලැබීම් වැඩිවන, සෞභාග්‍යයෙන් පිරි අවුරුද්දක් වේවා ✨
31/12/2025

2026 ඔබගේ උත්සාහයට ලැබීම් වැඩිවන, සෞභාග්‍යයෙන් පිරි අවුරුද්දක් වේවා ✨

මූසික වාහන මෝදක හස්තාචාමර කර්ණ විලම්භිත සුත්‍රාවාමන රූප මහේෂ්වර පුත්‍රාවිග්න විනායක පාද නමස්තේ🍎🍊🍉🍇🥭🥥ආදරණීය ගණදෙවියනි,ඔබ ...
29/10/2024

මූසික වාහන මෝදක හස්තා
චාමර කර්ණ විලම්භිත සුත්‍රා
වාමන රූප මහේෂ්වර පුත්‍රා
විග්න විනායක පාද නමස්තේ
🍎🍊🍉🍇🥭🥥

ආදරණීය ගණදෙවියනි,
ඔබ වහන්සේගේ ආදරය,කරුණාව අපහට ලැබේවා!
Om sri ganeshaya namaha:✨🙏🏻🙏❤

20/10/2024
අද හරි ලස්සන දවසක් ළමයෝ.. ඉතිං මේ ලස්සන දවසේ ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා  ❤❤❤❤
19/10/2024

අද හරි ලස්සන දවසක් ළමයෝ..
ඉතිං මේ ලස්සන දවසේ ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤

🙏 ශ්රී මහාගණේශ පංචරත්නම් 🙏මුදාකරාත්ත මෝදකං සදා විමුක්ති සාධකම් ।කළාධරාවතංසකං විලාසිලෝක රක්ෂකම් ।      🙏   අනායකෛක නායකං ...
29/09/2024

🙏 ශ්රී මහාගණේශ පංචරත්නම් 🙏

මුදාකරාත්ත මෝදකං සදා විමුක්ති සාධකම් ।
කළාධරාවතංසකං විලාසිලෝක රක්ෂකම් । 🙏
අනායකෛක නායකං විනාශිතේභ දෛත්යකම් ।
නතාශුභාශු නාශකං නමාමි තං විනායකම් ॥ 1 ॥

(I salute God Vinayaka/Ganesh) The one who joyfully holds sweet modaka in his hand and who always gives salvation to his devotees.
The one who wears the moon as an ornament and the protector of all the worlds.
The one who acts as a guide/leader to the destitute or helpless people, the destroyer of the demons.
The one who removes the bad and inauspicious things in one’s lives, I bow to you, the God Vinayaka.

නතේතරාති භීකරං නවෝදිතාර්ක භාස්වරම් ।
නමත්සුරාරි නිර්ජරං නතාධිකාපදුද්ඪරම් ।
සුරේශ්වරං නිධීශ්වරං ගජේශ්වරං ගණේශ්වරම් ।
මහේශ්වරං තමාශ්රයේ පරාත්පරං නිරංතරම් ॥ 2 ॥

(I bow to the God Ganesha), The one who induces fear to the people with dishonest and arrogance, the one who shines like a rising sun.
I pray to the one who destroys the enemies of the gods and who frees and uplift his devotees from the obstacles.
O’ Ganesha, the leader of gods (Suras), the leader of wealth, the elephant-faced god and the Chief of celestial attendants (Ganas).
The one who is like God Maheswara and always offers protection to the devotees who approached him.

සමස්ත ලෝක ශංකරං නිරස්ත දෛත්ය කුංජරම් ।
දරේතරෝදරං වරං වරේභ වක්ත්රමක්ෂරම් ।
කෘපාකරං ක්ෂමාකරං මුදාකරං යශස්කරම් ।
මනස්කරං නමස්කෘතාං නමස්කරෝමි භාස්වරම් ॥ 3 ॥

I bow to the God Ganesha, who gives auspiciousness to all the worlds, the destroyer of demons who are like the musth elephant.
The one who has a big stomach that signifies space and prosperity. Who gives great boons and the elephant-faced god.
The one who showers the grace, the forgiver of mistakes, The god of happiness and the who gives glory to his devotees.
The one who gives good thoughts to the devotees. I bow to you, the god with shining form.

අකිංචනාර්ති මාර්ජනං චිරංතනෝක්ති භාජනම් ।
පුරාරි පූර්ව නංදනං සුරාරි ගර්ව චර්වණම් ।
ප්රපංච නාශ භීෂණං ධනංජයාදි භූෂණම් ।
කපෝල දානවාරණං භජේ පුරාණ වාරණම් ॥ 4 ॥

I bow to the God Ganesh, who removes the sufferings of the destitute or helpless, who is praised in the ancient texts and sayings.
The elder son of the Shiva (Purari)- the destroyer of Tripura’s, The destroyer of the pride of the demons.
The one who uses his powers during the great dissolution (Pralaya), adorned with gods like Agni as his ornaments.
The one whose cheeks flows downs the fluid of grace like the elephant, I adore you the primordial or ancient elephant-headed god.

නිතාංත කාංති දංත කාංති මංත කාංති කාත්මජම් ।
අචිංත්ය රූපමංත හීන මංතරාය කෘංතනම් ।
හෘදංතරේ නිරංතරං වසංතමේව යෝගිනාම් ।
තමේකදංතමේව තං විචිංතයාමි සංතතම් ॥ 5 ॥

The one who is bright with glittering tusk, the son of the god (Shiva) who killed Yama.
The one who’s true form was unimaginable, The eternal one, the remover of obstacles.
The god who lives in the hearts of yogi’s always.
I meditate on the deity with a single tusk and the remover of obstacles.

මහාගණේශ පංචරත්නමාදරේණ යෝऽන්වහම් ।
ප්රජල්පති ප්රභාතකේ හෘදි ස්මරන් ගණේශ්වරම් ।
අරෝගතාමදෝෂතාං සුසාහිතීං සුපුත්රතාම් ।
සමාහිතායු රෂ්ටභූති මභ්යුපෛති සෝऽචිරාත් ॥

One who reads Maha Ganesha pancharatnam with devotion every day and
Recites this in the morning keeping God Ganesha in the heart
will be granted good Health, blamelessness or life without faults, good skills, and education, good children
along with a complete life with all the eight wealth’s

28/09/2024

අහම්බයකින් හෝ මෙය දකින ඔබටත් මටත් අද දවසේ සියලු වැඩ කටයුතු සාර්තක වේවා...
උතුම් ගණ දෙවි පිහිට ලැබේවා...! 🙏🌸🍃

ජීවන අරගලය මැද අතරක් පතරක් පෙනුමක් නොපෙනුමක් නොමැතිව ප්‍රශ්නවලට දවසින් දෙකෙන් උත්තර සොයන අප අනුවණකම හේතුවෙන් කෙතරම් පීඩාවල් මැද අතරමංව දුක් විඳිනවාද? එසේ නම් නුවණට අධිපති ගණපති දෙවිඳුන්ගේ බැතිමතකු වී පිහිට ආශීර්වාදය ලැබ ඉසුරුමත් දිවියක් ගත කිරීමට උරුම වාසනාව ලැබේවා...

මෝක්ෂය දුරලමින් ප්‍රඥාවේ ප්‍රදීපය දල්වමින් දිවිය ඉසුරුමත් කරවන දෙවියා ලෙස නම් දරයි. අවංක බැතිමතුන්ට අසීමිත ආදරය, කරුණාව, ලබාදෙන ගණ දෙවිඳු ඔවුන්ගේ යහපත් ඉල්ලීම් සියල්ල ඉෂ්ට කරදෙයි

✅ අඩුපාඩු නැති පිළිමයක් ගන්න වග බලාගන්න. විකෘති උන පිළිම ගන්න එපා...
✅ අභිෂේක කළ හැකි වතුර වැටුනාම පාට නොයන, පොතු ගැලවෙන්නෙ නැති උසස් තත්වයේ පිළිමයක් ගන්න

මිළ රු.𝟏𝟑𝟎𝟎 ක් පමණි.
දිවයින පුරා බෙදා හැරීම මිළ රු.𝟑𝟎𝟎

මිළදී ගැනීම සදහා 👉𝗚𝗘𝗧 𝗢𝗙𝗙𝗘𝗥👈 බොත්තම ඔබන්න. නැතිනම් ☎️ 𝟬𝟳𝟮 𝟲𝟱𝟰 𝟮𝟰𝟮𝟰 දුරකතන අංකය අමතා ඔබගේ, නම,ලිපිනය,දුරකථන අංක දෙකක් අප වෙත ලබා දෙන්න

කොහොමද ගණ දෙවියන් වන්දනා කිරීමට පූජාසනය සකස් කරගන්නේඔබ වාසය කරන නිවෙසේදී හෝ ගණ දෙවියන් වැඩ සිටින කෝවිලකදී පූජාව තබීමට හැ...
16/09/2024

කොහොමද ගණ දෙවියන් වන්දනා කිරීමට පූජාසනය සකස් කරගන්නේ

ඔබ වාසය කරන නිවෙසේදී හෝ ගණ දෙවියන් වැඩ සිටින කෝවිලකදී පූජාව තබීමට හැකිය. නිවෙස තුළ පූජාව ආරම්භ කරන්නේ නම් මුළු නිවෙසම පවිත්‍ර කර ගණ දෙවි පිළිමය තැබීමට පූජාසනයක් සකස් කර ගත යුතුවේ. පිරිසුදු ඉඩකඩ ඇති උස් ස්ථානයක් තෝරාගත යුතුය. මෙම ස්ථානය බුදුන් වඳින ස්ථානයේ බුදු පිළිමයට මඳක් පහතින් තිබිය යුතුය. පළමුව ඔබ කැමැති ගණ දෙවි මූර්තියක් තෝරාගෙන පූජාසනය මත තබන්න. කැමැති නම් පිළිමයට සළුවක් ඇන්දවිය හැකිය. පිළිමය ඉදිරියෙන් පහනක්, මල් තැබීමට පීරිසියක්, කැවිලි තැබීමට සුදුසු බඳුනක් හා හඳුන්කූරු දැල්වීමටද රඳවනයක් තබන්න. දැන් ඔබේ පූජාසනය සකස් වී හමාරය.

ගණ දෙවි පූජාව

1. පොල්තෙල් පහනක්
2. පිච්ච මල්, දාස්පෙතියා, සපත්තු මල් හෝ පිදීමට ගන්නා රතු මල්
3. පැණි රස කෑම වර්ගයක් (ලඩ්ඩු, සූකිරි, රටඉඳි, කිරිටොෆි…)
4. පිච්ච මල් මාලයක්
5. සුවඳ හඳුන්කූරක් හෝ දෙකක්

පූජාව තබන ආකාරය

මුළු නිවෙසම පිරිසුදු කර ඔබද පිරිසුදු වී, පිරිසුදු ඇඳුම් ඇඳ පූජාව තබන්න. පූජාසනයද පිරිසුදු කරගන්න. පළමුව පිච්ච මල් මාලය, ගණ දෙවිඳුට පලඳවන්න. පසුව පහන දල්වා මල්ද , කැවිලි හා හඳුන්කූරුද පුදන්න.

ඔබ පූජාව තබන විට ගණ දෙවියන්ට අසීමිත ආදර භක්තියකින් පූජාව තබන්න. අවංක ගුණගරුක බැතිමතුන්ට ගණ දෙවියන් ආදරය කරුණාව ඉක්මනින් ලබාදෙනවා. මඳ වේලාවක් ගණ දෙවි පිළිමය දෙස බලා සිට පහත සඳහන් මන්ත්‍ර ගායනා කරමින් ගණ දෙවියන්ට ආරාධනා කර පූජාව පිළිගන්නා ලෙසත් ඔබේ ජීවිතේ ඇති කම්කටොලු, බාධක, දුක, ගණ දෙවියන් ඉදිරියේ කියා සිටින්න. ටිකෙන් ටික ඔබේ ජීවිතයේ දුක නැති වී සතුට පැමිණෙන බව ඔබට අත්විඳින්න හැකිවේවි.

අවධානයට ගත යුතු දේ

1. බුදු පහන තැබීමෙන් පසුව ගණ දෙවියන් වන්දනා කරන්න.
2. ඉක්මනින් ධනය ලබාගන්න, අරමුණින් නොසැලකිලිමත්ව පූජාව නොතබන්න.
3. පූජාව අවසානයේ පූජාසනය මත තැබූ කැවිලි ඔබත් නිවෙසේ අනෙක් අයද ආහාරයට ගන්න.

🙏ඉසුරුමත් දිවියකට ගණ දෙවි වන්දනාව🙏ගණ දෙවියන් හඳුන්වන විවිධ නම්1. ගණපති 2. සිත්තිධානා  3. විනයාගර්  4. ගජකරණාගන් 5. ඝන දී...
16/09/2024

🙏ඉසුරුමත් දිවියකට ගණ දෙවි වන්දනාව🙏

ගණ දෙවියන් හඳුන්වන විවිධ නම්

1. ගණපති 2. සිත්තිධානා 3. විනයාගර් 4. ගජකරණාගන් 5. ඝන දීපන් 6. පුල්ලෙයාර් සාමි 7. ගණේෂ 8. බාලචන්ද්‍ර

ගණපති ස්වරූප 18

1. බාල ගනේෂ 2. වීර ගනේෂ 3. ශක්ති ගනේෂ 4. මහා ගනේෂ 5. සිද්ධි ගනේෂ 6. වල්භ ගනේෂ 7. ධරණි ගනේෂ 8. හේරම්භ ගනේෂ 9. සත්‍ය ගනේෂ 10. බුද්ධි ගනේෂ 11. නෘත්‍ය ගනේෂ 12. චණ්ඩි ගනේෂ 13. භක්ති ගනේෂ 14. කාල ගනේෂ 15. ලක්ෂ්මී ගනේෂ 16. ස්කන්ධ ගනේෂ 17. විද්‍යා ගනේෂ 18. භද්‍ර ගනේෂ

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය. තායිලන්තය, සිංගප්පූරුව වැනි රටවල ගණදෙවි වන්දනාව බෙහෙවින් ප්‍රචලිතය. අප ජන සමාජයේ ගණ දෙවි වන්දනාව බෙහෙවින්ම සිදු කරන්නේ අධ්‍යාපනය මුල් කරගෙනය. එහෙත් ගණ දෙවි වන්දනාව තුළින් ආදරය, විවාහය සම්බන්ධව, අමනුෂ්‍ය දෝෂ නැතිකර ගැනීම, රැකීරක්ෂා උසස් කර ගැනීම, ව්‍යාපාර දියණු කර ගැනීම, ආදායම් වැඩිකර ගැනීම මෙන්ම සිතේ සැනසීම, පී්‍රතිමත් බව ආදී ප්‍රාර්ථනාද ඉෂ්ට කරගත හැකිය.

🙏ඉසුරුමත් දිවියකට ගණ දෙවි වන්දනාව🙏කවුද ගණ දෙවියෝ කියන්නේ?මෝක්ෂය දුරලමින් ප්‍රඥාවේ ප්‍රදීපය දල්වමින් දිවිය ඉසුරුමත් කරවන ...
16/09/2024

🙏ඉසුරුමත් දිවියකට ගණ දෙවි වන්දනාව🙏

කවුද ගණ දෙවියෝ කියන්නේ?

මෝක්ෂය දුරලමින් ප්‍රඥාවේ ප්‍රදීපය දල්වමින් දිවිය ඉසුරුමත් කරවන දෙවියා ලෙස නම් දරයි. අවංක බැතිමතුන්ට අසීමිත ආදරය, කරුණාව, ලබාදෙන ගණ දෙවිඳු ඔවුන්ගේ යහපත් ඉල්ලීම් සියල්ල ඉෂ්ට කරදෙයි. ගණ දෙවිඳුගේ පියා ලෙස ඉසුරු හෙවත් ශිව දෙවිඳුද මව පාර්වතී දේවිය හෙවත් උමයංගනා දේවියද වන අතර ස්කන්ධ කුමරු හෙවත් කතරගම දෙවිඳු සොහොයුරාය. විනෝදයට ප්‍රිය ඉතා මිත්‍රශීලී ගණ දෙවිඳුන්ගේ මූර්තිය හස්ති හිසක් හා මිනිස් ශරීරයකින් අඹා ඇත.

ගණ දෙවි උපත

ගණ දෙවි උප්පත්ති කතාව එක් එක් ග්‍රන්ථවල විවිධ ආකාරයට රචනා වුවද ඒ සියල්ල ඉතා රසබර කතාය. හින්දු දේව පුරාණයට අනුව ගණ දෙවිඳුගේ මෑණියන් වන පාර්වතී දේවිය ළදරු ගණ දෙවි රුව මැටියෙන් අඹා පසුව එම දේව මූර්තියට ජීවය කැවූ බව සඳහන් වේ.

ගණ දෙවිඳුන්ට ඇත් හිසක් ලැබූ හැටි

ගණ දෙවියන්ගේ සොහොයුරු වූ ස්කන්ධ කුමරු වල්ලි මාතාවට ආලය කළද වල්ලි කුමරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. ගණ දෙවිඳුගේ සොහොයුරු වූ කතරගම දෙවිඳු මේ වන විට වාසය කළේ කතරගම වැඩිහිටි කන්දේය. වල්ලි කුමරිය ඉතා රූමත් කුමරියකි. ඇගේ ආලය ලබා ගැනීමට සිදුවූ දෙය කතරගම දෙවිඳු ගණ දෙවිඳුට කීවේය. මෙයට උපායක් කල්පනා කළ ගණ දෙවිඳු වල්ලි කුමරිය පෙන්වන ලෙස කතරගම දෙවිඳුට කිව්වේය. ඇල්හේනේ සිටි වල්ලි කුමරිය අද්භූත සත්ත්වයෙක් දැක බියට පත්ව කෑ ගසාගෙන විත් ඇල්හේන අසල සිටි කතරගම දෙවිඳුගේ උදවු පැතීය. ඇය ආරක්ෂාකාරී තැනක තැබූ ස්කන්ධ කුමරු අද්භූත සතා බැලීමට ඇල්හේනට ගිය විට ඇත් හිසක් හා මිනිස් සිරුරක් සහිතව සිටි තම සොහොයුරාව හඳුනාගත හැකි විය. ගණ දෙවිඳුගේ නුවණ ගැන කතරගම දෙවිඳු මහත් සතුටට පත්වූයේය. වල්ලි කුමරිය කතරගම දෙවිඳුට කැමැත්ත ප්‍රකාශ කළද ගණ දෙවිඳුට නැවත යථා ස්වරූපය පත්වීමට නොහැකි විය. එතැන් සිට ගණ දෙවිඳුගේ රුව ඇත් මුහුණක් හා මිනිස් ශරීරයක් වී ඇත.

Address

Jana Jaya City
Rajagiriya
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri-Namah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share