Infant Jesus Church - Polgahahena

Infant Jesus Church - Polgahahena බිළිඳු ජේසුනේ ඔබ අප සරණේ..❤

අද කුමරි මරියාවන්ගේ උපන් මංගල්‍යයයි 🙏🩵🤍එතුමියගේ උපන් මංගල්‍යය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාව අද සවස 5 ට අප දේවස්ථානයේ පැව...
07/09/2026

අද කුමරි මරියාවන්ගේ උපන් මංගල්‍යයයි 🙏🩵🤍

එතුමියගේ උපන් මංගල්‍යය සිහිකරමින් විශේෂ දිව්‍ය පූජාව අද සවස 5 ට අප දේවස්ථානයේ පැවත්වේ...හැකි සෑම දෙනාම සහභාගි වන්න 🩵🩵 - ජේසු පිහිටයි -

🌹✨ ස්වර්ගීය මහිමයට ඔසවා ගත් අපේ දේව මෑණියන්… ✨දේවමාතාවන් වහන්සේ ආත්ම ශරීර සමගින් ස්වර්ගයට ඔසවා ගැනීමේ මංගල්‍යය සමරන මේ ප...
14/08/2026

🌹✨ ස්වර්ගීය මහිමයට ඔසවා ගත් අපේ දේව මෑණියන්… ✨

දේවමාතාවන් වහන්සේ ආත්ම ශරීර සමගින් ස්වර්ගයට ඔසවා ගැනීමේ මංගල්‍යය සමරන මේ පින්බර දිනේ,
මරිය මෑණියන්ගේ ආදරණීය මැදිහත්වීම තුළින්
අපගේ ජීවිතවලට අවශ්‍ය විශ්වාසය, බලාපොරොත්තුව හා ආශීර්වාදය නිරන්තරයෙන් ලැබේවා. 🤍🙏

“ස්වර්ගාරෝපිත දේව මාතාවෙනි, අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව!” 🌹💙

04/08/2026

✝️🤍 අපේ දේවස්ථානය කැප කර ඇති ආශ්චර්‍යමත් ජේසු බිලිඳුන්ට කැප වූ අපේම සුවිශේෂී දේවස්ථාන ගීතිකාව — “බිලිඳු ජේසුනේ” 🎶✨

ආදරයෙන්, භක්තියෙන් සහ එකමුතුවෙන් අපේ හඬින් ගයන මේ ගීතිකාව ඔබත් අසන්න. 🤍🙏🏻

🎧 Best experienced with headphones — listen closely and feel every note. 🤍🎶

18/07/2026

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නේ දෙවියන් වහන්සේ අපිට දීපු දෙවල්වලට විතරක් ස්තුති කරන්න. හැබැයි අපි කවදාවත් උන්වහන්සේගේ අපිට නොදී මඟහැරපු, අපේ යාච්ඤාවලට උත්තර නොදී අපේ ජීවිතවලින් අයින් කරපු නරක දෙවල්වලට ස්තුති කරලා නැහැ. ඇත්තටම ජීවිතේ ලැබුණු දෙවල්වලට වඩා, උන්වහන්සේ අපිට නොලැබෙන්න සැලැස්වූ දෙවල් නිසා ඔයා අදත් කිසිම කරදරයක් නැතුව පරිස්සමෙන් ඉන්නවා ඇති…🍂🙏

13/07/2026
13/07/2026

ජේසුනී ස්තෝත්‍ර වේ..ජේසුනී ස්තෝත්‍ර වේ !!!

ස්වාමී වූ ආශ්චර්‍යමත් ජේසු බිළිඳුනි ✨

අපගේ දේවස්ථාන මංගල්‍යය ඉතා සාර්ථකව, සාමයෙන් හා ආශීර්වාදයෙන් නිමා කිරීමට අප සමඟ වැඩ සිටි ඔබට අපගේ ස්තූතී ප්‍රශංසාව නිරන්තරයෙන් පුද කරමු 🙏✝️

මෙම මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් වෙහෙස වූ අප පියතුමන්ලාට, සහෝදර සහෝදරියන්ට, තරුණ තරුණියන්ට, ගායනා කණ්ඩායම්වලට, සියලුම සමිති සමාගම් ඇතුලු ම්සම් සබාවට සහ විවිධ අයුරින් දායක වූ සියලු දෙනාට ඔබගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා.🙏🙏

මේ මංගල දින භක්තියෙන්, විශ්වාසයෙන් හා ආදරයෙන් ඔබවහන්සේ වෙත පැමිණ තමන්ගේ සියලු යාච්ඤා හා පැතුම් ඔබගේ පාමුල තැබූ සියලු ජනතාවගේ සිත්හි ඇති යහපත් බලාපොරොත්තු ඔබගේ ශුද්ධ කැමැත්ත අනුව ඉටු කර දෙන සේක්වා. ඔවුන්ගේ ජීවිතවලට සුවය, සමාදානය, ආරක්ෂාව සහ නොනිමෙන දේව කරුණාව වගුරුවා දෙන මැනව.🙏🙏

ජේසු බිළිඳුනි, අප සැම විටම ඔබවහන්සේට විශ්වාසවන්තව ජීවත් වීමටත්, ඔබගේ ප්‍රේමය ලොවට බෙදා දීමටත් අපට ශක්තිය ලබා දුන මැනව 🙏.

ඔබ සැමට සුබ මංගල්‍යයක් වේවා 🙏✝️🤍
11/07/2026

ඔබ සැමට සුබ මංගල්‍යයක් වේවා 🙏✝️🤍

🕊️ සැදෑ යාම යැදුම (Vespers) යනු කුමක්ද?සැදෑ යාම යැදුම යනු කතෝලික සභා දේව මෙහෙයේ (Liturgy of the Hours) ප්‍රධාන යාච්ඤාවලි...
11/07/2026

🕊️ සැදෑ යාම යැදුම (Vespers) යනු කුමක්ද?

සැදෑ යාම යැදුම යනු කතෝලික සභා දේව මෙහෙයේ (Liturgy of the Hours) ප්‍රධාන යාච්ඤාවලින් එකකි. දවසේ අවසානයේ, දෙවියන් වහන්සේට ස්තුති පුද කරමින්, එදින ලැබුණු සියලු වරප්‍රසාද සිහිපත් කරමින්, ඉදිරි දවසද උන්වහන්සේගේ රැකවරණයට භාර දෙන ශුද්ධ වූ යාච්ඤාවකි.

මෙය සරලවම දවස නිමා කරන යාච්ඤාවක් පමණක් නොව, මුළු සභාවම එක හඬින් දෙවියන් වහන්සේට ප්‍රශංසා ගායනා කරන පූජනීය මොහොතකි.

✨ සැදෑ යාම යැදුම තුළ සිදුවන්නේ කුමක්ද?

සැදෑ යාම අතරතුර,

* 📖 ශුද්ධ ලියවිල්ලෙන් පාඨ කියවනු ලබයි.
* 🎶 ගීතාවලිය (Psalms) සහ ස්තුති ගීතිකා ගායනා කරනු ලබයි.
* 🙏 ලෝකය, සභාව, රෝගීන්, පවුල් සහ සියලු ජනතාව වෙනුවෙන් පොදු යාච්ඤා ඔප්පු කරනු ලබයි.
* 🌿 එදින ලැබුණු සියලු ආශිර්වාද වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරමින්, උන්වහන්සේගේ කරුණාව අයදිනු ලබයි.
*✝️විශේශාකාරෙයෙන් දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව හා ආශිර්වාදය තුලින් ස්වාමින්වහන්සේට නමස්කාර කිරීම.

🤍 සැදෑ යාම යැදුම සිදු කරන්නේ ඇයි?

අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම දෙවියන් වහන්සේට අයිති බව පිළිගනිමින්, දවසේ අවසානයේ උන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව පුද කිරීම සඳහාය. එසේම, එදින සිදු වූ අඩුපාඩු වෙනුවෙන් සමාව අයැද, හෙට දවස උන්වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වීමට අවශ්‍ය ශක්තිය හා මඟපෙන්වීම ඉල්ලා සිටීමද මෙහි අරමුණයි.

සැදෑ යාම අපට මතක් කර දෙන්නේ,
“දවස අවසන් වුවද, දෙවියන් වහන්සේගේ ප්‍රේමය කිසිදා අවසන් නොවන බවයි.”

මෙම පින්බර සැදෑ යාමට ඔබත් ඔබගේ පවුලත් භක්තියෙන් එක්වී, ස්වාමින් වහන්සේගේ සාමය, සැනසීම සහ ආශිර්වාදය අත්විඳීමට සාදරයෙන් ආරාධනා කරමු.

“මාගේ යැදුම ඔබ ඉදිරියෙහි ධූපයක් මෙන් නැඟේවා; මාගේ දෑත් ඔසවා සිටීම සවස පූජාවක් මෙන් වේවා.” (ගීතාවලිය 141:2) ✝️🙏

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Infant Jesus Church - Polgahahena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share