Sadaham Mithuro : YBS Polgahawela

Sadaham Mithuro : YBS Polgahawela පිවිසෙන්න...
සත්පුරුෂයන් නිබඳ සරනා
සොඳුරු වූ සත්පුරුෂ ඉසව්වට...

යොවුන් බෝධිඥාන සභාව
මහමෙව්නාව භාවනා අසපුව,
පොල්ගහවෙල.

22/05/2026
"මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත්ව ධාතූන් වහන්සේලා ද ධර්ම...
19/05/2026

"මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයෙන් දියුණුවට පත්ව ධාතූන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද ශාස්තෘ තනතුරෙහි තබා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලා ද, බුද්ධ ඥාන රත්නය ද ත්‍රිවිධ සම්පත් ඉපිදවීමට හේතුව වෙයි. භව දුකින් පීඩිත වූ සත්වයෝ ධාතුන් වහන්සේලා ද ධර්මය ද විනය ද අනුශාසනාව ද හේතුකොට සැප කැමති අය සැප ලබා ගනිති….. තථාගතයන් වහන්සේගේ ධාතු රත්නයන් වහන්සේලාට ද බුද්ධ ඥාන රත්නයට ද පූජා පවත්වා කුසල් උපදවා, ඒ කුසල් බලයෙන් රාග ද්වේෂ මෝහ යන ත්‍රිවිධාග්නියෙන් හටගන්නා සන්තාප පරිදාහ නිවා ගනිති. සංසිඳුවා ගනිති.”

මිලිඳු රාජ ප්‍රශ්නය -කරන ලද දෙය සඵල වීම ගැන ප්‍රශ්නය

මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වස් වසා අවසන්ව වස් පවාරණය කරලා ඉල් පුන් පොහෝ දවසේ මහරජ්ජුරුවන්ට මෙය වදාළා. "මහරජ්...
19/05/2026

මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වස් වසා අවසන්ව වස් පවාරණය කරලා ඉල් පුන් පොහෝ දවසේ මහරජ්ජුරුවන්ට මෙය වදාළා.

"මහරජ්ජුරුවෙනි, අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බැහැදැක වන්දනා කොට දැන් සෑහෙන කලක් ගතවුනා. මෙහිදී උන්වහන්සේව පුදන්ට නැති නිසා අපි අනාථවාසයකිනුයි ඉන්නේ. දඹදිව යන්ටයි අදහස."

"ස්වාමීනී, සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මට කලින් වදාළා නොවේද?"

"එසේය මහරජ්ජුරුවෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා බැහැදැක්ක විට ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක්කා සමානයි."

මහාවංසය 17 වන පරිච්ඡේදය

❝ඒහි මාතලි අම්හේපි භිය්‍යෝ භිය්‍යෝ මහේමසේ,තථාගතස්ස ධාතුයෝ සුඛෝ පුඤ්ඤානමුච්චයෝ❞පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේග...
18/05/2026

❝ඒහි මාතලි අම්හේපි භිය්‍යෝ භිය්‍යෝ මහේමසේ,
තථාගතස්ස ධාතුයෝ සුඛෝ පුඤ්ඤානමුච්චයෝ❞

පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ. .

❝තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං ඵලං,
චේතෝපණිධිහේතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං❞

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි.

~ ඛුද්දක නිකාය , විමානවත්ථු පාලි - පීත විමානය

17/05/2026

🌸 පින්බර වෙසක් මංගල්‍යය - ශ්‍රී බුද්ධ වර්ෂ 2570 🌸

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ 📅 මැයි 30 වෙසක් පුන් පෝදා දහම් වැඩසටහන🙏✨

⏰ උදෑසන 6.00 සිට රාත්‍රී 12.00 දක්වා

ධර්ම දේශනා:

🌅 උදෑසන 8.00 - 10.00 👉 පින්වත් වැලිමඩ සද්ධසීල ස්වාමීන් වහන්සේ 🌾

☀️ දහවල් 12.30 - 3.00 👉 පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ 🪔

🌕 රාත්‍රී 8.00 - 11.00 👉 පින්වත් බණ්ඩාරවෙල සන්තදීප ස්වාමීන් වහන්සේ ✨

📅 මැයි 31 (පසුදින)🍱 ප්‍රණීත බත් දන්සල
⏰ උදෑසන 10.00 සිට දවස පුරා...

වෙසක් පොහෝදා දාන, සීල, භාවනා වශයෙන් ජීවිතයට පින් පුරවා ගන්නට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා! 🌸🙏

Address

Mahamevnawa Bhawana Asapuwa
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when Sadaham Mithuro : YBS Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share