IFBCnet

IFBCnet The international foundation for Buddhist communication

“Beyond the Surface” Hidden secrets of Sri Lanka...
30/03/2026

“Beyond the Surface”

Hidden secrets of Sri Lanka...

බුදු සසුන රකින්නට බඹ ලොවින් ආ උතුමන්...IFBCnet  follow usබුදුරජාණන් වහන්සේ මේ බුද්ධ සාසනය වසර පන්දහසක් කල් පිහටවපු එකක්....
28/03/2026

බුදු සසුන රකින්නට බඹ ලොවින් ආ උතුමන්...

IFBCnet follow us

බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ සාසනය වසර පන්දහසක් කල් පිහටවපු එකක්..
ඒත් සමහර කාලවල බුද්ධ සාසනය පිරිහිලා යනවා..හැබැයි ඒ පිරිහුනු හැම මොහොතකම කවුරුන් හෝ බුද්ධ සාසනය රැක ගන්න පෙරට ආවා...සමහරු දෙව්ලොවින් ආවා..සමහරු බඹලොවින් ආවා..මේ එහෙම බඹ ලොවින් ආපු මහා උත්තමයෙක් ගැන කතාවක්..

🚩 භයානක අනාගත අනතුර..

දෙවන ධර්ම සංඝායනාව සිදු වුනේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාලා අවුරුදු 100කින්..
එකල මහා ලොකුවට බුද්ධ සාසනේ පිරිහිලා තිබුනේ නෑ..අලජ්ජීන්ගේ ගැටලුව විතරයි තිබුනේ..

දෙවන ධර්ම සංගායනාව කල රහතන් වහසේලා එදා දිවැසින් බැලුවා අනාගතයේත් බුද්ධ සාසනයට අනතුරක් වෙයිද කියලා??

තවත් අවුරුදු 100ක් ගිය තැන බුද්ධ සාසනයට බරපතල අනතුරක් ඇති බව මහා ථෙරවරු දිවැසින් දැක්කා..

ඒ මහරහතන් වහන්සේලා නිර්වාණය සාක්ෂාත් කරලයි හිටියේ.. උන් වහන්සේලාට ආයෙත් කර ගන්න දෙයක් තිබ්බේ නෑ...පාඩුවේ පිරිණිවන් පාන්න තිබුනා..
හැබැයි එහෙම කියලා උන් වහසේලා නිකං හිටියේ නෑ...අනාගතයේ පහල වෙන අප වෙනුවෙන් බුද්ධ සාසනය රකින්න ඕනී කියලා හිතුවා..

බුද්ධ සාසනයේ රකින්න දෙයක් නැ..උබලා රැකියල්ලා කියලා අද අපේ සමහර බෞද්ධයෝ කියද්දි, එදා නිකෙලෙස් මහාරහතන් වහන්සේලා බුද්ධ සාසනය රකින්න මහන්සි වුනා..

ඒ නිසා මතක තියා ගන්න..මේ බුද්ධ සාසනය ඉබේ රැකෙන්නේ නෑ..ඒක වීර්‍යෙන් රැක ගත යුතුයි..

🚩 රකින කෙනා දැන් බඹලොවයි..

මේ රහතන් වහන්සේලා දිවැසින් දැක්කා, අනාගතයේ "ධර්මාශෝක" නමින් රජ කෙනෙක් පහල වෙනවා..ඒ වෙනකොට සංඝයා නිකාය සියයකට බෙදෙන බවත් දැක්කා..
ඒ වගේම ධර්මාශෝක රජතුමා ට ධර්මය දීලා තෙරුවණ් සරණ ගියොත් මේ සාසන හානිය නතර කරන්න පුලුවන් බවත් දැක්කා..

ඒත්, තව අවුරුදු 100කින් කව්ද ඒ වැඩේ කරන්නේ..ඒ මහරහතන් වහන්සේලා කිසිවෙක් ඒ වෙනකල් ආයුෂ තිබුනෙත් නෑ...
ඒ නිසා රහතන් වහන්සේලා හිතුවා ගෞතම බුද්ධ සාසනේ රැක ගන්න පිං ඇති දෙවි කෙනෙක්ට මනුස්ස ලෝකේට ගෙන්න ගන්න..

රහතන් වහන්සේලා දිවැසින් දෙව්ලොව දෙවිවරු ගැන සොයා බැලුවා.. සසුන රකින්න සමර්ථ කිසිවෙක් නෑ.. ඊලඟ බැලුවා බ්‍රහ්ම ලෝකේවත් කෙනෙක් ඉන්නවා ද කියලා..

එතකොට දැක්කා, ගෞතම බුදු සසුන රකින්න පුලුවන් බලයක් තියෙන,ප්‍රඥා මහිමයක් තියෙන එක බ්‍රහ්ම රාජයෙක් ඉන්නවා..

මේ බ්‍රහ්මයාගේ නම "තිස්ස"...
තෙරුන් වහන්සේලා තිස්ස බ්‍රහ්මරාජයා මුණ ගැහෙන්න ගියා...කාරණාව කිව්වා..ඔහුත් සතුටින් කැමති වුනා බුද්ධ සාසනය බබලවන්න මනුස්ස ලෝකෙට යන්න...

🚩තෙරවරුන්ට දුන් දඬුවම..

තෙරුන් වහන්සේලා ආයෙත් දඹදිවට වැඩියා..
තිස්ස බ්‍රහ්මරාජයා මනුස්ස ලෝකෙට එනකොට කව්ද දැන් ඔහුට ධර්මය කියන්නේ??

රහතන් වහන්සේලා අනාගතය බලනකොට දැක්කා රහතන් වහන්සේලා දෙනමකට විතරක් තිස්ස බ්‍රහ්මරාජයා පහල වෙන තාක් ආයුෂ තියෙනවා කියලා..

උන් වහන්සේලා දෙනම තමයි..
"සිග්ගව", සහ "චණ්ඩවජ්ජි" නම් වූ තරුණ භික්ෂූන් වහන්සේලා දෙනම..

මහා ථෙරවරු උන් වහන්සේලා දෙනමට කතා කලා..

"ආයුෂ්මතුනේ,‘තව අවුරුදු එකසිය දහඅටකට පස්සේ ගෞතම බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් ඇතිවෙනවා. එය සංසිඳුවන්නට ඒ කාලයේදී අපි ජීවතුන් අතර නැහැ...

ඇවැත්නි, ඔබ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වුනේ නැති නිසා මේ අර්බුදය විසඳීමේදී අපට සහය නොදුන්න නිසාත්, ඔබ දඬුවම් ලැබීමට සුදුසුයි.. ඒ නිසා අපි ඔය දෙනමට දඬුවමක් කරනවා.."""

""එහෙමයි ස්වාමිනී, කුමක් ද ඒ දඬුවම??""

"""ඇවැත්නී, ගෞතම බුද්ධ ශාසනය බබුළුවාලීම පිණිස මහා ප්‍රඥාවකින් යුක්ත වූ තිස්ස නමැති බ්‍රහ්ම රාජයෙක් මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි ළඟදීම පිළිසිඳ ගන්නවා..

එතකොට ඔය දෙනමගෙන් එක් නමක් සුදුසු කාලයෙහි දී ඒ තිස්ස කුමාරයාව පැවිදි කරන්ට ඕනෑ...අනිත් නම ඉතා යහපත් ආකාරයෙන් ශ්‍රී සම්බුද්ධ වචනය තිස්සයන් හට උගන්වන්ටත් ඕනෑ.’..""

සිග්ගව, චණ්ඩවජ්ජි රහතන් වහන්සේලා දෙනම ඒ දඬුවම පිලිගත්තා..

මේ රහතන් වහන්සේලා දෙනම විනයධර භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර වූ "උපාලි" මහරහතන් වහන්සේගෙ පරපුරෙන් පැවත ගෙන එන භික්ෂූන් දෙදෙනෙක්...ෂඩ් අභිඥා ලාභියි..

🚩 තිස්ස බඹුන් මනුලොවට එයි..

ටික කාලයක් ගිහින් තිස්ස බ්‍රහ්මරාජයා මනුස්ස ලෝකෙට ආවා.."මොග්ගලී" කියන බ්‍රාහ්මනයාගේ නිවසේ ඉපදුනා..නම දැම්මා "තිස්ස" කියලා..
බලන්නකෝ, බ්‍රහ්මලෝකේ තිබ්බ නමම මේ ජිවිතේත් ලැබුනා..

මේ පවුල හොඳ බ්‍රාහ්මණ පවුලක්..
සංඝයාට කිසි ගරු සරුවක් දැක්වූයේ නෑ.. දැඩි මිත්‍යාදුෂ්ඨික පවුලක්..

සිග්ගව රහතන් වහන්සේ තිස්ස බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් චුතව මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි පිළිසිඳ ගත් බව දැනගත්තා..
එතැන් පටන් උන්වහන්සේ ඒ නිවසට සත් හවුරුද්දක් නොකඩවා ම පිණ්ඩපාතේ වැඩියා.

ඒ සත් අවුරුද්ද පුරාවට පිණ්ඩපාතේ වැඩියත් උන් වහන්සේට ඉදුල් ටිකක්වත් ලැබුනේ නෑ...අඩුම ගානේ ‘මෙතැනින් යන්න’ යන වචනයවත් ඒ බ්‍රාහ්මණ ගෙදරින් ලැබුනේ නෑ.

🚩අවුරුදු 07කින් ලැබුන වචනේ..

අටවෙනි අවුරුද්දෙහි දවසක ඒ ගෙදර ගෑනු මනුස්සයා උන්වහන්සේට ‘මෙතැනින් යන්න’ කියලා එකම එක වචනයක් කිව්වා..

සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසින් එළියට වඩිද්දී පිටතට ගොස් ගෙදර පැමිණෙමින් සිටි මොග්ගලී බ්‍රාහ්මණයාට දැකගන්ට ලැබුනා...

" ආ..ශ්‍රමණය..නුඹට අපගේ ගෙදරින් කිසිවක් ලැබුනාදැ’යි උන්වහන්සේගෙන් ඇසුවා...

‘එසේය බ්‍රාහ්මණය’ කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා.

එතකොට මොග්ගලී බ්‍රාහ්මණයා ගෙදරට ගොස් කිසි දෙයක් අර මහණුන්නාන්සේට දුන්නාදැයි ඇසුවා...
කිසිවක් නොදුන් බව අසා දෙවන දවසේ තෙරුන් වහන්සේ පිඬුසිඟා ගෙදරට වැඩිය විට බොරු කීම ගැන උන්වහන්සේට ගරහන්ට ඕනෑ කියා බලාපොරොත්තුව සිටියා...

දෙවෙනි දවසේ තෙරුන් වහන්සේ ඒ ගෙදරට වැඩියා..මොග්ගලී බ්‍රාහ්මණයා තමන් කිසිවක් නොදී කිසිවක් ලැබුනා කියා බොරු කිව් බවට චෝදනා කළා.. උන් වහන්සේ මෙහෙම කිව්වා..

‘පින්වත් බ්‍රාහ්මණය,.එය බොරුවක් නොවේ. පසුගිය සත් අවුරුද්ද පුරාවට ඔබ නිවසින් මෙතනින් යන්ට කියන වචනයවත් ලැබුනේ නෑ. නමුත් ඊයේ ඒ වචනය ලැබුනා..
අපේ ගෙදරින් කිසිවක් ලැබුනාදැයි ඇසූ විට එසේය බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි’ කියලා
පිළිතුරු දුන්නා...

උන්වහන්සේගේ පිළිතුරට මොග්ගලී බ්‍රාහ්මණයා ඉතාමත්ම පැහැදුනා.. එදා තමන් උදෙසා සැකසූ බතින් තෙරුන් වහන්සේට උපස්ථාන කළා.. දිනපතා ඒ නිවසේ ම දානය දෙන්නට පටන් ගත්තා..

ක්‍රමයෙන් ඒ ගෙදර සියලු දෙනා උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා.. මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගත වෙද්දී තිස්ස කුමාරයාට වයස අවුරුදු දහසයක් වුනා. ඔහු දැන් ත්‍රිවේද සාගරයෙහි පරතෙරට ගිය කෙනෙක්..

🚩 බ්‍රහ්ම ලෝකේ අය පිරිසිදු බවට කැමතියි...

සිග්ගව තෙරුන් වහන්සේ දැන් මොහු සමග කතා කරන්ට සුදුසු අවස්ථාව පැමිණුනා යැයි අවබෝධ කරගත්තා...
එදා පිඬුසිඟා වැඩිය උන්වහන්සේ තිස්ස තරුණයා වාඩිවෙන විශේෂ ආසනය පමණක් පෙනෙන්ට සලස්වලා අනෙක් සියලු ආසන නොපෙනෙන්ට සැලැස්සුවා..

බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් ඉපදුන නිසා තිස්ස මාණවකයා පිරිසිදු බවට හරීම කැමතියි...
එනිසා ඔහු තමන් ගෙදර නැති වෙලාවට සිය වාඩි වෙන ආසනය වෙන ම පිරුවටයකින් වහලා එල්ලලා තියනවා..

තෙරුන් වහන්සේ වැඩ සිටිද්දී ඒ පිය බ්‍රාහ්මණයා සහිත ගෙදර කිසිවෙකුට වෙන ආසනයක් දැකගන්ට තිබුනේ නෑ... එතකොට කලබල වූ ඔවුන් අර තිස්ස බ්‍රාහ්මණ කුමාරයා වාඩිවෙන ආසනය තෙරුන් වහන්සේට පිළියෙල කරලා දුන්නා...
තිස්ස කුමාරයා එදා ගෙදර හිටියේ නෑ..

තිස්ස කුමාරයා තමන්ගේ බ්‍රාහ්මණ ආචාර්යවරුන් ළඟ සිට ආපසු ගෙදර පැමිණෙද්දී තෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වාඩි වී ඉන්නවා දැකලා කෝපයට පත්වුනා... තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා බැන වැදුනා..

එතකොට සිග්ගව මහරහතන් වහන්සේ ඔහුගේ ද්වේශය දුරු කිරීමේ අදහසින්..

‘පින්වත් මාණවකය, කිම? මන්ත්‍ර දන්නවාදැ’යි ඇසුවා...

එතකොට කුමාරයාත් ‘කිම? තමුන්නාන්සේ දන්න මන්ත්‍ර තිබේදැ’යි පෙරළා ප්‍රශ්න කළා.

‘ඔව්..මමත් මන්ත්‍ර දන්නවා..

🚩 පැවිදි උනොත් මන්ත්‍රය දෙන්නං..

එතකොට ඒ තිස්ස මාණවකයා තෙරුන් වහන්සේ ගෙන් වේදයෙහි ගැටමුසු තැන් ගැන ඇසුවා. තෙරුන් වහන්සේ ඒ සියල්ලට ම හොඳාකාරව පිළිතුරු දුන්නා..

තෙරුන් වහන්සේ ගිහි ගෙදර සිටිද්දී වේදයෙහි පරතෙරට ගිහිල්ලයි සිටියේ. සතර පටිසම්භිදාවෙන් යුක්ත වූ උන්වහන්සේට කිම පිළිතුරු නොදෙන්නට කාරණයක් ඇත්තේද??

ඊට පස්සේ තෙරුන් වහන්සේ තිස්ස ගෙන් මේ ගාථාව ගැන ඇහුවා..

යස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣති
තස්ස චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
යස්ස වා පන චිත්තං නිරුජ්ක්‍ධිස්සති, න උප්පජ්ජිස්සති
තස්ස චිත්තං උප්පජ්ජති, න නිරුජ්ඣතී’ති

“යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදී ද,
එය නිරුද්ධ වෙන අවස්ථාවට පත්නොවී තිබෙන නිසා නිරුද්ධ නොවේය...
නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යළි අනාගතය උදෙසා සිතක් පහළ නොවන හෙයින් නූපදින්නේය... අනාගත අවස්ථාවෙහි නූපදින හෙයින් අනාගතයෙහි නිරුද්ධ වෙන්නට සිතක් ද නැත්තේය... එනිසා අනාගතයෙහි ඒ රහතන් වහන්සේට සිතක් නූපදින්නේය...
නිරුද්ධ ද නොවන්නේය” මේක තමයි ඇහුවේ..

තිස්සට මේක මොකක් ද කියලා හිතා ගන්න බැරි වුනා..ලැජ්ජා හිතුනා.. කුමාරයා මෙහෙම ඇහුවා.

‘භික්ෂුව, මොකක්ද ඒ මන්ත්‍රය?’

පින්වත, ‘ඒක බුද්ධ මන්ත්‍රයක්.’

‘එහෙමනම් ඒ මන්ත්‍රය අපටත් දෙන්ට.’

මෙහෙම බෑ..පින්වත..අප වගේ පැවිදි වුනෝතින් මන්ත්‍රය දෙන්ට පුළුවනි.’

🚩 බඹලොවින් පැමිණි කාරණාව ඉටුවෙයි...

මන්ත්‍රය ඉගෙන ගැනීමට ආසාවෙන් මව්පියන් ගෙන් අවසර ගත් ඔහු සිග්ගව රහතන් වහන්සේ ළඟ පැවිදි වුනා...
මොග්ගලි බ්‍රහමනයාගේ පුතා නිසා, උන්වහන්සේව "මොග්ගලිපුත්ත තිස්ස" නමින් හැදින්වූවා..

තෙරුන් වහන්සේ ඒ තිස්ස ස්වාමින්වහන්සේ ට දෙතිස් කුණප භාවනාව ගැන මුලින් ම අසුභ කර්මස්ථානය ඉගැන්නුවා...

මහානුවණැති තිස්ස සාමණේරයෝ දිගට ම දෙතිස් කුණප භාවනාව කිරීම නිසා සුළු කලකින් සෝවාන් ඵලයට පත්වුනා...🙏🙏🙏

තෙරුන් වහන්සේ තම ශිෂ්‍ය සාමණේරයන් සෝවාන් ඵලයට පත් වූ බව දැනගත්තා..
ඒ නිසා සාමණේරයන් හට වැඩිදුරටත් ඉගැන්වීමට,
"චණ්ඩවජ්ජි" තෙරුන් ළඟට පිටත් කළා...

ඒ සාමණේරයන් වහන්සේ චණ්ඩවජ්ජි තෙරුන් වෙත ගොස් සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් මැනවින් ඉගෙන ගත්තා...

සිග්ගව තෙරුන් වහන්සේ සුදුසු කාලයේ දි උපසම්පදාව ලබාදීලා විනය පිටකයත් අනිත් පිටක දෙකත් යන තුන් පිටකය ම හොඳින් ප්‍රගුණ කෙරෙව්වා..

මෙසේ ත්‍රිපිටකධාරීව සිටි ඒ තරුණ තිස්ස භික්ෂුව විදර්ශනා භාවනාව දියුණු කොට අභිඥා සයකින් යුක්තව අර්හත් ඵලයට පත්වුනා..🙏🙏🙏
මහා නුවණැති තෙරුන් වහන්සේ නමක් බවට ද ක්‍රමයෙන් පත්වුනා...

🚩 සම්බුදු සසුන බබලවයි..

ඒ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සඳ මඬලක් සෙයින්, හිරු මඬලක් සෙයින් ද දඹදිව් තලය පුරා...අතිශයින් ම ප්‍රසිද්ධියට පත්වුනා...ලෝකයා උන්වහන්සේගේ වචනය සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරින් පිළිගත්තා...

බුදුරජාණන් වහසේ පිරිණිවන් පාලා වසර 218කින් දඹදිව් තලයටම එකම අධිරාජයා වූ ධර්මාශෝක රජු පහල වුනා... එතුමාගේ රාජාභිෂේකයෙන් වසර හතරකට පසු ගෞතම බුද්ධ සාසනයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් බවට පත් වුනා...

ඒ අධිරජ ධර්මාශෝකයන්ගේ දහම් ගුරුවරයා වුනේ අපගේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේයි... දඹදිව් තලය පුරා ස්ථූප 84,000ක් හදන්න අනුසාසනා කලෙත් අපගේ මොග්ගලිපුත්ත තිස්සයන් වහන්සේයි..

දෙවන ධර්ම සංගායානාව කල රහතන් වහන්සේලාගේ අනාවැකිය සැබෑවක් කරමින් ඒ වෙනකොට සංඝයා අතර නිකාය එකසිය ගණනකට බෙදුනා...දුස්සීල සංඝයා බහුල වුනා..

එදා රහතන් වහන්සේලා තිස්ස බ්‍රහ්මරාජයාගෙන් කල ඉල්ලිම ඉටුකරන කාලය දැන් ඇවිත්...මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමා සමඟ එක්වී තුන්වන ධර්මසංඝායනාව සිද්ධ කලා..🙏🙏🙏

🚩 මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුරුවරයා..

ඒ වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 92යි..
මිහිඳු මහරහතන් වහන්සේගේ ගුරුවරයා උනෙත් උන් වහන්සේයි...
ඒ නිසාම අපේ ලංකාද්වීපයට ධර්මය රැගෙන මිහිඳු මහරහතන් වහන්සේව එවන්නත්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සමඟ සංඝමිත්තා තෙරණිය එවන්නත් තීරණය කලෙත් අපගේ මොග්ගලීපුත්ත තිස්සයන් වහන්සේයි...

ගෞතම සම්මා සම්බුදු සසුන පිහිටන ලංකාද්වීපයේ මිහිඳු මහරහතන් වහන්සේ මනාව සසුන පිහිටවන තෙක් සියලු අනුසාසවන් ලබාදී අපගේ මොග්ගලීතිස්ස මහරහතන් වහන්සේ පිරිණිවන් පා වදාලා..🙏🙏🙏

=======================================

එදා උන්වහන්සේ තුන්වන ධර්ම සංගායනාව සිදු නොකලා නම්,මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට එවන්නට තීරණය නොකලානං, අද අපි සියල්ලටම බුද්ධ සාසනය අහිමි වන්නට තිබුනා...අපද මිත්‍යාදුෂ්ඨික වන්නට තිබුනා..

බ්‍රහ්ම රාජයෙක්ව සිට රහතන් වහන්සේලාගේ වචනය අසා, ගෞතම බුදුසසුන බබලවන ඒකායන අදහසින් මනුලොව උපත ලබා, ගෞතම බුදු සසුන වසර පන්දහසක් කල් පවතින්නට තම ජිවිතයම කැප කල, අපගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේගේ ගුරුවරයා වූ...
අපගේ මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේට නමස්කාර වේවා.!!!

මහාවංශය ඇසුරෙනී..
මහාවංශය මොග්ගලීපුත්ත තිස්ස සංගායනා ධර්මාශෝක

රාත්‍රියට පමණක් විවෘත්ත වන රුවන්වැලි සෑයේ අදෘෂ්‍යමාන දොරටුව... 🙏🙏🙏නුරාධපුර අහස ක්‍රමයෙන් රන්වන් පැහැයෙන් හැඩවී, ඉන්පසු ත...
28/03/2026

රාත්‍රියට පමණක් විවෘත්ත වන රුවන්වැලි සෑයේ අදෘෂ්‍යමාන දොරටුව... 🙏🙏🙏

නුරාධපුර අහස ක්‍රමයෙන් රන්වන් පැහැයෙන් හැඩවී, ඉන්පසු තද නිල් පැහැයට හැරෙන සන්ධ්‍යා යාමය ඔබ කවදා හෝ රුවන්වැලි මහා සෑ මළුවේ ගතකර තිබෙනවාද? දහවල් කාලය පුරාවට සෑ මළුව පිරී ඉතිරී යන මනුෂ්‍ය බැතිමතුන්ගේ ඝෝෂාව ක්‍රමයෙන් තුනී වී යද්දී, මහා සෑයට ඉහළින් අහසේ තරු රටා දිලිසෙන්නට පටන් ගනියි. මේ වෙලාවට මුළු සෑ මළුවම වෙළාගන්නේ පුදුමාකාර නිශ්ශබ්දතාවයකි; භාවනානුයෝගී සිසිලසකි.

නමුත්, අපේ පියවි ඇසට නොපෙනෙන, අපේ කනට නෑසෙන වෙනත් මානයක දොරටු විවර වන්නේ හරියටම ඔය වෙලාවටයි. ඒ තමයි බටහිර දොරටුව හෙවත් බටහිර වාහල්කඩ අසලින් ඇරඹෙන නාග ලෝකයේ අසිරිමත් වන්දනාව.

👑 මහකාල නා රජුගේ කඳුළු සහ අහිමි වූ නිධානය

මේ අද්භූත කතාවේ මුල් ඇදෙන්නේ දුටුගැමුණු මහරජතුමාගේ යුගයටයි. රුවන්වැලි මහා සෑය නිමවා එහි ධාතු නිධන් කරන මංගල්‍යයට සියල්ල සූදානම්ය. රජතුමාගේ ආරාධනයෙන් සෝණුත්තර මහරහතන් වහන්සේ සෘද්ධි බලයෙන් නාග ලෝකයට වැඩම කරන්නේ, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් ද්‍රෝණයක්ම (විශාල ප්‍රමාණයක්) නාග ලෝකයේ මහකාල නා රජුගේ භාරයේ වැඩසිටි නිසාවෙනි.

තමන්ගේ ප්‍රාණයටත් වඩා ආදරයෙන්, භක්තියෙන්, දිවා රෑ නොනිදා පුද පූජා කළ ඒ උතුම් ධාතූන් වහන්සේලා නාග ලෝකයෙන් මනුෂ්‍ය ලෝකයට වඩම්මවන විට නාග ලෝකයම කම්පා විය. මහකාල නා රජු ඇතුළු නාගයින් හඬා වැලපෙමින් සෝණුත්තර රහතන් වහන්සේ පසුපසින් මනුෂ්‍ය ලෝකයටම පැමිණියහ. එදා නාගයින්ගේ ඒ අප්‍රමාණ ශෝකය දුටු රහතන් වහන්සේ, ධාතූන් වහන්සේලාගෙන් ස්වල්පයක් නාගයින්ට යළිත් ලබා දුන් බව ථූපවංශයේ සඳහන් වේ. නමුත්, ඒ මහා ධාතු නිධානය රුවන්වැලි සෑ ගර්භයේ තැන්පත් කෙරුණු මොහොතේ පටන්, නාග ලෝකයත් මහා සෑයත් අතර කිසිදා නොබිඳෙන අද්භූත බැඳීමක් නිර්මාණය විය.

🌌 රාත්‍රියේ විවර වන අදෘශ්‍යමාන ද්වාරය

අදටත්, මනුෂ්‍යයන් නිදි දැහැන් ගන්නා රාත්‍රී යාමයේදීත්, ගොම්මන් වෙලාවේදීත් නාග ලෝකයේ සිට නාගයින් මේ උතුම් පුදබිමට පැමිණෙන බව අපේ පැරැන්නන්ගේ දැඩි විශ්වාසයයි. ඔවුන්ගේ ප්‍රවේශ ද්වාරය වන්නේ බටහිර වාහල්කඩයි.

ගැඹුරු රාත්‍රියේ බටහිර දොරටුව අසල දැහැන්ගත වී සිටින්නෙකුට මේ අද්භූත ආශ්චර්යය සියුම්ව අත්විඳිය හැකියි. එක්වරම කිසිදු හේතුවක් නොමැතිව ඇඟ කිලිපොලා යන සිසිල් සුළඟක් ඔබව පසුකරගෙන සෑය දෙසට හමා යාවි. ඒ සමඟම, මනුෂ්‍ය ලෝකයේ කිසිදු මලකින් වහනය නොවන තරමේ අතිශය ප්‍රසන්න, දිව්‍යමය මල් සුගන්ධයක් දසතම පැතිරී යයි. සමහර දිනවලට පාවහන් නොමැති පාද සිය ගණනක් සෑ මළුවේ සුදු වැලි මත ඇවිද යන සියුම් ‘සර සර’ නාදය ඇසෙන බවද, නොපෙනෙන බැතිමතුන් පිරිසක් සෑය වටා ප්‍රදක්ෂිණා කරනු දැනෙන බවද බොහෝ අත්දැකීම් ලත් බැතිමතුන් පවසති. ඔවුන් එන්නේ මනුෂ්‍ය වෙසින් විය හැකියි; එසේත් නැතිනම් පියවි ඇසට නොපෙනෙන සූක්ෂම ශරීරවලින් විය හැකියි.

🐍 නිහඬව බලා සිටින ගල් පිළිමවල රහස

බටහිර වාහල්කඩින් ඇතුළු වන තැනම ඇති ගාම්භීර නාගරාජ මුරගල් දෙස මීළඟ වතාවේ හොඳින් බලන්න. පෙණ හතක් සහිත නාග පෙනගොබයක් හිසට ඉහළින් දරාගෙන, පූර්ණ ඝටයක් අතින් ගත් මේ නාගරාජයා නිකම්ම නිකම් ගල් කැටයමක් නොවේ. එයින් කියැවෙන්නේ, “බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට අපේ ඇති බැඳීම කිසිදා අවසන් වන්නේ නැත. අදටත් අප මේ සෑ රජාණන්ට ආරක්ෂාව සපයන්නෙමු” යන නාග ලෝකයේ නිහඬ ප්‍රතිඥාවයි.

ඒ මුරගල්වල ඇති නාගරාජයාගේ දෑස් අදටත් ජීවමානව බලා සිටිනවා සේ ඔබට හැඟේවි. ඔවුන් බලා සිටින්නේ මනුෂ්‍යයන් වන අප මේ උතුම් සෑයට දක්වන ගෞරවය දෙසයි.

✨ ඊළඟ වතාවේ ඔබ යනවිට...

මේ අසිරිමත් කතාව කියවූවාට පසු, ඔබ ඊළඟට රුවන්වැලි සෑය වඳින්නට යන දවසක බටහිර දොරටුව ළඟදී අනිවාර්යයෙන්ම මොහොතක් නැවතෙන්න. දෑස් පියාගෙන ඒ සිසිල් සුළඟට මුහුණ දෙන්න. හිත පුරාම ශ්‍රද්ධාව පුරවාගෙන ගැඹුරු හුස්මක් ගන්න. ඒ සුළඟේ දැවටී එන දිව්‍යමය සුවඳක්, සියුම් සද්දයක් ඔබේ හදවතටත් දැනේවි. අදෘශ්‍යමාන වුවත්, ඔබත් සමඟම සෑය වඳින්නට ඒ මොහොතේ මහා පිරිසක් එතැන සිටිනවා යන හැඟීම ඔබේ ගතට අපූරු සැනසිල්ලක් ගෙන ඒවි.

නරුම මිනිසුන් හත් දෙනෙකුගෙන් දැරියක් බේරගත් සිංහ රැල සහ ආදරයෙන් ඇයව ආරක්ෂා කෙරූ සිංහ දේණුවන්ගේ කතාව.. ❤️මෙම සත්‍ය සිදුවී...
27/03/2026

නරුම මිනිසුන් හත් දෙනෙකුගෙන් දැරියක් බේරගත් සිංහ රැල සහ ආදරයෙන් ඇයව ආරක්ෂා කෙරූ සිංහ දේණුවන්ගේ කතාව.. ❤️

මෙම සත්‍ය සිදුවීම සිදුවන්නේ ඉතියෝපියාවෙ දීයී.. ඉතියෝපියාවේ විවාහ වලින් 71% පමන විවාහ සිදුවන්නේ අදාල ගැණු ළමයා පැහැරගෙන ගොස් ඇගේ අකමැත්තෙන් ය. මෙය බහුවල වශයෙන් අදටත් සිදු වන සිදුවුවීමක්.. කෙතරම් දරුණු වූවත් ඒ චාරිත්‍රය ඔවුන් සිදු කරන්නේ සිත් පිත් නැති ලෙසටයි. සමහර දරියන් විවාහ වීමට පෙර පිරිමින්ගෙන් සාමූහික වශයෙන් දූෂණයට පවා ලක් වනවා.

2005 වසරේ දිනක් 12 හැවිරිදි දැරියක් පාසැල් ඇරී නිවසට යන අතරතුරදී වැඩුණු පිරිමින් 7දෙනෙකු විසින් ඇයව පැහැර ගන්නවා පසුව ඇය විලාප තබා බේරීමට පොරබඳින අවස්තාවේ ඒ ස්තානයට කඩා වදින සිංහ රැලක් විසින් ඒ මිනිසුන් පන්නා දමන අතර පැය දෙකක් පමන මේ සිංහයින් සහ මිනිසුන් අතර අරඟල තිබී ඇතිබව සදහන්.. පසුව සිංහයින් විසින් දැරිය සිංහයින් ජීවත් වූ ගල්ගුහාවට රැගෙන යන අතර දින 3ක් යන තෙක්ම දැරිය පොලීසිය විසින් සොයා ගන්නා තෙක්ම ගල්ගුහාවේ ආරක්ෂිතව සිටි බව සදහන්..

සාමාන්‍යෙන් ඇය තුවාල සහිතව ලේ වැගිරී සිටි නිසා ඔහුන්ට මස් ලේ රස හැමුවා වූවාට ඔවුන් ඇයව අනුබව කර නොතිබීම පුදුම සහගත සිදුවිමක්..පසුව දැරියගෙන් කරුණු විමසීමේ දී ඇය කියා ඇත්තේ අපූරු කතාවක්..

"ඒ පිරිමි සිංහයින්ට ඕන උනේ දෙවෙනි දවසේ මාව කන්න.. නමුත් එතන හිටි පැටවුන් සිටි සිංහ අම්මා සහ තවත් සිංහ දේනුවන් දෙදෙනෙක් මාව ආරක්ෂා කලා.. මගේ තුවාල ලෙවකෑවේ ඒ සිංහ අම්ම..පොලීසියෙන් එන බව ඔවුන්ට කලින් තේරුනා.. එන්න විනාඩි ගානකට කලින්. සිංහ දේනුවන් මම ලගින් ඈත් වෙලා හැංගිලා හිටියා..."

ඇය පවසා තිබුනේ එවැන්නක්. දින 3ක් ඇය නිරහාරව දුර්වල තත්වයේ සිටි නිසා ඒ සිංහ මව ඇයට ඇගේ ලයෙන් කිරි ඉරීමට පවා ඉඩ දී තිබුනා..

අම්මා යනු අම්මාම තමයි .. මොන බවයක ඉපදුනද ඇගේ ආදරයේ වෙනසක් නැත.. ❤

27/03/2026

" මහණෙනි, මෙසේ පවසමි. ඉදින් මහණෙනි, අරණ්‍යයකට හෝ රුක්සෙවණකට හෝ හිස් කුටියකට හෝ ගිය කල්හි තොපට බියක් වේවා තැතිගැනීමක් වේවා ලොමුදහගැනුමක් වේවා හටගන්නේ නම්, එකල්හි මහණෙනි, මා පිළිබඳව ම සිහිකරව්. ‘මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මාසම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවත් වන සේක’ යනුවෙනි. මහණෙනි, මා පිළිබඳව සිහිකරන්නා වූ තොපට භයක් වේවා තැතිගැනීමක් වේවා ලොමුදහගැනීමක් වේවා හටගෙන තිබුණේ නම් එය පහව යන්නේය. "

(කුඩුම්බිගල ස්වාමීන් වහන්සේගේ අපවත් වීමනිසා බොහෝ දෙනා බුද්ධ දේශනාවට පරිභව කරති. එහෙත් කර්මය දැඩි වූ කල අප කුමක් කරම්ද ?)

ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං - විපාකෝහොති අචින්තියොති෴ අචින්තණීය වූ බුදුරජාණන් වහන්...
27/03/2026

ඒවං අචින්තියා බුද්ධා - බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියේසු පසන්නානං - විපාකෝහොති අචින්තියොති෴

අචින්තණීය වූ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ ගුණ කෙරෙහි පැහැදුනා වූ , එසේම ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය කෙරෙහි පැහැදුනා වූ සත්ත්වයිනට අච්න්තණීය අප්‍රමාණ සැප විපාක හිමි වන්නේය෴

24/03/2026

ඔබත් අභූත චෝදනා වලට ලක්වන කෙනෙක්ද ?

24/03/2026

⁣මේ සිවුරෙන් වැහිල තියෙන්නෙ වලඳන පැන් පොදේ පටන් බත් ඇටය දක්වා ඔබ හෙලූ දහදිය කඳුලින් පෝෂණය වූ ශරීරයක්... 🥺🙏

24/03/2026

ඕකා බොනව කියලා හිගන මනුස්සයට දෙන්නෙ නැද්ද ?

කලකට පෙර හම්බන්තොට බඳගිරිය මෙහෙණි ආරාමයක සංඝමිත්තා මහ රහත් මෙහෙණනින් වහන්සේගේ පිලිරුවක්  ඉදිකර පූජා කල අයුරු.
23/03/2026

කලකට පෙර හම්බන්තොට බඳගිරිය මෙහෙණි ආරාමයක සංඝමිත්තා මහ රහත් මෙහෙණනින් වහන්සේගේ පිලිරුවක් ඉදිකර පූජා කල අයුරු.

අසිරිමත් සම්බුද්ධ පූජාව පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා...🙏🙏🙏
22/03/2026

අසිරිමත් සම්බුද්ධ පූජාව පින් කැමැත්තෝ අනුමෝදන් වෙත්වා...🙏🙏🙏

22/03/2026

ගෞතම බුදු සසුනට පූජාකල අසිරිමත් ශ්‍රී ශාක්‍යමුනි සම්බුදු මහ සෑරඳුන්ගේ ඩ්‍රෝන දර්ශන...

පින්වත් තුසිත හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන්, පින්වත් කුමෝෂා නංගිගේ ප්‍රධාන දායකත්වයෙන්, සතරපේරුවේ දායකයන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් සිදුකල මේ අසිරිමත් වෙහෙර පූජාව සම්බන්ධීකරනය කිරීමෙන් අපේ දායකත්වයෙන් ගෞතම බුදු සසුනට පූජා වූ වගයි.

ස්ථූප කරවීමේ ආනිශංස.

1. ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී.

3. දිව්‍යය මනුෂ්‍යය යන සුගතියෙහි උත්පත්තිය ලබයි.

4. රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි.

5. අප්‍රියයන් එක්වීමක් සිදු නොවේ.

6. ප්‍රියයන් හා එක්වේ.

7. මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ.

8. සක්විති රජ පදවිය හිමි වේ.

9. සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ.

10. ප්‍රඥාවන්ත වේ.

11. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ.

12. අරහත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ.

13. නිර්වාණය අවබෝධ වේ.

14. එතෙක් කිසිදු දුගතියක නූපදී.

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංසයි..

මේ ස්ථූපයක් ඉදිකිරීම පිණිස දායකත්වය ලබාදෙන විට අපගේ සිත, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින් අපට අප්‍රමාණ පුණ්‍යධර්මයක් රැස් වෙනවා.

මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අප දාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නිකෙලෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය. උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැකලා පෙන්වා දෙනවා මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.

එයින් රැස් වූ පුණ්‍යධර්මයන්ගේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව. එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වෙනවා. එපමණක් නොවේ තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළද එයින් බොහෝ පින් එකතු වෙනවා.

ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යද්දී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වෙලා ඒ මොහොතේදීම තවුතිසා දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතු ස්ථූපයකට වැටකොලු මල් පූජා කරන්න යද්දී තමයි කලුරිය කළේ.

ඒ තුළින් රැස් වූ ප්‍රන්‍ය විපාක තමයි අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වන්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වෙනවා “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙවි මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.

01. පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.

මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

02. නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.

මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

03. සුධා පිණ්ඩිය ථේරාපදානය

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.

මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.

මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

04. සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.

මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

05. පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.

එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.

මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.

මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.

තවද අපගේ මහා බෝසතාණන් වහන්සේ එක්තරා බෝසත් භවයක බ්‍රග්මණ පවුලක ඉපදුණා.මහබෝසතාන් වහන්සේගේ පුතා නිවසින් පිටත්වෙනවා ඉගෙනීම සදහා.පසුව මේ පුතා ගැන තොරතුරක් නැති නිසා බෝසතාණන් වහන්සේ පුතාව සොයාගෙන යනවා.සොයාගෙන යන විට හමුවෙනවා ගාර වැටුන සෑයක්.ඒ අවට පිරිස කියනවා.ඔය සෑ රජාණන්වහන්සේ තුළ වැඩඉන්නේ ඔබගේ පුත්‍රයාගේ ධාතුන් වහන්සේලා කියලා. ඒ පුත්‍රයා පසේ බුදු මහරහත් වෙලා අඩු වයසින් පිරිනිවන් පලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය හදලා තියෙන්නේ.මහා බෝසතාණන් වහන්සේට බලවත් ශ්‍රද්ධාවක් ඉපදිලා ඒ වාගේම තමන්ගේ පුත්‍රයා නිසා බලවත් දුකක් ඇතිව කදුලු සලසලා ඒ සෑයෙන් අඟලක් අඩු කොටසක් තෝරා ගෙන වල් ගලවලා ඒ ළඟ නදියෙන් සුදු වැලි අරගෙන සෝදලා සුදු වැලි අතුරලා පැන් ඉහලා මල් අතුරලා තමන්ගේ වහන්සේගේ උතුරු සලුවත් නදියෙන් සොදලා ධජයක් කරලා මේ උතුම් සෑයට පදක්ෂිනා කරලා පුජා කලා.මේ සෑය වත් කරලා රැස් කල පින නිසා තමයි බුදුරජාණන් වහන්සේ රතන සුත්‍රය දේශනා කරන්න වඩින විට ව්ශාල මහනුවර මහා ප්‍රතිහාර්ය සිදු වුනේ.පසුව භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ කුමන ආනුභාවයක් ද කියලා.එවිට භික්ෂුන් වහන්සේලා කියනවා මේ බුද්ධානුභාවය කියලා.අපගේ බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා මෙය බුද්ධානුභාවය නොවේ.මම පෙර සසරේ සෑයක් වත් කිරීමේ පින පල දීමක් කියලා ඒ ජාතක කතාව දේශනා කළා.

මේ අසිරිමත් පූජාවේ බලයෙන් ගෞතම බුදු දදුන තවත් සුවහසක් කල් ⁣මේ මිහිමත ජනිත වේවා. ඒ වෙනුවෙන් අපි කරන සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා. සුමන සමන් දෙවියන් ප්‍රධානව සියලු දෙවියන් මේ පින් ලබා සතුටුව අපගේ සියලු ශාසනික ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම ඉටු කරන්නට ආශිර්වාද කරත්වා.

පින්කම වෙනුවෙන් අපමණ කැපකිරීම් සිදුක මහනායක මහෙිමි පානන් වහන්සේ, විහාරාධිපති තුසිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ගේ සියලු පැතුමන් ඉටු වේවා. ගෞතම බුදු සසුනේම චතුරාර්වය සත්‍ය අවබෝධ වේවා.

මේ මහ පින්කමට ප්‍රධාන දායකත්වය ලබාදුන් පින්වත් කුමෝෂා අබේවීර නංගිගේ සියලු ලෞකික ලොකෝත්තර ප්‍රාර්ථනාවන් ඉටු වේවා . පතන බෝධියෙන් අමාමහ නිවන් දකිත්වා.
එසේම මේ වෙනුවේ දායකත්වය ලබාදුන් සතර පේරුවේ දායකයන් අතුලු චෛත්‍ය ගොඩකගන්නට වෙහස මන්සි වූ උදව් උපකාර කල, අනේ හොදයි කියා සතුටු සිත් ඇත්තො පවා මෙපින් බලෙන් වහා වහා චතු සත්‍ය අවබෝධ කරගනිත්වා.

ගෞතම බුදු සසුන නම් ශ්‍රී මුක ගංගාව අපමන සිත් සතන් අමාසිසිලෙන් තෙමාලමින් කවත් බොහෝකල් ගලා බසිත්වා...

Address

Matikumbura, Polgahawela
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when IFBCnet posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share