පාටව ශාස්ත්රීය සංග්රහය

පාටව ශාස්ත්රීය සංග්රහය පේරාදෙණිය විශ්ව විද්‍යාලීය 2011 වසර භික්ෂූන්වහන්සේලා විසින් සංස්කරණය කළ ශාසත්‍රීය සංග්‍රහය

17/04/2023
අප වෙනුවෙන් මෙහෙය වුණු මහැදුරන්ගේ පන්හිද "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙදහස් එකොළහ වසරේ ශිෂ්‍ය භික්‍ෂූන් වහ...
22/10/2020

අප වෙනුවෙන් මෙහෙය වුණු මහැදුරන්ගේ පන්හිද

"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙදහස් එකොළහ වසරේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් සංග්‍රහ කොට ඉදිරිපත් කර ඇති “පාටව” ශාස්ත්‍රීය සංග්‍රහය භික්‍ෂූන් වහන්සේලා තුළ ශාස්ත්‍රීය කටයුතු සඳහා ඇති උද්‍යෝගය මැනවින් විදහාපාන බව සතුටින් සඳහන් කරමි. සිංහල, ඉතිහාසය හා පුරාවිද්‍යාව, සංස්කෘත, පාලි හා බෞද්ධ අධ්‍යයනය, අධ්‍යාපන විද්‍යාව හා මානව සම්පත් කළමනාකරණය වැනි විෂයයන් ද අන්තර්ගත වන පරිදි සකස්කොට ඇති මෙහි ඉංග්‍රීසි ලිපි කිහිපයක් ද ඇතුළත් වීමෙන් පෙනී යන්නේ නූතන ශාස්ත්‍රීය පර්යේෂණවල නිරත වීම සඳහා අපගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා තුළ ඇති උනන්දුවයි. මෙහි අන්තර්ගත ලිපි අතුරින් කිහිපයක් ම විෂය පිළිබඳ ගැඹුරු අවබෝධය හා මනා විශ්ලේෂණ ශක්‍යතාව ද මැනවින් පිළිබිඹු කරයි. එසේම බුදු දහම සම්බන්ධයෙන් පවා මතබේදාත්මක කරුණු පිළිබඳ ව නවීන දෘෂ්ටිකෝණයන්ගෙන් විමර්ශනය කිරීමටත් අදහස් නිරවුල් ව හා බුද්ධි සංවාදයට තුඩු දෙන සේ ඉදිරිපත් කර තිබීම ද විශේෂ ලක්‍ෂණයක් වෙයි.
වඩාත් ම වැදගත් කරුණක් වන්නේ පිරිවෙන් අධ්‍යාපනය හරහා අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නූතන අධ්‍යාපනික අභියෝගයනට එඩිතර ව මුහුණ දීමට තරම් සිය අනන්‍යතාව නිර්භයව විදහා දැක්වීමයි. මෙය මා සලකන්නේ නූතන යති පරපුරට අයත් භික්‍ෂූන් වහන්සේලා කීප නමක් විසින් අතීතයේ යතිවරුනට හිමි ව තිබූ දේශීය විද්වත් භාවය යළි ඉස්මතු කර දක්වන අවස්ථාවක් ලෙසයි. සංස්කාරක හිමිවරු ඉඟි කරන පරිදි වැලිවිට සරණංකර යතිවරයන් විසින් එළි දක්වන ලද ශාස්ත්‍රාගම මාර්ගය වෙත යළි ප්‍රවිෂ්ට වීමකි. භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ ව, විශේෂයෙන් විශ්වවිද්‍යාල භික්‍ෂූන් වහන්සේලා පිළිබඳ ව වපර ඇසින් බලන්නන් වෙත ද මෙම සාමූහික ශාස්ත්‍රීය ප්‍රයත්නය නව ආකල්ප බිහි කිරීමට හේතුවනු නිරනුමානය. මෙම ප්‍රයත්නය දිගින් දිගට ම පවත්වා ගෙන යාම සඳහා මෙම මඟට ප්‍රවිෂ්ට වන යතිවරුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් වඩවඩාත් ශාස්ත්‍රීය ප්‍රයත්න බිහි වේවායි පතමි. එය අපගේ පමණක් නොව සමස්ත බෞද්ධ සමාජයේ ම පැතුමකි.''
සම්මානිත මහාචාර්ය පී.බී. මීගස්කුඹුර

#අනතිමානි_මහැදුරුතුමනි_ඔබට_නිවන්_සුව!

02/04/2020
පුරාතනයේ ලංකාව හා විදේශ රටවල් අතර පැවති වාණිජ සබ`දතා පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්වඳුරඹ ධම්මවංශ හිමි පූර්විකාශ්‍රී  ලංකාව ඝ...
29/03/2020

පුරාතනයේ ලංකාව හා විදේශ රටවල් අතර පැවති වාණිජ සබ`දතා පිළිබඳ ඓතිහාසික අධ්‍යයනයක්

වඳුරඹ ධම්මවංශ හිමි
පූර්විකා
ශ්‍රී ලංකාව ඝර්ම කලාපීයව දූපතක් ලෙස පිහිටා ඇත. ඉතා සශ්‍රීකව පිහිටා ඇති ලක්දිව ශාක, සත්ත්ව, මෙන්ම ඛනිජ ද්‍රව්‍ය බොහෝ වන අතර ඒවා ලක්දිව ආර්ථිකයේ කොඳුනාරටිය බඳු විය. පුරාතනයේ සිට ගොඩනැ`ගි සාමුද්‍රික ඒකාබද්ධ යාන්ත‍්‍රණය ඔස්සේ පෙර අපර දෙදිග රාජ්‍යයන් හා මුසුවීමට ලක්දිව ආර්ථික බලවේගයන් ඉවහල් වූ අතර ඒ ඔස්සේ නිරායාසයෙන්ම ලෝක වාණිජ මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්විය. මෙකී සාධක හේතුවෙන් ලංකාව හා විදේශ ලෝකය අතර පැවති වාණිජ සබඳතාවය ඉතා ප‍්‍රබල වූවක් විය. මෙම ලිපිය ඔස්සේ පුරාතනයේ පැවති ලක්දිව අභ්‍යන්තර ආර්ථික ශක්තිය පිළිබඳවත් ලංකාව ක‍්‍රමික ලෙස පෙරදිග හා අපරදිග ලෝකය හමුවේ ප‍්‍රබල වාණිජ මධ්‍යස්ථානයක් බවට පත් වූ අයුරුත් සාහිත්‍ය හා පුරාවිද්‍යා මූලාශ‍්‍ර ඔස්සේ යමින් සාරපූර්ණ අධ්‍යනයක නියැලීමට යෙදෙයි.
පුරාතන ලංකාව හා විදේශ රටවල අතර පැවති වෙළඳාම
පුරාතන ලංකාව හා විදේශ ලෝකය අතර පැවති වෙළඳාම පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනයක නිමග්න වීමේදී ලංකාවේ වෙළඳාමේ ස්වභාවය හා විදේශ ලෝකය හා එකී වෙළඳාම බද්ධ වූ අයුරු අධ්‍යයනය කළ යුතු වේ. ඒ සඳහා ඉතිහාස තතු අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්හට කැඩපතක් වනුයේ මූලාශ‍්‍රයය. මෙකී අධ්‍යයන ක්‍ෂේත‍්‍රය විෂයෙහි විහිදී පවත්නා ඉතිහාස තතු එක්තැන් කරගැනීමට අවැසි මූලාශ‍්‍රයෝ බොහෝ වෙති. ඒවා සාහිත්‍යය හා පුරාවිද්‍යාත්මක වශයෙන් හඳුනාගත හැකිය.

ලංකාවේ හා විදේශ ලෝකය අතර පැවති වෙළඳාම කි‍්‍ර.පූ. යුගයේ සිට පැවත එන්නකි. මේ පිළිබඳ අධ්‍යයනයට දේශීය වශයෙන් සාහිත්‍යය මූලාශ‍්‍ර ලෙස මහාවංශය, දීපවංශය, සමන්තපාසාදිකාව වැනි වංශකථා සේම ඒ ඒ යුගයන්හි දේශිය වියතුන් විසින් රචනා කරන ලද සංදේශ කාව්‍යයන්ගෙන්ද ලැබෙනුයේ විසල් පිටුබලයකි. එමෙන්ම විදේශීය ලේඛකයන් විසින් ලක්දිව පැරණි තතු බොහෝ සෙයින් ස්වකීය වාර්තාවලට වස්තු විෂය කරගෙන ඇති අතර ඒවාද මූලාශ‍්‍රමය වශයෙන් මෙකී ක්‍ෂේත‍්‍රය අධ්‍යයනයට මනා පිටුබලයක් වෙයි. ප්ලීනි, කොස්මස්, ඉබන් බතූතා මෙන්ම ෆාහියන්, හියුංසෑං වැන්නවුන්ගේ වාර්තාගත තතු වැදගත් වෙයි.

වෙළඳාම වැනි පුළුල් ක්‍ෂේත‍්‍රයක් අධ්‍යයනයේදී සාහිත්‍යය තතු අඛණ්ඩ වාර්තාකරණයක නිමග්න වුවද එම කාලය හා බද්ධ වූ වඩා විශ්වසනීය තතු දැනගැනීම උදෙසා මූලාශ‍්‍ර අතුරෙන් පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයෝ ප‍්‍රමුඛ වෙති. අභිලේඛන, කාසි, නටඹුන් ආදිය ඔස්සේ එකී මූලාශ‍්‍ර තතු විශද වෙයි. ලක්දිව වෙළඳාමේ උච්චාවචන අවස්ථා මෙන්ම විදේශීයන් ලක්දිවට අයෝජනය කළ මුදල් පිළිබඳ අධ්‍යයනයට නාණක සාධක කදිම මූලාශ‍්‍රයකි. එමෙන්ම පුරාතන වෙළඳාමේදී උපයෝගී වූ භාණ්ඩ පිළිබඳ නටඹුන් මෙකී අධ්‍යයන විශ්වසනීය තලයකට ඔසවා තබයි. ඒ අනුව සාහිත්‍යය හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයන්හි උපයෝගීතාවෙන් ලංකාව හා විදේශ ලෝකය අතර පැවති විදේශ වෙළඳාම පිළිබඳ සාරපූර්ණ මෙන්ම විශ්වාසනීය අධ්‍යයනයක් වෙත ප‍්‍රවිශ්ට විය හැකිය.

සම්පූර්ණ ලිපිය ඡායාරෑපවල දැක්වේ.

පාටව ශාස්ත්‍රීය සංග්‍රහය, (සංස්.) කවුඩාගම්මන රතනසාර හිමි ඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2016. පිටු 91-107.

ශබ්දෝච්චාරණේන්ද්‍රිය පද්ධතිය හා එහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක්කිරිමැටියාවේ සුගුණධම්ම හිමිපූර්විකාවිශ්ව ප‍්‍රයාණය...
05/12/2019

ශබ්දෝච්චාරණේන්ද්‍රිය පද්ධතිය හා එහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳ අධ්‍යයනයක්
කිරිමැටියාවේ සුගුණධම්ම හිමි

පූර්විකා
විශ්ව ප‍්‍රයාණයෙහි මානවයා විසින් තම දෛනික ජීවන අවස්ථා පූරණය කරගනු වස් නිර්මාණය කරගන්නා ලද අතිශයින්ම සංකීර්ණ වූ මෙවලම භාෂාවයි. භාෂාවෙහි ප‍්‍රමුඛතම කි‍්‍රයාවලිය වන්නේ අන්තර් මානව සන්නිවේදනයයි. භාෂාව යනු කුමක්ද එය ප‍්‍රභවය වූයේ කෙසේද යන්න පිළිබඳ කුහුලක් මුල් කාලීන මිනිසා කෙරෙහි නිරන්තරයෙන් ඇති විය. එහෙයින් ඔවුහු භාෂාව පිළිබඳ විවිධ නිර්මාණවාදී අර්ථකථන ගෙනාහ. මෙම අපූරුතර නිර්මාණයේ අයිතිය එකල මිනිස්සු ආගමික ශාස්තෘවරයෙකුට හෝ අදිසි බලවේග වෙත පැවරූහ. එහෙත් නූතන භාෂාවේදී ඔටෝ ජෙස්පර්සන්, ඩයමන්ඞ් හා නොම්ස් චොම්ස්කි වැනි උගත්හු තත් නිර්මාණවාදී මතයෙන් මුක්තව භාෂාව මානව ක‍්‍රියාවලියක්ය යන මතය සාක්‍ෂ්‍ය සහිතව පැවසූහ. මේ කරුණුකාරණා පදනම් කරගෙන කි‍්‍ර.ව. 16, 17, 18 හා 19 වන සියවස්වල භාෂාව පිළිබඳ විද්‍යාත්මක නියදි ඔස්සේ අධ්‍යයනය කිරීමට භාෂාවේදීහු යුහුසුලූ වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 20 වන සියවසේදී නූතන වාග්විද්‍යාව බිහි විය. වාග්විද්‍යාව යනු භාෂාව පිළිබඳ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමයි. එනම් භාෂාව පිළිබඳ ඓතිහාසිකව, තුලනාත්මකව, විග‍්‍රහාත්මකව හා නියමාත්මකව අධ්‍යයනය කිරීමයි. එපමණක් නොව මෙහිදී භාෂාවෙහි ස්වභාවය, ක්‍ෂේත‍්‍රය, ව්‍යුහය, සංජානනය, නිෂ්පාදනය හා සම්පේ‍්‍රෂණය යනාදිය අධ්‍යයනය කිරීම ප‍්‍රමුඛ වේ. මුල් කාලයේ භාෂාව ලෙස පිළිගනු ලැබුවේ ලේඛනය පමණි. එහෙත් නූතන වාග්විද්‍යාව බිහි වීමත් සමග භාෂාව ප‍්‍රධාන වශයෙන් භාෂණය හා ලේඛනය ලෙස විභජනය වෙයි. භාෂාව පිළිබඳ අධ්‍යයනයේදී විග‍්‍රහාත්මක වාග්විද්‍යාව හෙවත් භාෂාවේ සැකැස්ම, ව්‍යුහය අධ්‍යයනය අතිශයින් වැදගත්ය. විග‍්‍රහාත්මක වාග්විද්‍යාවේදී ශබ්ද විචාරය, පද විචාරය, වාක්‍ය විචාරය හා අර්ථ විචාරය යන භාෂාත්මක ව්‍යුහ පිළිබඳ අධ්‍යයනය කෙරෙයි. භාෂාවක ශබ්දය යනු ඛණ්ඩණීය මූලිකම ඒකකය වෙයි. එම ශබ්ද පිළිබඳ අධ්‍යයනය ශබ්ද විචාරය නම් වෙයි. ශබ්ද විචාරය, උච්චාරණාත්මක ශබ්ද විචාරය :්රඑසජමක්එදඑහ චයදබැඑසජි*ල ශබ්ද තරංගාත්මක ශබ්ද විචාරය :්ජදමිඑසජ චයදබැඑසජි*ල ශ‍්‍රවණාත්මක ශබ්ද විචාරය :්මාසඑදරහ චයදබැඑසජි* යනුවෙන් ක්‍ෂේත‍්‍ර ත‍්‍රිත්වයක් පිළිබඳ අධ්‍යයනය කරයි. ශබ්ද විචාරමය විභජනයෙහි පළමු අංශය වන්නේ උච්චාරණමය ශබ්ද විචාරයයි :්රඑසජමක්එදරහ චයදබැඑසජි*ග මෙය මූලික වශයෙන් භාෂාවේ භාෂණ අංශය මූලික කරගත්තකි. මෙහිදී සිදු කෙරෙන්නේ භාෂකයාගේ ශබ්දෝච්චාරණේන්ද්‍රිය පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය විමර්ශනයට ලක් කිරීමයි. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය මොළය, ස්නායු පද්ධතිය හා මුඛය ආශ‍්‍රය කොට ඇත. පපු කුහරයේ පිහිටා ඇති පෙනහැල්ලෙන් පිටවන වායු ධාරාව ශ්වාසනාලය දිගේ පැමිණ ශ්වසනිකා තුළදී චලනයට ලක්ව ස්වර තන්තු කම්පනය කෙරෙමින් මුඛ කුහරයේ ඇති මුදුන, තල්ල, දත් හා තොල් යන ඉන්ද්‍රියයන් හා ගැටී මුඛ රන්ධ‍්‍රයෙන් හෝ නාසිකා රන්ධ‍්‍රයෙන් පිට වීමෙන් ශබ්ද ලෙස උපදියි. පෙනහැල්ල, ග‍්‍රසනිකා, ශ්වාසනාලය හා ශ්වසනිකා යන ආභ්‍යන්තරික ඉන්ද්‍රියයන්් හා මුඛ කුහරයේ ඇති මුදුන, තල්ල, දත් හා තොල් යන බාහ්‍ය ඉන්ද්‍රියයන්් ශබ්දෝච්චාරණයේදී ක‍්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අධ්‍යාශයයි.

සම්පූර්ණ ලිපිය ඡායාරෑපවල දැක්වේ.

පාටව ශාස්ත්‍රීය සංග්‍රහය, (සංස්.) කවුඩාගම්මන රතනසාර හිමි ඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2016. පිටු 36-53.

ගී විරිත්
23/08/2019

ගී විරිත්

Buddhist attitude towards ritual, ceremonies, and methodologies of it                      Ven. Mahiyangane Wisuddhanand...
10/02/2019

Buddhist attitude towards ritual, ceremonies, and methodologies of it

Ven. Mahiyangane Wisuddhananda

Introduction
Anyone could not find evidences where, how, when origin of the rituals and religion’s. However, religions and rituals are there. These idea most valuable to theistic religions, at the very beginning, there are no religions but some ritualistic items are there. Eventually it became religion type with rituals. Now we call it religion. Any religion in the world there are separate ritual and ceremonies item. When examine this matter we have to discuss both aspect together. Because of, between Religions and rituals have very close relationship. People always try to offer, pray or worship for the name of their religious leader or invisible creator. However eventually it became ceremonies type. My attempt here studies for the ‘Buddhist attitude towards rituals and ceremonies’. In addition to through this article, I would like to examine methodologies of rituals and ceremonies in Buddhism. Whether the Buddha approved or not rituals and ceremonies.
Nature of rites and rituals
Every religious have hereditary teachings. When referring attention about early Buddhism it did not give any special place to the rites or rituals. Prof. Y. Karunadasa says that there are no Buddha puja, Bodhi puja, Dhatu puja and Devapuja in the noble path. From the right understanding to the right concentration of Buddhist path does not mention about any rituals in any place. People perform rituals to get protection and to refrain from fear. According to R. H. Turner, by the passage of time, people exceed the doctrinal limitations. Furthermore, he mentions basic features of a religion as follows,
01. Sacred and Supernatural
02. Beliefs and Values,
03. Cults and Rituals
When spread Buddhism in many countries, rituals item prevalent entered into the Buddhism. Therefore, Buddhism had to change sometime according to cultures of those countries. When we aware of Sri Lanka these facts can be seen. Ritual has many aspects that may be sacred aspect or the secular world aspects. In Sir Lanaka, rituals act classified under three heads
1. Acts performed for the acquisition of merit. By did merit and they expect to offer semi-temporal rewards of comfort and happiness here and in the heavenly worlds in future lives
2. Acts directed towards securing worldly prosperity and averting calamities through disease and unseen forces of evil, e.g. pirit chanting, Bodhi-puja, etc.
3. They derive their power and authority primarily through the superhuman power of the Buddha and through the hosts of spirits, not only Buddha but also the power of Three Refuges, the Buddha, Dharma and Sangha as a whole.
When considering this context, the ritual is usually set apart as a body of customs specially associated with religious performance. The word ritual has used in many different fields and aspect. For the clergyman ritual means that all religious activities necessarily take place inside a religious place in accordance with formal religious rules. For the psychiatrist ritual means that private compulsions of individuals. For an anthropologist it means a category of human standardized behavior. Different methods use to perform the sacred rites such as verbally, physically and mentally. The rites and rituals are ornamentation or a decoration to beautify a religion in order to attract the public. Some people believe when practice rituals constantly it provide a psychological help to success their activities, not only activities but also their mental and physical health too. However, one can practice religion without any rituals. In Buddhism later added the lots of rituals and customs items. Many rituals are later tendencies in Buddhism. Therefore, anyone can practice Buddhism without rites and rituals. Moreover, they can achieve final goal of Buddhism. When we consider about rituals, in the society can be seen various type of rituals and customs by create of human. It can be categorized as follows
1. Primitive rituals
2. traditional rituals

see more පාටවශාස්ත්රීය සංග්රහය, (සංස්.) කවුඩාගම්මන රතනසාර හිමිඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2016. පිටු 201-211.

බුදුදහමෙහි පූර්ණ ස්වච්ඡන්දතාවක් තිබේද?පූර්විකා ශිෂ්ටාචාරගත වූ මානවයා ක‍්‍රමයෙන් බහු දේවවාදි යුගය, ඒක දේවවාදි යුගය, වෛදික...
13/09/2018

බුදුදහමෙහි පූර්ණ ස්වච්ඡන්දතාවක් තිබේද?

පූර්විකා
ශිෂ්ටාචාරගත වූ මානවයා ක‍්‍රමයෙන් බහු දේවවාදි යුගය, ඒක දේවවාදි යුගය, වෛදික යුගය, බ‍්‍රහ්මණ යුගය, ආරණ්‍යක යුගය, උපනිෂද් ආදි වූ යුග පසු කළේය. මෙහිදී සාකච්ඡුා කිරීමට අපේක්‍ෂා කරනුයේ දාර්ශනික ප‍්‍රස්තුතයකි. එනිසා දාර්ශනික සංකල්පයන්ගේ ආරම්භය පිළිබඳ විමසීම වැදගත් වේ. පෙරදිගින් උපනිෂද් යුගය පාදක කර ගනිමින් දාර්ශනික සංකල්ප පෝෂණය විය. උපනිෂද් යුගයෙහි ඇරඹි දාර්ශනික සංකල්ප වර්තමානය දක්වා විකාශය වෙමින් පවතියිි. දාර්ශනික සංකල්ප බිහිවීමට හේතූන් වශයෙන් සමාජයේ නොවිසුදුණ ගැටලූ ප‍්‍රධාන වශයෙන් පෙන්වා දිය හැකිිය. පෙරදිගින් ඇරඹි දර්ශන සම්ප‍්‍රදාය හා බටහිරින් ඇරඹි දර්ශන සම්ප‍්‍රදාය යන දාර්ශනික සම්ප‍්‍රදායයන් වර්තමාන ලෝකයෙහි ප‍්‍රචලිතව ඇත.
පෙර අපර දෙදිග දාර්ශනිකයින් විසින් දාර්ශනික සංකල්ප ඉදිරිපත් කරනු ලැබූ අතර දාර්ශනික සංකල්ප ම`ගින් සමාජයේ නොවිසඳුණු ගැටලූ සඳහා පිළියම් සෙවිම සිදු කරන ලදී . එහිදී දාර්ශනිකයන් අවධානය යොමු කළ ප‍්‍රධාන ප‍්‍රස්තුතය වන්නේ සදාචාරය, ආචාර ධර්ම හා හොඳ, නරක ආදිය පිළිබඳවය. උක්ත ප‍්‍රස්තුත නිරන්තරයෙන් බැඳී පවත්නේ ආගම සම`ගයි. උක්ත සංකල්ප සාකච්ඡුා කිරිමේදී ස්වච්ඡුන්දතාව පිළිබඳ සංකථනය කළ යුතුය. යම් කි‍්‍රයාවක් පුද්ගල කැමැත්ත මත සිදුවන්නේ නම් එය ස්වච්ඡුන්දතාව වේ. එවැනි පුද්ගල ක‍්‍රියාවක් සඳහා සදාචාරයේ වගකීම පැවරිය හැකිය. පුද්ගල මානසික සම්බන්ධයකින් තොරව සිදු වන ක‍්‍රියා සඳහා සදාචාරයේ වගකීම නොපැවරෙන අතර එය පුද්ගල ස්වච්ඡුන්දතාවෙන් තොර වූවක් වශයෙන් පිළිගැනේ. ස්වච්ඡුන්දතාව ම`ගින් ප‍්‍රකට කරනු ලබන්නේ බාහිර බලපෑමකින් තොරව තීරණ ගැනිමේ නිදහසය. මෙම ලිපියෙහි උත්සාහ දරනුයේ බුදුදහමෙහි පූර්ණ ස්වච්ඡුන්දතාවක් තිබේද? යන්න විමසා බැලීමටයි. බුදු දමහෙහි විස්තර වන දාර්ශනික සංකල්ප විස්තර කරන වියතුන් සාකච්ඡුා නොකළ ඉසව්වක් කරා නෙත යොමු කිරිම මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වේ.
ස්වච්ඡුන්දතාව යනු කුමක්ද?
ලෝකයෙහි දාර්ශනික සම්ප‍්‍රදායයන් බොහොමයක් බිහි වූ අතර ප‍්‍රබල දාර්ශනිකයෝද බිහි වූහ. දාර්ශනිකයින් බිහි වන්නේ සමාජ ගැටලූ අරමුණු කරගෙනය. දාර්ශනිකයා ප‍්‍රධාන වශයෙන් ආගම, විද්‍යාව, දෙවියන්, සදාචාරය, හොඳ, නරක යන ප‍්‍රස්තූත සමාජ ගැටලූ වශයෙන් සිතා විසඳුම් සෙව්වේය. බුදුදහමෙහි පුර්ණ ස්වච්ඡුන්දතාවක් තිබේද? යන්න සෙවීමට ප‍්‍රථම ‘ස්වච්ඡුන්දතාව’ පිළිබඳ සාකච්ඡුා කළ යුතු වේ.
ස්වච්ඡුන්දතාව බිහිවන්නේ සාදාචාරය පිළිබඳ වගකීම පුද්ගලයා වෙත පැවරිමේදීය. ආචාරවාදී දාර්ශනික පදනමක් යටතේ සාකච්ඡුාවට බඳුන් වන සංකල්පයක් වශයෙන් ස්වච්ඡුන්දතාව හැඳින්විය හැකි වෙයි. මූලික වශයෙන් ස්වච්ඡුන්දතාව පිළිබඳ කෝෂ ග‍්‍රන්ථයන්හි අර්ථ පිරික්සීම මෙහිලා වැදගත් වේ.ිධංදෙරා ෑබටකසිය ෘසජඑදසබ්රහ’ දක්වන අදහස ර්‍ණත්‍රුැ අසකක එයැ ජදබිඑර්සබඑ දෙ බැජැිිසඑහ දෙ ේඑැ එයැ ්ඉසකසඑහ එද ්ජඑ ්එ දබැ’ි දඅබ ාසිජරුඑසදබ” ස්වච්ඡුන්දතාව යන සිංහල වචනය ඉංග‍්‍රිසි බසින් දක්වන්නේිත්‍රුැ අසකක’ යනුවෙනි.ිත්‍රුැ අසකක’යන ඉංග‍්‍රීසි වචනය සඳහා මලලසේකර ‘ඉංග‍්‍රීසි සිංහල’ ශබ්දකෝෂයෙහි අරුත් සපයන්නේ ‘‘ස්වච්ඡුන්දතාව, අභිමතය’’ යනුවෙනි. මෙයින් විදහා දැක්වෙන්නේ පුද්ගලයා තීරණ ගැනිමේදී සිතා මතා කටයුතු කිරීම පිළිබඳවය. සිය අභිමතය පරිදි බාහිර බලවේගයකට යටත් නොවී කටයුතු කිරීමේ නිදහස වශයෙන් ස්වච්ඡුන්දතාව අරුත් ගැන්විය හැකි වේ. ‘‘දෙවියන් හෝ දෛවය විසින් පාලනය කිරීමක් නොමැතිව යම් ...සම්පූර්ණ ලිපිය ස හා පාටව

සම්බුදු චරිතයට අදාළව මුල් බුදුසමයේ හා පශ්චාත් කාලීන මුලාශ‍්‍රවල පවතින සමවිසමතා ළිහිණියාගම ධම්මාලෝක හිමිපූර්විකාබුදුරජාණන...
23/07/2018

සම්බුදු චරිතයට අදාළව මුල් බුදුසමයේ හා පශ්චාත් කාලීන මුලාශ‍්‍රවල පවතින සමවිසමතා

ළිහිණියාගම ධම්මාලෝක හිමි

පූර්විකා
බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වී සියවස් ගණනාවක් ගත වී තිබේ. එදා මෙදාතුර උන්වහන්සේ පිළිබඳව තොරතුරු සඳහන් මූලාශ‍්‍ර විශාල ප‍්‍රමාණයක් හමු වී තිබේ. ඒවා සාහිත්‍ය මූලාශ‍්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර වශයෙන් හඳුනාගත හැකි අතර වර්තමානයෙහිද තොරතුරු හමු වෙමින් පවති. බුදුන් වහන්සේගේ චරිත කතාව කලින් කලට සංවර්ධනය වූ බව සැබෑවකි. උන්වහන්සේ පිළිබඳව ගෞරවාදරයෙන් බුද්ධාලම්භන ප‍්‍රීතිය ඇති කරණු වස් උන් වහන්සේගේ ශ‍්‍රාවකයන් විසින් බුද්ධ චරිතයට යම් යම් තොරතුරු අතිශයෝක්තියෙන් යුක්තව එකතු කළ බව නොරහසකි. පරිනිබ්බාණ සූත‍්‍රය මේ සඳහා කදිම නිදසුනකි. මෙමගින් අපේක්‍ෂා කරන්නේ බුද්ධ චරිතය පිළිබඳ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමටය. එහිදී ත‍්‍රිපිටකයේ ග‍්‍රන්ථවල මුල් බුදුසමයේ සඳහන් වන තොරතුරු හා පශ්චාත් බුදුසමයේ තොරතුරු සංසන්දනය කොට එයින් පිරිසිදු බුද්ධ චරිතය වෙන් කරවා ගැනීම අරමුණ වන අතර එහි ඇති සමතාව මෙන්ම විසමතාවන්ද අධ්‍යයනයට හසුකර ගැනේ.
මුල් බුදුසමය හා සම්බුදු සිරිත
බුදුරජාණන් වහන්සේ ලොව පහල වූ අසදෘශ ශාස්තෘවරයාණන් කෙනෙකි. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, අසමසම භාවය හේතු කොට ගෙන වෙනත් එවැනි පුද්ගලයන් හා වස්තූන්ටත් පොදු වූ ලක්‍ෂණයක් වන අභූත, අපූර්ව විශ්වයවාහ අසම්බන්ධ වෘත්තාන්ත ගොනු වී තිබීම සාමාන්‍ය ලක්‍ෂණයකි. ක‍්‍රමානූකූලවූ බුද්ධ චරිතයක් සත්‍යවූ අයුරින් සකසා ගැනීමේදීද මෙබඳු වූ ව්‍යාකූලත්වයකට පත්වීමට නූතන තත්ත්වවේදීන්ට සිදු වේ. නිරවුල් බුද්ධ චරිතයක් සකසා ගැනීමට ත‍්‍රිපිටකයෙන් අඩංගු වූ සාධක නොලැබුනද බුදු සිරිතේ ප‍්‍රධාන සිද්ධීන් සම්බන්‍ධයෙන් තොරතුරු සූත‍්‍ර පිටකයෙන් හා විනය පිටකයෙන් සෑහෙන ප‍්‍රමාණයක් ලබා ගත හැකිය.
සිද්ධාර්ථ බෝසතාණන්ගේ උපතේ සිට අභිනිෂ්ක‍්‍රමණය දක්වා තොරතුරු දුර්ලභය. බුද්ධත්වයේ සිට විනය නීති පැනවීම දක්වා සිද්ධීන් විනය පිටකයෙන් ලබාගත හැකිය. එසේම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේ සත්‍ය තොරතුරු දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත‍්‍රාගත කරුණුවලින් හෙළිදරව් කරගත හැකිය. පරිනිබ්බාණ සූත‍්‍රයෙහි සඳහන් බුද්ධ චරිතය අපට ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර දැක්විය හැකිය. එනම් ශාස්තෘවරයෙකු වශයෙන්, සාමාන්‍ය මනුෂ්‍යයෙකු වශයෙන් හා ආශ්චර්ය පුද්ගලයෙකු වශයෙනි. මේ හැරුණු විට බුදු සිරිතේ ප‍්‍රධාන යම් යම් සිදුවීම් පිළිබඳව ත‍්‍රිපිටකයේ නොයෙක් කතාවලින් සාධක ලබාගත හැකිය. ජනප‍්‍රිය බුද්ධ චරිතයේ සඳහන් වන ඇතැම් ප‍්‍රධාන චරිත, සිද්ධීන් පවා ත‍්‍රිපිටකයේ සඳහන් වන බවක් නොපෙනේ. බුද්ධ භාෂිත ධර්මයම අඩංගු වේ යැයි සැළකෙන ත‍්‍රිපිටකාගත කරුණු නූතන ජනප‍්‍රිය බුදුදහමෙහි උත්කර්ෂයෙන් සම්භාවනාවට පාත‍්‍රවන බුදුසිරිත හා සම්බන්ධ කරුණුත් අසම්බන්ධතාවක් උසුලන බව පැහැදිලිවම දැකිය හැකිය.
මුල් බුදුසිරිතේ හා ජනප‍්‍රිය බුද්ධ චරිතයේ සමවිසමතා
සුද්ධෝදන රජුගේ පටන් සිදුහත් කුමරුගේ තරුණ අවධිය
බෝසතාණන් වහන්සේගේ පිය රජතුමා එනම්, සුද්ධෝදන ශාක්‍යතුමා රජෙකු වශයෙන් පිළිගැනීමේදී උගතුන් අතර විවිධ මතභේද පවතී. ඊ.ජේ. තෝමස් දක්වන්නේ සුද්ධෝදන ශාක්‍යතුමා රජෙකු වශයෙන් පිළිගැනීමට අපහසු බවයි. එතුමා රජෙකු වශයෙන් නොව කපිලවස්තුවේ සිටි ශාක්‍යයන්ගේ නායකයා වශයෙන් පිළිගැනීම වඩාත් යෝග්‍යයැයි පවසයි. මජ්ක්‍ධිම නිකායේ මහා සච්චක සූත‍්‍රයේ ‘‘අභිජානාමි ඛො පනාහං පිතු සක්කස්ස මතන්ති.’’ යන පාඨයෙන් බෝසතුන්ගේ පියා රජෙකු වශයෙන් නොදක්වයි. දීඝ නිකයේ සෝණදණ්ඩ සූත‍්‍රයේ සඳහන්වන තොරතුරු අනුව මේ සුද්ධෝදන ශාක්‍යතුමා රජකෙනෙකු බව පිළිගත නොහැකිය. එහිදී දක්වන පරිදි සෝණදණ්ඩ බ‍්‍රාහ්මණයා ප‍්‍රකාශ කරනුයේ බුදුරදුන් තමන්ට වඩා සැම අතින්ම උසස් බවත් එනිසා තමන් වෙත බුදුරදුන් පැමිණිමට වඩා තමන් බුදුරදුන් වෙත යාම වඩාත් උසස් බවයි. රජ පවුලකට සම්බන්ධ නම් ඒ බව ප‍්‍රකාශ කරන නො අනුමානය. මේ හා සමාන තොරතුරු දීඝ නිකායේ කූටදන්ත සූත‍්‍රයේද ඇත. එහෙත් එහිදී රජ පවුලකට සම්බන්ධයක් නොදක්වයි. බුදුරදුන් විසින්ම සේල බ‍්‍රාහ්මණයාට පවසන ලදුයේ තමන් වහන්සේ රජෙකු බවත් එහෙත් බ‍්‍රාහ්මණයා අදහස් කරන ආකාරයේ රජ කෙනෙකු නොවන බවත්ය. තවදුරටත් විනය පිටකයේ මහා වග්ග පාලියෙත් ඉහත සඳහන් සැම ස්ථානයකම බෝසත් පියාණන් රජකෙනෙකු වශයෙන් දක්වා නැත. මෙයට අමතරව සුත්ත නිපාතයේ නාලක සූත‍්‍රයේද බුද්ධවංස පාලියේ මෙන්ම පශ්චාත් කාලීන අටුවා ග‍්‍රන්‍ථවලද සුද්ධෝදන රජතුමා පිළිබඳ සඳහන් වන නමුත්, මෙතුමා රජෙකු ලෙස එවායෙහි සඳහන් වේ.
උක්ත සාධක අනුව පශ්චාත් ත‍්‍රිපිකයේ සිදුහත් බෝසතුන්ගේ පියා රජකෙනකු වශයෙන් සඳහන් වන අතර මුල් බුදුසමයේ එසේ සඳහන් නොවන බව පෙනේ. මේ අනුව පශ්චාත් කාලීන මූලාශ‍්‍රවල හා ජනප‍්‍රිය බුදුදහමෙහි සඳහන් වන්නේ සුද්ධෝදන ශාක්‍යතුමා රජකෙනෙකු බවය. ඒ අනුව ත‍්‍රිපිටකාගත මුල් බුදුසමයට අයත් සුත‍්‍රවල තොරතුරු හා පශ්චාත් ත‍්‍රිපිටක මූලාශ‍්‍රවල තොරතුරු සන්සන්දනය කිරීමේදී පැහැදිලි වන්නේ බෝසතුන්ගේ පියා පිළිබඳ විශාල විසමතාවන් පවතින බවයි.
සිදුහත් බෝසතාණන් වහන්සේ ශාක්‍ය වංශයට අයත් බව ‘‘අහං භික්‍ඛවේ එතරහි අරහං සම්මා සම්බුද්ධෝ ඛත්තියා ජාතියා අහොසිං ඛත්තිය කුලෙ උප්පන්නෝ’’, ‘‘අහං භික්‍ඛවෙ එතරහි අරහං සම්මා සම්බුද්ධෝ ගොතමෝ ගොත්තේන අහොසිං’’ යනුවෙන් මහාපදාන සූත‍්‍රයේ සඳහන් වේ. එමෙන්ම කූටදන්ත බ‍්‍රාහ්මණයා මෙන්ම අම්බට්ඨ සූත‍්‍ර ආදියේද දක්වන කරුණුවලින් බෝසතාණන් වහන්සේ ශාක්‍යවංශිකයෙකු බව පැහැදිලි වෙයි. එමෙන්ම සිදුහත් බෝසතුන්ගේ මව හා පියා යන දෙදෙනාම ශාක්‍ය වංශයට අයත් වූවෝ වෙති. මේ පිළිබඳ ත‍්‍රිපිටක මූලාශ‍්‍රවල කරුණූ සඳහන් නොවුණද පශ්චාත් කාලීන අටුවාවල හා වංශකතාවල මව්පිය පරපුර පිළිබඳ විස්තර සඳහන් වේ. ඒ අනුව මුල් බුදුසමයට අයත් සූත‍්‍රවල මෙන්ම පශ්චාත් ත‍්‍රිපිටක මූලාශ‍්‍රවලද බෝසතුන්ගේ කුලය සම්බන්ධව දක්නට ඇත්තේ සමතාවක් මිස විසමතාවක් නොවේ.
සිදුහත් කුමාරෝත්පත්තිය සම්බන්ධයෙන් මුල් බුදුසමයට අයත් සූත‍්‍රවල කරුණු සඳහන් වන්නේ අල්ප වශයෙනි. පශ්චාත් කාලීනව ත‍්‍රිපිටකයට එකතු වූ සූත‍්‍රයක් ලෙස සැලකෙන මජ්ක්‍ධිම නිකායේ අච්ඡුරිය අබ්භූතධම්ම සුත‍්‍රයේ පුරාවෘත්තමය තොරතුරු දක්නට ලැබේ. එහෙත් ඒවා සාමාන්‍ය මිනිසෙකුගේ උපතට වඩා අතිශයෝක්තියට බරව සඳහන්ව ඇත. ඓතිහාසික පුද්ගලයෙකු වූ බුදුරදුන්ගේ උපත අසිරිමත්ව දැක්වීමට ගත් උත්සාහයක ප‍්‍රතිඵලයක් ලෙස මෙම සූත‍්‍රය හඳුනා ගත හැකිය. ලූම්බිණි සාලවනෝද්‍යානයේදී මහාමායා දේවියගේ කුසින් සිදුහත් බෝසතුන් සාමාන්‍ය ආකාරයෙන් උපදින්නට ඇත. එහෙත් පසුකාලීන අට්ඨකතා, ටීකා ආදිය ලියවූ ජනප‍්‍රිය බුද්ධචරිත ගොඩනැගූ රචකයන් එය අතිශයෝක්තියෙන් දැක්වීමට උත්සාහකර ඇත. ඔවුන්ට අනුව බුදුරදුන් උපතේදී පිිළිගන්නේ දෙවියන්, බ‍්‍රාහ්මයා හා සතරවරම් දෙවිවරුන්ය.
සිදුහත් බෝසතාණන්ගේ උත්පත්තියෙන් අනතුරුව සිදු වූ වැදගත් සිදුවීම නම්, නම් තැබීමේ අවස්ථාවයි. නම් තැබීමේ අවස්ථාව පිළිබඳ දීඝ නිකායේ මහා පදාන සූත‍්‍රයේ විපස්සි කුමරුන්ගේ නාම ග‍්‍රහණය හා සම්බන්ධ සිද්ධීන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කිසියම් වැටහීමක් ලබා ගැනීමට පුලූවන. බෝසතුන්ගේ උපතින් සත් දිනකට පසු බෝසත් මව මිය යාම සිදුවිය. ජනප‍්‍රිය බුද්ධචරිතයේ සඳහන් වන්නේ එය සාමාන්‍ය උපතක් නොවන බවත් එය අසිරිමත් ලෙස සිදු වූ බවත්ය. එසේ වුවද
සම්පූර්ණ ලිපිය
පාටව ශාස්ත්‍රීය සංග්‍රහය, (සංස්.) කවුඩාගම්මන රතනසාර හිමි ඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2016. පිටු 212-226.

Utilization of consciousness as a rebirth factor                                   Ven. Horawadunnagama SumanasiriEntry ...
10/06/2018

Utilization of consciousness as a rebirth factor
Ven. Horawadunnagama Sumanasiri
Entry
The theistic religions of the world which assert the existence of a creator, do not believe reincarnation and non-theistic religions such as Buddhism and Jainism believe that. In contemporary, many scientists and scholars research whether there is or not. However some scholars such as Edgar Cayce (1877-1945) answered questions on reincarnation by his inspections. Existence (Samsara) is a cycle of rebirth. Passionate people have to be reborn and passionless people do not take a new birth. According to the Buddhist sources there are so many evidences concerning rebirth. It depends on a number of facts. We can identify ignorance as a preliminary fact to rebirth but other facts are combination with each other. Nevertheless, in this procedure, consciousness is fulfilled a special duty.

Rebirth
The oxford advanced learners dictionary mentions that the meaning of the rebirth as follows,
1. A period of new life, growth or activity.
2. A spiritual change when a person’s faith becomes stronger or they convert to another religion
Belief on rebirth or re existence is common to many religions in India. This is a pivotal teaching of Buddhism too. However, unlike other religions, Buddhism explains rebirth without posting a ‘soul’ that goes from life to life. While rejecting the belief in such a soul Buddha upholds the continuity of existence. This is based on the acceptance of a psychological force called ‘stream of consciousness’ which is always in the process of flowing, and hence undergoing constant change.
There is a subtle and very important distinction between the teaching of those who believed in the existence of a soul (which is often identified with consciousness) and maintained that it is the same soul or consciousness that goes from life to life, and the Buddhists who hold that there is an aspect of consciousness that survives death and goes from life to life, always undergoing change. The former teaching upholds the permanency of the consciousness and its identity in the next life. The latter holds that this surviving consciousness is always in a flux, but goes on continuing. Thus, the Buddhists’ view is that there is change of consciousness and there is continuity. So the difference is that the substantiality holds the view of permanency and identity and the Buddhists who are non-substantiality accept change and continuity.
According to the Buddhism the main reason to rebirth, is ignorance but it is not only one reason. It has several specific reasons. Especially Buddhist cannon indicate that there are three reasons for the birth. Buddhism explains rebirth starting from the conception of a being in the mother’s womb. According to Buddhism, for conception to take place three conditions have to be fulfilled. These three specific reasons are:
1. Union between mother and father,
2. The mother being in a period suitable for conception,
see more
පාටව ශාස්ත්‍රීය සංග්‍රහය, (සංස්.) කවුඩාගම්මන රතනසාර හිමි ඇතුළු පිරිස, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2016. පිටු 175-184.

Address

Peradeniya Road,
Peradeniya
20442

Website

Alerts

Be the first to know and let us send you an email when පාටව ශාස්ත්රීය සංග්රහය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share