Galauda Sri Wajirabuddhi Dhamma School

Galauda Sri Wajirabuddhi Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galauda Sri Wajirabuddhi Dhamma School, Buddhist Temple, Depanama, Pannipitiya.

24/08/2026

💐නිවාඩුවට අරුතක්💐

තෙරුවන් සරණයි !

ගුරුදෙගුරු රැස්වීමෙහි දි දෙමව්පියන් විසින් ඉල්ලා සිටි පරිදි පුංචි දරුවන්ගේ මානසික සුවය උදෙසා නිවාඩු මාසයේ සෑම ඉරිදා දිනකම සවස 04.00 සිට 05.30 දක්වා ක්‍රියාත්මක කරන්නට යෙදෙන මාර්ගෝපදේශන වැඩසටහන.

2026/08/15 වන ඉරිදා දින සවස දැහැමි ප්‍රායෝගික බොදු දරුවෙකු නිර්මාණය කිරීම උදෙසා වු වැඩසටහනට දරුවන් ඉතා සතුටින් සම්බන්ධ විය.

📌භාවනා පුහුණුව
📌වත් පිළිවෙත්
📌දෙමව්පියන්ගේ වටිනාකම
📌සිරිත් විරිත්
ආදියෙන් දරුවන්ව දැනුවත් කරන ලදි.

තෙරුවන් සරණයි !

💐නිවාඩුවට අරුතක්💐තෙරුවන් සරණයි !ගුරුදෙගුරු රැස්වීමෙහි දි දෙමව්පියන් විසින් ඉල්ලා සිටි පරිදි පුංචි දරුවන්ගේ මානසික සුවය උ...
22/08/2026

💐නිවාඩුවට අරුතක්💐

තෙරුවන් සරණයි !

ගුරුදෙගුරු රැස්වීමෙහි දි දෙමව්පියන් විසින් ඉල්ලා සිටි පරිදි පුංචි දරුවන්ගේ මානසික සුවය උදෙසා නිවාඩු මාසයේ සෑම ඉරිදා දිනකම සවස 04.00 සිට 05.30 දක්වා ක්‍රියාත්මක කරන්නට යෙදෙන මාර්ගෝපදේශන වැඩසටහන.

2026/08/15 වන ඉරිදා දින සවස දැහැමි ප්‍රායෝගික බොදු දරුවෙකු නිර්මාණය කිරීම උදෙසා වු වැඩසටහනට දරුවන් ඉතා සතුටින් සම්බන්ධ විය.

📌භාවනා පුහුණුව
📌වත් පිළිවෙත්
📌දෙමව්පියන්ගේ වටිනාකම
📌සිරිත් විරිත්
ආදියෙන් දරුවන්ව දැනුවත් කරන ලදි.
මෙදින දරුවන් වෙනුවෙන් කෙටි සංග්‍රහයක් දේව්‍යා දියණියට ආශිර්වාද පතමින් මහේෂි මහත්මිය විසින් සිදු කරන ලදි. ඔවුන්ට ද ආශිර්වාද පතමු.

තෙරුවන් සරණයි !

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )දෙවන වාර ප්‍රාථමික ශිෂ්‍ය සමිතිය.
20/08/2026

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )

දෙවන වාර ප්‍රාථමික ශිෂ්‍ය සමිතිය.

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )දෙවන වාරයේ අවසාන සතිය...
20/08/2026

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )

දෙවන වාරයේ අවසාන සතිය...

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )2026 ජුලි මස 19 වන ඉරු දින, උදෑසන වත් පිළිවෙත් සහ දරුවන් උද...
19/08/2026

ගලඋඩ ශ්‍රී වජිරබුද්ධි දහම්පාසල ( සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය )

2026 ජුලි මස 19 වන ඉරු දින, උදෑසන වත් පිළිවෙත් සහ දරුවන් උදෙසා පිරිනමන සංග්‍රහය,

එදින සංග්‍රහය අප දහම්පාසලේ ඉගෙනුම ලබන දනීෂ් ඉඳුසර පුතනුවන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු සාමාජිකයන් විසින් මහත් සත්භාවයෙන් සිදුකරන ලදි.

දරුවන් වෙත ආදරයෙන් අනාගත දරු පරම්පරාවේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වෙමින් සංග්‍රහය ලබා දීම ඉතා අගයකොට සලකන අතරම, එම පුතනුවන්ටත්, පවුලේ සාමාජිකයන් සැමටත්,
මෙම කර්තව්‍යයට දායක වූ සියලුම දෙනාට යහපත් අනාගතයක් සහ නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කර සිටිමු.

තෙරුවන් සරණයි!

15/08/2026

💐නිවාඩුවට අරුතක්💐

📌ගුරුදෙගුරු රැස්වීමෙහි දි දෙමව්පියන් විසින් ඉල්ලා සිටි පරිදි පුංචි දරුවන්ගේ මානසික සුවය උදෙසා හෙට සිට සෑම ඉරිදා දිනකම සවස 04.00 සිට 05.30 දක්වා වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. එහිදී

📌භාවනා පුහුණුව
📌වත් පිළිවෙත්
📌දෙමව්පියන්ගේ වටිනාකම
📌සිරිත් විරිත්
ආදියෙන් දරුවන් පෝෂණය කෙරේ.

🔴වැඩසටහන අවසානයේ කෙටි සංග්‍රහයක් ද සිදු කෙරේ.

තෙරුවන් සරණයි !

මහා බෝ උවටැන🙏🙏🙏🙏🙏🙏🙏උතුම් ජය ශ්‍රී මහා බෝ අංකුර වහන්සේගේ නඩත්තු කටයුතු අප විහාරස්ථානයේ දායක දෙපළක් වන ගෙවතු අලංකාරණය හා බ...
03/08/2026

මහා බෝ උවටැන

🙏🙏🙏🙏🙏🙏🙏

උතුම් ජය ශ්‍රී මහා බෝ අංකුර වහන්සේගේ නඩත්තු කටයුතු අප විහාරස්ථානයේ දායක දෙපළක් වන ගෙවතු අලංකාරණය හා බොන්සායි කලාව පිළිබඳ කීර්තිය ලත් සුරේෂ් මහතා සහ රවිඳු මහතා විසින් නොමිලේ කර දෙන ලදි.
උතුම් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවෝ වෙනුවෙන් සිදුකළ මේ උතුම් උපස්ථානමය පිනෙන් එම දෙපළටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගි චිරජීවනයත් සෞභාග්‍යයත් උදා වේවා...

තෙරුවන් සරණයි !

01/08/2026

උතුම් ඇසළ පුර පසළොස්වක පොහො දා පින්කම්...

වාර්ෂික වස් ආරාධනා පිංකම

මෙවර කඨින පිංකමෙහි ප්‍රධාන දායකත්වය දරන බොරැල්ල පාර පදිංචි ව්‍යාපාරික, ඉංජිනේරු රේණුක ගුණවර්ධන මැතිතුමා සහ මැතිණිය ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින් ද අප විහාරස්ථානයේ දායක දායිකාවන් විසින් ද සිදුකරන ලදි.

තෙරුවන් සරණයි !

පන්සල නිසා පොහොසත් නොවුනපන්සල පොහොසත් කරන්නට වෙහෙසුනනිම්නැති යුග මෙහෙවරටදම්පියසේ උත්තමාචාරයඅශෝක අත්තනායක ගුරුපියාණන්ට--අ...
28/07/2026

පන්සල නිසා පොහොසත් නොවුන
පන්සල පොහොසත් කරන්නට වෙහෙසුන
නිම්නැති යුග මෙහෙවරට
දම්පියසේ උත්තමාචාරය
අශෝක අත්තනායක ගුරුපියාණන්ට
--

අශෝක කරුණාසිරි අත්තනායක ගුරුපියාණන් වෙනුවෙන් සිදුකළ
අටවිසි සම්බුද්ධ පූජාව
ධර්මදේශනාව
සාංඝික මහා දානය
සාර්ථකව සිදුකළ අප දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය ඉමහත් ලෙස ඇගයිය යුතුය. කිසිදු අඩුපාඩුවක් නොවන්නට වෙහෙසීමෙන් ක්‍රියාකළ ආචාර්ය මණ්ඩලයේ සියලු ගුරුභවතුන්ට ස්තුතියත් පුණ්‍යානුමෝදනාවත් සිදු කරමි.

දෙමව්පියන් ලබා දුන් දායකත්වය නොවන්නට මේ පින්කම සිදුනොවේ. දායක වූ සහභාගි වූ දෙමව්පියන් සියලු දෙනාට ද ස්තුතිය පුද කරමි.

අප විහාරස්ථානයේ කුළුපග දායක පිරිසක් ද වෙහෙස වූ අතර ඒ සියලු දෙනාට ද අප දහම්පාසලේ දූ දරුවන් සැමට ද විශේෂයෙන් වේරහැර නාගිත ස්වාමින්වහන්සේ ප්‍රධාන අත්තනායක ගුරු මෑණියන් ඇතුලු එම පවුලේ සියලු දෙනාට ද ස්තුතියත් පුණ්‍යානුමෝදනාවත් සිදු කරමි.

දමායන රුපියල් ශත වෙනුවෙන් ආත්මය පාවා නොදී ධාර්මිකව සොයාගත් රුපියලත් අනාගත බොදු පරම්පරාව වෙනුවෙන් කැපකරමින් තම සැපයට වඩා අන් සැපය වෙනුවෙන් කැපවී සමස්ත වසර 52ක් මේ රටෙහි සමාජ සේවකයෙක් ලෙස කීර්තිය දිනා එයම එකම වත්කම කොටගෙන දිවංගත අශෝක අත්තනායක ගුරු පියාණන්ට සියලු සසර දුකින් මිදී ඉතා ම ඉක්මන් භවයක නිවන අවබෝධ කරගැනීමට එතුමන් රැසකරගත් කුසලයට අප රැස්කරගෙන ඇති සියලු කුසලයත් එකතුව හේතු වාසනා වේවා...!!!
විහාරාධිපති ස්වාමින්වහන්සේ..

27/07/2026

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

වසර 40ට ආසන්න කාලයක් අප දහම්පාසල වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීමක් සිදුකළ, දිවංගත නියෝජ්‍ය ප්‍රධානාචාර්ය සාමවිනිසුරු අසෝක අත්තනායක ගුරු පියාණන් වෙනුවෙන් අප දහම්පාසල මගින් සිදුකළ තෙමස් පූර්ණ අටවිසි සම්බුද්ධ පූජාව සහ ධර්මදේශනාව.

Address

Depanama
Pannipitiya

Telephone

+94702187293

Website

Alerts

Be the first to know and let us send you an email when Galauda Sri Wajirabuddhi Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share