22/08/2026
2026.07.26 දින වොලන්ටියර් ශ්‍රී ලංකා (Volunteer Sri Lanka) පදනමේ නිර්මාතෲ ප්‍රමිල පුලෝචන සිල්වා මහතා අප දහම් පාසලේ කාර්‍යාලීය කළමණාකරන කාර්‍යන් පහසු කරගැනීමටත් නිලධාරී මණ්ඩලයේ සහ දරුවන් ගේ පරිහරණයටත් අත්‍යවශ්‍යව තිබූ ලැප් ටොප් පරිඝණක යන්ත්‍රයක් අප වෙත පරිත්‍යාග කරන ලදී.
එම පරිත්‍යාගය දරුවන්ගේ කුසලතා හඹායන ගුණරතන මෙහෙවර තව තවත් ශක්තිමත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර එම කණ්ඩායමට අපේ කෘතඥ පූර්වක ස්තූතිය පිරිනමමු!
එලෙසම මෙවන් සමාජ සත්කාර්‍යන්වල තව දුරටත් නියැලීමට ප්‍රමිල සිල්වා මහතා ඇතුළු වොලන්ටියර් ශ්‍රී ලංකා කණ්ඩායමට ශක්තිය දිරිය ලැබේවායි ශ්‍රී ගුණරතනයේ ගරු ප්‍රධානාචාර්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්‍ය මණ්ඩලය, දෙමාපියන් හා ආදරණීය දූදරුවන් ඉත සිතින් ප්‍රාර්තනා කරමු !! ස්තූතියි ! තෙරුවන්සරණයි !!