Maligavila Rajamaha Viharaya

Website

Maligavila Rajamaha Viharaya Official page of Maligavila Rajamaha Viharaya - Okkampitiya, Sri Lanka.

"මාලිගාවිල රජමහා විහාරස්ථානයේ ඓතිහාසික බිනර මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රවාහන කටයුතු මනා ලෙස මෙහෙයවමින් ලබා දුන් අසමසම සේවය ...
04/10/2026

"මාලිගාවිල රජමහා විහාරස්ථානයේ ඓතිහාසික බිනර මහා පෙරහැර මංගල්‍යයේ ප්‍රවාහන කටයුතු මනා ලෙස මෙහෙයවමින් ලබා දුන් අසමසම සේවය කෘතවේදීව සිහිපත් කරමු. රනිල් මහතාණෙනි, ඔබට දීර්ඝායුෂ හා සුබ උපන්දිනයක් වේවා! 💐🙏"

සුබම සුබ උපන්දිනයක් වේවා! 🪷අද දින සිය ජන්ම දිනය සමරන නීල් ජයවීර මහතාට ඓතිහාසික මාලිගාවිල පුරාණ රජමහා විහාරස්ථානයෙන් අපගේ...
04/10/2026

සුබම සුබ උපන්දිනයක් වේවා! 🪷

අද දින සිය ජන්ම දිනය සමරන නීල් ජයවීර මහතාට ඓතිහාසික මාලිගාවිල පුරාණ රජමහා විහාරස්ථානයෙන් අපගේ උණුසුම් සුභාශිංසන මෙලෙස එක්කරන්නෙමු!

සම්බුද්ධ ශාසනයේත්, විහාරස්ථානයේත් චිරස්ථිතිය උදෙසා එතුමා දක්වන අමිල දායකත්වය අප ඉතා අගය කොට සලකමු.

ඓතිහාසික මාලිගාවිල බුදුපිළිම වහන්සේගේ සහ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අසීමිත ආශිර්වාදයෙන් බලයෙන්, නීල් ජයවීර මහතාට නිදුක් නිරෝගී සුවය, සෞභාග්‍යය සහ සම්මා සම්බුදු සරණින් දීර්ඝායුෂ ලැබේවා යි අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු! 🙏🌸

තෙරුවන් සරණයි!

— මාලිගාවිල පුරාණ රජමහා විහාරය —

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන වාර්ෂික පෙරහර මංගල්‍යයෙහි දෙවන රන්දෝලි පෙරහැර මංගල්‍යයේ විදුලි ආලෝකකරණය ...
23/09/2026

ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන වාර්ෂික පෙරහර මංගල්‍යයෙහි දෙවන රන්දෝලි පෙරහැර මංගල්‍යයේ විදුලි ආලෝකකරණය සඳහා සහභාගී වූ අවස්ථාව.

​මාලිගාවිල සිසිල ජෝති හිමිපාණන් වහන්සේගේ සහභාගීත්වයෙන්, මාලිගාවිල රජමහා විහාරයේ ගරු බස්නායක නිලමේතුමා සුමිත් සමරසිංහ මහත්මා, ප්‍රධාන සංවිධායක ලක්ෂිත මහතා ඇතුළු බණ්ඩාරවෙල වෙළෙඳ සංගමයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම පුණ්‍යකර්මය සාර්ථකව ඉටු කරන ලදී.

​මේ සඳහා සහභාගී වන ලෙස අප වෙත ආරාධනා කළ,

මහියංගන රජමහා විහාරාධිපති, අස්ගිරි මහා විහාර පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, අතිපූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ වෙත අපගේ හෘදයාංගම කෘතඥතාවය සහ ගෞරවනීය ප්‍රණාමය පුද කර සිටිමු.

Maligavila Rajamaha Viharaya

අතිපූජ්‍ය රංගිරි දඹුල්ල රජමහා විහාරය සහ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, දඹුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛක...
17/09/2026

අතිපූජ්‍ය රංගිරි දඹුල්ල රජමහා විහාරය සහ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර, දඹුල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, දඬුබැඳිරුප්පේ මහින්ද නායක හිමිපාණන් වහන්සේට නමස්කාර පූර්වකව සුභ ජන්ම දිනයක් ප්‍රාර්ථනා කරමු! 🙏🌸

​සම්බුද්ධ ශාසනයේ සහ සමාජයේ උන්නතිය උදෙසා සිදුකරන්නා වූ ඒ උදාර ශාසනික හා සමාජීය මෙහෙවර තවදුරටත් සිදු කරගෙන යාම සඳහා, උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන් සහ ශ්‍රී විෂ්ණු දිව්‍යරාජයාණන්ගේ පිහිටෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවයත්, චිරජීවනයත් සැලසේවා යි බැති සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු.

​ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි! 🌼

© Maligavila Rajamaha Viharaya
➥ www.maligavila.com

​ #රංගිරිදඹුල්ලරජමහාවිහාරය #උපන්දිනසුබපැතුම්

15/09/2026

විශ්වාස කරන්න, බුදු හාමුදුරුවන්ට අවංකවම වන්දනා මාන කරන, උන්වහන්සේගේ ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙකුට කවදාවත් වරදින්නේ නැහැ. 🌸🙏🏻✨

#තරුණබෞද්ධසංගමය # #ආශිර්වාදපූජාව

13/09/2026

ඓතිහාසික මාලිගාවිල බිනර මහා පෙරහර මංගල්‍යය අතිසාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව, පසුගිය දින උතුම් කැබිලිත්ත සියඹලාව දේවාල භූමිය වෙත පැමිණ භාරහාර ඔප්පු කරමින් ආශිර්වාද ලබාගැනීමේ උතුම් අවස්ථාව. 🙏
මෙවර පෙරහර මංගල්‍යය සාර්ථක කරගැනීම සඳහා නොමඳ දායකත්වයක් ලබා දුන් සියලු දෙනාටත්, අප ගම්වාසීන්ටත්, සමස්ත ලෝකවාසීන්ටත් කතරගම දෙවිඳුන්ගේ සහ උතුම් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට හා ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහිදී සිදු විය.
ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!
© Maligavila Rajamaha Viharaya
➥ www.maligavila.com
#මාලිගාවිලරජමහාවිහාරය #බිනරමහාපෙරහර #කැබිලිත්ත #භාරහාරඔප්පුකිරීම #ආශිර්වාදපූජාව

10/09/2026

රාජපූජිත ඓතිහාසික මාලිගාවිල රජමහා විහාරස්ථානයට ඉමහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයක් එක් කරමින්, රුහුණු මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේතුමාණන් මෙවර මාලිගාවිල බිනර මහා පෙරහර මංගල්‍යය නැරඹීම සඳහා සහභාගී විය. 🙏🌸

එදින මාලිගාවිල බිනර මහා පෙරහරේ බස්නායක නිලමේතුමන් හට සම්ප්‍රදායානුකූලව ඔටුනු පැළඳවීම ද කතරගම බස්නායක නිලමේතුමන්ගේ සුරතින් සිදු කෙරුණු අතර, එය මෙවර පෙරහර මංගල්‍යයේ අභිමානය තවදුරටත් තීව්‍ර කළ අතිශය සුවිශේෂී අවස්ථාවක් ලෙස සනිටුහන් විය.
© Maligavila Rajamaha Viharaya
➥ www.maligavila.com

#මාලිගාවිලරජමහාවිහාරය #බිනරමහාපෙරහර #කතරගමදේවාලය #බස්නායකනිලමේ

06/09/2026

❤️✨️

Address

Maligavila Rajamaha Viharaya
Okkampitiya

Alerts

Be the first to know and let us send you an email when Maligavila Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share