Sri Abhinawarama Temple - Nildandahinna

Sri Abhinawarama Temple - Nildandahinna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Abhinawarama Temple - Nildandahinna, Buddhist Temple, Nildandahinna, Nildandahinna.

🙏🙏🙏
28/01/2023

🙏🙏🙏

꧁ උණුසුම් සුභ පැතුම්  ꧂   ᯽අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශයන් සියල්ල ඉහලින්ම සමත් අප විහාරස්ථානයේ සාසනරතන පොඩි හාමුදු...
23/11/2022

꧁ උණුසුම් සුභ පැතුම් ꧂

᯽අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශයන් සියල්ල ඉහලින්ම සමත් අප විහාරස්ථානයේ සාසනරතන පොඩි හාමුදුරුවන්ට විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදයේ අපගේ උණුසුම් සුභ පැතුම්.....෴

දීර්ඝ වූ මේ සංසාර ගමනේ
කෙටි කරන්නට වැඩිය බුදුනේ
දුන් දහම රකිනා හැම දෙවියනේ
අපේ පොඩි හිමි රකිනු මැනවේ... 🙏

ඇස්වහක් හෙම නොම වැදී
හිනාවම මුවගේ නිතී
ධර්මයම මුවගේ රැදී
පොඩි හිමියන් වැඩ ඉන්න හිනැහී....🙏

තෙරුවන් සරණයි
අපේ පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏
උතුම් වූ කල්‍යාණ මිත්‍ර ඇසුරම
ලැබී අනෙක් අයටද උතුම් කල්‍යාණ මිත්‍ර වහන්සේනමක්ම වේවා 🙏🙏🙏

🌷──────•••─────── 🌷

꧁ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ꧂   ᯽සීතල වස්සාන සමයේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මූලික කර ගනිමින් කඨින චීවරය වැඩමවීමේ පුණ්‍යම...
15/10/2022

꧁ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය ꧂

᯽සීතල වස්සාන සමයේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මූලික කර ගනිමින් කඨින චීවරය වැඩමවීමේ පුණ්‍යමය පෙරහැර ඊයේ දින එනම් 2022/10/14 දින සවස 4.00 ට ශ්‍රී අභිනවාරාම අප විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් ඇතුළුව මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා ආශිර්වාදයෙන් ඉතා සාර්ථකව සිදු කරන ලදී.....෴

🌷──────•••─────── 🌷


මේ සදහා දායක වූ සැමටත්
ශක්තියක් වූ සැමටත්
සාදු සිතින් පැමිණි සැමටත්
මේ පින් අනුමෝදන් වේවා
සියලු සිත් නිවී සැනසේවා
🙏🙏🙏

꧁ සුමධුර ධර්ම දේශනා ꧂   ᯽  2022 නිකිනි මස 10 වන දින  ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ දායක සභ...
12/09/2022

꧁ සුමධුර ධර්ම දේශනා ꧂

᯽ 2022 නිකිනි මස 10 වන දින ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ දායක සභාවේ සහයෝගයෙන් විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදය මගින් සංවිධානය කල නිකිනි පොහෝ පිංකම් මාලාවේ ධර්ම දේශනය සදහා දෙස් විදෙස් හා ගුවන් විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික අති පූජනීය #බලංගොඩ_රාධ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීම.....෴

🌷 ───────•••─────── 🌷


මේ සදහා ප්‍රධාන දායකත්වය සැපයූ ජනහිත පවුලේ සැමටත්
අනෙකුත් දායකත්වය සැපයූ සැමටත්
බණ මණ්ඩපය හා සැරසිලි කටයුතු සදහා දායක වූ
නාවලපිටියේ සහෝදර කැලටත්
ශබ්ද විකාශන කටයුතු හා ආලෝකකරනය සදහා දායක වූ ජගත් සහෝදරයා ඇතුලු අනෙක් සහෝදරයන්ටත්
ශක්තියක් වූ සැමටත්
සාදු සිතින් පැමිණි සැමටත්
රටවාසී සියලු දෙනාටත්
මේ පින් අනුමෝදන් වේවා
සියලු සිත් නිවී සැනසේවා
🙏🙏🙏
📸 Nimani Denagama

10/09/2022

අද දින පූජ්‍යපාද #බලංගොඩ_රාධ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීම නිමිත්තෙන්෴

🌷 ───────•••─────── 🌷

#පින්_කැමති_සියල්ලෝ_රොද_බැදන්_පැමිණෙත්වා

🙏🌼🙏

🌼මෙත් සිතින් ඔබ සැමට ආරාධනා...🙏🏻               ꧁ සුමධුර ධම් දෙසුම ꧂᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී  අභිනවාරාම...
05/09/2022

🌼මෙත් සිතින් ඔබ සැමට ආරාධනා...🙏🏻

꧁ සුමධුර ධම් දෙසුම ꧂

᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදය මගින් සංවිධානය කරන #සුමධුර_ධම්_දෙසුම ධර්ම දේශනය 2022 සැප්තැම්බර් 10 වන දින සවස 06.00ට #දෙස්_විදෙස්_හා_ගුවන්_විදුලි_රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද #බලංගොඩ_රාධ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරේ෴

🌷 ───────•••─────── 🌷

#පින්_කැමති_සියල්ලෝ_රොද_බැදන්_පැමිණෙත්වා

🙏🌼🙏

03/09/2022
රටේ පවතින ආර්ථික අපහසුතාවය හේතුවෙන් යම් කිසි සහනයක් ලබා දීම සදහා 2022.06.26 වන දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධි...
26/06/2022

රටේ පවතින ආර්ථික අපහසුතාවය හේතුවෙන් යම් කිසි සහනයක් ලබා දීම සදහා 2022.06.26 වන දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා තලගල විහාරාධිපති හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් දකුණ සාසනාරක්ෂක මණ්ඩලයේ විහාරස්ථාන පනහක් හා මෙහෙණි ආරාමයට අයත් අඩු ආදායම්ලාභී පවුල් 101 ක් සදහා වියළි සලාක බෙදාදීමේ වැඩ සටහන ශ්‍රී ලංකා යුධ හමුදා නිළධාරීන්ගේ සහයෝගයෙන් අද දින විහාරස්ථානයේ දී පැවැත්විණි....෴

🌷 ───────•••─────── 🌷

꧁ පොසොන් අමාධම් සිසිල ꧂   ᯽  2022 පොසොන් මස 10 වන දින  ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ දායක ...
20/06/2022

꧁ පොසොන් අමාධම් සිසිල ꧂

᯽ 2022 පොසොන් මස 10 වන දින ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ දායක සභාවේ සහයෝගයෙන් විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදය මගින් සංවිධානය කල පොසොන් පොහෝ පිංකම් මාලාවේ ප්‍රථම ධර්ම දේශනය සදහා #නෙත්FM_සිත්නෙත්_අසපුව_ධර්ම_දේශක
#බවුන්_පැලැස්ස_භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ #දෙස්_විදෙස්_හා_ගුවන්_විදුලි_රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික අති පූජනීය #වල්පොල_ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීම.....෴

🌷 ───────•••─────── 🌷


සියලු සිත් සතන් නිවී සනසාලමින් දින 5ක් පුරා පැවැත්වූ පිංකම් මාලාව 2022.06.14 පොහෝ දින නිමා විය.....

මේ සදහා දායක වූ සැමටත්
ශක්තියක් වූ සැමටත්
සාදු සිතින් පැමිණි සැමටත්
රටවාසී සියලු දෙනාටත්
මේ පින් අනුමෝදන් වේවා
සියලු සිත් නිවී සැනසේවා
🙏🙏🙏
📸 Nimani Denagama

🙏   🌼   🙏            ꧁ සසුනෙන් කෙතට ꧂᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී  අභිනවාරාම විහාරස්ථ දායක සභාව, ශ්‍රී අභි...
05/06/2022

🙏 🌼 🙏

꧁ සසුනෙන් කෙතට ꧂

᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ දායක සභාව, ශ්‍රී අභිනවාරාම විහාරස්ථ සාසනාරක්ෂක මණ්ඩලය, ශ්‍රී අභිනවාරාම විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදය හා ශ්‍රී ධර්මාරාම දහම් පාසල එක්ව., රටතුල ඇතිවී ඇති ආර්ථික හා ආහාර ගැටළුවට විසදුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය හා කාබනික වගාව සංකේතාත්මකව ආරම්භ කිරීම අද දින විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාරස්ථානයේ දී ආරම්භ විය.
මෙහිදී ප්‍රදේශයේ දායක පවුල් අතර තම නිවාස ආශ්‍රිතව මෙම වැඩ සටහන ඇති කිරීමට දායකයින් දැනුවත් කිරීමද සිදු විය....෴

🌷 ───────•••─────── 🌷

🌼මෙත් සිතින් ඔබ සැමට ආරාධනා...🙏🏻               ꧁ පොසොන් අමාධම් සිසිල ꧂᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී  අභිනවා...
31/05/2022

🌼මෙත් සිතින් ඔබ සැමට ආරාධනා...🙏🏻

꧁ පොසොන් අමාධම් සිසිල ꧂

᯽ ශ්‍රී අභිනවාරාම මහා විහාරය හා එක්ව ශ්‍රී අභිනවාරාම විහාරස්ථ බෞද්ධ සහෝදරත්ව සංසදය මගින් සංවිධානය කරන පොසොන් පොහෝ පිංකම් මාලාවේ ප්‍රථම ධර්ම දේශනය 2022 ජූනි 10 වන දින සවස 05.30ට #නෙත්FM_සිත්නෙත්_අසපුව_ධර්ම_දේශක
#බවුන්_පැලැස්ස_භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ #දෙස්_විදෙස්_හා_ගුවන්_විදුලි_රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද #වල්පොල_ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කෙරේ෴

🌷 ───────•••─────── 🌷

#පින්_කැමති_සියල්ලෝ_රොද_බැදන්_පැමිණෙත්වා

🙏🌼🙏

Address

Nildandahinna
Nildandahinna

Telephone

+94522278389

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Abhinawarama Temple - Nildandahinna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share