Local Inter Religious Committee of Negombo

Local Inter Religious Committee of Negombo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Local Inter Religious Committee of Negombo, Negombo.

Local Inter Religious Committee (LIRC) of Negombo is a collaborative localized initiative consisting of religious leaders, civil society leaders and government and police officers which aims to promote religious coexistence.

10/05/2025
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් දිස්ත්‍රික් 14ක් මුල්කරගෙන ආගමික නිදහස පිලිබඳ සිදුකල පර්යේෂණය හා ඒ සම්බන්ධව අදහස් ලබා...
28/10/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් දිස්ත්‍රික් 14ක් මුල්කරගෙන ආගමික නිදහස පිලිබඳ සිදුකල පර්යේෂණය හා ඒ සම්බන්ධව අදහස් ලබාගැනීම හා සාකච්ඡාව 2024 ඔක්තොම්බර් මස 24 වන දින මීගමුව ද ලෝන් උත්සව ශාලාවේ දි පැවත්විණි, එහිදි පර්යේෂක සශික ධනුෂ්ක සිල්වා මහතා විසින් පර්යේෂණයේ දත්ත සහ තොරතුරු ඉදිරිපත් කළ අතර ආගමික නායකයින් සිවිල් ක්‍රියාදරයින් කාන්තා නායකයින් හා ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවේ සාමාජිකයින් මේ සඳහා සහභාගි විය. මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සිදුකරන ලදි.
The research conducted by the National Peace Council of Sri Lanka based on 14 districts on religious freedom and the gathering of opinions and discussion was held on October 24, 2024 at The Lawn Reciption Hall, Negombo, where the researcher Mr. Sashika Dhanushka Silva presented the data and information of the research and the religious Leaders, civil activists, women leaders and members of the Local Inter Religious Committee of Negombo participated in this. This program was organized and conducted by the Community Brotherhood Organization.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය“ වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශ...
21/10/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය“ වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවේ ද්විමාසික රැස්වීම, 2024 ඔක්තොම්බර් මස 19 වැනි දින මීගමුව ශුද්ධ වූ ස්ටේෆන් දේවස්ථානයේදී පවත්වන ලදි. එහිදි ඉදිරි සැලසුම්, වැඩපිළිවෙළ හා වගකීම් පිළිබඳ සාකච්ඡා කරන ලදි.

The bi-monthly meeting of the Negombo Local Inter Religious Committee was held on 19 October 2024 at St. Stephen's Church, Negombo under the “Actions for Religious Coexistence” (ARC) program implemented by the National Peace Council of Sri Lanka. Future plans, programs and responsibilities were discussed there.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය...
04/08/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව විසින් සංවිධානය කරන ලද 159 පෙරියම්මුල්ල සහ 159A හුණුපිටිය යන ග්‍රාමසේවා වසම් වල සිංහළ, මුස්ලිම්, දමිල ප්‍රජාවන් බහුත්වාදය පිලිබඳ දැනුවත් කිරීම හා ඔවුන් මුහුණ දෙන ගැටලු ප්‍රශ්න හඳුනාගැනිමේ වැඩසහටහන පෙරියම්මුල්ල සදාසරණ කන්‍යාරාමයේ දි පවත්වන ලදි. මෙම වැඩසහටහනේ හවුල්කාරිත්වය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සිදුකරනු ලබයි.
Under the Actions for Religious Coexistence (ACR) project which was initiated by the Sri Lanka National Peace Council, a program on pluralism and recognizing related problems for Sinhala, Muslim and Tamil communities of 159 Periyamulla and 159A Hunupitiya gramaseva divisions was organized by Negombo Local Inter-Religious Committee at the Periyamulla Perpetual Help convent. This program was organized with the partnership of Community Brotherhood Organization.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්...
29/07/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවතින ආගමික ආතතීන් හා ජනවර්ගයන් මුහුණ දෙන විවිධ ගැටලු හඳුනාගැනීමේ සාකච්ඡාවක් රාජ්‍ය නොවන සංවිධාන හා ප්‍රජා මූල සංවිධානවල සාමාජික සාමාජිකාවන්, සිවිල් ක්‍රියාකාරින්, කාන්තා නායිකාවන් හා තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් 2024 ජූලි මස 27 වන දින මීගමුව ශුද්ධ වූ ස්ටේෆන් දේවස්ථානයේදී පවත්වනු ලැබිය. මෙහි සංවිධාන කටයුතු හා හවුල්කාරිත්වය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සිදුකරන ලදි.
Under the Actions for Religious Coexistence (ARC) program implemented by the National Peace Council of Sri Lanka, a discussion to identify the religious tensions and various problems faced by ethnic groups in Gampaha district will be held with the participation of members of non-governmental organizations and community-based organizations, civil activists, women leaders, and youth. It was held on the 27th of July 2024 at St. Stephen's Church, Negombo. The organization and partnership was done by Community Brotherhood Organization.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය...
25/07/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන යටතේ මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවේ ද්විමාසික රැස්වීම, මේ දක්වා ලබා ඇති ප්‍රතිඵල සාකච්ඡා කිරීම හා ඉදිරි සැලසුම් සැකසීම 2024 ජූලි මස 13 වැනි දින සිදුවිය.
The bimonthly meeting of the Negombo Local Inter Religius Committee under the Actions for Religious Coexistence program (ARC) implemented by the National Peace Council of Sri Lanka, discussing the results achieved so far and making future plans took place on 13th July 2024.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාකාරීත්වය ව්‍යාපෘතිය යටතේ මීගමුව ප්‍...
07/07/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාකාරීත්වය ව්‍යාපෘතිය යටතේ මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවෙහි ගම්පහ දිස්ත්‍රික් තරුණ ජාලය සඳහා බහුත්වාදය පිලිබඳ පුහුණු වැඩසටහන 2024 ජූනි මස 29 වන දින කුරන පාම් ට්‍රී රෙස්ට්ටූරන් හිදි පවත්වනු ලැබිය. මෙම වැඩසටහනේ හවුල්කාරිත්වය සහ සංවිධානය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සිදුකරනු ලැබීය. මෙම වැඩසටහන මෙහෙයවීම ප්‍රජා සහෝදරත්වය සංවිධානයේ සභාපති වසන්ත කුමාර මහතා හා මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවෙහි සම්බන්ධීකාරක ෆාතිමා ජොසින්කා මහත්මිය විසින් සිදු කරන ලදි.
The training program on pluralism for the Gampaha District Youth Network of the Negombo Local Inter Religious Committee (LIRC) under the Action for Religious Coexistence (ARC) project implemented by the National Peace Council of Sri Lanka was held on June 29, 2024 at Kurana Palm Tree Restaurant. The partnership and organization of this program was done by the Community Brotherhood Organization. The program was conducted by Mr. Wasantha Kumara, President of Community Brotherhood Organization and Ms. Fatima Josinka, Coordinator of Negombo Local Inter Religious Committee.

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන මගින් මීගමුව ප්‍රාදේශී...
20/03/2024

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වූ ක්‍රියාවලිය වැඩසටහන මගින් මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව සහ ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සංවිධානය කරන ලද ජ්‍යාතන්තර කාන්තා දින වැඩසහටහන ආගමික නිදහස තුළ කාන්තාවන්ගේ භුමීකාව මැයෙන් මීගමුව රුක්මනි දේවීරංග ශාලාවේ දී පැවැත්විණ. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම ආචාර්ය සංජීවනි රූපසිංහ මහත්මිය විසින් සිදුකරන ලදි.
The International Women's Day program organized by the Local Inter Religious Committee of Negombo and the Community Brotherhood Organization through the Process for Religious Coexistence program implemented by the National Peace Council of Sri Lanka was held at the Rukmani Devi Theater in Negombo on the theme of women's role in religious freedom. The main comment was made by Dr. Sanjeevani Rupasingha.

ආගමික සහජීවනය තුළින් සංහිඳියාව ගොඩ නැගීම හා ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම අරමුණු කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා නාය...
19/03/2024

ආගමික සහජීවනය තුළින් සංහිඳියාව ගොඩ නැගීම හා ප්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම අරමුණු කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා නායක නායිකාවන් 75 දෙනෙකු දැනුවත් කිරීම 2024 මාර්තු 26 වෙනි දින අක්කර 50 සමෘද්ධිගම තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා වු ක්‍රියාකාරිත්වය වැඩසටහන වන අතර මෙහි සංවිධාන කටයුතු හා හවුල්කාරිත්වය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසිනි.

With the aim of building harmony through religious harmony and preventing violent extremism, the awareness of 75 community leaders of Gampaha district was held on March 26, 2024 at the 50-acre Samruddhigama Youth Development Center. The activity program for religious harmony is implemented by the Sri Lanka National Peace Board and the organization and partnership is by the Community Brotherhood Organization.

ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා ක්‍රියාකාරිවය වැඩසටහනේ තවත් එක්  ක්‍රියාකාරකම...
10/02/2024

ශ්‍රි ලංකා ජාතික සාම මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආගමික සහජීවනය සඳහා ක්‍රියාකාරිවය වැඩසටහනේ තවත් එක් ක්‍රියාකාරකමක් වන ආගමික නායකවරුන්ගේ අන්තර් ආගමික සංවාදය පසුගිය දා මීගමුව ද ලෝන් උත්සව ශාලාවේදි පවත්වනු ලැබිය. මෙහිදි ආගම් අතරේ පවතින සමාන ලක්ෂණයන් හා හරයන් බහුත්වාදි සමාජයක් ගොඩනැගීමේ හිලා භාවිතා කළ හැකිවන්නේ කෙසේද යන්න සාකච්ඡා කරනු ලැබීය. මෙ⁣ම සංවාදය සංවිධානය කිරීම හා හවුල්කාරිත්වය ප්‍රජා සහෝදරත්වය සංවිධානය විසින් සිදුකරනු ලැබිය.
Another activity of the Action for Religious Coexistence program implemented by the National Peace Council of Sri Lanka, the interfaith dialogue of religious leaders was held at The Lawn Festival Hall in Negombo recently. Here, it was discussed how the similarities and cores of religions can be used to build a pluralistic society. The organization and partnership of this dialogue was carried out by the Community Brotherhood organization.

මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව හා ප්‍රජා සහෝදරත්වය සංවිධානය එක්ව "විවිධත්වයට ගරුකරමු, ළමුන් සුරකිමු" යන තේමාව යටත...
08/10/2023

මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුව හා ප්‍රජා සහෝදරත්වය සංවිධානය එක්ව "විවිධත්වයට ගරුකරමු, ළමුන් සුරකිමු" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම 2023 ඔක්තොම්බර් 07 වන දින අක්කරපනහා සමුර්ධිගම තරුණ සංවර්ධන හා සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබිය. මේ සඳහා සිංහළ, මුස්ලිම්, දමිල ජන වර්ග වලට අයත් දරුවන් සියදෙනෙකු පමණ සහභාගි වූ අතර විශේෂාංග රැසක් මෙම වැඩසටහන තුළ අන්තර්ගත විය.
The Local Inter Religious Committee (LIRC) – Negombo and Community Brotherhood Organization organized the World Children's Day celebration under the theme "Respect Diversity, Save Children" on 07 October 2023 at Akkarapanaha Samurdhigama Youth Development and Cultural Centre. About a hundred children belonging to Sinhalese, Muslim and Tamil ethnicities participated in this program and many features were included in this program.

Address

Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Local Inter Religious Committee of Negombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share