06/01/2026
FOUR NEW PRIESTS TO TOR FRANCISCANS, SRI LANKA
Live streaming on our page, 10th January 2026 at 9.00am (Sri Lanka Time)
ටි. ඕ. ආර්. ෆ්‍රැන්සිස්කාන පැවදි තුන්වන නිකායට තවත් පුජක පුතුන් සතර නමක්.
සජිවි විකාශය: 2026 ජනවාරි 10, පෙ.ව. 9ට අපේ ෆේස්බුක් පිටුව හරහා....
ෆ්‍රැන්සිස්කාන පැවදි තුන්වන නිකායට අයත් ගරු තේවාචාර්යතුමන් සතර නමක් එළඹෙන ජනවාරි මස 10 වන දින පෙ.ව. 9.00 ට බෝලවලාන කානික්ක දේවමාතා දේවස්ථානයේදී හලාවත රදගුරු පදවි එඩේරාණන් වන අති උතුම් දොන් විමල්සිරි ජයසූරිය හිමිපාණන්ගේ සුරතින් පුජක වරම් ලබති.
⭕️ ෂෙහාන් දමිත් ප්‍රනාන්දු පැ.තු.නි ගරු තේවාචාර්යතුමා
හලාවත රදගුරු පදවියේ කුඩාමඩුවැල්ල මීසමේ පදිංචි ජෝර්ජ් ඇන්ටනි ප්‍රනාන්දු සහ මේරි ස්වර්ණා කාන්ති යුවලට දාව 1995 මැයි මස 30 වන දා උපත ලැබූ ෂෙහාන් දමිත් ප්‍රනාන්දු පැ.තු.නි ගරු. තේවාචාර්යතුමා බාල සහෝදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා ය.
තම මූලික අධ්‍යාපනය මට්ටකොටුව කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබා ගත් මෙතුමා තම ද්විතීය අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තුරාජ ජාතික පාසලින් හා කොච්චිකඩේ මහ විද්‍යාලයෙනි. 2011 වර්ෂයේ දී ෆ්‍රැන්සිස්කාන පූර්ව දෙව්සත්හලට පිවිසි එතුමා තම අධ්‍යාපන කටයුතු අවසන් කරමින් පිළිවෙලින් 2016 වර්ෂයේදී තාවකාලික වේදභාර ද, 2022 වර්ෂයේදී උත්තම වේදභාර ද, ගිවිස ගන්නා ලදී.
2017 දී වයඹ ජාතික අධ්‍යාපන පීඨයට පිවිසි එතුමා 2021 දී රජයේ ගුරුපත්වීම ලබා ගුරු වෘත්තියට ප්‍රවිශ්ට වී වර්තමානයේ කොච්චිකඩේ ක්‍රිස්තුරාජ මහා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි. පසුව 2025 දී කොළඹ ශා. ජුසේවාස් දේව ධර්ම නිකේතනයෙන් දේවධර්මය පිළිබඳ උපාධිය ලැබ අම්පිටිය ජාතික දෙව්සත්හලේ වසරක විශේෂ පුහුණු කාලයකින් පසුව නැවතත් ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි
2026 වර්ෂයේ අගෝස්තු මස 02 වන දින කොළඹ පදවි සහයක එඩේරාණන් වන අති උතුම් දේව ධාර්මාචාර්ය මැක්ස්වල් සිල්වා හිමිපාණන් අතින් තේවාචාර්ය ධූරය ලබා කොළඹ පදවියේ පල්ලන්සේන මීසමේ මිසම් සේවක ඇන්ටන් ග්‍රොමික් ගරු පියතුමා යටතේ තේවාචාර්යවරයෙකු ලෙස පුහුණව ලබා ගන්නා ලදී.
2026 ජනවාරි මස 10 වන දින හලාවත පදවි දොන් විමල්සිරි ජයසූරිය රදගුරුතුමන් අතින් පුජක වරම් ලැබීමෙන් පසුව නවක පියතුමන්ගේ කු`ඵදුල් දිව්‍ය පුජා යාගය 2026 ජනවාරි 18 වන දින කුඩාමඩුවැල්ල ශු. සෙබස්තියන් මුනි දෙව් මැදුරේ දී උදැසන 7 30 ට පුද කිරීමට නියමිත ය.
⭕️ ඉෂාන් නිමේෂන් ප්‍රනාන්දු පැ.තු.නි ගරු තේවාචාර්යතුමා
හලාවත රදගුරු පදවියේ මීසමේ පදිංචි තෝමස් ප්‍රනාන්දු සහ මේරි ඇන්ටනට් යුවලට දාව 1995 ජූලි මස 10 වන දා උපත ලැබූ ඉෂාන් නිමේෂන් ප්‍රනාන්දු පැ.තු.නි ගරු. තේවාචාර්යතුමා සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ හතරවන දරුවා ය.
තම මූලික අධ්‍යාපනය ශා පේදුරු කනිෂ්ඨ විද්‍යාලයෙන් හා මදුරන්කුලිය ආදර්ශ විදුහලින් ලබා ගත් මෙතුමා තම ද්විතීය අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තුරාජ ජාතික පාසලින් හා කොච්චිකඩේ මහ විද්‍යාලයෙනි. 2011 වර්ෂයේ දී ෆ්‍රැන්සිස්කාන පූර්ව දෙව්සත්හලට පිවිසි එතුමා තම අධ්‍යාපන කටයුතු අවසන් කරමින් පිළිවෙලින් 2016 වර්ෂයේදී තාවකාලික වේදභාර ද, 2022 වර්ෂයේදී උත්තම වේදභාර ද, ගිවිස ගන්නා ලදී.
2017 දී වයඹ ජාතික අධ්‍යාපන පීඨයට පිවිසි එතුමා 2021 දී රජයේ ගුරුපත්වීම ලබා ගුරු වෘත්තියට ප්‍රවිශ්ට වී වර්තමානයේ වෙන්නප්පුව මාර්ටින්ද පෝරස් මහා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි. පසුව 2025 දී කොළඹ ශා. ජුසේවාස් දේව ධර්ම නිකේතනයෙන් දේවධර්මය පිළිබඳ උපාධිය ලැබ අම්පිටිය ජාතික දෙව්සත්හලේ වසරක විශේෂ පුහුණු කාලයකින් පසුව නැවතත් ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි
2026 වර්ෂයේ අගෝස්තු මස 02 වන දින කොළඹ පදවි සහයක එඩේරාණන් වන අති උතුම් දේව ධාර්මාචාර්ය මැක්ස්වල් සිල්වා හිමිපාණන් අතින් තේවාචාර්ය ධූරය ලබා හලාවත පදවියේ තුම්මෝදර මීසමේ මිසම් සේවක රොහාන් ගයිස් ගරු පියතුමා යටතේ තේවාචාර්යවරයෙකු ලෙස පුහුණව ලබා ගන්නා ලදී.
2026 ජනවාරි මස 10 වන දින හලාවත පදවි දොන් විමල්සිරි ජයසූරිය රදගුරුතුමන් අතින් පුජක වරම් ලැබීමෙන් පසුව නවක පියතුමන්ගේ කු`ඵදුල් දිව්‍ය පුජා යාගය 2026 ජනවාරි 11 වන දින කන්දතොඩුවාව කානික්ක දේවමාතා දෙව් මැදුරේ දී සවස 4 00 ට පුද කිරීමට නියමිත ය.
⭕️ සංදීප් රුක්ෂාන් සිල්වා පැ.තු.නි ගරු තේවාචාර්යතුමා
කොළඹ අගරදගුරු පදවියේ පෙතියාගොඩ මීසමේ පදිංචි සුනිල් සිල්වා සහ මේරියන් නාලනී ප්‍රනාන්දු යුවලට දාව 1995 සැප්තැම්බර් මස 14 වන දා උපත ලැබූ සංදීප් රුක්ෂාන් සිල්වා පැ.තු.නි ගරු. තේවාචාර්යතුමා බාල සහෝදරයකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා ය.
තම මූලික අධ්‍යාපනය පෙතියාගොඩ මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් හා පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලයෙන් ලබා ගත් මෙතුමා තම ද්විතීය අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ උඩුගම්පොළ ශාඛාවෙන් ක්‍රිස්තුරාජ ජාතික පාසලින් හා කොච්චිකඩේ මහ විද්‍යාලයෙනි. 2011 වර්ෂයේ දී ෆ්‍රැන්සිස්කාන පූර්ව දෙව්සත්හලට පිවිසි එතුමා තම අධ්‍යාපන කටයුතු අවසන් කරමින් පිළිවෙලින් 2016 වර්ෂයේදී තාවකාලික වේදභාර ද, 2022 වර්ෂයේදී උත්තම වේදභාර ද, ගිවිස ගන්නා ලදී.
2017 දී වයඹ ජාතික අධ්‍යාපන පීඨයට පිවිසි එතුමා 2021 දී රජයේ ගුරුපත්වීම ලබා ගුරු වෘත්තියට ප්‍රවිශ්ට වී ද`ඵවකොටුව ශා ආනා මහා විදුහලේ හා වර්තමානයේ මීගමුව ශා මරියා මහා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි. පසුව 2025 දී කොළඹ ශා. ජුසේවාස් දේව ධර්ම නිකේතනයෙන් දේවධර්මය පිළිබඳ උපාධිය ලැබ අම්පිටිය ජාතික දෙව්සත්හලේ වසරක විශේෂ පුහුණු කාලයකින් පසුව නැවතත් ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි
2026 වර්ෂයේ අගෝස්තු මස 02 වන දින කොළඹ පදවි සහයක එඩේරාණන් වන අති උතුම් දේව ධාර්මාචාර්ය මැක්ස්වල් සිල්වා හිමිපාණන් අතින් තේවාචාර්ය ධූරය ලබා කොළඹ පදවියේ බෝලවලාන මීසමේ මිසම් සේවක රසික ඉවාන්ස් ගරු පියතුමා යටතේ තේවාචාර්යවරයෙකු ලෙස පුහුණව ලබා ගන්නා ලදී.
2026 ජනවාරි මස 10 වන දින හලාවත පදවි දොන් විමල්සිරි ජයසූරිය රදගුරුතුමන් අතින් පුජක වරම් ලැබීමෙන් පසුව නවක පියතුමන්ගේ කු`ඵදුල් දිව්‍ය පුජා යාගය 2026 ජනවාරි 11 වන දින පෙතියාගොඩ ශුද්ධවූ පවුලේ දෙව් මැදුරේ දී උදැසන 9 00 ට පුද කිරීමට නියමිත ය.
⭕️ මුදිත් සනුෂ්ක පැ.තු.නි ගරු තේවාචාර්යතුමා
කොළඹ අගරදගුරු පදවියේ බෝපිටිය මීසමේ පදිංචි ගේබ්‍රියෙල් සැම්සන් සහ මර්ලින් බර්නදෙත් යුවලට දාව 1995 ඔක්තෝම්බර් මස 20 වන දා උපත ලැබූ මුදිත් සනුශ්ක පැ.තු.නි ගරු. තේවාචාර්යතුමා සහෝදරයන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවා ය.
තම මූලික අධ්‍යාපනය බෝපිටිය පමුනුගම මහා විදුහලින් ලබා ගත් මෙතුමා තම ද්විතීය අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්තුරාජ ජාතික පාසලින් හා කොච්චිකඩේ මහ විද්‍යාලයෙනි. 2011 වර්ෂයේ දී ෆ්‍රැන්සිස්කාන පූර්ව දෙව්සත්හලට පිවිසි එතුමා තම අධ්‍යාපන කටයුතු අවසන් කරමින් පිළිවෙලින් 2016 වර්ෂයේදී තාවකාලික වේදභාර ද, 2022 වර්ෂයේදී උත්තම වේදභාර ද, ගිවිස ගන්නා ලදී.
2017 දී වයඹ ජාතික අධ්‍යාපන පීඨයට පිවිසි එතුමා 2021 දී රජයේ ගුරුපත්වීම ලබා ගුරු වෘත්තියට ප්‍රවිශ්ට වී වර්තමානයේ කටුනේරිය ශා සෙබස්තියන් මහා විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි. පසුව 2025 දී කොළඹ ශා. ජුසේවාස් දේව ධර්ම නිකේතනයෙන් දේවධර්මය පිළිබඳ උපාධිය ලැබ අම්පිටිය ජාතික දෙව්සත්හලේ වසරක විශේෂ පුහුණු කාලයකින් පසුව නැවතත් ගුරුවරයකු ලෙස සේවය කරනු ලබයි
2026 වර්ෂයේ අගෝස්තු මස 02 වන දින කොළඹ පදවි සහයක එඩේරාණන් වන අති උතුම් දේව ධාර්මාචාර්ය මැක්ස්වල් සිල්වා හිමිපාණන් අතින් තේවාචාර්ය ධූරය ලබා හලාවත පදවියේ හාල්දඩුවන මීසමේ මිසම් සේවක කෝලිත ගරු පියතුමා යටතේ තේවාචාර්යවරයෙකු ලෙස පුහුණව ලබා ගන්නා ලදී.
2026 ජනවාරි මස 10 වන දින හලාවත පදවි දොන් විමල්සිරි ජයසූරිය රදගුරුතුමන් අතින් පුජක වරම් ලැබීමෙන් පසුව නවක පියතුමන්ගේ කු`ඵදුල් දිව්‍ය පුජා යාගය 2026 ජනවාරි 11 වන දින බෝපිටිය ශු. නිකුලා මුනි දෙව් මැදුරේ දී සවස 5 00 ට පුද කිරීමට නියමිත ය.
දේව කැදවීම් සඳහා විමසන්න
දේව කැදවීම් අධ්‍යක්ෂක පියතුමා
ටී. ඕ. ආර්. ෆ්‍රැන්සිස්කාන කනිටු දෙව්සත්හල
ෆ්‍රැන්සිස්කන් පෙදෙස
කොච්චිකඩේ, මීගමුව
📞077 5982379 / 031 2279 661
Tor Franciscans Sri Lanka