22/03/2026
Rev. Fr. Aloysius Pieris SJ: An Asian Insight in Liberation Theology
Aloysius Pieris was born on April 9, 1934, as the tenth child in a family of twelve. He grew up in the village of Ampitiya in Kandy. He received his primary education at St. Mary’s College, Ampitiya, and St. Aloysius College, Galle. His early Christian thinking was shaped by the unique environment of the Ampitiya Seminary (then the Papal Seminary), surrounded by a strong Buddhist cultural context.
Early Formation for Priesthood
From a young age, he felt a desire to become a priest. At the age of 12, he wanted to learn Latin and was assisted by a Jesuit priest at the Ampitiya Seminary. Within just two years, he was able to read the New Testament and The Imitation of Christ in Latin.
His father, though an English school principal, was a patriot with a deep love for native languages and national independence. While he did not fully approve of his son’s path, he did not hinder his education. Instead, he arranged for him to learn Pali through a learned monk. By the age of 14, when he entered the minor seminary in Galle, Aloysius was already proficient in both Latin and Pali. His journey was further supported by Fr. Perniola SJ, a Pali scholar and rector of St. Aloysius College.
In 1953, after passing the London Advanced Level examination, he went to India and joined the Society of Jesus. There, he obtained a degree in philosophy (L.Ph) and studied Sanskrit under a Brahmin scholar through the medium of Sanskrit itself. Returning to Sri Lanka, he earned a BA in Pali and Sanskrit, served as a hostel warden, and taught mathematics and Pali at St. Aloysius College for a year.
Theological Studies and Ministry
Later, he went to Naples, Italy, to study theology at the Pontifical Theological Faculty under the Jesuits during the time of the Second Vatican Council. This period profoundly influenced him. While in Italy, he served as a spiritual director for a youth organization, ministered to hospital patients, and worked among the poor in slums.
He also engaged deeply in liturgical studies and received special training in this field. He earned a diploma in music and studied Sacred Scripture in Hebrew under the renowned scholar Stephan Porubčan. Despite occasional challenges, his superiors supported and encouraged him.
Return to Sri Lanka and Mission
Returning to Sri Lanka with the spirit of Vatican II and new theological insights, Fr. Pieris pursued a PhD in Buddhism under Ven. Rahula. At the same time, he worked among the urban poor in Dematagoda. His engagement with medical students, university students, and marginalized communities sharpened his theological vision.
He also initiated youth activities, including the founding of Cineforum, a film discussion group that critically engaged with cinema weekly.
Founding of Tulana Research Centre
In 1974, he founded the Tulana Research Centre, which became a leading institution in Sri Lanka for interreligious dialogue and liberation theology. It gained international recognition and attracted scholars from around the world.
Tulana is not merely a research center but a rich artistic space expressing liberation spirituality through sculptures, paintings, and art—many contributed by Buddhist monks. One notable sculpture commemorates those who disappeared during Sri Lanka’s conflicts.
The center also houses an outstanding library and a media unit that has guided many young people in film, radio, drama, and the arts. Additionally, under his guidance, a special education center for hearing- and speech-impaired children was established in Kelaniya.
A Builder of Bridges
Fr. Pieris was a bridge-builder between Buddhism and Christianity at both intellectual and grassroots levels. Through interreligious and intra-church dialogue, he connected people across divisions in Sri Lanka and internationally.
He played a crucial role in promoting liberation theology and Asian theology among clergy, religious, and laity of all generations. During times when progressive thinkers faced opposition, he stood firmly with them, offering support and advocacy.
A Global Scholar and Sage
Fr. Aloysius Pieris is considered one of Sri Lanka’s greatest theologians and a leading global theological thinker of recent times. Despite his intellectual brilliance, he lived a simple and humble life, almost like a monk, at Tulana.
He once said:
“Christian identity is not merely simplicity or acts of charity. Many religions practice these. But a Christian goes further—joining the struggle of the poor to liberate them. That is true Christian identity.”
A Living Legacy
He authored over 30 major works, presented more than 500 research papers, and wrote thousands of articles. He served as editor of several theological journals and lectured at many prestigious universities worldwide.
The Spirit of Aloysius
While his academic achievements and knowledge of Buddhism are widely admired, what truly earns him respect is his lived wisdom. He was not just an intellectual but a transformative thinker who integrated knowledge with action to challenge unjust social structures.
His legacy is not to be preserved merely in memory or admiration but to be lived—by continuing the struggle for justice and liberation that he embodied.
Biographical Summary
• Full Name: Marian Reginald Aloysius Pieris
• Date of Birth: April 9, 1934
• Place of Birth: Ampitiya, Kandy
• Father: Walter John Pieris (Principal of Ampitiya English School)
• Mother: Dona Anselmina
Key Achievements
• Learned Latin at age 12; Pali simultaneously
• Entered minor seminary at 14
• Joined Jesuits in 1953
• Degrees in Philosophy, Pali, Sanskrit, Theology
• PhD in Buddhist Studies (first non-Buddhist in Sri Lanka to receive it)
• Diploma in Music (Venice, 1964)
• Ordained priest in Rome (1965)
• Honorary Doctorate (Tilburg University, 1987)
• Lecturer at Cambridge, Oxford, London, Gregorian (Rome), and many others
• Long-time lecturer at EAPI, Manila
• Active member of EATWOT
• Editor of Concilium and Dialogue
Major Works
• An Asian Theology of Liberation (1988)
• Love Meets Wisdom (1988)
• Fire and Water (1996)
• God’s Reign for God’s Poor (1999)
• Mysticism of Service (2000)
• Christhood of Jesus and the Discipleship of Mary (2002)
• Prophetic Humor in Buddhism and Christianity (2004)
• Sinhala work: Jesus of Nazareth and Jesus of India
Final Note
Beyond all academic accomplishments, his greatest contribution was founding the Tulana Research Centre on June 7, 1974—a landmark in his life and a lasting gift to humanity.
Rev. Fr. Aloysius Pieris remains a light whose vision calls us to live out liberation in action.
විමුක්ති දේව ධාර්මික චින්තනයේ ආසියාන නුවණැස
ඇලෝසියස් පීරිස් පියතුමා
දරුවන් 12 දෙනෙකුගෙන් යුත් පවුලක දසවෙනියා ලෙස 1934 අප්‍රියෙල් 09 වනදා උපන්න ඇලෝසියස් පීරිස් හැදුනේ වැඩුනේ මහනුවර අම්පිටිය ග්‍රාමයේය. අම්පිටිය සාන්ත මරියා විදුහල හා ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදැරීය. අම්පිටිය දෙව්සත්හල (එවකට පේපල් සෙමනේරිය) රැඳුනු එහි අපූරු පරිසරය හා බෞද්ධ වටපිටාවට කුඩා කළ ඔහුගේ කිතුනු චින්තනය සකස් කළේය.
පූජක පුහුණුවේ මුල් අවදිය.
කුඩා කළ දීම සුවාමි කෙනෙකු වීමට ආශාවක් ඔහු තුල ජනිත විය. මේ නිසාම වයස අවු 12 වන විට ලතින් භාෂාව ඉගෙන ගැනීමට ඔහුට උවමනා විය. ඒ සඳහා ඔහුට අම්පිටියේ එවකට තිබුණු ශුද්ධාසන දෙව්සත්හලේ ජේසු නිකායික සුවාමි කෙනෙකු උදව් විය. මේ දරුවා කොතෙක් දක්ෂ වීද යත් වසර 2 ක් යන විට අළුත් ගිවිසුම හා ක්‍රිස්තු අනුසාරය ලතින් භාෂාවෙන් කියවන්න හැකි විය. මේ කාලය වන විට ඇලෝසියස් ගේ පියා ඉංග්‍රීසි භාෂා පාසලේ ප්‍රධානාචාර්යවරයෙකු වූවද ජාතික නිදහස පිළිබඳ හැඟීම්වලින් පිබිදුනු භාෂා ප්‍රේමියෙකු හා දේශප්‍රේමියෙකු විය. දරුවා යන පාර ඔහුට ඇල්ලුවේ නැත. ඒත් ඉගෙනීමට උන්නදුව දක්වන ඔහුට බාධා කළේද නැත. එහෙත් පාලි භාෂා පඩිවරයකු මාර්ගයෙන් මේ දරුවාට පාලි උගන්වන්නට ඔහු කටයුතු කළේය. ඉන්පසු අවුරුදු 14 දී පමණ ගාල්ලේ පුංචි සෙමනේරියට ඇතුලු වන විට ඇලෝසියස් දරුවා පාලි හා ලතින් භාෂා දෙකම හොඳින් දැන සිටියේය. එවකට ඔහු අධ්‍යාපනය ලබමින් සිටි ශාන්ත ඇලෝසියස් විදුහලේ අධ්‍යක්ෂක පියතුමාව සිටි ගරු පර්නියෝලා ජේ. නි. පියතුමාද පාලි භාෂා විශාරදයකු වීම ඔහුගේ ගමනට මනා පිටිවහලක් විය.
1953 වසර ලන්ඩන් උසස් පෙළින් සමත් වී ඉන්දියාවට ගොස් ජේසු නිකායට ඇතුල් විය. එහිදී L.Ph දර්ශන උපාධිය ලබා බ්‍රාහ්මණ පණ්ඩිතයකු යටතේ සංස්කෘත මාධ්‍යයෙන්ම සංස්කෘත භෘෂාව හදාරා, යලි ලංකාවට පැමිණ පාලි සංස්කෘත වලින් බී. ඒ. උපාධිය ගෙන ඉන් ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහලේ නේවාසිකාගාරය භාරව කටයුතු කරමින්ද, එම පාසලේ ගණිතය හා පාලි භාෂාව උගන්වමින්ද වසරක් ගත කළේය.
දේව ධර්මය හැදැරීම හා දේව ධර්මය කිරීම.
පසුව දේව ධර්මය අධ්‍යයනය සඳහා ඉතාලියේ නේපල්ස් හී ජේසු නිකායිකයින් යටතේ තිබු සුද්ධාසන දේව ධර්මය පීඨයට (Pontifical Theological Faculty) ඇතුලත් විය. මෙය දෙවන වතිකානු කතිකාව පැවති යුගය විය. එබැවින් එම දර්ශනය හොඳින් උරා ගැනීමට අවස්ථාව ලැබිණි. ඉතාලියේ අධ්‍ය්‍යන කටයුතු කළ එම යුගය ඇලෝසියස් පීරිස් පියතුමාගේ ජීවිතයේ වැදග්ත අත්දැකීම් රැසකට නිරාවරණය වු යුගයක් විය. එහිදී ඉතාලි ජාතික තරුණ සංවිධානයක අධ්‍යාත්මික අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේය. තවද රෝහල රෝගීන් සඳහා ආගමික කටයුතු භාරව කටයුතු කිරිමට අවස්ථාව ලැබිනි. එමෙන්ම ඉතාලියේ මුඩුක්කුවකද වැඩ කළේය. දෙවන වතිකානු කතිකාවේ ආභාසය නිසා දේව ධර්මය පීඨයේදී බොහෝ වෙනස්කම් සිදු විය. ඒ නිසාම බොහෝ පර්යේෂණ හා අත්හදා බැලීම් වලට එතුමාට නිදහස ලැබිනි. ඒ අතර තුර වත්පිළිවෙත් ගැන බොහෝ කරුණු ගවේෂණය කළේය. ඒ පිළිබඳව විශේෂ පුහුණුවක්ද ලැබිය. සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලද මෙතුමා ස්ටෙෆාන් පොරුධ්ශන් බයිබල විශාරදයා යටතේ හේබ්‍රෙව් භාෂාවෙන් ශුද්ධ ලියවිල්ල හැදැරීමද කළේය. යම් නිදහසක් ලැබුනත් ඇතැම් විට ප්‍රශ්න මතුවු අවස්ථාද නොතිබුණා නොවේ. එහෙත් හිටපු අධ්‍යක්ෂක පියවරු එතුමාව රැක්කහ. ඉදිරියටම තල්ලු කළහ.
දෙව වතිකානු මන්ත්‍රණ සභාවේ ස්ප්‍රීතුව හා මුහුසු දෙව්දහම් චින්තනයද රැගෙන ඇලොයි පියතුමා ලංකාවට ආවේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැඳගෙනය. ආ විගසම රාහුල වාචිස්තර හිමිවරුන් යටතේ බුදුදහම පිළිබඳව P.H.D විභාගයට පෙනී සිටියේය. දෙමටගොඩ ප්‍රදේශයේ මුඩුක්කු වල වැඩ කරන්නට පටන්ගත්තේ එසේ පර්යේෂණ කරන අතරමය. වෛද්‍ය ශිෂ්‍යයන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වැන්නන් සමඟ එම ප්‍රදේශවල සැරි සරමින් කළ කටයුතු ඇලොයි පියතුමාගේ දේව ධාර්මික නැණැස තව තවත් මුවහත් කරන්නට සමත් විය. තවද තරුණ පිරිස් සමඟද විවිධ වැඩ කටයුතු ආරම්භ කළේය. ඒ අතර "Cineforum" , නම්ලත් සිනමා විචාර මණ්ඩපයක් ආරම්භ කළේය. හැම සතියකම චිත්‍රපටයක් නරඹා ඒ පිළිබඳ විචාරාත්මක කතිකාවක් ගොඩනැගීම එහි දි සිදු විය.
තුලන පර්යේෂණ ආයතනය බිහි කිරීම
1974 දී පියතුමා විසින් පිහිටුවන ලද තුලන පර්යේෂණ ආයතනය අන්තර් ආගමික අන්තර් නිකායික සංවාදය හා විමුක්ති කතිකාව පෝෂණය සඳහා ඉටු කරන ලද මෙහෙය අතින් ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ ප්‍රමුඛ ආතනය යැයි කීම අතිෂයෝක්තියක් නොවේ. එය ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අන්තර්ජාතිකවද ඉහළ පිළිගැනීමක් ඇති ආයතනයකි. බොහෝ විදේශිකයින් මෙම ආයතනය විවිධ පර්යේෂණ සඳහා භාවිත කොට ඇත.
තුලන වනාහි තවත් එක් මධ්‍යස්ථානයක් නොවේ. එය විමුක්ති අධ්‍යාත්මිකත්වය විශද කරන කලා, මූර්ති, චිත්‍ර ඇතුලත් සුවිසල් කලාගාරයක් බඳුය. ඒ සියල්ල තුළ ඇලෝසියස් පියතුමාගේ සාමයීක, විමුක්ති දැක්ම ගැබ්ව පවති. එහි බොහෝ නිර්මාණවලට බොදුනු පූජ්‍ය ස්වාමින් වහන්සේලා දායක වී ඇත. ශ්‍රී ලංකාවේ උතුරු දකුණ වෙනසක් නොමැතිව සිදුවු අතුරුදහන් කිරිම් වලින් අහිමි වු මිනිසුන් ගැහැනුන් සිහි කිරිම සඳහා නිර්මාණය කර ඇති මූර්තිය ඉන් එකක් පමණය.
තුලන පර්යේෂණ මධ්‍යස්ථානය ලංකාවේ විශිෂ්ඨතම පුස්තකාලයක් සහිත ස්ථානයක් පමණක් නොවේ. ඊට අනුයුක්ත වු තුලන මාධ්‍ය අංශය විශාල තරුණ පිරිසකට සිනමා ගුවන් විදුලි නාට්‍ය රංග කලා ආදි ක්ෂේත්‍ර ගණනාවක ඉදිරියට යාමට මග පෙන්වු ක්‍රියාවලීයකි. එසේ ම උන්වහන්සෙගේ මග පෙන්වීම් යටතේ කැළණිය, ලුම්බිණි ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ශ්‍රවනූන ළමයින්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ශෘව්‍ය හා කථන ආබාධිත ළමයින්ට සුවිශේෂි අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයකි.
පාලම් තනන්නා
ඇලොයි පීරිස් පියතුමා බොදුනු-කිතුනු සංවාදයේ ඉහළම තලය හා පහළම තලය යන දෙකම තුළ භාවිතය යෙදුනෙකි. අන්තර් ආගමික සංවාදය මෙන්ම අන්තර් සභා සංවාදය මගින් එතුමෝ ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශියන් තුළ ජනතා හදවත් යා කරන පාලම් තනන්නෙකු විය.
එතුමාගේ සුවිශේෂ මෙහෙවරක් වූයේ විමුක්ති දේව ධර්මය හා ආසියානු දේව ධර්මය පිළිබඳ ලංකාවේ සියලුම පරම්පරාවලට අයත් වන පූජක, පැවිදි, ගිහි සියල්ලන් අතර ද එතුමා පාලම් තැනැන්නෙකු වීමයි.
විකල්ප ධාරාවේ පූජක ගිහි පැවිදි පීරිස් විවිධ තලයන් හිදී වාරණයට ලක්වෙද්දී එතුමා ඔවුන් සියල්ලන්ට ශක්තියක් විය. කීර්තිමත් දෙව් දහම්ධරයෙකු වු ගරු තිස්ස බාලසූරිය පියතුමා ව සභාවෙන් නෙරපීමේ උත්සහයක් පැවැති මොහොතක ගරු ඇලොයි පියතුමා තමා උපයාගත් සියලු බුද්ධිමය ශක්තිය හා දෙස් විදෙස් සබඳතා භාවිත කරමින් කළ මැදිහත් වීම එකක් පමණි.
ගෝලීය ප්‍රඥයා හා මුනිවරයා
ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂඨතම දේව ධර්ම ප්‍රඥයා එතුමාය. එපමණක් නොවේ ගරු ඇලොයි පීරිස් පියතුමා මෑත යුගයේ ලොව ජීවත්ව සිටි ප්‍රමුඛතාව දේව ධර්ම ප්‍රඥයා ලෙස හැඳින්විය හැකිය. එතුමා කිසි විටකත් සිය ප්‍රඥා මහිමයෙන් හිස උදුම්මාගත් කෙනෙකු නොවිය. ඉතා අල්පේච්ඡ ජීවිතයක් ගත කළ එතුමා තුලන අසපුවේ මධ්‍යස්ථානය තුළ මුනිවර ජිවිතයක් ගත කළේය. එතුමෝ වරෙක මෙසේ ප්‍රකාශ කළේය.
’ක්‍රිස්තියානියේ අනන්‍යතාවය යනු අල්පේච්ඡතාවය පමණක් නොවේ. දයාවේ සේවාවද පමණක් නොවේ. බොහෝ ආගම් මේ ලෝකය තුළ එය සිදු කරයි. නමුත් ක්‍රිස්තියානිකාරයා දයාවේ ක්‍රියාවව් තුළ පමණක් නොනැවති දරිද්‍රයාගේ අරගලය සමඟ එක්වෙමින් ඉන් දරිද්‍රයා මුදවාලීමට සටන් කරන්නෙක්ද වෙයි. සැබැ කිතුනු අනන්‍යතාවය එයයි’
ඇලොයි පිය සම්ප්‍රදායක්.
එතුමා විශිෂ්ඨ කෘති 30 කට වඩා ලියා පළ කර ඇති අතර පර්යේෂණ පත්‍රිකා 500 කට වඩා ඉදිරිපත් කර ඇත. ලිපි දහස් ගණනක් ලියා ඇති අතර ප්‍රකට දේව ධර්ම සඟරා ගණනාවක සංස්කාරකවරයා ලෙස කටයුතු කර ඇත. එසේම එතුමා ලොව ප්‍රකට විශ්ව විද්‍යාල හා ආයතන රැසක කථීකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති දෙස් විදෙස් සම්මන්ත්‍රණ, රැස්වීම්, දහස් ගණනකට සම්පත්දායකයෙකු ලෙස දායක වී ඇත.
ඇලොයි සුභාවිතය
ඇලොයි පියතුමාගේ ශාස්ත්‍රීය ජයග්‍රහණයන්, ප්‍රඥාවන්ත භාවය ආදියත් එතුමාගේ බුදු දහම පිළිබඳ දැනුමත්, බොහෝ දෙනෙකු එතුමා ව අගය කිරීම සඳහා භාවිත කරන මිනුම් දඩු වේ. නමුත් අපගේ ගෞරවාදරය එතුමාට හිමිවීම ප්‍රධාන කාරණය වන්නේ ඒවා නොවේ. එතුමා සම්ප්‍රදායික බුද්ධිමතෙකු වු වනු වෙනුවට එෛන්ීද්‍රය බුද්ධිමතෙකු ලෙස ක්‍රියා කිරීමයි. එනම් පවතින සමාජයේ අසාධාරණ ව්‍යුහයන් වෙනස් කිරිම සඳහා වන භාවිතයක් සමඟ තම ප්‍රඥාව මුසු කිරීමයි. එසේ නොවන්නට ආචාර්ය මහාචාර්ය දේව ධර්මාචාර්ය උපාධි ඇති දහස්ගණනක් අතර එතුමෝ තවත් එක් අයෙකු පමණක් ම වේ. නමුත් අපගේ ආදරය එතුමාට හිමි වන්නේ එකී සුභාවිතයේ වටිනාකම නිසාමය. එතුමා දැල්වු ආලෝකය පීඩිතයාගේ විමුක්තිය සඳහා වු අරගලය සමඟ බද්ධ කිරිම හැරුනු විට එතුමා සුරුවමක් බවට පත් කිරිම fාහ් එතුමා සමඟ ඇති සබඳතා ඉස්මතු කර සැනසීම අර්ථ විරහිතය. එතුමාව අපට ජීවත් කළ හැක්කේ එතුමා දැල් වු විමුක්ති ආලෝකය ජන අරගලය තුළ නොනැසී පවත්වා ගැනීමෙනි.
ගරු ඇලොයි පීරිස් පියතුමෙනි ඔබට අපේ ආදරය
ඇලොයි පීරිස් නම් මුනිවර ප්‍රාඥයාගේ ජීවිතයේ සංක්ෂිප්ත හරස්කඩක් මෙසේය.
නම
මේරියන් රෙජිනල්ඩ් ඇලෝසියස් පීරිස්
උපන් දිනය
1934 අප්‍රේල් 09 දින
උපන් ස්ථානය
මනුවර අම්පිටියේදී
පියා
ධජහෙට්ටි මුහන්දිරම්ගේ වෝල්ටර් ජොන් පීරීස් (අම්පිටිය ඉංග්‍රීසි විදුහලේ විදුහල්පති)
මව
සේතුංග මුදලිගේ ඩෝන ඇන්සලමිනා
අධ්‍යාපනය
ප්‍රාථමික අම්පිටිය ශාන්ත මරියා විදුහල
ද්විතීය ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල
■ වසර 12 දී ජේසු නිකායික පියතුමෙකු මඟින් ලතින් භාෂාව හැදැරීය.
■ ඒ සමඟම පාලි භාෂා පඩිවරයෙකු මගින් පාලි භාෂාව හැදැරීය.
■ වසර 14 දී ගාල්ලේ ජේසු නිකායික පුංචි සෙමනේරියට ඇතුළත් විය.
■ 1953 වසරේ ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් සමත් විය.
■ 1959 දී ඉන්දියාවේ ෂෙම්බැග්නූර් හී පිහිටි දිව්‍ය L.pH පීඨයෙන් දර්ශනය පිළිබඳ ඛච්‍ය උපාධිය ලබා ගත්තේය.
■ 1961 දී පාලි සහ සංස්කෘත භාෂාවන් සඳහා වන උපාධිය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය.
■ 1964 දී සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ඉතාලියේ වෙනීසියේදි ලබා ගත්තේය.
■ 1965 ජූලි 04 දින රෝමයේදී ජේසු නිකායික පියතුමෙකු ලෙස පූජකවරය ලැබීය.
■ 1966 දී දේව ධර්මය පිළිබඳ උපාධිය ඉතාලියේ නාපොලි නුවර පිහිටි ශුද්ධාසන දේව ධර්මය පීඨයෙන් ලබා ගත්තේය.
■ 1971 දී බෞද්ධ දර්ශනය සඳහා වන ආචාර්ය උපාධිය PhD (විද්‍යෝධය) ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අතර එය වනාහි බෞද්ධයෙකු නොවන අයකුට මෙරටදී පිරිනැමු ප්‍රථම උපාධිය වෙයි.
■ 1987 දී ටිල්බර්ග් විශ්ව විද්‍යාලයෙන් දේව ධර්මය සඳහා පිරිනමන හොනරිස් කෞසා (HC) විශේෂ උපාධියක් එතුමා පිදුම් ලැබීය.
■ 1982 දී එංගලන්තයේ කේම්බි්‍රජ් සරසවියේදී ද 1990 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේද, ලන්ඩන් විශ්ව විද්‍යාලයේද, රෝමයේ ග්‍රොගෝරියානු සරසවිවල කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
■ පිලිපීනයේ මැනිලා නුවරEAPI උසස් අධ්‍යාපන ආයතනයේ වසර 23 ක් පුරා කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.
■ වොෂින්ටන් දේව ධර්ම සංගමයේ 1987 දීද, නිව්යෝක් නුවර එක්සත් දේව ධර්ම සෙමනේරියේ 1988 දී ද එතුමා මහාචාර්යය පදවි දැරිය.
■ 1992 දී ඇමරිකාව වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේද, ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.
■ Ecumenical Association of the third world theologians (EATWOT) නම් වූ තෙවැනි ලොව දේව ධර්මාචාර්යවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු විය.
■ වසර ගණනාවක් පුරා අන්තර් ජාතික දේව ධාර්මික සඟරාවක් වන Concilium හී කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
■ එමෙන්ම ශ්‍රී ලංකා සාමයීක කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලොව පුරා විශ්ව විද්‍යාල ගණනාවකට බෙදාහරිනු ලබන Dialogue නම් සඟරාවේ කතෘ ලෙස කටයුතු කරයි.
■ එතුමා ලන්ඩන් උදරකා World Faith Encounter හී උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ද වෙයි.
■ එතුමා තුළ වන අසම සම බහුනිපුනත්වයෙන් යුත් දැනුම් සම්භාරය බොහෝ පොත්පත් ප්‍රකාශයට පත් කිරිම මගින් ලෝකයේ විවිධ ජනකොටස් සමඟ බෙදා ගැනීමට තරම් එතුමා නිහතමානී හා පරාර්ථකාමි ලේඛකයෙකු විය.
■ 1988 an Asian Theology of Liberation (මෙය භාෂා නවයකින් පරිවර්තනය කර ඇත) ග්‍රන්ථයද
■ 1988 දී Love meet wisdom A Christian experience of Buddhism ග්‍රන්ථයද,
■ 1996 දී Fire and water Basic issues in Asian Buddhism and Christianity ග්‍රන්ථයද,
■ 1999 දී God's Reign for God's poor. A Return to Jesus Formula ග්‍රන්ථයද,
■ 2000 දී Mysticism of service A short Course on Christian Spirituality ග්‍රන්ථයද,
■ 2002 දී Christhood of Jesus and the Discipleship of Mary An Asian Perspective ග්‍රන්ථයද,
■ 2004 දී Prophetic Humar in Buddhism and Christianity
ග්‍රන්ථයද,
■ නාසරතයේ ජේසුස් හා භාරතයේ යේසුස් නමින් සිංහල ග්‍රන්ථයක්ද එතුමා ලියු ග්‍රන්ථ අතර ප්‍රධාන වෙයි.
■ නමුත් මේ වන විට එතුමා ලියා ඇති පර්යේෂණ ලිපි සංඛ්‍යාව 500 කට අධික වෙයි.
■ එතැනින් නොනැවතුන ඇලෝසියස් පීරිස් පියතුමන් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයට පමණක් නොව ජාත ආගම් භේදයකින් තොරව විශාල පිරිසකගේ පුද්ගලික හැදැරීම් සඳහා 1974 ජුනි 07 දින දී තුලන පර්යේෂණායතනය ආරම්භ කළේය. එය එතුමන්ගේ ජීවිත ඉඩඉමේ සුවිශේෂි සන්ධිස්ථානයක් වෙයි.