Duwa Passion Play - දූවේ පාස්කු

Duwa Passion Play - දූවේ පාස්කු The Duwa passion play has a full-day programme on Good Friday. It could be the oldest and the best known passion play in the Asian region.

26/08/2026

ආචාර්‍ය විශාරද නන්දා මාලිනියන්. 🕯️ (1943-2026)

දූවේ පසන් ගායනා සහ විශාරද නන්දා මාලිනියන්.

"නොමිනා දිලෙනා"

- ගීත රචනය සහ තනු නිර්මාණය : දූවේ පාස්කු නාට්‍යයේ සම අදියුරු ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා.
- සංගීත අධ්‍යක්ෂණය : සංගීතවේදි දිනේශ් ඇන්ටන් සුභසිංහ මහතා.
- මද්දල වාදනය : කලා කීර්ති ඒඩ්‍රියන් කුරේරා මහතා සහ වාද්‍යවේදි නන්දන ගුණසිංහ මහතා.
- පටිගත කිරීම : ප්‍රගාෂ් බොස්කෝ මහතා.
- ශබ්දාගාරය : Dee R Cee ශබ්දාගාරය - මීගමුව.

නොමිනා..... දිලෙනා.....

නොමිනා..... දිලෙනා.....
හිරු කළු ඇඳ සැඟ වී ගගනා //
ඇසෙනා..... ඇසෙනා.....
වද බෙර ගිනි ඊ තල ලෙසිනා //

කිම දෝ..... කිම දෝ.....
අද බිම්බර සෙනගක් කිම දෝ //
කෙලෙසින්..... කෙලෙසින්.....
වැදු කුස මම වාවමි කෙලෙසින් //

විසිරී..... විසිරී.....
බිම තැන තැන රුධිරය විසිරී //

✍🏽 මෙම පසම රචනාව සඳහා පාදක වී ඇත්තේ ගෞරවනීය පඬිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින රචිත 'දුක්ප්‍රාප්ති ප්‍රසංගය' සහ 'දේශනා නවයේ පසන් පොතයි.'

📸 මෙම වීඩියෝව නිර්මාණය සඳහා නන්දා මාලිනියගේ සේයාරූ උපුටාගැනීම ගායන සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතාගේ මුහුණු පොතෙනි.

©️Duwa Passion Play - දූවේ පාස්කු

22/08/2026

ආචාර්‍ය විශාරද නන්දා මාලිනියන්. 🕯️ (1943-2026)

දූවේ ඉපැරණි පසන් ගායනා සහ විශාරද නන්දා මාලිනියන්.

පින් සිරි කුමරුනේ.

පින්සරි කුමරු නේ පෙම්බර පුතණුනේ
අයි අයියෝ අයි අයියෝ වාම් කොයි විලසිනේ

දුටු දන පිනවනා ශ්‍රී ගත බබලනා මේ දුකින්
මේ දුකින් සැනසෙම් කොයි විලසින්

මේ ගල්ලෙන තුළා පුනවා ඉන්නේ බලා අයි අයියෝ
අයි අයියෝ මගෙ දුක දැන්ම බලා

මුළු ලොවේ ශ්‍රී වදන් දෙසූ මුඛ පියවෙමින්
ශ්‍රී සිරසේ කටුවලින් ශ්‍රී ලේ වැගිරිලා

නිම නැති යුද දනා නෙක වද දෙව මිනා
ශ්‍රී කුරුසේ නෙකලෙසේ පට වා බෝ හෝ රොසේ

කපාලසෙල මුදුනේ ඇන ගැසූ බෝ රොසේ
වදකළ සතුරන්ට මෝක්ෂය දීපු සැණේ

පෙර සිට සොරකමිනා සිටියේ සොරු දෙදෙනා
දකුණතේ ඇන ගැසූ එ සොරුට මොක් ලැබුණා

දස වක මාසයක් උසුල විඳි දුකක්
කුඹු දෙතනේ රත්කිරි පොවා සුරතල් කරමිනා

ශ්‍රී හස්ත පාදවල් ඇන ගැසූ පාරවල්
අග් තිස් කැඩී තිබෙනා සැටි බලනා

- ගායනය : ආචාර්‍ය් විශාරද නන්දා මාලිනිය.
- නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය : එම්. ආර්. චූලසිංහ
- නාද ශික්ෂණය : දයානන්ද පෙරේරා
- ඉදිරිපත් කිරීම : දූව පාස්කු සංවිධානය

📸 මෙම වීඩියෝව නිර්මාණය සඳහා නන්දා මාලිනියගේ සේයාරූ උපුටාගැනීම ගායන සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතාගේ මුහුණු පොතෙනි.

©️Duwa Passion Play - දූවේ පාස්කු

22/08/2026

ආචාර්‍ය විශාරද නන්දා මාලිනියන්. 🕯️ (1943-2026)

දූවේ ඉපැරණි පසන් ගායනා සහ විශාරද නන්දා මාලිනියන්.

ගලිලේ සිට.

ගලිලේ සිට මේ නුවර - දක්වා සෙනග කලඹා
වියවුල් හටගත් වචනේ - වරද නොවෙදැයි ඇසුවෝ

ගලීලේ නමහුන් සැණයෙන් - එරෝදි නරනා වෙතට
ගෙනයව් කියමින් පිලාත්තු - බාරකළෙ ජුදයින්ට

එවර ලැබුණු සැණයෙන් - වදදී හිරිහැර කරලා
එරෝදි නරනා වෙතට - ගෙන ගොස් පමුණා සිටියෙන්

එරෝදි නරනා නඩුව - කැඳවා විමසුකරණු
වලට උත්‍ර නොම දී - කරවා වැඩසිටියායින්

ගෙනදික් සුදු සැට්ටයක් - පිස්සෙකු ගේ සලකුණට
පළඳා දෙපතුලතෙක් - ගෙනයව් කි පිලාත්තු වෙතට

එ ඇසූ සැණයෙන් ජුදයෝ - කඩිනම් කරලා කැඳවා
පිලාත්තු නරනා වෙතට - රැගෙන වැඩියෝ විගසින්

එදැක පිලාත්තු නරනා - දුක් වී අයියෝ කියමින්
වරදක් නැති මේ සුදනා - මැරුවොතින් දැන් තොපට

නොමදී වද එරෝදි නරනා - හැරිය මේ අසරණ යා
මැරුවොතින් දැන් තොපට - කුමන පලදැයි අසාලා

පිලාත් දෙවියන් ගලවා - හරින ලෙසට උපතක්
සලකා එගැන විලසින් - ජුදයින් කැඳවා ඇසුවෝ

- ගායනය : ආචාර්‍ය් විශාරද නන්දා මාලිනිය.
- නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය : එම්. ආර්. චූලසිංහ
- නාද ශික්ෂණය : දයානන්ද පෙරේරා
- ඉදිරිපත් කිරීම : දූව පාස්කු සංවිධානය

📸 මෙම වීඩියෝව නිර්මාණය සඳහා නන්දා මාලිනියගේ සේයාරූ උපුටාගැනීම ගායන සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතාගේ මුහුණු පොතෙනි.

©️Duwa Passion Play - දූවේ පාස්කු

21/08/2026

ආචාර්‍ය විශාරද නන්දා මාලිනියන්. 🕯️ (1943-2026)

දූවේ ඉපැරණි පසන් ගායනා සහ විශාරද නන්දා මාලිනියන්.

ඉර සඳ සහ තරු.

ඉර සඳ සහ තරු - පොළොවද විසිතුරු
මැවූ සුර තෙද දරු - සරණය ලැබ ගරු

දෙව් පුත අප නිසා - විඳි තද දුක් රැසා
සුමිතුරු මෙලො බැසා - පවසමි කොයි ලෙසා

ඉකි බිඳ මෙලෙසිනේ - මුව බිම වැටෙමිනේ
ගැලූ දහදිය වතේ - රුධිරය සේ වුණේ

මේ පැය පියාණෙනි - ඔබ කැමති නම් අනේ
මා මුදවනු මැනේ - හැඬුවද ජේසුනේ

- ගායනය : ආචාර්‍ය් විශාරද නන්දා මාලිනිය.
- නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය : එම්. ආර්. චූලසිංහ
- නාද ශික්ෂණය : දයානන්ද පෙරේරා
- ඉදිරිපත් කිරීම : දූව පාස්කු සංවිධානය

📸 මෙම වීඩියෝව නිර්මාණය සඳහා නන්දා මාලිනියගේ සේයාරූ උපුටාගැනීම ගායන සහ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතාගේ මුහුණු පොතෙනි.

©️Duwa Passion Play - දූවේ පාස්කු

15/08/2026

දූවේ පාස්කුවෙහි දැවැන්ත යුග පුරුෂයෙකුගේ නික්මයාම.

ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා. 🕯️ (1937-2026)

1962 වර්ෂයේ සිට ප්‍රතිමා පාස්කුවෙහි ක්‍රිස්තු චරිතය නිරූපණය සඳහා ජීවමාන නළුවෙක් ලෙස තමන්ට පැවරෙන භාරදූර වගකීම ඔස්සේ පියමන් කළ, එවක විසිපස් හැවිරිදි තරුණයෙක්ව සිට දශක සතරක් පුරාවට පාස්කු වේදිකාව මත ලද අත්දැකීම් සහ පන්නරයන් මෙම සාකාච්ඡාව තුළ ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා ඉදිරිපත් කරන්නේය.

2010-2013 වර්ෂයන්හීදි කන්නන් අරුණාසලම් මහතා (Kannan Arunasalam) විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන වැඩිහිටි ප්‍රජාව මූලික කොටගෙන නිර්මාණය කරන ලද "I Am" නම් වූ, ප්‍රමුඛතම බහුමාධ්‍ය මුඛපරම්පරාගත ඉතිහාසගත කතාන්දරයන් ඇතුළත් කතාමාලාවන්ගෙන් අප සහෘදයා වන ක්‍රිස්ටි මිහිඳුකුළ මහතාගේ කෙටි කතාව ඇතුළත් කතාන්දරය මෙම වීඩියෝව තුළ ඇතුළත් කොට ඇත.

කන්නන් අරුණාසලම් මහතා (Kannan Arunasalam) යනු සම්මානලාභී බ්‍රිතාන්‍ය-ශ්‍රී ලාංකික වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකි, මානව හිමිකම් නීතිඥයෙක් සහ මාධ්‍යවේදියෙක් වන අතර යාපනයේ උපත ලබා ලන්ඩනයේ හැදී වැඩුණු ඔහු, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යාව (Psychology) සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (International Human Rights Law) පිළිබඳව සිය උසස් අධ්‍යාපන කටයුතු සිදුකොට ඇත.

ඔහුගේ චිත්‍රපට, ඡායාරූපකරණය සහ හඬපට (sound projects) මගින් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය, මානව හිමිකම්, සාමූහික මතකය සහ අනන්‍යතාවය පිළිබඳ තේමාවන් මැනවින් සාකච්ඡා කෙරේ.

©️Duwa Passion Play - දූවේ පාස්කු

ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා. 🕯️ (1937-2026)එදා මෙදා තුර වූ දූවේ පාස්කුව තුළ නොමැකෙන අද්විතීය සළකුණක් වූ, 'මිහිඳුකුළසූරිය ජෝ...
14/08/2026

ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා. 🕯️ (1937-2026)

එදා මෙදා තුර වූ දූවේ පාස්කුව තුළ නොමැකෙන අද්විතීය සළකුණක් වූ, 'මිහිඳුකුළසූරිය ජෝසප් ඇන්ටනි ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු' එහෙමත් නැත්නම් බොහෝ අය 'ක්‍රිස්ටි මිහිඳුකුළ' නමින් හඳුනන අප සහෘදයා සමිඳුන් තුරුළට පත් වූ බව ඉතා සංවේගයෙන් යුක්තව දැනුම් දෙන්නෙමු.

එමෙන්ම ඔහුගේ ආත්මය වෙනුවෙන් ඔබගේ පෞද්ගලික යාච්ඤා වලදී සිහිකරන මෙන්ද කාරුණීකව ඉල්ලා සිටිමු.

දූව පාස්කුව වෙනුවෙන් ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා එක් වන්නේ කුඩා අවදියේ සිටමය. එවක කාන්තා භූමිකාවන් සඳහා කාන්තාවන් යොදා නොගන්නා සමයක ස්ත්‍රී චරිතයන් හරහා එක් වන එම මහතා පසුව රෝමානු සොල්දාදුවෙක් ලෙස පාස්කු නාට්‍යයේ නිරූපණයෙහි යෙදෙන්නට විය.

දූව පාස්කුවෙහි සුවිශේෂිත වූ හැරවුම් ලක්ෂයක් ලෙස 1962 වර්ෂයේදි ක්‍රිස්තු චරිතය සඳහා ජීවමාන නළුවෙක් යොදාගන්නට එවක ග්‍රාමයේ වැඩිහිටි ප්‍රජාව යෝජනා කළ අතර ඔවුන්ගේ අදහස වූයේ එවක උස හීන්දෑරි, මනා කටහඬකින් හෙබි, විසිපස් වියැති තරුණයෙක් වූ ක්‍රිස්ටි මිහිඳුකුළ මහතාවයි.

එනයින් ගත් කළ එම මහතා වනාහී ප්‍රතිමා පාස්කුව සහ ක්‍රිස්තු චරිතය සඳහා ජීවමාන නළුවෙක් යොදාගනිමින් කළ පාස්කුව යා කල විශේෂිතම පුරුක වේ.

1939 වර්ෂයේදී දූව මීසම් සේවකව සිටි, මරිය ගැති ගෞරවනීය කලාශූරි මර්සලින් ජයකොඩි පියතුමන්ගේ, නව පිටපත සඳහා ජීවමාන නළුවන් රඟපෑම සඳහා හඳුන්වා දුන්නද ක්‍රිස්තුස්වහන්සේ, මරියතුමිය සහ ශ්‍රාවක ජුවාම් යන චරිත ත්‍රිත්වය 1962 වර්ෂය තෙක්ම ප්‍රතිමාවන් පමණක් යොදා ගැනිනි. එලෙසම උක්ත නව පිටපත සඳහා උන්වහන්සේට ශුද්ධවූ බයිබලය මෙන්ම එක්සත් රාජධානියේ විසූ නවකතා සහ වේදිකා නාට්‍යය තිරපිටපත් ලේඛිකාවක් වූ ඩොරති එල්. සේයර්ස් මහත්මියගේ "The Man Born To Be King" යන පුස්තකයද පාදක වූ බව සඳහන් කළ යුත්තේය.

අවසන් වරට පාස්කුව සඳහා ක්‍රිස්ටි මිහිඳුකුළ මහතා සක්‍රීයව සිය රංගනයෙන් දායක වන්නේ 2009 වර්ෂයේ අප්‍රියෙල් 04වන සිකුරාදා දින, දූව පාරම්පරික පාස්කු සංවිධානය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍යය සහ රංග කලා අධ්‍යතන අංශය සුසංයෝගයෙන් බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කරන ලද විශේෂිත දර්ශණ වාරය තුළින් ය. එවක එම මහතා හැත්තෑ දෙහැවිරිදි (72) වියෙහි පසු වූයේය.

එලෙසම එදාමෙදා තුර දූව පාස්කු ඉතිහාසය තුළ මෙන්ම, ලාංකීය පාස්කු ඉතිහාසය තුළද වැඩිම වාර ගණනක් ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය සඳහා පණ පොවන ලද යමෙක් වේ නම්, ඒ ක්‍රිස්ටි මිහිඳුකුළ මහතායි. එම මහතා සෑම අයෙක් අතරම ප්‍රකටව ඇත්තේ සිනාමුසු මුහුණින් යුක්තව සිටින ප්‍රියමනාප නිහතමානි පුද්ගලයෙක් ලෙසිනි. පාස්කු නාට්‍යයේ මෙන්ම සිය ජීවන රඟ මඩලේද ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සිය දිවියටද ආලෝකයක් ලෙස එක් කොටගත් එම මහතාට සමිඳුන් තුරුළෙහි සදා සාමය අපි සැම ප්‍රාර්ථනා කරන්නෙමු.

🕯️ අගෝස්තු මස 15 වන සෙනසුරාදා දින සවස 04:00ට කටුවාපිටිය මහිමගොඩැල්ල වත්ත ශ්‍රී කුරුස දේවස්ථානයට දේහය රැගෙන එනු ලබන අතර පසුව අවසන් කටයුතු සවස 04:30ට මීගමුව සෙල්ලකන්ද සුසාන භූමියේදි සිදු කෙරේ.

“තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.” (රෝම 8:28) 🕊️

©️Duwa Passion Play - දූවේ පාස්කු

හර්මන් කුරේරා මහතා. 🕯️(1946-2026)දූව ග්‍රාමයට මෙන්ම මීගමුව නගරයටද විශාල සේවයක් කළ, මීගමුව මහ නගර සභාවේ දහසය වෙනි පුරපති ...
07/08/2026

හර්මන් කුරේරා මහතා. 🕯️(1946-2026)

දූව ග්‍රාමයට මෙන්ම මීගමුව නගරයටද විශාල සේවයක් කළ, මීගමුව මහ නගර සභාවේ දහසය වෙනි පුරපති ලෙසද කටයුතු කළ 'මිහිඳුකුළසූරිය එම්මානුවෙල් හර්මන් බර්නාඩ් කුරේරා' මහතා සමිඳුන් තුරුළට පත් වූ බව ඉතා සංවේගයෙන් යුක්තව දැනුම් දෙන්නෙමු. එමෙන්ම ඔහුගේ ආත්මය වෙනුවෙන් ඔබගේ පෞද්ගලික යාච්ඤා වලදී සිහිකරන මෙන්ද කාරුණීකව ඉල්ලා සිටිමු.

දූව පාස්කුව වෙනුවෙන් හර්මන් කුරේරා මහතා එක් වන්නේ පාසල් වියේදි සිටමය. එනම් එවක කාන්තා භූමිකාවන් සඳහා කාන්තාවන් යොදා නොගන්නා සමයක පාදනමස්කාරයේදි ජේසුස්වහන්සේගේ ශ්‍රී වත මඬල පිස දමන්නට ඉදිරිපත් වන වෙරෝනිකා නම් භක්තිවන්ත ස්ත්‍රීය ලෙසයි. පසුව ජේසුස්වහන්සේගේ ශ්‍රාවකයින් දොළොස්දෙනාගෙන් අයෙක් වූද, දූව පාස්කුව තුළ මුඛරි චරිතයක් හොබවන මතෙව් අපෝස්තුළුතුමාගේ භූමිකාව තුළින්ද සිය හැකියාවන් මුහු කරන ස්වර්ගස්ථ වූ හර්මන් කුරේරා මහතා බොහෝ අය අතර මතකය තුළ රැඳී ඇත්තේ ජුදයාවේ රෝම ආණ්ඩුකාරවරයා වූ පෝන්සියෝ පිලාත්ගේ භූමිකාව තුළිනි.

ආශ්චර්‍ය්‍යමත් ක්‍රිස්තු ප්‍රතිමාවේ 150වෙනි ජුබිලි මහෝත්සවය සැමරූ 1989 වර්ෂයේද එම මහතා පෝන්සියෝ පිලාත් ලෙස රංගනයෙන් දායක වූ අතර අවසන් වරට පාස්කුව සඳහා සක්‍රීයව සිය රංගනයෙන් දායක වන්නේ 2009 වර්ෂයේ අප්‍රියෙල් 04වන සිකුරාදා දින, දූව පාරම්පරික පාස්කු සංවිධානය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍යය සහ රංග කලා අධ්‍යතන අංශය සුසංයෝගයෙන් බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කරන ලද විශේෂිත දර්ශණ වාරය තුළින් ය.

🕯️ අවසන් කටයුතු අගෝස්තු මස 08 වන සෙනසුරාදා දින සවස 04:00ට මීගමුව කඩොල් උයන පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.

“තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.” ‭‭(රෝම‬ ‭8‬:‭28‬) 🕊️

©️Duwa Passion Play - දූවේ පාස්කු

03/07/2026

දූවේ පාස්කු 2026 - තලෙන්තු - ✝️

“ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න.” (කොලොස්සි 3:23) 📖

--------------------------------

"ලෝකයේ සෑම දේට ජීවිත දක්ෂඥාන විකුම් සුබා
දී පෙමා රක්ෂා කළා වූ ලෝක තුන් ප්‍රමානන් දවු
දේව දේ වති රාජ රාජති වූ තුමා අපේ පව් නිසා
මේ දිනේ කය හානි වූ අට දේශනාවේ කිමමේ"

©️Duwa Passion Play - දූවේ පාස්කු

දූවේ පාස්කු 2026 - තලෙන්තු - ✝️🎭 ජේසුස්වහන්සේ.- යොහාන් ක්‍රිෂේන් ප්‍රනාන්දු සොයුරා.-------------------------------------...
17/06/2026

දූවේ පාස්කු 2026 - තලෙන්තු - ✝️

🎭 ජේසුස්වහන්සේ.
- යොහාන් ක්‍රිෂේන් ප්‍රනාන්දු සොයුරා.
---------------------------------------------

✍🏽 2026 වර්ෂයේ වේදිකාගත කරන ලද පාස්කුවෙහි, 'තලෙන්තු' ලිපි මාලාවෙහි අද ඔබට ගෙන එන්නේ අවසන් ලිපියයි.

ජේසුස්වහන්සේගේ භූමිකාව පිළිබඳව හඳුන්වාදීමට ශුද්ධවූ බයිබලය මුළුමනින්ම උපුටාගත්තද එය අවසන් කිරීමට නොහැකිය. හීබෘ බසින් 'යෙශුවා' ලෙස සඳහන් වන නාමයෙහි අර්ථය වන්නේ 'යාවේ දෙවිඳුන් ගැලවීම වන්නේය' යන්නයි. ක්‍රිස්තුස්වහන්සේ ලෙසද හැඳින්වූවද එය නාමයකට වඩා යම් ශුද්ධවූ තනතුරක් ලෙස සඳහන් කළ හැක. එනම් එහි අර්ථය වන්නේ 'ආලේප ලත් තැනැත්තා' ලෙසයි. එනයින් ගත් කළ 'ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ' ලෙස අප හඳුන්වන්නේ 'ජේසුස් නම් මෙසියස්වහන්සේ' නැතහොත් 'ජේසුස් නම් ආලේප ලත් තැනැත්තාණෝ' යන ගැඹුරු අර්ථයයි.

දූවේ පාස්කුවෙහි ජේසුස්වහන්සේ පළමුව හමුවන්නේ ජෙරුසලම් නුවරට රාජශ්‍රීයෙන් ඇතුළුවීමේ ජවනිකාවේ සිටය. පිළිවෙලින් අවසන් රාත්‍රි භෝජනය, සුගති උද්‍යානයේ යාච්ඤාව සහ දේව මන්දීරයේ සෙබළු විසින් අල්ලාගැනීම, සෙනහඩ්‍රීන් මණ්ඩලය ඉදිරියේ පෙනීසිටීම, පෝන්සියෝ පිලාත් ඉදිරියේ විනිශ්චය සහ කස පහර ලැබීම යන ජවනිකාව තෙක් ජීවමාන නළුවෙක් රංගනයෙන් දායක වන අතර එතැන් සිට භාවිතා වන්නේ ප්‍රතිමාවන් වේ.

පළමුව ගල් කණුවේ කස පහර කෑ ජේසුස්වහන්සේ නිරූපණය කෙරෙන 'Ecce-Homo' ප්‍රතිමාවද, ඉන්පසුව පාදනමස්කාරය නිරූපණය කෙරෙන රූකඩ සුරුවමද, කුරුසියේ ඇණගැසීම දක්වන ප්‍රතිමාව සහ අවසන් කොට කුරුසියේ උකුත්වීම නිරූපණය කෙරෙන ආශ්චර්‍ය්‍යමත් ක්‍රිස්තු ප්‍රතිමාවද වේ.
---------------------------------------------

⚜️ යොහාන් ක්‍රිෂේන් ප්‍රනාන්දු සොයුරා 2026 මෙම වර්ෂයේ ප්‍රථම වරට ජේසුස්වහන්සේගේ භූමිකාව සඳහා පණ පෙවූ අතර මින් පෙර රංගනයෙන් දායක වූ භූමිකාවන් වන්නේ,
- 2025 වර්ෂය : සුගති උද්‍යානයේ ආදි පීතෘ ආදම් ලෙස,
- 2023 වර්ෂය : සෙනෙහෙඩ්‍රීන් මණ්ඩලයේ පූජකයෙක් ලෙස,
- 2019 වර්ෂය : රෝම සොල්දාදුවෙක් ලෙස,
---------------------------------------------

©️Duwa Passion Play - දූවේ පාස්කු

Address

Our Lady Of Good Voyage Church, Duwa/ශුද්ධවූ සින්දාත්‍රි දේවමාතා දේවස්ථානය, දූව, මීගමුව
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Duwa Passion Play - දූවේ පාස්කු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Duwa Passion Play - දූවේ පාස්කු:

Shortcuts

Share