15/08/2026
“මරුද මඩු රැජිණියනී , අප නිසා යාච්ඤා කළ මැනව.” 🙏🏻
மடு அன்னை மரியாள் தேவாலயம் Shrine of Our Lady of Madhu
⛪️ මරුද මඩු ජාතික සිද්ධස්ථානය - මන්නාරම
🌹✝️ මරිය මෑණියන්ගේ ස්වර්ගාරෝපණ මහා මංගල්‍යය ✝️🌹
“මාගේ ආත්මය සමිඳුන්ගේ මහිමය ප්‍රකාශ කරයි…” — ලූක් 1:46
අද ශුද්ධ කතෝලික සභාව මහත් ප්‍රීතියෙන් හා ගෞරවයෙන් සමරන්නේ ශුද්ධ කන්‍ය මරිය මෑණියන්ගේ ස්වර්ගාරෝපණ මහා මංගල්‍යයයි. 🌹👑🕊️
දෙවියන් වහන්සේගේ මව වූ මරිය මෑණියන්, තම භූමික ජීවිතයේ අවසානයේ ශරීරයෙන් හා ආත්මයෙන් ස්වර්ගීය මහිමයට ඔසවාගනු ලැබූ බව අද සභාව විශ්වාසයෙන් ප්‍රකාශ කරයි. ඇයගේ ස්වර්ගාරෝපණය, ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාස කරන අප සියලු දෙනාටම අනාගත බලාපොරොත්තුවේ දීප්තිමත් ලකුණකි.
මෙය මරිය මෑණියන්ගේ පමණක් ජයග්‍රහණයක් නොවේ.
මෙය ක්‍රිස්තුස් වහන්සේගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයයි.
මරණය අවසානය නොවන බවට, දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවත් වන අයට සදාකාලික ජීවිතයක් ඇති බවට, මරිය මෑණියන්ගේ ස්වර්ගාරෝපණය අප ඉදිරියේ තබන අතිශය සුන්දර බලාපොරොත්තුවකි. 🕊️
👑 ස්වර්ගයේ රැජිනිය වූ මරිය මෑණියන්
මරිය මෑණියන්ගේ ජීවිතය ආරම්භයේ සිටම දෙවියන් වහන්සේට සම්පූර්ණ “ඔව්” යන පිළිතුරක් විය.
දේවදූත ගේබ්‍රියෙල් පැමිණි විට,
“මෙන්න, මම සමිඳුන්ගේ දාසිය වෙමි; ඔබගේ වචනය පරිදි මට සිදු වේවා.”
— ලූක් 1:38
යනුවෙන් ඇය තම ජීවිතය දෙවියන් වහන්සේගේ කැමැත්තට භාර කළාය.
ඒ “ඔව්” නිසා ලෝකයට ගැළවුම්කාරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලැබුණේය. ❤️✝️
fansMarawila Kurusa Palliya මාරවිල කුරුස පල්ලියSon of God - ජේසුගෙ දරුවෙක්Mother of Purification Church, Pitipana, Negombo, Sri LankaSt.Mary's Church Grand Street Negombo Sri LankaNational Basilica of Our Lady of LankaDuwa Sindathri Church