Sri Sugatha Daham School

Sri Sugatha Daham School "පරත්ථං පටිපජ්ජථ"

නාරාහේන්පිට ශ්‍රී ස

පෙරුම් පුරන සංසාර ගමනේ පින්බරම ආත්මයක් එසේ නිමා විය..  බෝසත් ඇත් රජු නැදුන්ගමුවේ රාජා දිවි ගමනින් සමු ගනී...🙏🏳️
07/03/2022

පෙරුම් පුරන සංසාර ගමනේ පින්බරම ආත්මයක් එසේ නිමා විය..

බෝසත් ඇත් රජු නැදුන්ගමුවේ රාජා දිවි ගමනින් සමු ගනී...🙏🏳️

03/03/2022
නාරාහේන්පිට ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ  2021 වර්ෂයේ කඨින මහා පින්කම......
07/11/2021

නාරාහේන්පිට ශ්‍රී නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ 2021 වර්ෂයේ කඨින මහා පින්කම......

වදිමු බැතියෙන් ගුරු පා යුගත්....⭕වජ්ජා වජ්ජං    නිදස්සෙන්තංසිප්ප සත්ථජ පදායතංඤනප්ප දීප සංකාතං ගුරු පාදං නමා මහං...මා හට ...
05/10/2021

වදිමු බැතියෙන් ගුරු පා යුගත්....

⭕වජ්ජා වජ්ජං නිදස්සෙන්තං
සිප්ප සත්ථජ පදායතං
ඤනප්ප දීප සංකාතං
ගුරු පාදං නමා මහං...

මා හට සිප් කිරි පෙවූ සියලු ගුරුවරුන්ට නමස්කාර වේවා ❤️🙏

“මේ ලෝකය කුඩා දරුවන්ට සතුටින් ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් කිරීමට අපි උත්සාහ කරමු. සුභ ළමා දිනයක් වේවා"
01/10/2021

“මේ ලෝකය කුඩා දරුවන්ට සතුටින් ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් කිරීමට අපි උත්සාහ කරමු. සුභ ළමා දිනයක් වේවා"

ධම්ම චරේ සුචරිතංන නං දුච්චරිතංධම්මචාරී සුකං සේතිඅස්මිං ලෝකේ පරම්හිච🔅අර්ථය :-සුචරිත ධර්මයේ හැසිරෙන්ට ඕන.කිසිසේත්ම දුශ්චරි...
20/09/2021

ධම්ම චරේ සුචරිතං
න නං දුච්චරිතං
ධම්මචාරී සුකං සේති
අස්මිං ලෝකේ පරම්හිච

🔅අර්ථය :-

සුචරිත ධර්මයේ හැසිරෙන්ට ඕන.කිසිසේත්ම දුශ්චරිතයේ හැසිරෙන්ට ඕන නෑ.ධර්මයේ හැසිරෙන කෙනා මෙලොව,පරලොව දෙකේම සුව සේ වසයි.

🏮පොහොය වැදගත්කම

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදයි

ලොවපුරා බෞද්ධ ජනතාව අද ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙයි.
ශාසනික සිදුවීම රැසක් සිදුවූ බිනර පුන් පෝය දා අදයි.

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද මෙය සැලකෙයි.

භික්ෂූණි ශාසනය ආරම්භ වූයේද අදවන් බිනර පුන් පෝය දිනකයි.

එමෙන්ම කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයක්.

අෂ්ට ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකයි.

මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි.

අනික්කසාවෝ කාසාවං යෝවත්ථං පරිදහෙස්සතිඅපේතෝ දසමච්චේනන සෝ කාසාවමරහතී..අර්ථය : -🎗️.කෙලෙස් කසට සහිත වූ ඉන්ද්‍රිය දමනයෙන් හා ...
21/08/2021

අනික්කසාවෝ කාසාවං
යෝවත්ථං පරිදහෙස්සති
අපේතෝ දසමච්චේන
න සෝ කාසාවමරහතී..

අර්ථය : -

🎗️.කෙලෙස් කසට සහිත වූ ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍ය වචන කථා කිරීමෙන් තොර වූ යමෙක් , කසාවත් දරා සිටින්නේ වුවද ඒ තැනැත්තා කසාවත් දැරීමට සුදුසු නොවෙයි.....

🎗️. Whoever being depraved , devoid of self-Control and truthfullnesa should don the monk's yellow robe , He surely isn't worthy of the robe.....

උතුම් නිකිණි පොහොයක් වේවා.....

සුජීවං අහිරිකේන කාක සූරේන ධංසිනාපක්කන්දිතා පගබ්භේන සංකිලිට්ඨේන ජීවිතං                   ( මල වග්ගය)අර්ථය  :- කවුඩෙකු මෙන...
15/08/2021

සුජීවං අහිරිකේන
කාක සූරේන ධංසිනා
පක්කන්දිතා පගබ්භේන
සංකිලිට්ඨේන ජීවිතං
( මල වග්ගය)

අර්ථය :-

කවුඩෙකු මෙන් ගසා කෑමෙහි ශූර වූ,එබදු හැකියාවන් ඇති ලජ්ජා නැති, අනුන්ගේ ගුණ මකන, ගෙන් ගෙට දුවන කිලිටි දිවි පැවතුම් ඇති තැනැත්තාට ජීවත් වීම ඉතා ලෙහෙසි ය.....

*ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි ...
22/07/2021

*ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි*

_පින්වත් මහණෙනි, මෙය වනාහී දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන් හී දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය._

- දම්සක් පැවතුම් සූත්‍රය

දැහැමි සිත් වඩවන පින්බර ඇසළ පොහොයක් වේවා!

නාරාහේන්පිට ශ්‍රී සුගත දහම් පාසල

24/06/2021

_"බොදු දම් සිසිල හමා_
_මෙරටට වැඩම කළා_
_පෝ දින පොසොන් අමා_
_සමරමු අරුත සොයා"_

අමාමෑණී තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේ දෙසූ නිර්මල ධර්මස්කන්ධය
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට දායාද කරනු ලැබුවේ අද වැනි වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනයකයි...

පිවිතුරු පොසොන් පුර පසළොස්වක පොහෝ සඳ බැබළෙන්නා සේ ලක්වාසී ඔබ සැමගේ බැති සිත් ඒකාලෝකමත් වේවා!

නාරාහේන්පිට ශ්‍රී සුගත දහම් පාසල් මාධ්‍ය ඒකකය

https://instagram.com/srisugathadahamschool?utm_medium=copy_link

https://www.facebook.com/Sri-Sugatha-Daham-School-104355655186298/

අප ගරුතර ස්වාමීන් වහන්ස වන නාරාහේන්පිට  ශ්‍රී නාරද බෞද්ධ මද්‍යස්ථානාධිපති, ශ්‍රී සුගත දහම් පාසලේ ප්‍රදාන ආචාර්ය සමිත හාම...
08/06/2021

අප ගරුතර ස්වාමීන් වහන්ස වන නාරාහේන්පිට ශ්‍රී නාරද බෞද්ධ මද්‍යස්ථානාධිපති, ශ්‍රී සුගත දහම් පාසලේ ප්‍රදාන ආචාර්ය සමිත හාමුදුරුවනේ ඔබට දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන් දිනයක් වේවා 🙏❤️

_ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි__ධම්මො සුචිණ්ණො සුඛමාවඛාති__එසානිසංසො ධම්මේ සුචිණ්ණො__න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි__*“ධර්මයෙහි ...
25/05/2021

_ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි_
_ධම්මො සුචිණ්ණො සුඛමාවඛාති_
_එසානිසංසො ධම්මේ සුචිණ්ණො_
_න දුග්ගතිං ගච්ඡති ධම්මචාරි_

_*“ධර්මයෙහි හැසිරෙන තැනැත්තා ධර්මයෙන් ආරක්ෂා කරයි. මැනවින් පිළිපදින ලද ධර්මය ඒ පුද්ගලයාට සැප ගෙන දෙයි . ධර්මයෙහි හැසිරෙන තැනැත්තා දුගතියට නොයයි. එය ධර්මයෙහි හැසිරීමේ ආනිසංසයයි."*_

තිලෝගුරු ගෞතම බුදු සමිඳුන්ගේ උතුම් තෙමඟුල සිහිපත් කෙරෙන මේ වෙසඟ, මෝහාන්දකාරය දුරලන මෙත් සිත් පහන් කරවන උතුම් වෙසඟක් වේවා!

නාරාහේන්පිට ශ්‍රී සුගත දහම්පාසල

Facebook -

https://www.facebook.com/Sri-Sugatha-Daham-School-104355655186298/

Instagram -

https://instagram.com/srisugathadahamschool?utm_medium=copy_link

Address

Narahenpita

Opening Hours

08:00 - 12:30

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sugatha Daham School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share