St. Andrew's Church Media Unit

Website

St. Andrew's Church Media Unit ශුද්ධවූ අන්ද්‍රේ අපෝස්තුළුතුමෙනී අප නිසා යාච්ඤා කල මැනව
(1)

07/10/2026
 Catholic Community මෝදර කතෝලික ප්‍රජාව
03/10/2026

Catholic Community මෝදර කතෝලික ප්‍රජාව

st.andrews church lunupokuna colombo 15

https://youtu.be/Npbg9vro_w4 ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපොස්තුලුතුමන්ගේ දේවස්ථානයේ වසර 200ක මතකාවර්ජනය.
03/10/2026

https://youtu.be/Npbg9vro_w4 ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපොස්තුලුතුමන්ගේ දේවස්ථානයේ වසර 200ක මතකාවර්ජනය.

st.andrews church lunupokuna colombo 15

ජුබිලි ලාංඡනය සඳහා පවත්වන්නා වූ විවෘත තරගයජුබිලි තේමාව :-"කතිර කුරුසිය මත ලියැවුණු ආධ්‍යාත්මික ප්‍රේම පුරාණයේ දෙසියවස් ප...
30/09/2026

ජුබිලි ලාංඡනය සඳහා පවත්වන්නා වූ විවෘත තරගය

ජුබිලි තේමාව :-
"කතිර කුරුසිය මත ලියැවුණු ආධ්‍යාත්මික ප්‍රේම පුරාණයේ දෙසියවස් පූර්ණ සැමරුම් අභිමානය"

ජුබිලි සටන් පාඨය:-
"මිනිසුන් අල්ලන්නෝ - ස්වර්ගය දිනන්නෝය."

🔵 මේ සඳහා ඕනෑම තරගකරුවෙක් ට ඉදිරිපත් විය හැකිය.

🟡 ඔබේ නිර්මිත ජුබිලි ලාංඡනය, ජුබිලි තේමාව හා සටන් පාඨය පාදක කරගෙන කැමති මාධ්‍යයකට අනුව වර්ණ හා හැඩතල භාවිතා කරමින් නිර්මාණය කළ හැකිය.

🟣 නිවැරැදි නොවන විස්තර ඇතුලත් නිර්මාණ විනිසුරු මඩුල්ල විසින් නොසලකා හරින බව කරුණාවෙන් සලකන්න.

🟢 ඔබේ නිර්මිත ලාංඡනය ලබාදෙන අවස්ථාවේදී ඒ සමගම එම ලාංඡනය සදහා භාවිතා කර ඇති හැඩතල, වර්ණ හා අනිකුත් දෑ පිළිබඳව පැහැදිලි කිරීමක් තරගකරු විසින් ලිඛිතව ඉදිරිපත් කළ යුතුය.

තෝරා ගන්නා අවසාන ජුබිලි ලාංඡනය අදාළ වෙනස්‌කම් වලින් පසුව එළිදක්වනු ලැබේ.

💟 ඔබේ නිර්මාණ ඔක්තෝම්බර් 11 වන දා රාත්‍රී 12 ට පෙර

ගරු පියතුමාට හෝ
ලේකම්තුමාට
භාර දිය යුතුය.

ලුණුපොකුණ මීසමේ 400 ක් පමණ වූ සැදැහැවතුන් තෙවන වරටත් වාර්ෂික මරුද මඩු වන්දනාවේ.....මෝදර, ලුණුපොකුණ, ශුද්ධවූ අන්ද්‍රේ මීස...
25/09/2026

ලුණුපොකුණ මීසමේ 400 ක් පමණ වූ සැදැහැවතුන් තෙවන වරටත් වාර්ෂික මරුද මඩු වන්දනාවේ.....

මෝදර, ලුණුපොකුණ, ශුද්ධවූ අන්ද්‍රේ මීසමට අයත් බැතිමතුන් පිරිසක් ඉකුත් සතියේ තෙවන වරටත් පූජනීය මඩු පුදබිමේ වූ සිද්ධස්ථානයට ප්‍රවිෂ්ඨ වුයේ එකම කිතුනු පවුලක් විලසිනි.
තෙදිනක් තුළ පැවති මෙම චාරිකාවේදී සැලසුම් සහගත සුවිශේෂී වැඩසටහනකට අනුකුලව පාපොච්චාරණ සක්‍රමේන්තුව ලබා ගැනීම,දෙව් පුද මෙහෙයන්ට සහභාගී වීම, පවුල් ආසිරි ගැන්වීම මෙන්ම නිහඬ යැදුම්හි සිත් සේ නිරත වීමට මෙහිදී පිරිසට අවස්ථාව සැලසුණි.
එසේම දිව්‍ය සත්ප්‍රසාද වන්දනාවෙන් ඉක්බිතිව පැවති ජපමාල බැතියෙන් අනතුරුව, දේව මාතාවන් රැගත් සොරවලය පෙරටුකොටගෙන, දැල්වූ ඉටිපහන් රැගත් "ආලෝක පෙරහැර" සිද්ධස්ථානයේ සිට ලුර්දු ගුහාව දක්වා පිය මැන අවසානයේ දේව මාතා ප්‍රතිමාවෙන් බැතිමතුන් ආසිරි ගැන්විණි.
මීසම් සේවක ගරු රජිත ලියනගේ පියතුමාගේ මුලිකත්වයෙන් සහ මීසම් ධර්මසේවා සභාවේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය කරන ලද මෙම වාර්ෂික වන්දනා චාරිකාවේදී ගරු චාරුක පියතුමා (නි.ම.නි.)විසින් අර්ථවත් දේශනයක් පවත්වන ලද අතර, ඩිලාසාල් නිකායේ ගරු නිරෝෂන් සහෝදරතුමාද, ගරු චිත්‍රා කන්‍යා සොයුරියද මෙම ගමනට එක්වූහ.

සටහන
ජෙනී පෙරේරා

14/09/2026
ගීත රචනා පද ගැලපුම් නිර්මාණය කිරීමට හැකියාව ඇති වයස අවුරුදු 18 ට වඩා වැඩි , වැඩිහිටි ඔබ සැමට ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අප...
10/09/2026

ගීත රචනා පද ගැලපුම් නිර්මාණය කිරීමට හැකියාව ඇති වයස අවුරුදු 18 ට වඩා වැඩි , වැඩිහිටි ඔබ සැමට
ලුණුපොකුණ සාන්ත අන්ද්‍රේ අපොස්තුලුතුමන්ගේ ඉපැරණි දේවස්ථානයේ දෙසියවස් ජුබිලි සැමරුම වෙනුවෙන්

ලුණුපොකුණ ග්‍රාමයේ ඔබ සැමට දෙසියවස් ජුබිලියේ තේමා ගීතය රචනා කිරීමේ අගනා අවස්ථාව හිමි වනු ඇත.

එම තරගය අදාළ නිර්මාණයන් සදහා අවශ්‍ය නිර්ණායකයන් මෙසේය

*එම තේමා ගීතයට අදාළ පද නිර්මාණය පමණක් සෑහේ.
*විනාඩි 1:30 ක පමණ කාලයකට සරිලන පරිදි පද රචනයන් නිර්මාණය කල යුතුය.
*එම පද නිර්මාණය සදහා ලුණුපොකුණ මීසම් ඉතිහාසය , හා අනන්‍යතාව පිළිබධ විදහා දැක්වෙන පරිදි නිර්මාණය කල යුතුය.

එම නිර්මාණයන් පැහැදිලි අත් අකුරින් ලියා , ලියුම් කවරය බහා රචකයාගේ නම සහ දුරකථන අංකය පැහැදිලිව සදහන් කර මීසම් සේවක පියතුමා වෙත භාර දෙන්න.

නිර්මාණ බාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් මස 25 වන දින

🌹🙏 A Blessed Celebration of the Nativity of the Blessed Virgin Mary 🙏🌹With hearts filled with gratitude and joy, we gath...
08/09/2026

🌹🙏 A Blessed Celebration of the Nativity of the Blessed Virgin Mary 🙏🌹

With hearts filled with gratitude and joy, we gathered in prayer and celebrated Holy Mass in honour of the Birthday of our Blessed Mother Mary. 💙

May Mary, our loving Mother, lead us ever closer to her Son Jesus, accompany us in every moment of our lives, and intercede for our families and our parish community. 🙏✨

O Mary, conceived without sin, pray for us.
Holy Mother of God, pray for us. 🌹🙏

Address

St. Andrew's Church, Colombo
Mutwal
01500

Alerts

Be the first to know and let us send you an email when St. Andrew's Church Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share