06/10/2026
සිප් කිරි පොවා අප හට දුන් ඔවාමෙනි
යා යුතු මග යැයි නිතරම කියා දුනි
මව් පිය විලස සෙනෙහස පිදු දයාවෙනි
නමදිමි ගුරු මව්වරුන් සහා ගුරු පියාණනි.....
බිහිකළ මවට පසු අම්මා ඔබය අපේ
අප්පච්චිට දෙවෙනි පියතුම ඔබය අපේ
පතනෙමි මෙලෙස දෑතම එක් කරන් අපේ
කිසියම් දුකක් නොම වේවා මේ තුන් කපේ.....
අමනාපයක් නැත කිසි දවසක පෙන්නා
වරදක් දුටුව තැන නිසි දඩුවම දුන්නා
හොද මිනිහෙක් කරන්නට වීරිය ගන්නා
මතු සසරෙදි ගුරු මව්පියො බුදු වෙන්නා....
දන්නා සියලු සිප්කිරි අප හට පෙව්ව
දිව රෑ නොබලා අප වෙනුවෙන් වෙහෙසෙව්ව
දුකකදි සතුටකදි අප සිත් සැනසෙව්ව
නමදිමි එවන් ගුරු මව්පියො හැමදාම 🙏🏻✨....
#ලෝකගුරුදිනය
#සීවලීදහම්පාසල
#පුරාණමහාවිහාරය