Sri Sambuddaraja MahaSeya

Sri Sambuddaraja MahaSeya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sambuddaraja MahaSeya, Buddhist Temple, Sri Sudarshanarama Viharaya, Mirigama.

19/08/2026

බස්නාහිර පලාත තුල මෑත ඉතිහාසයේ ඉදිකරනු ලබන උසින් වැඩිම සෑ රජාණන් වහන්සේ වන ශ්‍රී සම්බුද්ධරාජ මහා සෑය අඩි 213 ක් පමණ උසකින් යුක්තව මීරිගම, හළුගම ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ 2025.12.05 වන දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබූවා...

භාග්‍යවතුන් වහන්සේගේත්, මහරහතන් වහන්සේලාගේත් නිර්මල ධාතූන්වහන්සේලා බොහෝ ප්‍රමානයක් නිදන් කොට දෙව් මිනිසුන්ට පිං අස්වනු නෙලන්නට පිං කෙතක් ලෙසින් මේ මහා සෑය අනාගතයේ අහස්කුස මතින් නැගී සිටින කිරිබුබුලක් මෙන් ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා...

මේ මහා සෑ කර්මාන්තය ආරම්භ කිරීමට ප්‍රථම මුල්ගල් තැබීමේ පිංකම 2025.12.05 වන දින සුභ මොහොතින් සිදු කරන ලද අතර,

මේ, පිංකම දැක බලා සාධු කියා සතුටු සිත් ඇතිකරගත් සියලු පිංවතුන්ටද, පිං අනුමෝදන්වනු කැමති සියළු දෙවියන්ටද, පිං අනුමෝදන්වනු කැමති සියළු බ්‍රහ්මයන්ටද, පිං අනුමොදන් වනු කැමති සියළු නාගයන්ටද, පිං අනුමෝදන් වනු කැමති සියළු සත්වයන් හටද සතුටු සිත් පෙරදැරිව අනුමෝදන් කරන්නෙමු...🙏🙏🙏 අනුමොදන් වෙත්වා...🙏🙏🙏🌹🌹🌹

මේ පින් බලයෙන් අප සෑම සියළු දෙනාටම කායික මානසික පීඩාවන්ගෙන් තොරව, නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා...🙏🌹
සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා...🙏🌹

නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා...🙏🌹

මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා...🙏🌹

නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබන්නත් හේතු වේවා...🙏🌹

නිවන් දකිනා මොහොත දක්වා සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා...🙏🌹

සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා...🙏🌹

බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා...🙏🌹

සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා...🙏🌹

දෙදෙව්ලොවට අධිපති සක්දෙවිදුන්, විස්කම් දෙවිදුන්ටද, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේටද, සතරවරම් දෙවිරජවරුන්ටද, මහා විෂ්ණු දෙවිදුන්, සුමන සමන්දෙවියන් ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන් ගේ අරක්ෂාව ද නිබදව දවසින් දවසම ලැබේවා...🙏🌹

මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා...🌹🙏

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා...🌹🙏

සියලු සතුන් ලොව සුවපත් වේවා ...🙏🙏🙏🌹🌹🌹

සාධු සාධු සාධු ...🙏🙏🙏🌻

08/08/2026

ඉදිවෙමින් පවතින සම්බුද්ධරාජ මහා සැය 2026

🙏🙏🙏🙏🙏🙏🙏බස්නාහිර පලාත තුල මෑත ඉතිහාසයේ ඉදිකරනු ලබන උසින් වැඩිම සෑ රජාණන් වහන්සේ වන ශ්‍රී සම්බුද්ධරාජ මහා සෑය අඩි 213 ක් පමණ උසකින් යුක්තව මීරිගම, හළුගම ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථානයේ 2025.12.05 වන දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබූවා...

භාග්‍යවතුන් වහන්සේගේත්, මහරහතන් වහන්සේලාගේත් නිර්මල ධාතූන්වහන්සේලා බොහෝ ප්‍රමානයක් නිදන් කොට දෙව් මිනිසුන්ට පිං අස්වනු නෙලන්නට පිං කෙතක් ලෙසින් මේ මහා සෑය අනාගතයේ අහස්කුස මතින් නැගී සිටින කිරිබුබුලක් මෙන් ඉදිකිරීමට මේ වනවිට මූලික කටයුතු සම්පාදනය වෙමින් පවතිනවා...

මේ මහා සෑ කර්මාන්තය ආරම්භ කිරීමට ප්‍රථම මුල්ගල් තැබීමේ පිංකම 2025.12.05 වන දින සුභ මොහොතින් සිදු කරන ලද අතර,

මේ, පිංකම දැක බලා සාධු කියා සතුටු සිත් ඇතිකරගත් සියලු පිංවතුන්ටද, පිං අනුමෝදන්වනු කැමති සියළු දෙවියන්ටද, පිං අනුමෝදන්වනු කැමති සියළු බ්‍රහ්මයන්ටද, පිං අනුමොදන් වනු කැමති සියළු නාගයන්ටද, පිං අනුමෝදන් වනු කැමති සියළු සත්වයන් හටද සතුටු සිත් පෙරදැරිව අනුමෝදන් කරන්නෙමු...🙏🙏🙏 අනුමොදන් වෙත්වා...🙏🙏🙏🌹🌹🌹

මේ පින් බලයෙන් අප සෑම සියළු දෙනාටම කායික මානසික පීඩාවන්ගෙන් තොරව, නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ලබන්නට මේ පින හේතුවාසනා වේවා...🙏🌹
සසර පුරාවටම නැහැ බැහැ කියන වචනයක්වත් අහන්නට නොලැබේවා...🙏🌹

නිවන්දක්නා ජාති දක්වාම ආයු,වර්ණ,සැප,බල,ප්‍රඥාවන්හි කිසිදු අඩුවක් නොවේවා...🙏🌹

මෙපින් බලෙන් ගැඹුරු ධර්මතාවන් පවා තේරුම් ගැනීමට නුවණ පහලවේවා...🙏🌹

නිවන් දක්නා ජාති දක්වාම සද්ධර්මය ඇසෙන පරිසරයකම උපතලබන්නටත්, සද්ධර්මය නොඇසෙන කාලයන්හිදී අඩුමතරමින් පන්සිල් රකින ප්‍රදේශයක උපත ලබන්නත් හේතු වේවා...🙏🌹

නිවන් දකිනා මොහොත දක්වා සිත නිරන්තරයෙන්ම දහමට නැඹුරුවේවා...🙏🌹

සසර පුරාම දන්දෙන්නට සිත් පහලවේවා, දුන්දෙයක කිසි කලෙකසිත් නොඇලෙන්නටත්, දන්දෙන්නට සිතන සෑම විටකම දානවස්තූන් පහලවන්නටත් මෙපින් හේතුවාසනා වේවා...🙏🌹

බක්කුල මහ රහතුන් වහන්සේට මෙන් නීදුක් නිරෝගී බවේ අඩුවක් නොවේවා...🙏🌹

සීවලී මහ රහතුන් වහන්සේ නළල්තලයේ වැඩ සිටිනවා මෙන් ප්‍ර‍ත්‍ය ලාභයේ අඩුවක් නොවේවා...🙏🌹

දෙදෙව්ලොවට අධිපති සක්දෙවිදුන්, විස්කම් දෙවිදුන්ටද, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේටද, සතරවරම් දෙවිරජවරුන්ටද, මහා විෂ්ණු දෙවිදුන්, සුමන සමන්දෙවියන් ඇතුලු මේ බුද්ධ ශාසනයත්, ලෝකයත් ඔබවත් අපවත් ආරක්ෂාකරන්නාවූ සම්‍යදෘෂ්ඨික දෙවියෝද, නොපෙනෙන බලයන් ගේ අරක්ෂාව ද නිබදව දවසින් දවසම ලැබේවා...🙏🌹

මේ පින්වත් පිරිස යන එන ගමන් බිමන්, කරන කියන රැකියා, තමන්ගේ දුවා දරුවන්ගේ, ඉගෙනීමේ කටයුතු පුරපස මෝරන චන්ද්‍ර‍යා මෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.ඔබට සමත විදර්ශනා ඥානයන් පහල වේවා...🌹🙏

අපද පතන යම් බෝධියක් වේද ඒ බෝධියෙන්ම නිර්වාණ අවබෝධයට මේ පින හේතු වාසනා වේවා...🌹🙏

සියලු සතුන් ලොව සුවපත් වේවා ...🙏🙏🙏🌹🌹🌹

සාධු සාධු සාධු ...🙏🙏🙏🌻

08/08/2026
21/07/2026

ස්ථූප කරවීමේ ආනිශංස.

1. ශරීරයේ විවිධ රෝග හට නොගනී.

2. ශරීරයේ කිසිම කැළලක් හටනොගනී.

3. දිව්‍යය මනුෂ්‍යය යන සුගතියෙහි උත්පත්තිය ලබයි.

4. රන්වන් බැබළෙන ශරීරයක් සියලු භවයන්හි ලබයි.

5. අප්‍රියයන් එක්වීමක් සිදු නොවේ.

6. ප්‍රියයන් හා එක්වේ.

7. මිනිස් ලොව රජ, මැති, ඇමැති පදවි ලැබේ.

8. සක්විති රජ පදවිය හිමි වේ.

9. සක්දෙව් පදවිය ලබන්නට සුදුසු වේ.

10. ප්‍රඥාවන්ත වේ.

11. ගුණයෙන් ධනයෙන් පොහොසත් වේ.

12. අරහත් පදවියට අපහසුවෙන් තොරව ළං වේ.

13. නිර්වාණය අවබෝධ වේ.

14. එතෙක් කිසිදු දුගතියක නූපදී.

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංසයි..

මේ ස්ථූපයක් ඉදිකිරීම පිණිස දායකත්වය ලබාදෙන විට අපගේ සිත, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින් අපට අප්‍රමාණ පුණ්‍යධර්මයක් රැස් වෙනවා.

මේ ගැන විශේෂ තොරතුරු ඛුද්දක නිකායට අයත් අප දාන පාලියේ සඳහන් වෙනවා. ගෞතම බුදු සසුනේ නිකෙලෙස් වූ උතුම් රහතුන් වහන්සේලා අතීතයේ උන්වහන්සේලා ගේ ජීවිත ගතකළ ආකාරය. උන්වහන්සේලා කල්ප ගණනක් ආපස්සට අතීතය දැකලා පෙන්වා දෙනවා මම අතීතයේදී ස්ථූප රාජයාණන් වහන්සේට චක්‍රයක් පූජා කළා, වස්ත්‍රයක් පූජා කළා.

එයින් රැස් වූ පුණ්‍යධර්මයන්ගේ විපාකයක් ලෙස මේ ආකාරයට දුගතියේ නොයා බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා පසුකලකදී බුදු සසුනේ උතුම් ධර්මාවබෝධය ලැබීමට පවා ඒ පින හේතු වූ බව. එනිසා ස්ථුපයකට මොනයම් අයුරින් හෝ දායකත්වය ලබාදෙන සැදැවතුන්ට බොහෝ පින් එක්රැස් වෙනවා. එපමණක් නොවේ තැනූ චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් කෙනෙක් දැකබලා සිත පහදවා ගෙන වන්දනා මාන කළද එයින් බොහෝ පින් එකතු වෙනවා.

ඒ පිළිබඳව ඛුද්දක නිකායට අයත් විමාන වත්ථු හි සඳහන් වෙනවා එක්තරා ස්ත්‍රියක් වැටකොලු මල් හතරක් ධාතු ස්ථුපයකට පූජා කරන්නට යද්දී ගව දෙනක්ගේ පහර කා මරණයට පත්වෙලා ඒ මොහොතේදීම තවුතිසා දිව්‍ය ලෝකයේ උපත ලබනවා. ස්වර්ණ වර්ණ වූ සියලු ආභරණ ඒ වගේම සියලු වස්ත්‍ර සහිතව සෝබමාන සිරුරකින් යුතුවයි එහි ඉපදුනේ. ඇයගේ සැප සම්පත් දැකලා ශක්‍ර දේවේන්ද්‍රයා ඒ ගැන විමසද්දී ඒ දෙව්දුව පැවසුවේ තථාගතයන් වහන්සේ ගේ ධාතු ස්ථූපයකට වැටකොලු මල් පූජා කරන්න යද්දී තමයි කලුරිය කළේ.

ඒ තුළින් රැස් වූ ප්‍රන්‍ය විපාක තමයි අත් විඳින්නේ කියලා. එසේ පින් එලදෙන ආකාරය විමාන වන්ථු පාලියේ පැහැදිලිව සටහන් වී තිබෙනවා. එහි තැනක සඳහන් වෙනවා “දාගැබ් වහන්සේලාට, ගුණවත් සංඝයාට, ආගන්තුකයන්ට, මව්පියන්ට, වැඩිමහළු පිරිසට දන්දීමේ ගෞරව කිරීම් ආදිය කරනවා නම් මේ පුන්‍ය නිධානය කාටවත් සොරකම් කරන්න බෑ කියලා. පරලොව යද්දී එය තමාගේ පස්සෙන්ම එනවා. දෙවි මිනිසුන්ට තමන් කැමති කැමති හැම තැනම ලබා දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් බව. ඔබ ස්ථුපයක් තැනීමට උදව් උපකාර කළ පින මේ ථේරපදානයන් කියවා මෙසේ තේරුම් ගන්න.

01. පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.

මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.

මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.

බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.

බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.

02. නාගසමාල ථේරාපදානය

මම සියලු නගර වාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා නගර මැද වීදියෙහි සුණු ගඩොල් ආදියෙන් නිමවන ලද සිබී බුදුරජුන්ගේ ස්තූපයට ආදර සිරතව පලෝ මලක් ගෙන තැබීමි.

මින් එක්තිස්වන කපෙහි වූ, එකල්හි යම් පුණයකර්මයක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ ස්ථූප පූජාවෙහි විපාකයයි. මින් පසෙලොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති “භූමීය” නම් සක්විති රජෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද අෂ්ඨි විමෝක්ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

03. සුධා පිණ්ඩිය ථේරාපදානය

සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ සෑයට මා විසින් පැහැදුනු සිතින් සුණු පිඬක් දෙන ලදී. එයින් සෑය පිළිසකර කෙරිණි.

මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් පින් කමක් කලෙම්ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. සෑ පිළිසකරෙහි ප්‍රතිසංස්කරණයෙහි විපාකයයි මේ.

මින් තිස්වන කපෙහි සත් රුවනින් යුත් “පටිසංඛාර” නම් වූ සක්විති රජ කෙනෙක් වීමි. මේ ජීවිතයේදී සිව් පිළිසිඹියාවෝද, අෂ්ඨ විමෝක්ෂයෝද, ෂඩ් අභිඥාවෝද සාක්ෂාත් කරන ලදී. බුදු රජාණන් වහන්සේගේ සසුන සම්පූර්ණ කරන ලදී. මේ අයුරින් ආයුෂ්මත් සුධා පිණ්ිය තෙරුන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.

04. සපරිවාරිය ථේරාපදානය

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිදන් කල මහත් සෑයක් විය. මම අති උතුම් ධාතු ගර්භයෙහි දිව රෑ දෙක්හි උවටැන් කලෙමි. පහන් සිත් ඇතිව, සොම්නස් ඇතිව එහි සඳුන් වේදිකාවක්ද කලෙමි.

මේ පුණ්‍ය කර්මයේ විපාකයෙන් දිව්‍ය වූ හෝ මානුෂීය වූ හෝ භවයෙහි උපදින කල්හි මාගේ පහත් බවක් නොවීය. මේ පූර්ව කර්මයේ මින් එක් දහස් පන්සිය වන කපෙහි මහත් බල ඇති “සමත්ත” නම් වූ ඒ සියලු සක්විති රජවරු අට දෙනෙක් වූහ.

05. පිළින්දවච්ඡ ථේරාපදානය

සුමේධ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති සොම්නස් වූ මම ස්ථූප පූජාවක් කළෙමි.

එම ථූප පූජා කිරීම් වශයෙන් ඇතිවූ චිත්ත ප්‍රසාදය කරණ කොටගෙන මම දිව්‍ය විමානයක උපනිමි. අසූ දහසක් දෙවඟනෝ මාගේ සිත සතුටු කරවූහ. එම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොටගෙන මා අනුවම පවතිත්, මම අනෙක් දෙවියන් සම්පත්තියෙන් ඉක්ම වීමි. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මම එකල්හි පස් විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති “වරුණ” නම් සක්විති රජෙක් වීමි.

මම එහි රාජ්‍ය කොට නැවත දිව්‍ය ආත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබදුම වූ භෝග සම්පත්ති තොමෝ උපන්නය.

මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නොකෙරෙත්. මම සියලු දෙනාටම ප්‍රිය වීමි.. මේ ස්ථූප පූජා පුණ්‍යකර්මයාගේ විපාකයයි.

මේ භද්‍ර කල්පයේ මම මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විති රජෙක් වීමි.

තවද අපගේ මහා බෝසතාණන් වහන්සේ එක්තරා බෝසත් භවයක බ්‍රග්මණ පවුලක ඉපදුණා.මහබෝසතාන් වහන්සේගේ පුතා නිවසින් පිටත්වෙනවා ඉගෙනීම සදහා.පසුව මේ පුතා ගැන තොරතුරක් නැති නිසා බෝසතාණන් වහන්සේ පුතාව සොයාගෙන යනවා.සොයාගෙන යන විට හමුවෙනවා ගාර වැටුන සෑයක්.ඒ අවට පිරිස කියනවා.ඔය සෑ රජාණන්වහන්සේ තුළ වැඩඉන්නේ ඔබගේ පුත්‍රයාගේ ධාතුන් වහන්සේලා කියලා. ඒ පුත්‍රයා පසේ බුදු මහරහත් වෙලා අඩු වයසින් පිරිනිවන් පලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑය හදලා තියෙන්නේ.මහා බෝසතාණන් වහන්සේට බලවත් ශ්‍රද්ධාවක් ඉපදිලා ඒ වාගේම තමන්ගේ පුත්‍රයා නිසා බලවත් දුකක් ඇතිව කදුලු සලසලා ඒ සෑයෙන් අඟලක් අඩු කොටසක් තෝරා ගෙන වල් ගලවලා ඒ ළඟ නදියෙන් සුදු වැලි අරගෙන සෝදලා සුදු වැලි අතුරලා පැන් ඉහලා මල් අතුරලා තමන්ගේ වහන්සේගේ උතුරු සලුවත් නදියෙන් සොදලා ධජයක් කරලා මේ උතුම් සෑයට පදක්ෂිනා කරලා පුජා කලා.මේ සෑය වත් කරලා රැස් කල පින නිසා තමයි බුදුරජාණන් වහන්සේ රතන සුත්‍රය දේශනා කරන්න වඩින විට ව්ශාල මහනුවර මහා ප්‍රතිහාර්ය සිදු වුනේ.පසුව භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මේ කුමන ආනුභාවයක් ද කියලා.එවිට භික්ෂුන් වහන්සේලා කියනවා මේ බුද්ධානුභාවය කියලා.අපගේ බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා මෙය බුද්ධානුභාවය නොවේ.මම පෙර සසරේ සෑයක් වත් කිරීමේ පින පල දීමක් කියලා ඒ ජාතක කතාව දේශනා කළා.

සර්වඥ ධාතූන්වහන්සේලා සහ ධාතූන්වහන්සේලා තැම්පත් කෙරේ ..🙏🙏🙏🙏🙏

සම්බුද්ධරාජ මහා සෑය
ශ්‍රී සුදර්ශනාරාමය
හලුගම.මිරිගම

20/07/2026

සම්බුද්ධරාජ මහා සැය ගොඩනගමින්
ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය .මීරිගම

20/07/2026

සම්බුද්ධරාජ මහා සැය 2025

Address

Sri Sudarshanarama Viharaya
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sambuddaraja MahaSeya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share