Maha Viharaya Minuwangoda - Ambagahawaththa

Maha Viharaya Minuwangoda - Ambagahawaththa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maha Viharaya Minuwangoda - Ambagahawaththa, Religious Center, Buddhist Center, Ambagahawaththa, Minuwangoda.

අති පූජ්‍ය හීනටියන ධම්මාලෝක මහ නාහිමි ශිෂ්‍යවර පූජ්‍ය ගාල්ලේ අනුරුද්ධ නාහිමි විසින් සමාරබ්ධ මිනුවන්ගොඩ අඹගහවත්ත මහා විහාරය.

කොළඹ පාර, අඹගහවත්ත, මිනුවන්ගොඩ.

අඹගහවත්ත බෝ සමිඳු පිහිටයි!

සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏Maha Viharaya Minuwangoda - Ambagahawaththa
30/05/2026

සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

2026 අලුත් අවුරුදු චාරිත්‍ර අතරින් අද දින පූර්ව භාග 6.54ට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ චාරිත්‍රය මිනුවන්ගොඩ අඹගහවත්ත මහා වි...
15/04/2026

2026 අලුත් අවුරුදු චාරිත්‍ර අතරින් අද දින පූර්ව භාග 6.54ට යෙදී තිබුණු හිස තෙල් ගෑමේ චාරිත්‍රය මිනුවන්ගොඩ අඹගහවත්ත මහා විහාර පුණ්‍ය භූමියේ පැරණි ශාලාවේ දී පැවැත්විණි.

සම්ප්‍රදායානුකූලව නානු සහ තෙල් බෝධියට සහ මහා විෂ්ණු දේවාලයට දැකුම් දක්වා හිසතෙල් ගල්වන සැමට සෙත් ප්‍රාර්ථනා කර හිසතෙල් ගල්වන ලදී.

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

ලඞ්කායං සාසනාරක්ඛෝ - මහෙසක්කො මහිද්ධිකො,දෙවින්දො උප්පලවණ්ණො - ඉමං පුඤ්ඤානුමොදතුසිරි ලක ද බුදු සසුන සුරකින මහෙස මහබල දෙවි...
06/03/2026

ලඞ්කායං සාසනාරක්ඛෝ - මහෙසක්කො මහිද්ධිකො,
දෙවින්දො උප්පලවණ්ණො - ඉමං පුඤ්ඤානුමොදතු

සිරි ලක ද බුදු සසුන සුරකින
මහෙස මහබල දෙවි උපුල්වන
මෙ අප කළ සව් සපිරි පින් ගෙන
විදුරසුන මතු දින දිනනු මැන!

ඔබ සැමට ශ්‍රී උත්පලවර්ණ දිව්‍යරාජයාණන් වහන්සේ ගේ පිහිටයි! 💙

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

සියැසින් දැක බලා ගැනීමට නොහැකි වූ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න හුදී ජන පහන් සංවේගය පිණිසයි 🌼Maha Viharaya Minuwangoda - Ambag...
05/03/2026

සියැසින් දැක බලා ගැනීමට නොහැකි වූ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න හුදී ජන පහන් සංවේගය පිණිසයි 🌼

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

අද දින විහාර භූමියේ උදෑසන පටන් දන්සැල් රැසක් පැවැත්වෙන ලදී. එම දන්සැල් සංවිධානය කළ සැමට පින්. තෙරුවන් සරණයි 🙏Maha Vihara...
02/03/2026

අද දින විහාර භූමියේ උදෑසන පටන් දන්සැල් රැසක් පැවැත්වෙන ලදී. එම දන්සැල් සංවිධානය කළ සැමට පින්. තෙරුවන් සරණයි 🙏

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

මැදින් පොහොය දින සවස සම්බුද්ධ පූජාව 🌼මේ උතුම් පොහොය දිනයේ ඔබගේ තුන් සිත පිනෙන් නැහැවේවා 🙏Maha Viharaya Minuwangoda - Amb...
02/03/2026

මැදින් පොහොය දින සවස සම්බුද්ධ පූජාව 🌼

මේ උතුම් පොහොය දිනයේ ඔබගේ තුන් සිත පිනෙන් නැහැවේවා 🙏

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

මැදින් පෝ දින සවස මහා විහාරය වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් 🌼Maha Viharaya Minuwangoda - Ambagahawaththa
02/03/2026

මැදින් පෝ දින සවස මහා විහාරය වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් 🌼

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

ගර්භ නිධාන පුණ්‍ය මංගල්‍යය අවසානයේ විහාරයෙහි ආනුභාව සම්පන්න සාසනභාරධාරී උත්පලවර්ණ මහා විෂ්ණු දේවාලය වෙත සියලු දෙනා රැස්ව...
28/02/2026

ගර්භ නිධාන පුණ්‍ය මංගල්‍යය අවසානයේ විහාරයෙහි ආනුභාව සම්පන්න සාසනභාරධාරී උත්පලවර්ණ මහා විෂ්ණු දේවාලය වෙත සියලු දෙනා රැස්ව ආරාධනා පිළිගෙන සපැමිණි දෙවියන්ට දැකුම් පුද පඬුරු දක්වා මහ සෑය ගොඩනැගීමට උපකාර කළ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කොට මහා සංඝ රත්නය විහාරයේ මහා බෝ මළුවට රැස්ව පිරිත් කියා විහාර කර්මාන්තයට උපකාර කළා වූ ද පිනට පින් පතා පැමිණියා වූ ද විහාරාධිගෘහිත දෙවි මහරජාණන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ පිරිවර දෙවියන්ටත් සන්දෘෂ්‍ට සම්‍භක්‍ත දෙවියන්ටත් උපවෙනෙහි දෙවියන්ටත් පිරිත් කියා පින් දී ගර්භ නිධාන උත්සවය නිමා කරන ලදී.

ඒ අනුව ශ්‍රී ලංකාද්වීපයේත් සම්බුද්ධ ශාසනයේත් සුවිශේෂී දිනයක් පුරාතන චාරිත්‍ර නොඉක්මවා අංග සම්පූර්ණ ලෙස නිමා වූ වගයි.

කොත් පැළැඳ වීම, හතරැස් කොටුවේ ධාතු නිධානය, චූඩා මාණික්‍යයේ ධාතු නිධානය සහ ආයකයෙහි (වාහල්කඩ) ධාතු නිධානය පිළිබඳ නුදුරු දිනෙක දී දැනුම් දෙනු ලැබේ.

සියලු දෙනාට ම තෙරුවන් සරණයි!

Maha Viharaya Minuwangoda - Ambagahawaththa


#මහාවිහාරයමිනුවන්ගොඩ

Maha Viharaya Minuwangoda - Ambagahawaththa
28/02/2026

Maha Viharaya Minuwangoda - Ambagahawaththa

මහ සෑ ගර්භයෙහි ඇඳ ඇති සිව්වරම් දේව රූප සහ ලංකාරක්ෂක වූත් ධර්මාරක්ෂක වූත් අභිනව මහ සෑයෙහි ආරක්ෂාව භාර කළ ශ්‍රී උත්පලවර්ණ ...
28/02/2026

මහ සෑ ගර්භයෙහි ඇඳ ඇති සිව්වරම් දේව රූප සහ ලංකාරක්ෂක වූත් ධර්මාරක්ෂක වූත් අභිනව මහ සෑයෙහි ආරක්ෂාව භාර කළ ශ්‍රී උත්පලවර්ණ දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ රූප.

ගර්භය වැසීමට පෙරාතුව මෙම රූප ඉදිරියෙහි සුදු හඳුන් තෙලින් සහ රන් තැඹිලි තෙලි පහන් දල්වා දේවාරාධනා කොට පිරිත් කියා පින් දෙන ලදී. ධාතු ගර්භයෙහි ආරක්ෂාව සලසන ලෙස මෙම මහ දෙවිවරුනට ආයාචනා කරන ලදී.

Address

Buddhist Center, Ambagahawaththa
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when Maha Viharaya Minuwangoda - Ambagahawaththa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share