Nilwalagoda wiharaya - නිල්වලාගොඩ විහාරය

Nilwalagoda wiharaya - නිල්වලාගොඩ විහාරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilwalagoda wiharaya - නිල්වලාගොඩ විහාරය, Buddhist Temple, sri gnanindraramaya, Nilwalagoda, Medagama.

වසර නවයකට පෙර අපවත්වී වදාළ නිල්වලාගොඩ විහාරස්ථානයේ නිර්මාතෘ විහාරාධිපති කාව්‍ය දර්මදේශක පූජ්‍ය කුට්ටියගොල්ලේ ඤාණරතන ලොකු...
05/01/2024

වසර නවයකට පෙර අපවත්වී වදාළ නිල්වලාගොඩ විහාරස්ථානයේ නිර්මාතෘ විහාරාධිපති කාව්‍ය දර්මදේශක පූජ්‍ය කුට්ටියගොල්ලේ ඤාණරතන ලොකු හාමුදුරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම මෙන්ම 2024 වර්ෂය වෙනුවෙන් සැමදෙනාටම ආශිර්වාද කරමින්,සම්බුද්ධ වන්දනාව,සෙත් පිරිත් දේශනාව සිදුකර ස්වාමීන් වහන්සේලා වෙත ගිලන්පස දානය පූජා කිරීම.
සැමදෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.2023/12/30

අද දින ජන්මදිනය සමරන අප විහාරස්ථානයේ විහාරාධිකාරී පේරාදෙණිය සරසවියේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන  මිල්ලෑවේ දේවරතන පොඩි හාම...
30/05/2023

අද දින ජන්මදිනය සමරන අප විහාරස්ථානයේ විහාරාධිකාරී පේරාදෙණිය සරසවියේ අවසන් වසරේ අධ්‍යාපනය හදාරන මිල්ලෑවේ දේවරතන පොඩි හාමුදුරුවන් වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු🙏🙏🙏🙏

දිනක් චම්පානුවර වැසියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කර මෙසේ විමසා සිටිනවා. ස්වාමීනි, භාග්‍...
24/05/2023

දිනක් චම්පානුවර වැසියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කර මෙසේ විමසා සිටිනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේ ලෝකයේ යම්කිසි කෙනෙක් දානයක් දුන් විට ඒ දානය මහත්ඵල මහනිශංස නො වන අවස්ථා තිබෙනවා ද? ඒ වගේම මහත්ඵල මහනිශංස වන අවස්ථා තිබෙනවා ද? යි යනුවෙන්.
මෙහිදී මහත්ඵලයි, මහානිශංසයි කියන වචන දෙක තේරුම් ගන්න ඕනේ. මහත්ඵල කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලවලට යි. මහානිශංස කියන්නේ ලෞකික ජීවිතය සුවපත් කර ගන්න උපකාර වන දේ යි. ඒ වචන දෙකම එකවර යොදන අවස්ථාත් තිබෙනවා.
දානය කියන්නේ දීම, අතහැරීම, පරිත්‍යාගය ආදිය යි. එසේ අත්හරින හේතුව, දෙන හේතුව පදනම් කරගෙනයි ඒ තුළින් අපේ මූලික ඉලක්කයට අපට යා හැකි ද කියා තීරණය වෙන්නේ. තව ආකාරයකට කියනවා නම්, මහත්ඵල මහානිශංස ලැබෙන ආකාරය තීරණය වන්නේ දීමේ ක්‍රියාවලිය සිදුකරන හේතුව අනුව යි. ඒ හේතුව මතයි දානය මහත්ඵල වෙනව ද? නැද්ද? කියා තීරණය කරන්නේ.
එනිසා බුදුරජාණන් වහන්සේ චම්පා වැසියන්ට දානය මහත්ඵල මහානිශංස නොවන ආකාරයත් වදාළා. ඒ මෙසේයි.

බෞද්ධයෙක් මූලික ව ම දන් දිය යුත්තේ ලෝභය, තණ්හාව නැති කර නිවනට ළංවීම පිණිසම යි. අන්‍යාගමිකයෝත් දන් දෙනවා. නමුත් ඔවුන් නිවන් බලාපොරොත්තු වන්නේ නැහැ.

සමහර අය දන් දෙනවා. ඒ අපේක්ෂා සහිතව. බලාපොරොත්තු බොහෝ තබාගෙන ද දන් දෙනවා. උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්න, පරලොව සැපත් ඤාතීන්ට පින් අනුමෝදන් කරන්න දන් දෙනවා. ඒ ඤාතින්ට පින් දෙන්නේ ඇයි? පින් දෙන්නේ තමන්ගේ නෑකම නිසා. එතැන තිබෙන්නෙත් මමත්වයක්. දන්දීම හොඳ නැහැ කියලා නොවේ කියන්නේ. ලෞකික පරමාර්ථයක් මුදුන්පත් කිරීමට හෝ යමක් පරිත්‍යාග කරනවානම් ඒක හොඳ දෙයක්. නමුත් ඒ තුළ නිවනට සමීප වීමක් සිදුවන්නේ නැහැ.

තව පිරිසක් විපාකයෙහි බැඳුන සිතින් දන් දෙනවා. මේ මේ ආකාරයට දන් දුන්නා ම මේ මේ ආනිශංස තිබෙනවා කියා පිළි ගන්නවා. ආනිශංස ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් දන් දෙනවා. එය නො දැන කළත් සංසාරය දිගු වෙනවා. මේ ආකාරයට බැඳුණු සිතින් දන් දුන්නොත් නිවන අවබෝධ කර ගන්නට නම් අපහසු වෙනවා.

තවත් පිරිසක් දන් දෙන්නේ තැන්පත් කිරීමේ අදහසින්. අනුගාමික නිධානයක් තැන්පත් කළා වගේ පිනක් මේ දානයෙන් රැස්වුණා කියලා කියනවා. පසුපස්සේ පැමිණ විපාක දෙන නිසා එයට අනුගාමික නිදානයක් කියා කියනවා. වටිනා දේ නිදන් කරනවා වගේ හොඳන් දන් දී පරලොව ජීවිතයට ගෙනයන්න දෙයක් රැස්කර ගන්නවා. නමුත් අපි දන් දෙන්නේ අස් කරන්නයි. මේ අදහසින් දන් දුන් විට රැස් වෙනවා. රැස්කරමින් කර්ම එකතු කරනවා. සංස්කාර ගොඩ නගනවා. සංස්කාරවල විපාක ලෙස අලුත් භවයකට යනවා. භව නිරෝධයට පත්වීම සිදුවන්නේ නැහැ. දානයේ මූලික අපේක්ෂාව වන තණ්හාව නැති කිරීම සිදුවන්නේ නැහැ.

ඒ වගේම තව පිරිසක් දන් දෙනවා දුන් දෙයි විපාක මේ මොහොත් මට ලැබෙන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් මට ලබන ආත්මයේ මේවායේ විපාක තිබෙනවා කියා හිතාගෙන ලබන ආත්මයක් බලාපොරොත්තුවෙන් දන් දෙනවා. මෙහි තිබෙන්නේ විපාකයෙහි බැඳුණු සිතයි. ආශාවෙන් යුක්තව දන් දෙන පිරිසක් අපේ සමාජයේ සිටිනවා. එසේ දන් දෙන පිරිසට විපාක ලැබෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ ආකාරයට හොඳට පින් කරලා, හොඳ සංස්කාර ගොඩනගා ගෙන සිටින අවස්ථාවක මියගියොත් චාතුම්මහාරාජික දෙව් ලොව උපත ලබන බව ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ උපත නිවනට දුර වෙන්න පුළුවනි.

තව කෙනෙක් දන් දෙනවා “දෙන එක හොඳ නිසා මම දන් දෙනවා. එහෙම නැතිව මම මේ දෙන දෙයින් විපාකයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ” කියලා කියනවා. ඔහු දීමෙන් සිදුවන ක්‍රියාවලිය අවබෝධ කරගෙන නැහැ. දීමෙන් තණ්හාව නැතිවෙනවා. තණ්හාව නැති වීමෙන් සසර කෙටි වෙනවා කියලා මතයක් ඔහුට නැහැ. නමුත් ලෝක සම්මතය මත දීම හොඳයි කියා කියන නිසා දන් දෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා ඒ වගේම තවත් පිරිසක් දන් දෙනවා, අපේ මවුපියන් බොහෝ කලක සිට දන් දෙනවා. අපේ පරම්පරාව ම දන් දුන් අය යි. ඒ නිසා අපත් දන් දෙනවා කියා දන් දෙනවා. ඒ වගේ පුරාණ චාරිත්‍ර ඉෂ්ඨ කිරීමේ අදහසින් පමණක් දන් දෙනවා නම් ඔහුටත් නිර්වාණය ඉතා දුරයි.

තව පිරිසක් දන් දෙනවා අනේ, මම මේ කෑම කන්න කැමැතියි. ඒ නිසා මට ඕන ඕන අවස්ථාව ට මම ඒ කෑම හදාගෙන කනවා. නමුත් පැවිදි උතුමන්ට කැමැති කැමැති කෑම කන්න බැහැ. ලැබෙන දේයි වළඳන්නේ. ඒ නිසා රස කෑම උන්වහන්සේලාටත් පූජා කරන්න ඕන කියන කාරුණික හැඟීමෙන් දන් දෙනවා. එහෙම දීම නරකයි කියා නොවේ මේ කියන්නේ. නමුත් දන්දීමේ පරමාර්ථය එය නොවේ. දන්දීමේ පරමාර්ථය ලෝභය නැති කිරීම යි.

නැවත බුදුරජාණන් වහන්සේ වදාළා පැරැණි අය දන් දුන්න ආකාරයට දන් දෙන්න කැමැති අය ඉන්නවා. බණ පොතේ සඳහන් වෙනවා මහා ධන කුවේරයෝ දන් දුන් හැටි. රජදරුවෝ දන් දුන් හැටි අසා තිබෙනවා. ඒ අය අනුගමනය කිරීම වශයෙන් දන් දෙනවා. නමුත් එතුළ මමත්වය තිබෙන නිසා ඒ දානය මහත්ඵල මහානිශංස වෙන්නේ නැහැ.

මේ ඉහත කී කාරණා සියල්ලම දානයක් මහත්ඵල මහානිශංස වීමට උපකාරි වන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා දානයක් මහත්ඵල මහානිශංස වන්නේ කොහොමද කියලා.

ඒ තමයි සමථ විපස්සනා නුවණ පහළ කරගන්න පුළුවන් ආකාරයට තමයි දන් දෙන්න ඕනේ. සිත අලංකාර වන ආකාරයට දන් දෙන්න ඕනේ. සිත අලංකාර වන්නේ අලෝභ, අදෝස, අමෝහය කියන කුසල චේතනාවෙන් පමණයි.

කෙලෙස් සහිත සිතින් කරන පිනෙහි වටිනාකමක් නැහැ. නිවනට සමීප වීමට නම් චිත්තාලංකාරය ඉතා වැදගත්. සිත අකුසලයෙන් මුදවන ආකාරයට දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. එනිසා මමත්වයෙන් තොරව දෙන දානයෙන් නිවනට සමීප වෙන්න පුළුවන් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා.

23/05/2023
අප විහාරස්ථානයේ ඉදිකරමින් පවතින සංඝාවාසයේ කටයුතු වෙනුවෙන් විශේෂ පරිත්‍යාග කරන්න යෙදුන  සුරේෂ් මහතා සහ සන්දීපා මහත්මිය දෙ...
25/04/2023

අප විහාරස්ථානයේ ඉදිකරමින් පවතින සංඝාවාසයේ කටයුතු වෙනුවෙන් විශේෂ පරිත්‍යාග කරන්න යෙදුන සුරේෂ් මහතා සහ සන්දීපා මහත්මිය දෙදනා ප්‍රමුඛ ආදරණීය පියතුමාට සහ මව්තුමිය මෙන්ම පවුලේ සැමදෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර🙏🙏
සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා🙏🙏සද්ධර්මය අවබෝධය පිනිස මෙම උතුම් පිංකම උපකාර වේවා.🙏🙏🙏

අප විහාරස්ථානයේ ඉදිකරමින් පවතින සංඝාවාසයේ කටයුතු වෙනුවෙන් විශේෂ ආධාර මුදලක් පරිත්‍යාග කරන්න යෙදුන කොහුකුඹුරේ සිරිධම්ම ස්...
24/04/2023

අප විහාරස්ථානයේ ඉදිකරමින් පවතින සංඝාවාසයේ කටයුතු වෙනුවෙන් විශේෂ ආධාර මුදලක් පරිත්‍යාග කරන්න යෙදුන කොහුකුඹුරේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට මෙන්ම ආදරණීය පියතුමාට සහ මව්තුමිය ප්‍රමුඛ පවුලේ සැමදෙනාටම නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා.සද්ධර්මය අවබෝධය පිනිස මෙම උතුම් පිංකම උපකාර වේවා.🙏🙏🙏

23/04/2023

Address

Sri Gnanindraramaya, Nilwalagoda
Medagama

Telephone

+94772935954

Website

Alerts

Be the first to know and let us send you an email when Nilwalagoda wiharaya - නිල්වලාගොඩ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Nilwalagoda wiharaya - නිල්වලාගොඩ විහාරය:

Share