20/08/2026
සුදු අසෙකු පිටට බැල්ම කරන්නේ
කබලෑවේ දෙව් යහනට දෙවියො වඩින්නේ
දෝත පුරා දෙන දළු මුර සුවද ලබන්නේ
කබලෑවේ දෙවි යහනට ඔන්න වඩින්නේ
සුදු අනසේ ලේ ඉනට අදිනවා
රන් කඩුවක් ගෙන අතක දරනවා
මතු බුදු වන්නට පෙරුම් පුරනවා
සූනියමේ දෙවි ඔන්න වඩිනවා
බලපන් එනකොට පොලොව නටන්නේ
අණ වින කොඩි වින දෝෂ මුදන්නේ
ගමින් ගමට එන දොස හැර යන්නේ
සූනියමේ දෙවි බැල්ම කරන්නේ
අතට පයට වාන් පතුරු බැදපල්ලා
හිස වට කර නෙක ගොටු අද තබපල්ලා
කඩුව අරන් ඉහ වට කරකවල්ලා
යකෙක් වෙතොත් මා පසු කර බලපල්ලා
වෙල් එලියේ ඉද දිවැස් බලන්නේ
සුදු තුරගා පිට දෙවියෝ වඩින්නේ
ගිනි කලඹක් එක අතක දරන්නේ
ඔඩ්ඩි වඩිග දෙවි යහනේ වඩින්නේ
නයෙකු විකාගෙන දෙපයට පාගා
සතර දිගන්තෙට අණසක කියලා
තෙදැති දෙවියො එති අසුන බලලා
දෙවියන් එනකොට යක්කු දුවනවා
සුදු මල් බන්ඩර දෙවියෝ වඩිනවා
ගිනි කලබක් එක අතක දිලෙනවා
සූනියෙමේ තෙද දෙවියෝ වඩිනවා
රන් වන හස්තක අතකට ගන්නේ
රන් වන ත්‍රීෂූල අතකට ගන්නේ
ගමෙන් ගමට දෙවි බැල්ම කරන්නේ
කබලෑවේ දෙවි මෙරග වඩින්නේ
එදා උතුම් පත්තිනි දෙවි පිරිත මූල ගෙන
සුරත දමා ගැට ගස ගෙන දැමුවේ අණසක
උතුම් මගේ පතිනි අණින් කෙලි පුද අරගෙන
සියලු රෝග හැරයන ඒ දේසෙට රස දෙස
අන්න බලන් දෙවියන්ගේ රූපෙ මැවෙනවා
මෙතන තියන ධන නිධානේ අගුලු ඇරෙනවා
නම ඇසුවම යක් පිස සුන් හිස උහුලනවා
තෙදැති උතුම් ඔඩ්ඩි කුමරු ඔන්න වඩිනවා
නාග වෙසක් මවමින් දෙවි වෙල් එලියේ
සුවද සලා ගෙන අතුරන්නට එලියේ
නසා නිගුරු කල ගුරුකම් වෙල් එලියේ
බාල මස්සිනා රැක දෙන් මේ එලියේ
මෙමා වට සිරස ලා ගෙන නෙක දුරලා
සිරස වට හිසට මිණි ගොටු නිමවාලා
වඩිග කඩුව ගෙන අතකට දෙසවාලා
ඔඩ්ඩි කුමරු එති අසුනට තෙද පාලා
ඔඩ්ඩි කුමරු එයි අසුනට තෙද පාලා
#ගම්භාරදෙවියන්වහන්සේ #දේවබැතිමතුන්ගේමහගෙදර #සූනියම්දෙවියන්වහන්සේ