Ashokarama Temple

Ashokarama Temple Bhuddhism,Dhamma school,Special movements of the temple

2012/12/12 දිනය අපේ පංසල්වලටත් අපිටත් අඳුරු දිනයක් උණේ අප ගුරුදේවයන් වහන්සේව වැඩ සිටි දිවියාගහ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර...
14/12/2025

2012/12/12 දිනය අපේ පංසල්වලටත් අපිටත් අඳුරු දිනයක් උණේ අප ගුරුදේවයන් වහන්සේව වැඩ සිටි දිවියාගහ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම නිසා. .. ඊට වසර 13 කට පස්සෙ පසුගිය 2025/12/12 මගේ ජීවිතයේ ලස්සනම දවසක් උදාවුණා. ඒ තමයි මගේ ජීවිතේ සිදුකළ මංගල දොරකඩ අස්න අනුසාසනාව. ඉතින් ඒ සඳහා අවස්ථාව සලසා දුන් අප ගුරුදේව නායක හාමුදුරුවන් වහන්සේ අතුලු සියළුම මහ සංඝරත්නයටත් මාගේ දෙමවුපියන්ටත් පුණ්‍යානුමෝදනා කරමි. එම මහර්ඝණීය අවස්ථාව ඔබ සමඟ බෙදාගන්නට මම කල්පනා කළෙමි. පහත Youtube Link එක ඔස්සේ එය නරඹන්න. මාගේ නිල යූටියුබ් නාලිකාව Subscribe කරමින් හැමෝම සිදුකරණ දිරිගැන්වීම ද කරුණාවෙන් අගය කරමි.

👉👉👉 https://youtu.be/ldnK3kX-7fQ

#සෙත්පිරිත් #පිරිත්

මේ තියෙන්නෙ මගේ නිල Youtube නාලිකාව. මගේ හඬට සංවේදී හැමෝම පහත link එකෙන් ගොස් Subscribe කරන්න.👉  https://youtu.be/1stT4n...
11/12/2025

මේ තියෙන්නෙ මගේ නිල Youtube නාලිකාව. මගේ හඬට සංවේදී හැමෝම පහත link එකෙන් ගොස් Subscribe කරන්න.

👉 https://youtu.be/1stT4nGcCAc

#සෙත්පිරිත් #පිරිත්

දුක්ඛ රෝග භයාවේරා - සෝකා සබ්භේ උපද්දවාඅනේකා අන්තරායාපී - විනස්සන්තු ච තේජසාජය සිද්ධි ධනං ලාභං - සොත්ථි භාග්‍යං සුඛං බලං ...
10/09/2024

දුක්ඛ රෝග භයාවේරා - සෝකා සබ්භේ උපද්දවා
අනේකා අන්තරායාපී - විනස්සන්තු ච තේජසා
ජය සිද්ධි ධනං ලාභං - සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්නෝ ච - භෝගං වුද්ධී ච යසවා
සතවස්සා ච ආයූ ච - ජීව සිද්ධී භවන්තු තේ...

අද දින සුපින්බර ජන්ම දිනය සිහිපත් කරන ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරීණ, අශෝකාරාම විහාරය ඇතුලු විහාර ඝනයේ අධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය කනත්තේගොඩ සද්ධාරතනාභිදාන ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහන මහා සංඝ සභාවේ ශ්‍රීමත් අනුනායක මා හිමියන්ට දීර්ඝායුෂ වේවා!
සුභ ජන්ම දිනයක් වේවා!

-දායක සභාව-

16/07/2024

මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ ඇසල පෝය වැඩ සටහන.

පෙරවරු - 06.00 සීල සමාදාන

පෙරවරු - 06.30 බුද්ධ වන්දනාව

පෙරවරු - 07.00 උදෑසන සම්බුද්ධ පූජාව

පෙරවරු - 08.30 ධර්ම දේශනය

පෙරවරු - 09. 30 ගිලන් පස

පෙරවරු - 10. 00 භාවනා වැඩසටහන

පෙරවරු - 11. 00 දෙතිස්ව්‍යංජන සම්බුද්ධ පූජාව

පෙරවරු - 11.30 දහවල් දානය

දහවල් - 01.00 දම්සක් පැවතුම් සූත්‍ර දේශනය.

දහවල් -02.30 ධර්මප දේශනය

සවස -03.30 ගිලන් පස

සවස -04.00 භාවනා වැඩසටහන

සවස -05.00 සිල් පවාරණය

සවස -07.00 අටවිසි සම්බුද්ධ පූජාව සහ වස් ආරාධනා පිංකම.

පිංවතුන් හැමදෙනාම මේ උතුම් පුණ්‍යකටයුතු සමඟ එකතුවෙන්න.

තෙරුවන් සරණයි!

මාතර ,අනගාරික ධර්මපාල නගරයේ, ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ 202405/24/25/26 දිනයන්හිදී පැවති වෙසක් කලාපයට සමගාමීව ශ්‍රී සද්...
23/06/2024

මාතර ,අනගාරික ධර්මපාල නගරයේ, ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ 202405/24/25/26 දිනයන්හිදී පැවති වෙසක් කලාපයට සමගාමීව ශ්‍රී සද්ධාතිස්ස ධර්ම විද්‍යාලීය ශිෂ්‍ය දූ දරුවන් විසින් ඉදිරිපත් කරන ලඳ බුදුගුණ ගී සරණිය 2024 වේදිකාවේ විශේෂාංග කිහිපයක්.

Anujaya photography and Nihindu malli

23/06/2024
22/06/2024

2024 පොසොන් පොහොය නිමිත්තෙන් මාතර අනගාරික ධර්මපාල නගරයේ ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ සිදු කෙරුණු පිංකම් අතර සන්ධ්‍යාවේ සිදු කල මහා පහන් ආලෝක පූජාව.

සංවිධානය කලේ ශ්‍රී සිද්ධර්ථෝදය මහ පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසලේ දරුවන් සහ දෙමවුපියන්.

මෙහිදී පහන් දහසකින් පමණ මුලු විහාරස්ථානය ම ආලෝකමත් විය.
සම්පූර්ණ වීඩියෝ ලින්ක් එක පහලින්

https://youtu.be/zeYPs_xUfqM?si=JiODqWIapv2AEsRp

Address

Meera Road
Matara

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Telephone

+9442222883

Website

https://chat.whatsapp.com/BGx0NjjPXOV5Bx4wPMPDym

Alerts

Be the first to know and let us send you an email when Ashokarama Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ashokarama Temple:

Share