Sri Wijayathilakarama Bogahakotuwa Temple

Sri Wijayathilakarama Bogahakotuwa Temple Sri Wijayathilakarama Bogahakotuwa Temple

🙏🙏🙏
05/11/2025

🙏🙏🙏

02/11/2023
2023-10-25 දින ,ලේ දන්දීමේ පිංකමට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වේ.2023 ඔක්තෝම්බර් 24 වනදාට තැඹිලි ගෙඩි 150ක් පමණ , අවශ්‍ය වේ....
08/10/2023

2023-10-25 දින ,ලේ දන්දීමේ පිංකමට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වේ.
2023 ඔක්තෝම්බර් 24 වනදාට තැඹිලි ගෙඩි 150ක් පමණ , අවශ්‍ය වේ. අමතරව ලේ දන් දෙන පින් ඇත්තෝ උදෙසා ගිලන්පස කෙටි ආහාර ලබා දීමට බලාපොරොත්තු වෙන බැවින්,ඊට ඔබේ දායකත්වය ලබාදිය හැක.
සංවිධාන දායකත්වය සුමග දහම් පදනම.

❤️🙏❤️
02/10/2023

❤️🙏❤️

බිනර පුන් පොහෝදින අපේ අසිරිමත් පිංබිමේ සම්බුද්ධ පූජාව අනුව මෝදනයට පත්වෙන්න.. 🙏🙏🙏🙏🙏🙏
02/10/2023

බිනර පුන් පොහෝදින අපේ අසිරිමත් පිංබිමේ සම්බුද්ධ පූජාව
අනුව මෝදනයට පත්වෙන්න.. 🙏🙏🙏🙏🙏🙏

🙏🙏🙏මේ ප්‍රශ්න ඔබටත් තියෙනව ද? ==================🔺මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද? සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි...
02/10/2023

🙏🙏🙏

මේ ප්‍රශ්න ඔබටත් තියෙනව ද?
==================

🔺මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?

සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එකතු වෙලා කරන පූජාව විශාල දෙයක් වගේ පේනවා. ඒ වගේ විශාල පින්කම්වලට අනුරූප විපාක නෑ කියලා කාට හරි හිතෙන්නේ " නත්ථි යිට්ඨං" ( මහා පූජාවන් හි විපාක නැත) කියලා හිතෙන මිත්‍යාදෘෂ්ටිය නිසා.

🔺මේවා දුප්පත් මිනිස්සුන්ට, දානේ හිඟ පන්සල්වලට දෙන්න බැරි ද?

පුළුවන්. හැබැයි දානමය කුශලය අග්‍රඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නෙමෙයි ප්‍රතිග්‍රාහකයා ගේ ගුණවත්කම අනුව. බුදුන් වහන්සේට පූජා කරන දානය අග්‍රඵලයි. මහත්ඵල මහානිසංසයි. ( දක්ෂිණ විභංග සූත්‍රය | මජ්ඣිම නිකාය)

(හොඳට බලන්න..සත්තුන්ට, දුප්පතුන්ට, පිළිකා රෝහලට ආහාර වේලක් හරි දෙන්නෙත් බුද්ධ පූජාව තියෙන මිනිස්සුම තමයි.)

🔺ඔය සිමෙන්ති පිළිම දානේ වළඳනව ද?

පිළිම දානේ වළඳන්නේ නෑ. බුදු දහම සිත මූලික කරගත්ත දහමක් නිසා බුද්ධ පූජාවන් සිදු කරන පිරිස ඒ දානමය කාර්යයන් කරන්නේ ජීවමාන බුදුන්ට කරන දානයක් හැටියට සලකලා. මේවා ගැන බෞද්ධයන්ට යම් හෝ අවබෝධයක් ලැබෙන්න නම් අභිධර්මයේ චිත්ත කාණ්ඩයේ තියෙන කාමාවචර කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් ගැන පොඩි අධ්‍යනයක් හරි කරලා තියෙන්න ඕන. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං මිලින්ද ප්‍රශ්නයේ එන "පූජා අප්‍රතිග්‍රහණ ප්‍රශ්නය " බලන්න.

🔺ජීවමානව නැති බුදු කෙනෙක්ට දාන මොකටද ?

තිට්‌ඨන්‌තෙ නිබ්‌බුතෙ චාපි
සමෙ චිත්‌තෙ සමං ඵලං
චෙතොපණිධිහෙතුහි
සත්‌තා ගච්‌ඡන්‌ති සුග්‌ගතිංති

(තේරුම : ඒ උතුම් ගුණ දරණ බුදු, පසේබුදු, මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිය ද, නොසිටිය ද, උන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිකොට ජීවමාන වූ කලෙක ලෙසින් ම බලවත් ශ්‍රද්ධා පිහිටුවා වන්දනා මාන කරයි ද, උපස්ථානාදිය සිදු කරයි ද චිත්තප්‍රසාදය සමාන වන බැවින් ඒ තැනැත්තාට ඒ කුසලය හේතුවෙන් ලැබෙනා කුසල විපාකය ද සමාන වේ. උතුම් බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයන් සුගතියට යන්නාහ යනු බුද්ධාවවාදය යි.)

සූත්‍ර පිටකය | ඛුද්දක නිකාය | විමානවත්ථුපාළි

🔺ඉතිං ඔය වගේ මහා පරිමාණ සෝබන දාන දෙන්න ඕන නෑ නේ " චේතනාව " විතරක් ඇතිකර ගත්තා නං ඇති නෙ?

මේ ප්‍රශ්නය එන්නෙත් පරමාර්ථ ධර්ම ගැන අවබෝධයක් නැති නිසා. චේතානාව කොටස් 3 ක් තියෙනවා. දාන චේතනාව සම්පූර්ණ වෙන්නෙ මේ ආකාරයට.

▪️පූර්ව චේතනාව - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනාව.

▪️මුඤ්චන චේතනා - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍ර‍තිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාව.

▪️අපර චේතනා - දාන ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු එය සම්බන්ධයෙන් ඇති වන්නා වූ චේතනා රාශිය.

🔺එතකොට මේ මහා පරිමාණයෙන් ඉතුරු වෙන ආහාරවලට මොකද කරන්නේ?

ඒවා අවශ්‍ය නම් භික්ෂුන් වහන්සේලාට හෝ ගිහියන්ට පරිභෝජනය කරන්න පුළුවන්. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං දක්ෂිණ විභංග සූත්‍රය කියවලා අටුවාවත් කියවන්න පුළුවන්.

🔺බුදු හාමුදුරුවොන්ට පූජා කරන දානයට වඩා ආනිශංස නැද්ද ධර්මයේ හැසිරුණොත්?

අසුර සැණක් තරම් සුළු මොහොතක් " අනිත්‍ය සංඥාව " වඩනවා නම් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයෙන් ලැබෙන කුසලයට වඩා මහත්ඵලයි.මහානිසංසයි.

(වේලාම සූත්‍රය | අංගුත්තර නිකාය)

බුදු දහමේ මූලික කරුණුවත් දන්නෙ නැති බෞද්ධයෝ අනිත්‍ය සංඥාවක් වඩයි ද ?

🔺මේ වගේ දානමය පිංකම් දැකලා සිත පහදවා ගන්නවා වෙනුවට ටිපර් වෙන්නේ ඇයි?

එහෙම වෙන්නෙත් ධර්මය ගැන තියෙන අනවබෝධය නිසා.

විශේෂයෙන්ම මේ වගේ දානමය පිංකමක් දැක්කහම ගරහන්නෙත් නාමික බෞද්ධයෝ වීම ම තමයි තියෙන ලොකුම කණගාටුව...

වස්සානයේ පිංබිම.. 🙏🙏🙏
20/09/2023

වස්සානයේ පිංබිම.. 🙏🙏🙏

Address

Bogahakotuwa Road
Matale Town
21000

Alerts

Be the first to know and let us send you an email when Sri Wijayathilakarama Bogahakotuwa Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Wijayathilakarama Bogahakotuwa Temple:

Share