29/06/2026
🪷 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!🪷
පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම:
🌷 බු.ව. 236 ක් වූ පොසොන් පුර පසළොස්වක දින අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්ධසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස මිහින්තලේ මිස්සක පව්වට වැඩම කර ලක්දිව බුදු සසුන පිහිටුවීම.
🌷 දේවානම්පියතිස්ස රජු ඇතුළු 40000 ක පමණ පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත්රය දේශනා කිරීම.
🌷 මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් දේවානම්පියතිස්ස රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව බෞද්ධයන් බවට පත්වීම.
🌷 සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිහින්තලාවට වැඩි දෙවියන් හට සමචිත්ත පරියාය සූත්රය දේශනා කිරීම.
🌷 සිදුහත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙයි සිව්වන සතියෙහි රුවන්ගෙහි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දි ප්රථම වරට ශ්රී බුද්ධ දේහයෙන් සවනක් ගණ බුදුරැස් විහිදීම.
🌷 තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම.
🌷 සිදුහත් කුමරු සතර පෙරනිමිති අතුරින් තුන්වන නිමිත්ත වන මළමිනියක් දැකීම.
🌷 මිහින්තලා පව්වේ දී භණ්ඩුක උපාසක පැවිදි කොට උපසම්පදා කිරීමෙන් මෙරට ප්රථම මහණ උපසම්පදාව සිදුවීම.
☸️ මාලඹේ, තලාහේන ශ්රී ඤාණවිමල දහම් පාසල ☸️
#2025
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷