Dammajina Silamatha Aramaya

Dammajina Silamatha Aramaya ශ්‍රී සම්බෝධි දහම් පාසල
(1)

වෙසක් පුර පසළොස්වක පෝදා සවස ගිලන්පස පූජාව🤍....
06/06/2026

වෙසක් පුර පසළොස්වක පෝදා සවස ගිලන්පස පූජාව🤍....

වෙසක් පෝදා සිල සමාදාන වැඩසටහන🤍....
05/06/2026

වෙසක් පෝදා සිල සමාදාන වැඩසටහන🤍....

✳️ 2026 වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගනිමින් දහම් පාසල් ශිෂ්‍ය නායක සංසදය විසින් ආරාම භූමිය අලංකාර කිරීම සහ ශිෂ්‍ය නාය...
01/06/2026

✳️ 2026 වෙසක් පුන් පොහොය දිනය නිමිති කරගනිමින් දහම් පාසල් ශිෂ්‍ය නායක සංසදය විසින් ආරාම භූමිය අලංකාර කිරීම සහ ශිෂ්‍ය නායක සංසදය මූලිකත්වයෙන් කිරි කෝපි දන්සලක් සංවිධානය කරන ලද අතර පසුගිය වෙසක් පුන් පොහෝ දින එම කටයුත්ත සාර්ථකව අවසන් කරන ලදී.

🪷 මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට අපට ආශිර්වාද කර අනුශාසනාවන් සිදු කල,
⭕️ ගෞරවනීය ලොකු මෑණියන් වහන්සේටත්
⭕️ ගෞරවනීය පොඩි මෑණියන් වහන්සේටත් ගෞරවනීය පුණ්‍යානුමෝදනාව පුද කර සිටිමු.

🪷 එසේම ද්‍රව්‍යමය හා මූල්‍යමය වශයෙන් ආධාර කළ,
⭕️ආදරණීය දෙමවිපියන්ටත්,
⭕️ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ටත්
⭕️ආදි ශිෂ්‍ය සංගමයටත් මෙසේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

තෙරුවන් සරණයි.

සම්බෝධියේ වෙසක් අසිරිය❤️✨️....
01/06/2026

සම්බෝධියේ වෙසක් අසිරිය❤️✨️....

බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සමරණ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අප ආරාම භූමිය අලංකාර කිරීම සඳහා පසුගිය ඉරුදින ...
21/05/2026

බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සමරණ වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අප ආරාම භූමිය අලංකාර කිරීම සඳහා පසුගිය ඉරුදින අප ශ්‍රී සම්බෝධි දහම් පාසලේ දූ පුතුන් එක්වී වෙසක් පහන් කූඩු සකසන ලදී.
එහිදි දහම් පාසල් පන්තිභාර ගුරු භවතුන් සහ සිසු දරුවන් එක්වී අලංකාර පහන් කූඩු නිර්මාණය කළහ.

අධි වෙසක් පුර පසළොස්වක පෝය දින ධම්මජිනා සීලමාතා ආරාමයේ පැවති සීල සමාදාන වැඩසටහන....
12/05/2026

අධි වෙසක් පුර පසළොස්වක පෝය දින ධම්මජිනා සීලමාතා ආරාමයේ පැවති සීල සමාදාන වැඩසටහන....

10/05/2026
ශ්‍රී සම්බෝධි දහම් පාසලේ සේවයේ නියුතු ගුරු මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය අරමුණු කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කෙරෙන චාරිකාව ...
28/04/2026

ශ්‍රී සම්බෝධි දහම් පාසලේ සේවයේ නියුතු ගුරු මහත්ම මහත්මීන්ගේ සුභ සාධනය අරමුණු කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කෙරෙන චාරිකාව මෙවරත් 2026 අප්‍රේල් මස 25 දින පවත්වන්නට යෙදිණී.
දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරවනීය රඹුක්පිටියේ ධම්මජිනා ලොකු මෑණියන් වහන්සේගේ සහ උප ප්‍රධානාචාර්ය ගෞරවනීය කොස්‌ගොඩ ධම්මජීවා පොඩි මෑණියන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව ගුරු භවතුන් හා ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සමගින් ශ්‍රී දළදා මාළිගාව සහ මහියංගන මහා සෑය වන්දනා කිරීම මුල් කරගනිමින් සිදු විය.

2026 අභිනව නව වසරේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද දින උදෑසන පූ.භා.6.55 යෙදුනු සුභ මුහුර්තයෙන් තලාහේන ධම්මජිනා සීලමාතා ආරාමයේද...
15/04/2026

2026 අභිනව නව වසරේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද දින උදෑසන පූ.භා.6.55 යෙදුනු සුභ මුහුර්තයෙන් තලාහේන ධම්මජිනා සීලමාතා ආරාමයේදී ගෞරවනීය රඹුක්පිටියේ ධම්මජිනා ලොකු මෑණියන් වහන්සේ සහ ගෞරවනීය කොස්‌ගොඩ ධම්මජීවා පොඩි මෑණියන් වහන්සේගේ මූලිකත්වයෙන් සුපුරුදු පරිදි සිදු කරන්නට යෙදිණී.
සෙසු මෑණියන් වහන්සේලා, ප්‍රදේශයවාසීන් සහ දූදරුවන් රැසක්ද මේ මොහොත සමග ඒකාත්මික විය.

ඔබ සැමට සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා....🌞🙏

✨️ලෝ දුක් පීඩා නිවී...✨️සැම සිත් තුටු වී...✨️සතොසින් සැම එක් වන....✨️උදා නව වසරට...✨️සෙනෙහෙබර ආසිරි...❤️ සාමය, සතුට හා ස...
14/04/2026

✨️ලෝ දුක් පීඩා නිවී...
✨️සැම සිත් තුටු වී...
✨️සතොසින් සැම එක් වන....
✨️උදා නව වසරට...
✨️සෙනෙහෙබර ආසිරි...

❤️ සාමය, සතුට හා සෞභාග්‍යයෙන් පිරි
නව බලාපොරොත්තු, නව ආරම්භයන් සමඟ මෙම සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සතුටින්, යහගුණයෙන්, සාර්ථකත්වයෙන් පිරිපුන් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

සුභ අළුත් අවුරුද්දක් වේවා! 🌸🙏

ශ්‍රී සම්බෝධි දහම් පාසල
ධම්මජිනා සීලමාතා ආරාමය - මාලඹේ

Address

Malabe
10115

Website

Alerts

Be the first to know and let us send you an email when Dammajina Silamatha Aramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share