Yapahuwa Rajamaha Viharaya

Yapahuwa Rajamaha Viharaya නමෝ බුද්ධාය ! Official page Of Yapahuwa Rajamaha Viharaya
Yapahuwa

හිරු සීල පාරමිතා 2026 ධර්ම සාකච්ඡාව  : පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම ස්වාමීන් වහන්සේ  මාධ්‍ය අනුග්‍රහය : Hiru TV  HIRU F...
26/09/2026

හිරු සීල පාරමිතා 2026
ධර්ම සාකච්ඡාව : පූජ්‍ය තිස්සමහාරාමයේ සුමනධම්ම ස්වාමීන් වහන්සේ
මාධ්‍ය අනුග්‍රහය : Hiru TV HIRU FM

හිරු සීල පාරමිතා 2026 ධර්ම සාකච්ඡාව  : පූජ්‍ය ඔලගංවත්තේ චන්දසිරි  ස්වාමීන් වහන්සේ සමග මහාචාර්‍ය ප්‍රදීප් වීරසිංහ  මාධ්‍ය...
26/09/2026

හිරු සීල පාරමිතා 2026
ධර්ම සාකච්ඡාව : පූජ්‍ය ඔලගංවත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ සමග මහාචාර්‍ය ප්‍රදීප් වීරසිංහ
මාධ්‍ය අනුග්‍රහය : HIRU FM Hiru TV

හිරු සීල පාරමිතා 2026 සිල් දීම සහ අනුශාසනාව : පූජ්‍ය නුගලියද්දේ සමිතනන්ද ස්වාමීන් වහන්සේ මාධ්‍ය අනුග්‍රහය : HIRU FM Hiru...
26/09/2026

හිරු සීල පාරමිතා 2026
සිල් දීම සහ අනුශාසනාව : පූජ්‍ය නුගලියද්දේ සමිතනන්ද ස්වාමීන් වහන්සේ
මාධ්‍ය අනුග්‍රහය : HIRU FM Hiru TV

හිරු සීල පාරමිතාව | හෙට උදෑසන 6.00 සිට හිරු TV තුළින්ඓතිහාසික යාපහුව රාජමහා විහාරස්ථානයේ සිට සජීවීව...         මාධ්‍ය අන...
25/09/2026

හිරු සීල පාරමිතාව | හෙට උදෑසන 6.00 සිට හිරු TV තුළින්
ඓතිහාසික යාපහුව රාජමහා විහාරස්ථානයේ සිට සජීවීව...


මාධ්‍ය අනුග්‍රහය HIRU FM Hiru TV

23/09/2026

හිරු සීල පාරමිතා - 2026
පෝදා සදහම් අඩහැරය ☸️🙏
බිනර පොහෝ දා උදෑසන 6.00 සිට ඓතිහාසික යාපහුව රජමහා විහාරස්ථානයේ සිට සජීවීව

මාධ්‍ය සත්කාරය : Hiru TV HIRU FM

🐘👑 මියන් රාජා — යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැරේ අභිමානවත් සද්ධන්තයා 🐘✨ශ්‍රී ලංකාවේ දළදා සංස්කෘතිය හා බැඳුණු අභිමානවත්...
14/09/2026

🐘👑 මියන් රාජා — යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැරේ අභිමානවත් සද්ධන්තයා 🐘✨

ශ්‍රී ලංකාවේ දළදා සංස්කෘතිය හා බැඳුණු අභිමානවත් හස්ති රාජයන් අතර මියන් රාජා ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 🇱🇰🐘

මියන් රාජා මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි හස්ති රාජයෙකි. 2007 වසරේදී මියන්මාර රජය විසින් ශ්‍රී දළදා මාලිගාවට පූජා කරන ලද මෙම සද්ධන්තයා, පසුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර සංස්කෘතිය සමඟද සම්බන්ධ වී ඇත.

ගාම්භීර දේහය, අලංකාර දළ යුගලය සහ සන්සුන් ගමන් විලාසය නිසා මියන් රාජා පෙරහැරක ගමන් කරන විට දකින සෑම දෙනාගේම අවධානය දිනාගන්නා සද්ධන්තයෙකි. 🐘✨

මියන් රාජා වැනි සද්ධන්ත හස්තීන්ගේ සහභාගීත්වය පෙරහැරේ ගාම්භීරත්වය තවත් ඉහළ නංවන අතර, ශ්‍රී ලාංකීය බෞද්ධ සම්ප්‍රදාය හා අලි ඇතුන් අතර පවතින ඓතිහාසික බැඳීමද මතක් කර දෙයි. 🙏🌸

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මෙම උතුම් පූජෝපහාර මංගල්‍යයේ, සද්ධන්ත මියන් රාජාගේ ගාම්භීර පියවර එක් කරන්නේ අසිරිමත් වූ අලංකාරයකි. 💛🐘

🌸🙏 මියන් රාජා — දළදා සංස්කෘතියේ ගාම්භීරත්වය රැගෙන යන සද්ධන්තයෙක්.
🙏🌸

📍 යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර
🐘 මියන් රාජා
🇱🇰 ශ්රී ලංකා බෞද්ධ සංස්කෘතියේ අභිමානය

#මියන්රාජා #යාපහුව #යාපහුවපෙරහැර #ශ්‍රීදළදාපූජෝපහාරපෙරහැර 🐘🇱🇰🙏

🐘🤍 සිංදු — කුරුණෑගල රිදී විහාරයේ  අභිමානවත් ඇත් රාජයා 🤍🐘2006 වසරේ නොවැම්බර් 09 වන දින ජයතු අලියාට සහ ශාන්ති ඇතින්නට දාව ...
07/09/2026

🐘🤍 සිංදු — කුරුණෑගල රිදී විහාරයේ අභිමානවත් ඇත් රාජයා 🤍🐘

2006 වසරේ නොවැම්බර් 09 වන දින ජයතු අලියාට සහ ශාන්ති ඇතින්නට දාව පින්නවලදී මෙලොව එලිය දුටු සිංදු අර්ධ ගෘහස්ථ හස්ති අභිජනනයේ බිහි වූ ඇත් පැටියෙකී
උපතින් දෙදළකට හිමිකම් කිව්වත් කුඩා වයසේදී සෑදුන පනු රෝගය නිසා දකුණු දළ අවාසනාවන්ත විදිහට සිංදුට අහිමිව ගොස් ඇත දැන් ඔහු ඒක දන්ත ඇතෙකි..
වර්තමානයේ මල්වතු මහ නා හිමියන්ගේ හිමිකාරීත්වයට පත්ව ඇති මෙම ඇත් පැටවා කුරුණෑගල රිදී විහාරය භාරයේ සිටී...🐘❣️

තාමත් නවයොවුන් විය පසුකරමින් සිටින සිංදු ඇතා අනාගත හීලෑ හස්තිරාජ වංශකතාවට මැණික් කැටයකි..☺️

ඔබට දීර්ඝායු !!
සිංදු ඇත් කුමරුට
උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි..😇🙏

අදත් ශ්‍රී ලාංකීය සංස්කෘතියේ උරුමය රැගෙන පෙරහැරේ මේ සොදුරු ඇත් රාජයා ගමන් කරයි. 🤍🌿

එක් දළයක අභිමානයත්, ඇස් දෙකේ නිහඬ බවත් සිංදුගේ ගාම්භීරත්වයේ සංකේතයයි 🐘👑✨

ඡායාරූප : රිදී විහාරයේ සිංදු ඇත් රාජයා යාපහුව රජමහා විහාරයේ පෙරහැර මංගල්ලයට සහභාගී වූ අවස්ථාව 🙏

#සිංදු 🐘🤍🌿

ඓතිහාසික යාපහුව රජමහා විහාරයේ ඊයෙ දින පැවැත්වූ බෝධි පූජා පින්කම 🤍🙏
06/09/2026

ඓතිහාසික යාපහුව රජමහා විහාරයේ ඊයෙ දින පැවැත්වූ බෝධි පූජා පින්කම 🤍🙏

05/09/2026

ඓතිහාසික යාපහුව රජමහා විහාරය - යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර මංගල්කය 2026 🤍🙏

🙏🙏යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 2026🙏🙏ඓතිහාසික යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 49 වන වතාවට ඉතා සාර්ථකව සිදු කිරීමට...
04/09/2026

🙏🙏යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 2026🙏🙏

ඓතිහාසික යාපහුව ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 49 වන වතාවට ඉතා සාර්ථකව සිදු කිරීමට සහයෝගය ලබාදුන් ප්‍රාදේශීය මහා සංඝරත්නය ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමන් හා යාපහුව බස්නායක නිළමේ තුමන්
අමාත්‍ය තුමන්ලා ඇතුලු දේශපාලන අදිකාරියේ සියලූම දෙනාටත්
මහව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමා ප්‍රමුක සියලු රාජ්‍ය නිළධාරීන්
මහව මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති තුමන් ඇතුලු සියලුම පොලිස් නිළධාරීන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල,
මහව ප්‍රාදේශීය සභාව
සතර පේරුවේ සියලු දායක පිංවතුන් යාපහුව තරුණ බෞද්ධ පදනම ඇතුලු රාජ්‍ය සංවිධාන
ස්වේච්ඡා සංවිධාන මාධ්‍ය ආයතන ඇතුලු ප්‍රචාරන කටයුතු වෙනුවෙන් දායකත්වය දැක්වූ ප්‍රවීන රංගන ශිල්පීන් සහ මෙම දළදා පෙරහැර වෙනුවෙන් නන් අයුරින් සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාට ස්තුතිය පුද කර සිටිමි.
(විහාරාධිපති)
යාපහුව රජමහා විහාරය

Address

Yapahuwa
Maho
60600

Website

Alerts

Be the first to know and let us send you an email when Yapahuwa Rajamaha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share