Adawikanda Asapuwa

Adawikanda Asapuwa එරත්න අඩවිකන්ද මහමෙවිනාව භාවනා අසපුව

2026 වර්ෂයේ වස් ආරාධනා පින්කම ඇසල පුන් පොහොය දින එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකරන්නට යෙදුනි. මෙවර වස් ආරා...
30/07/2026

2026 වර්ෂයේ වස් ආරාධනා පින්කම ඇසල පුන් පොහොය දින එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකරන්නට යෙදුනි. මෙවර වස් ආරාධනාව සිදුකරන ලද්දේ නයනි දිලීෂා මිය සහ අමිල මහත්මා තම මෑණියන් ඇතුලු හිතවතුන් විසිනි. රැස්කල සියලු පින් හැමදෙනාටම අනුමෝදන් වේවා. උතුම් චතුරාර්්‍ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ සාසනයේදීම අවබෝධ වේවා....

නමෝ බුද්ධාය !2026.07.29 වෙනි දිනට යෙදී තිබූ 2570 ඇසල පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපු...
30/07/2026

නමෝ බුද්ධාය !
2026.07.29 වෙනි දිනට යෙදී තිබූ 2570 ඇසල පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනි.

සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා කිරිපිඩු දානය පේමසීලි මෑණියන්, කීර්ති, ශානක,රංජීත් මහත්මා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය උදෙසා හා උපාසක පින්වතුන් උදෙසා උදෑසන දානය ඉන්දික ද සිල්වා මහත්මා, ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

උදෑසන ගිලන්පස දානය අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය හා උපාසක පින්වතුන් උදෙසා දහවල දානය ඔස්ට්‍රේලියාව් පදිංචි පින්වත් චානක රණවීර මහත්මා ඇතුලු පවුලේ පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

සවස ගිලන්පස - ලාලන නාරසිංහ මහත්මා හා එස් ඒ චන්ද්‍රිකා මහත්මිය ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී
ඇසල පුන් පොහෝ දින රැස්වූ සියලුම පුන්‍ය ධර්මයන් දැකබලා සතුටු වන සැම දෙනාටම අනුමෝදන් වේවා......!

නමෝ බුද්ධාය !2026.06.29 වෙනි දිනට යෙදී තිබූ 2570 පොසොන් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අ...
01/07/2026

නමෝ බුද්ධාය !
2026.06.29 වෙනි දිනට යෙදී තිබූ 2570 පොසොන් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනි.

සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා කිරිපිඩු සුසිලා හපුආරච්චි මෑණියන් ඇතුලු පවුලේ පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය උදෙසා හා උපාසක පින්වතුන් උදෙසා උදෑසන දානය ඉන්දික ද සිල්වා මහත්මා, නයනී, අමිල මහතා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

උදෑසන ගිලන්පස දානය ආනන්ද මහත්මා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය හා උපාසක පින්වතුන් උදෙසා දහවල දානය එන් කේ තිලක් ජයවර්ධන මහත්මා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

සවස ගිලන්පස - ලාලන නාරසිංහ මහත්මා හා එස් ඒ චන්ද්‍රිකා මහත්මිය ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

පොසොන් පුන් පොහෝ දින රැස්වූ සියලුම පුන්‍ය ධර්මයන් දැකබලා සතුටු වන සැම දෙනාටම අනුමෝදන් වේවා......!

නමෝ බුද්ධාය !එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ප්‍රධාන පිවිසුම් පඩිපෙළ සදහා ඔබටත් දායකවිය හැකියි. සැ...
11/06/2026

නමෝ බුද්ධාය !
එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ප්‍රධාන පිවිසුම් පඩිපෙළ සදහා ඔබටත් දායකවිය හැකියි. සැදැහැවතුන් හට සුවසේ පින්බිමට පැමිනීම සදහා මේ පඩිපෙළ උපකාර වේ....

ඔබත් මේ දුර්ලභ පිකමට දායක වෙන්න....

විමසීම් - 077 777 8042

04/06/2026

මේ BBC නාලිකාවෙන් ලංකාවෙ මිනිස්සු දන්සල් දෙන එක ගැන පල කල ලිපියක කොටසක්..ඒකෙදි එයාල ඇල්ල,කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ "අපේ දන්සල" ගැනත් පුංචි සටහනක් කරල තියෙනව..🙏
ඇත්තටම මේ ගෞරවය හිමිවෙන්න ඕනි මේ සියළු කටයුතු වෙනුවෙන් ආශිර්වාද කරන අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,ඒ වගේම මේ කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට උපකාර වන ඇල්ල,කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුවේ විහාරාධිකාරී පින්වත් ඉඩම්ගම ඤාණධම්ම ස්වාමින් වහන්සේටත් වගේම එදා ඉඳන් මේ වෙනකන් දුෂ්කර හැම අවස්තාවකදි පවා අපේ දන්සල එක්ක හිටපු,දායක වුන කැපවුන ඔයාල සියලුදෙනාටමත්...🙏

සියළු දෙනාටම සියළු ආරක්ෂාව සැලසේවා 🙏🪷🙏

"අපේ දන්සල පුන්‍ය ව්‍යාපෘතිය"
මහමෙව්නාව භාවනා අසපුව කුඹල්වෙල - ඇල්ල
බණ්ඩාරවෙල

වෙසක් පුන් පොහොය දින 📷නමෝ බුද්ධාය !2026.05.30 වෙනි දිනට යෙදී තිබූ  වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද ...
01/06/2026

වෙසක් පුන් පොහොය දින 📷

නමෝ බුද්ධාය !

2026.05.30 වෙනි දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දින සීල භාවනා වැඩසටහන එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුනි.

සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා කිරිපිඩු දානය අංජලී රසංගා මහත්මිය ඇතුලු පවුලේ පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය උදෙසා හා උපාසක පින්වතුන් උදෙසා උදෑසන දානය ඉන්දික ද සිල්වා මහත්මා හේමන්ත මහතා හා බණ්ඩාර මහතා හා සුසිලා හපුආරච්චි මෑණියන් ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

උදෑසන ගිලන්පස දානය කේ විජේසිරි මහත්මා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

මහා සංඝරත්නය හා උපාසක පින්වතුන් උදෙසා දහවල කසුංග අශාන් රත්නවිර මහත්මා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

සවස ගිලන්පස - ජානක මහතමා ඇතුලු පිරිස විසින් සම්පූර්ණ කරන ලදී.

වෙසක් පුන් පොහෝ දින රැස්වූ සියලුම පුන්‍ය ධර්මයන් දැකබලා සතුටු වන සැම දෙනාටම අනුමෝදන් වේවා......!

නමෝ බුද්ධාය 🙏එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි මණ්ඩපයේ ප්‍රධාන පඩිපෙළ ඉදිකෙරෙමින් පවතී. මේ උතුම් පින්කම සදහා ඔබ...
27/04/2026

නමෝ බුද්ධාය 🙏
එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි මණ්ඩපයේ ප්‍රධාන පඩිපෙළ ඉදිකෙරෙමින් පවතී. මේ උතුම් පින්කම සදහා ඔබටත් දායකවිය හැකියි.

විමසීම්- 0777 77 8042

නමෝ බුද්ධාය 🙏එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි මණ්ඩපයේ ප්‍රධාන පඩිපෙළ ඉදිකෙරෙමින් පවතී. මේ උතුම් පින්කම සදහා ඔබ...
25/04/2026

නමෝ බුද්ධාය 🙏
එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි මණ්ඩපයේ ප්‍රධාන පඩිපෙළ ඉදිකෙරෙමින් පවතී. මේ උතුම් පින්කම සදහා ඔබටත් දායකවිය හැකියි.
විමසීම්- 0777 77 8042

06/04/2026

👉 අනික් අය මා ගැන මොනව හිතයිද! ඔබටත් ඒ විදිහට හිතෙනවද?

මේ වගේ සිතිවිලි වලිනි දුක් විදින ගොඩක් දෙනෙක් අනුන් කියන දේවල් වලට බියෙන් ඉතාම ටික කාලයකට ලැබුනු තමන්ගෙ වටිනා ජීවිතයෙන් නිසි ආකාරයන් ප්‍රයොජන නොගෙනම කාලය අපතේ හරිනවා.

👉තමන්ගේ නිදහස තමන් විසින්ම නැතිකර ගන්නවා.

ඒ විදිහට හටගන්නා අනිසි බිය නිසා ලෝකයා විසින් තමන්ව පාලනය කරන තැනකට තල්ලුවෙනවා.

මේ කතාව කියවන්න,
කදුකර පලාතක හිටියා යුවලක්. ඔවුන්ට හිටියා බර ඇදන් යන්න පුලුවන් බූරැවෙක්.දවසක් මේ දෙන්න බූරැවා පිටේ නැගලා ගමනක් යන්න පිටත් වුනා. ගමේ කෙනෙක් මේක දැක්කා, දැකලා කියනවා අනේ බලන්නකෝ මේ අය කොච්චර දුෂ්ඨද! බූරැවා පිට මේ දෙන්නාම නැගලා බූරැවාට බර දානවා කියලා.

ඒක අහලා, එක්කෙනෙක් බැස්සා.

ඊලගට තවකෙනෙක් කියනවා....

මේ මිනිහා කොච්චර අනුකම්පා නැතිද? තමන් විතරක් බුරැවා පිට නැගලා යනවා අඹුව පයින් අරන් යනවා කියලා.

ඒක අහලා මනුස්සයා බැස්සා.
අඹුව බූරැවා පිට නැග්ගෙව්වා.....

ඊලගට තව කෙනෙක් කියනවා. මේ ගෑනු කෙනා කොච්චර අසාධාරණද මනුස්සයාව පයින්යන ගමන් තමන් සුවසේ බූරැවා පිට නැගලා යනවා කියලා.

අවසානයේ දෙන්නාම බැහැලා, බූරැවා නිකන් අරන් යනවා.

තවකෙනෙක් මේක බලන් ඉදලා කියනවා මේ දෙන්නාට මොලයක් නැතිද මේ බූරැවෙක් සිටිද්දී නිකන් පයින් යනවා කියලා......

මේ කතාවෙන් අපිට මොනවද පේන්නේ,

👉 කවදාවත් ලෝකය සතුටු කරන්න බහැ.....
👉 අනිකි අයගේ අදහස් විවිදයි. අස්ථිරයි...
👉 අද ප්‍රසංසා කරන කෙනා හෙට නින්දා කරනවා...
ඒ නිසා බුදු රජානන් වහන්සේ අපට දේශනා කරනවා,
න පරේසං විලෝමානි
න පරේසං කතාකතං
අත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච

"අනුන්ගේ වචනවල ඇදකුද හොයන්ට ඕනෙ නෑ. අනුන් කළ - නොකළ දේවල් ගැන සොයන්ට ඕනෙත් නෑ. තමන් ගැනම බලාගත්තහම ඇති. තමන් කළ නොකළ දේ ගැන බලාගත්තහම ඇති."කියලා.

👉 මේ ලෝකේ ප්‍රසංසා විතරක් ලබපු අයත් නෑ.
👉 මේ ලෝකේ නින්දා විතරක් ලබපු අයත් නෑ.
👉 නින්දා ප්‍රසසංසා කියන්නේ මේ ලෝකේ පොදු දෙයක් කියලා අවබෝධ කරගන්න කෙනා නිදහස අත්විදිනවා.

අපිට හිතෙනවානම්,
🗣 මට මිනිස්සු හොද කියයිද?
🗣 මාව අගය කරයිද?
🗣 මම කරනදේට නින්දා කරයිද? කියලා ඒ කෙනා තමන්ට ඕන විදිහට නිදහසේ ජීවත් වෙන කෙනෙක් නෙමෙයි.
ලෝකයට කැමති විදිහට ජීවත් වෙන කෙනෙක්. තමන්ගේ නිදහස නැතිකරගන්නවා.

සත්‍යට අනුව ඉන්න කෙනෙක් නෙමෙයි, සක්කාය දිට්ඨීය පෝෂනය කරමින් ඉන්න කෙනෙක්. ධර්මයට දුර කෙනෙක්. ධර්මයට ලග කෙනෙක් නෙමෙයි.

⭕️ ලාභ - අලාභ
⭕️ නින්දා - ප්‍රසංසා
⭕️ යස - අයස
⭕️ සැප - දුක
කියන අෂ්ඨ ලෝක ධර්මය කවදත් ලෝකයේ තිබෙන දේවල්. මේවා ලෝකය් ස්භාවයක්.

බුදුරජානන් වහන්සේ වදාලේ ලෝකය අෂ්ඨ ලෝක ධර්මයට අනුව පෙරලෙනවා. අෂ්ඨ ලෝක ධර්මය ලෝකයට අනුව පෙරලෙනවා කියලා.

මේ අෂ්ඨ ලෝක ධර්මයට බැදුනොත්, යට වුනොත්, මොකද වෙන්නේ....

👉 තමන්ගේ සතුට තිරනය කිරීම අනික් අය අතට යනවා...
👉 තමන්ගේ ජීවිතය අනික් අය පාලනය කරනවා....
👉 අපි නිදහස් නැහැ....

ඒ නිසා ජීවත් වෙන්න හොදම විදිහ තමයි
🙏 ලෝකයාට අනුව ජීවත් නොවී
🙏 ධර්මයට අනුව ජීවත් වීම.

සුලි සුලං ආවාට නොසෙල්වෙන ගල් පර්වතයක් වගේ ධර්මයේ බැසගෙන ඉන්න කෙනාව නින්දා වලින් සොලවන්න බෑ. මෝඩ කෙනෙක් හිතන්න පුලුවන් නින්දා කරලා කෙනෙක්ව නැතිකරනවා කියලා. නමුත් බුද්ධිමත් කෙනාගේ කිසිදෙයක් නින්දා කිරීමෙන් නැතිකරන්න බැහැ. ඒ නින්දාව සදුන් ගසක් තලනකොට සුවද විහිදෙනවා වාගේ.

බුද්ධිමත් කෙනාගේ ඉවසීම නිසා ලෝකය තුල ඔහුව බබලන්න පටන්ගන්නවා. ඉවසීම තමයි උතුම්ම තපස. එතැනයි නිදහස.එතැනයි සැනසීම.

✍ පූජ්‍ය මඩවල ධම්මාලෝක හිමි.

Address

Kuruwita

Opening Hours

Monday 05:00 - 21:00
Tuesday 05:00 - 21:00
Wednesday 05:00 - 21:00
Thursday 05:00 - 21:00
Friday 05:00 - 21:00
Saturday 05:00 - 21:00
Sunday 05:00 - 21:00

Telephone

+94777778042

Website

Alerts

Be the first to know and let us send you an email when Adawikanda Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Adawikanda Asapuwa:

Shortcuts

Share