31/05/2023
💔ඇයි මෙච්චරටම කෙනහෙලිකම්..👎
🌼සතරපද ගථාවක් අහල නිවන් දැකින්න
පුළුවන්කම තිබිලත්,
""නැ මං විතරක් මේ සසරින් එතෙරවෙලා
බැහැ මේ දුක් විදින සත්වයන්වත් දුකින් මුදවලාම
මමත් දුකින් මිදෙනවා""
'කියලා හැමෝටම හිතෙන්නෙ නැහැ.. එහෙම හිතෙන්නෙ බුද්ධත්වයට පත්වන මහා බෝසතානන් වහන්සේ නමකටම විතරයි..🌿
🌼සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන්නෙ අවුරුද්දක් දෙකක් නෙමෙයි බං.., හිතාගන්න තියා හිතන්නවත් බැරි කාලයක්.. එච්චර කාලයක් සසරෙ දුක් වින්දෙ
උන්වහන්සේ වෙනුවෙන් නෙමෙයි බං අපි වෙනුවෙන්.
උබේ අම්මටවත් උබ වෙනුවෙන් ජිවිතේ දෙන්න බැරිවෙයි.. ඒ දුන්නත් උබ වෙනුවෙන් විතරයි.
වෙන අය වෙනුවෙන් බැහැ..🌿
🌼ඒත් මහා බෝසතාන්න වහන්සේ ජිවිතේ දුන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන් නෙමෙයි බං..
අනුන්ගේ දරුවන් වෙනුවෙන් ..
සමහර ආත්මභාව වල , ඇස් ඉල්ලනකොට තම
අතින්ම ගලවලා දුන්නෙ අපි වෙනුවෙන්මයි බං..
කන්න කෑමක් නැහැ කියකොට අනුන්ට කැමක් වෙලා
ගිනි ගොඩට පනින්නෙ අපි වෙනුවෙන් බං..
මුළු රාජ්‍යම මුළු සේසතම දන් දෙන්නෙ අපි වෙනුවෙන් බං, උබ වෙනුවෙන් ..🌿
🌼උබ තාත්තා කෙනෙක් නම් උබට පුළුවන් ද උබේ දරුවන්ව දන්දෙන්න , උබේ බිරිඳ දන් දෙන්න,
බැහැ නේද , ඒත් උන්වහන්සේ දන් දුන්නා බං..
ඒ උබ වෙනුවෙන් , මේ මං වෙනුවෙන්.🌿
🌼උබට පුළුවන්ද උබේ ලෙයින්ම ඉපදුන උබේ
දරුවව දාල තපසට යන්න,
උබ වෙනුවෙන්ම පතාගෙන ආපු උබේ බිරිදව දාල
තපසට යන්න.. ඒත් උන්වහන්සේ එහෙම කලා බං..
ඒ උබ වෙනුවෙන් , ඒ මං වෙනුවෙන්.🌿
🌼උබට හිතාගන්නවත් පුළුවන් ද උබ වෙනුවෙන් මං වෙනුවෙන් ඒ මහා වීරයානන් වහන්සේ කරපු ඒ කැපකිරීම් ගැන , බැහැ බං උබට හිතාගන්නවත් බැහැ
ඒකට තමයි බං කියන්නෙ මහා කරුණාව කියලා.
🌼උබ වෙනුවෙන්ම කැපවුන , ඒත් උබෙන් අබ ඇටයක
දෙයක්වත් ගත්තෙ නැති , ඒත් උබ වෙනුවෙන්ම මුළු ජිවිතේම මුළු සසරම කැපකරපු ඒ මහා වීරයානන් වහන්සේට නේද බං උබ මේ තරම් කැනහෙලිකම් කරන්නෙ, ඇයි බං එහෙම කරන්නෙ...🌿
🌼මං දන්නේ මෙච්චරයි බං.. උබ ඔය කරන කැනහෙලිකම් වලට උබට දවසක වන්දි ගෙවන්න වෙනවාමයි.. එදාට නඩුව අහන්නෙ වෙන කවුරුත්ම නෙමෙයි මේ ස්භාවධර්මයයි..
තීන්දුව සර්වසාධාරන විදියටම ලැබෙයි...
ඉතිම් එතකම් පරිස්සමට හිටහන්.. මොකද
ස්භාවධර්මය උබ ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ..
තෙරුවන් සරනයි 🌻
#දහම්සක්මන✍️