19/08/2026
ජීවිතේ හරි අඩක් වැඩියෙන් කැප කලා ඔබ දිවියම
මාවතේ හරි විදිය යන්නට දෑස් පෑදුවා
අපේ සැම
ආදරේන් කරුනාව බෙදුවා ඔබෙන් දැක්කෙ ඒයයි ගුනයම
තෙරුවනේ ගුන බලෙන් හිමි නිති රැකේවා බුදු සසුනෙම
නින්දා ගැරහුම් කොහොමත් වැඩියෙන් ඒ තමයි සිවුරේ විදියම
හැදුවා අපේ හිත සැමදා හිමි ඔබ මෙත්තා කරුනා විතරයි පිදුවෙම
ඇන්නා ටොක්කක් ඉස්සර මතකයි කරපු වැරදි වැඩ හින්දම
දුන්නා ඔවදන් පෙන්නා ගුනදම් හැදෙන්නට යැයි නිතර කිවුවෙම
ඉපදුනේ නැති උනත් ඔබ අපි එකම මව් කුසේ
දැනුනේ නෑ එය එහෙම යැයි බව ඒ තරම් ඔබව ඇත හදේ
හැගුනේ හිමි ඔබ අපේ වැඩිමල් සොහොයුරා බව හදේ
නැගුනේ මේ පද අපෙන් සොහොයුරු ඔබේ පාමුල පියුම් වී අද පිදේ
ප්‍රශන හමුවෙ නොම වැටෙන්නට එදා මතකයි පෙන්නුවා
ගන්න තීරන එපා කලබල වෙන්න යැයි හිමි
නිතියෙන් දෙසුවා
පන්න පන්න එන මුලා දේවල් සිවුරෙ හැඩ නැති කරනවා
යන්න හොද නැති එහෙම ගමනවල් ගියොත් මම නෑ මතකයි කිවුවා
පුංචි සන්දියේ දුන්නේ දඩුවම් හදාගන්නයී දන්නවා .
තහන්චි කෙරුව සමහර දේවල් අපේ හොදටම පෙන්නුවා
මහන්සි වී ඔබ නිතරම රැක්කේ වෙහෙරේ ගෞරවෙ දන්නවා
කාන්සී වී සිටියත් ඔබ හිමි හිනාවෙන් නිති අපසැම සැනසුවා
පන්සලට ආවදා පටන් මතකයි දුන්නේ ඔවදන් හද තුටින
බැනුම් හැමවිට ලැබුවේ අපසැම හදා ගන්නයි
නිතිලෙසම
අපිත් කරානා වැරදි වැඩ දැක අවසරත් බැන්නේ හිමිහටම
සමාවෙනු මැන හිතලා නොව ඒ සැමදෙයක් උනේනම් අප අතින
අවසරට කියනු බැරු ඇතම් දේවල් බිය නැතුව අපි පැවසුවා
ඒ අපේ ලොකු සහෝදරායා හිමි වෙනවා යැයි අප නිති සිතා
ඉදින්නට වෙන පැවදි දිවියේ හොඳ අසන්නට නැතේ යැයි අප හිත හදා
පතන්නට එපා එවැනි දේ කරන දේවල් පමනි කියා යැයි ගෙනියන්නේ සදා
ප්‍රශ්න හමූවේ එපා යන්නට මූණ දෙන හැටි
පෙන්නුවා
කෝපය නෙවෙයි ඒවාට විසඳුම ඉවසීම යැයි හිමි පැවසුවා
එහෙම හිමියනී කී නිසා ඔබ හුගක් තැන්වල අපි බැබලූවා
පුදුම හිතෙනවා අපිට හිමියනි කොහොම ලැබුනද මේ අත්දැකීමවල් ඔබ කියා
දහම් පාසලෙ ළමයි අදටත් කිවුවේ හිමිහට අපේ පොඩි අවසර කියා
පුදුම නෑනේ එහෙම කිවුවට ඔවුන්ටත් හිමි වුනේ පහන්ක් එළිය වී මෙහි බැබලෙනා
ගොඩක් අය හිමි ඉන්නෙ ලොකුකම පෙන්නමින් දෙවනිහිමි ඒ හිමි යැයි කියා
එහෙම හිමි නමවල් අතර තුර නිහතමානී කෙනෙකු යැයි ඔබ අප අතරම පැසසුනා
අපේ මේ පින් බිමට හිමනම් පුන්සදක් නේ වාසනාවට පෑයූ
මේ වචන ටික පුදදෙනුයේ හිමියනී ඔබේ පැවදිම සොහොයුරන් අතනි ලීයූ
පතන්නම් හිමියනි ඔබහට සියක් ලැබේවා එහෙමනම් සූඛී දීඝායූ
මෙහෙම කියලත් සුබ පතන්නම් හිමියනී "හැපී බර්ත්ඩේ ටූයූ "