St. Anne's Church, Pilapitiya - Media Unit

St. Anne's Church, Pilapitiya - Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Anne's Church, Pilapitiya - Media Unit, Religious organisation, Biyagama Road, Pilapitiya, Kelaniya.

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 04 වැනි වැනි ආලේලුයියා  සෙනසුරාදා දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ නිකායික ගරු සනත් කුමාර...
04/04/2026

පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය අප්‍රේල් මස 04 වැනි වැනි ආලේලුයියා සෙනසුරාදා දිව්‍ය ගැලවුම්කරුවාණන්ගේ නිකායික ගරු සනත් කුමාර පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිලපිටිය සාන්ත ආනා දහම් පාසලේ ගුරු මණ්ඩලයේ සංවිධනයෙන් සිදුකෙරුනි.

ප්‍රථමයෙන් නව ගින්න ආසිරි ගන්වා පාස්කු ඉටිපහන දල්වා ඉන් අනතුරුව දේව වාක්‍ය පිළිවෙතින් අනතුරුව කිතු සමිඳාණන්ගේ විජයග්‍රාහි උත්ථාන ප්‍රතිමාව නිරාවරණය කරන ලදී. අනතුරුව ජලය ආසිරි ගන්වා ප්‍රසාද ස්නාපන පොරොන්දු අලුත් කරන ලදි.

දේව මෙහෙය අවසානයේදි උත්ථාන ප්‍රතිමාව රැගත් පෙරහැරක් දේවස්ථානය වටා ගමන්කරන ලදී. ඉන් අනතුරුව කිතු සමිඳාණන්ගේ උත්ථාන ප්‍රතිමාවෙන් ජනතාව ආසිරි ගන්වන ලදී.

ඔබ සැමට සුබ පාස්කු මංගල්‍යක් වේවා!

පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ මහ සිඋරාදා දින දේව මෙහෙය දිව්‍ය ගැලවුම්කාර නිකායික ගරු සනත් කුමාර පූජා ප්‍රසාදීන් වහන්සේගේ...
04/04/2026

පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ මහ සිඋරාදා දින දේව මෙහෙය දිව්‍ය ගැලවුම්කාර නිකායික ගරු සනත් කුමාර පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

මහා බ්‍රහස්පතින්දා අද යි.ශුද්ධ වූ සතියේ සුවිශේෂී දිනයකි, මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා ක්‍රිස්තුස් වහන්සේ අන්තිම ...
01/04/2026

මහා බ්‍රහස්පතින්දා අද යි.

ශුද්ධ වූ සතියේ සුවිශේෂී දිනයකි, මහ බ්‍රහස්පතින්දා. මහ බ්‍රහස්පතින්දා ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී පාද දෝවනය කර ඉන්පසු ගෙත්සමනියට ගිය බව අපි දැන සිටිමු. එය නිවැරදි බව සත්‍යකි.

ක්‍රිස්තුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයට සහභාගී වී අනතුරුව පාවා දෙනු ලැබීම තුල උන්වහන්සේගේ පාස්කුව සිදු වූ බව අභිධාර්මිකව සත්‍යක් යන්න සදහන් කල යුතුය. මේ සමගම එදින ක්‍රිස්තුන් වහන්සේ ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාදය සහ තම එඩේරික ජීවිතය තුලින් පුජාත්වරය නම් වූ ප්‍රසාධ නිධාන ස්ථාපිත කිරීම ඉතා සුවිශේෂී කාරණයකි.

එදින දේවස්ථානය තුල සවස් භාගයේදී මෙම සිදුවීම් සිහිපත් කරනු ලබන අතරම තවත් එදින පෙරවරුවේ සිදු කරනු ලබන සුවිශේෂී කාරණයක් වන්නේ තෛල ආශිර්වාද කිරීම ය. වර්ෂය පුරාවට දේවස්ථානයන්හි භාවිතයට ගැනෙන ශුද්ධ වූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදිවරුන්ගේ කැපවීම අලුත් කරනු ලබන්නේද මහ බ්‍රහස්පතින්දා දිනයේදී ය.

සෑම රදගුරු වසමකම රදගුරුතුමා ප්‍රමුඛ පුජා ප්‍රසාදීන් වහන්සේලා එක්වී ගිහි ජනතාව සහ පැවදි අය සමගින් දිව්‍ය පුජාවන් සදහා සක්‍රමේන්තුවට අවශ්‍ය කරන ශුද්ධ වූ තෛලය ආශිර්වාද කර පුජා ප්‍රසාදීන්ගේ කැපවීම අලුත් කිරීම මහ බ්‍රහස්පතින්දා දිනයේ සිදු කරති. (යම් පදවි වල මෙම පිළිවෙත ශුද්ධ වූ සතියේ සඳුදා දින ද සිදු කෙරේ.) මහ බ්‍රහස්පතින්දා දිනයේ සවස් භාගයේ දී දේවස්ථානයන්හි සිදු කරන පිළිවෙත් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බහුතර ජනතාවක් මේ කෙරෙහි අවධානයක් නොදැක්වුවත් මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිදු කරන ඉතා වැදගත් කාර්යයක් ලෙසට ශුද්ධවූ තෛලයට ආශිර්වාද කිරීම සැලකිය හැකිය.

මහ බ්‍රහස්පතින්දා සවස ඉර බැසීමත් සමගම ජේසුස් වහන්සේගේ මහා රාත්‍රී භෝජනය හෙවත් අන්තිම රාත්‍රී භෝජනය ලෙස සැලකෙන දිව්‍ය පුජාව සිදු කරනු ලබති. මෙහිදී අප ජනතාවට කිවයුතු ඉතාම වැදගත් දේව ධාර්මික කාරණයක් තිබේ. එනම් මහා බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමගම චතාරික සමය අවසන් නොවන බවයි. අපේ සැදැහැවත් ජනතාවගෙන් බහුතරයක් අතර තිබෙන අවබෝධයක් වන්නේ ශුද්ධවූ සතියේ ආරම්භයත් සමගම චතාරික සමය අවසන් වන බවයි.

ගොබ් ඉරුදින, සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සවස් වරුව වනතෙක්ම චතාරිකය ලෙස සැලකේ. පාස්කුව ආරම්භ වන්නේ මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමඟම සිදුවන දිව්‍ය පුජාවෙනි. පාස්කුව ආරම්භ වන්නේ ආලේලුයියා සෙනසුරාදා නොවන බව සිහිපත් කල යුතුය.

මහ බ්‍රහස්පතින්දා ඉර බැසීමත් සමඟම ආරම්භ වන පාස්කුව මහ සිකුරාදා සහ ආලේලුයියා සෙනසුරාදා මෙම දින තුන පුරාවට සිදු වන්නේ එකම වන්දනා පිලිවතකි. එම දින තුන තුලදී සිදු කරන්නේ වන්දනා පිළිවෙත් තුනක් නොව එකම වන්දනා පිළිවෙතක් බව අවධාරණයෙන් සිහි කල යුතුය. දේවස්ථානය තුල මහ බ්‍රහස්පතින්දා සවස සිදු කරන වන්දනා පිළිවෙත් එදින අවසන් නොවේ. පසු දින වන මහ සිකුරාදා දිනයේ පිළිවෙත්හි ආරම්භයක් හෝ අවසානයක් ද නොවේ.

ආලේලුයියා සෙනසුරාදා පිළිවෙත්හි ආරම්භයක්ද නොවන පිළිවෙත අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජවෙනි. සරලවම සදහන් කල හොත් මහ බ්‍රහස්පතින්දා සවස ආරම්භ වන පාස්කු පිලිවෙත් අවසන් වන්නේ ආලේලුයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී දිව්‍ය පුජාවෙනි.

✍️ Radio Veritas Asia - Sinhala

30/03/2026

මහ සිකුරාදා තුන් පැය ධ්‍යානයට සුදානම් වන පිලපිටිය සාන්ත ආනා දේවස්ථානය

ශුද්ධ වූ සතිය ඇරඹීමත් සමඟම පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ මහා සිකුරාදා දින කුරුස ලකුණු පෙන්වමින් සිදුකරනු ලබන තුන් පැය ධ්...
29/03/2026

ශුද්ධ වූ සතිය ඇරඹීමත් සමඟම පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ මහා සිකුරාදා දින කුරුස ලකුණු පෙන්වමින් සිදුකරනු ලබන තුන් පැය ධ්‍යානයට සුදානම් වීම අද දින (29) ආරම්භ කළා.

එහිදී කුරුස කමිටුවේ ප්‍රධානත්වයෙන් තරුණ සමිතිය සහ පූජා සහයක දරුවන්ගේ සහභාගිත්වයෙන් තුන් පැය ධ්‍යානය සඳහා දේවස්ථාන භූමියේ කුරුසිය සිටුවීම සිදුකරනු ලැබුවා.

කැලණිය මීසම් සහයක ගරු ට්‍රිෂාන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකළ කෙටි යැදුමෙන් සහ ආශීර්වාද කිරීමෙන් අනතුරුව කුරුසිය සිටුවනු ලැබුවා.

මෙම අවස්ථාවට පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ කුරුස කමිටුවේ සාමාජිකයින්, තරුණ සමිතියේ සාමාජිකයින්, පූජා සහයක දරුවන් සහ ධර්ම සේවා සභාවේ සාමාජිකයින් එක්ව සිටියා.

ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා බයිබල් දැනුම තරගාවලියෙන් ජයග්‍රහණ ලැබූ පිලපිටිය ස...
29/03/2026

ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලැබූ සමස්ත ලංකා බයිබල් දැනුම තරගාවලියෙන් ජයග්‍රහණ ලැබූ පිලපිටිය සාන්ත ආනා දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුවියන් හට හිමි සහතික පත් හා පදක්කම් පිරිනැමීම අද (මාර්තු 29) දිව්‍ය පූජාව අවස්ථාවේදී කැළණිය මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

යුත්මිණි පීරිස් - 8, 9 ශ්‍රේණි (රන් පදක්කම)
දිනිති ෂෙනාලි - 8, 9 ශ්‍රේණි (ලෝකඩ පදක්කම)

රුනිති පතිරණ - 6, 7 ශ්‍රේණි (ලෝකඩ පදක්කම)

ඉහන්සා දුවිනි - 4, 5 ශ්‍රේණි (ලෝකඩ පදක්කම)

යන දූ දරුවන් අද දින ඇගයීමට ලක්වූ අතර පිලපිටිය සාන්ත ආනා දහම් පාසලට හා පිලපිටිය සංඝයට මෙලෙස කීර්තියක් ගෙනෙන්නට කැප වූ එම දරුවන් සැමට තව තවත් දහම් දැනුමින් පෝශ්‍ය වන්නට සුබපැතුම් එක්කරමු.

2026 වසරේ ශුද්ධ වූ සතිය අරඹමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ  දුඃඛෝත්ස්ව ඉරුදින හෙවත් ගොබ් ඉරිදා දිව්‍ය පූජා යාගය අද (2...
29/03/2026

2026 වසරේ ශුද්ධ වූ සතිය අරඹමින් පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ දුඃඛෝත්ස්ව ඉරුදින හෙවත් ගොබ් ඉරිදා දිව්‍ය පූජා යාගය අද (29) සිදු කරනු ලැබුවා.

මීසම් සේවක ගරු ජූඩ් ලක්ෂ්මන් පූජා ප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිලපිටිය සාන්ත ආනා දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සංවිධානයෙන් යුතුව අද දින දිව්‍ය පූජා යාගය ඔප්පු කරනු ලැබුවා

පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩපිළිවෙල
26/03/2026

පිලපිටිය සාන්ත ආනා දේවස්ථානයේ ශුද්ධ වූ සතියේ වැඩපිළිවෙල

සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය හෙවත් මරියෝත්තමාවන්ට මංගලම් කීමේ මංගල්‍යය දේව වන්දනා වසරේ මාර්තු  මස 25 වන දින ශා....
24/03/2026

සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය හෙවත් මරියෝත්තමාවන්ට මංගලම් කීමේ මංගල්‍යය

දේව වන්දනා වසරේ මාර්තු මස 25 වන දින ශා. සභා මාතාව දේව මාතාවන්ට මංගලම් කීමේ මංගල්‍යය හෙවත් සමිදාණන් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය සමරන්නීය.

බිඳ වැටුණු දෙව් මිනිස් සබැඳියාව යළිදු එක්කරලීමට අභිප්‍රාය දෙවි සමිදාණෝ
මරියෝත්තමාවන්ගේ කුස තුළ මාංශගත වෙමින් අප හා සමාන පුද්ගලයකු වූ බව ශු . ලියැවිල්ල පසක් කර දෙයි.

ප්‍රසාද පූර්ණවන්තියක ලෙස මරිය මාතාවෝ මුළු මිනිස් සංහතියේ ගැළවීම වෙනුවෙන් ඕ තොමෝ සියල්ල හිස් කරලමින් දේව කැමැත්තට හිස නමා වචනයෙන් ද ක්‍රියාවෙන් ද දෙවි සමිදුන්ට ඔබින වාසස්ථානයක් වූවාය.
මෙම මංගල්‍යය සභා සම්ප්‍රදානුකූලව රෝමානු කතෝලික සභාව, එංගලන්ත සභාව හා ලුතරන්වාදී සභාවල දේව වන්දනා දින දර්ශන වල දක්වා ඇත. මේ මංගල්‍යයේ ආරම්භය ඉපැරැණි පෙරදිග සභා සම්ප්‍රදායන් තුළින් අපට උරුම වී ඇත.

ඒ පිළිබඳව ලිඛිත මූලාශ්‍ර හමුවන්නේ 6 වන සියවසේ සිටය. නමුත් ඊට පෙර යුග වලත් මේ මංගල්‍යය සැමරූ බව සඳහන් වේ. පසුව මේ මංගල්‍යය බටහිර පිළිවෙත් වලට එකතු වූයේ හත්වැනි සියවසේ සිටය. ඔවුන් මෙම දිනය තීරණය කෙරුණේ තුන්වැනි ශත වර්ෂයේ සිදු වූ නත්තල් දිනය නියම කර ගැනීමේ මතය අනුවය. පෙරදිග සභා පිළිවෙත් වල මෙය " දේව මාතාවන්ට මංගලම් කීමේ මංගල්‍යය" ලෙස ව්‍යවහාරයේ බැඳී පවතින අතර එකී නාමය බටහිර පිළිවෙත් වලට සම්බන්ධ විය.

විශේෂයෙන් පෙරදිග ඕතඩොක්සේ සභාව තුළ මේ මංගල්‍යය ණය මංගල්‍යයක් ලෙස චතාරිකයේ පවා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. ඇතැම් ඉතිහාසඥයන්ගේ මතයන්ට
අනුව ක්‍රි.ව. 525 දී ස්වාමින් වහන්සේගේ මාංශගතවීමේ මංගල්‍යය ලෙස පරිවර්තනය වූයේ ඉපැරැණි රෝමානු මිථ්‍යා වත් පිළිවෙත් වල තිබූ , "Anno Domini "හෙවත් ඩෝනිසියුස්
එක්සිගියුස් නමැති මිසදිටු දෙවියාගේ මංගල්‍යයට ආදේශකයක් ලෙසිනි.

විශ්ව සභාව තුළ ක්‍රි.ව. 656 දී ටොලේඩෝ මන්ත්‍රණ සභාව මඟින් නිර්දේශිතව අනුමත වූ අතර, ක්‍රි.ව. 692 " කොන්ස්තන්තිනෝපල් මන්ත්‍රණ සභාව " තුළින් අනුමත කරන ලදී. මෙමඟින් සිදු කරන ලද නිර්දේශයන්ට
අනුව චතාරිකයේ පවා මේ මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරන්නට නියෝග කරන ලදී. විශේෂයෙන් මේ මංගල්‍යය එංගලන්තය පුරා ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියව පැවති අතර අද දක්වා ම එංගලන්ත සභාවේ සුවිශේෂී මංගල උත්සව දිනයක් ලෙස මේ මංගල්‍යය හදුන්වයි. මධ්‍යතන යුගයේ එංගලන්තයේ දී මෙම මංගල්‍යය අරබයා සුවිශේෂී නුවාන සම්ප්‍රදායක් හා සර්ව රාත්‍රික යැදුම් සම්ප්‍රදායක් ද තිබූ බවට
සාක්ෂි ඇත.

කතෝලික හා පෙරදිග සම්ප්‍රදායට අනුව මේ මංගල්‍යය මාර්තු 25 වන දින ම සමරන අතර, යම් යම් අවස්ථා වල දී මේ මංගල්‍යය ශු . සතිය තුළ යෙදී ඇත්නම් පාස්කු සමයේ මුල් සතියෙන් පසු සදුදා දින මේ මංගල්‍යය සමරන්නට දේව වන්දනා සංසදය දෙවන වතිකාන කතිකාවතෙන් පසුව නිර්දේශ කර ඇත. තවද ලෙබනන් වැනි රටවල අදත් මෙදින මංගල්‍යයක් හෙයින් නිවාඩු දිනයකි. ඒ අනුව මේ වසරේ මෙම මංගල්‍යය අද දිනට යෙදී ඇත.

ශු. ලියවිලි පදනම

පුරාණ ගිවිසුමේ බිඳ වැටුණු දෙව් මිනිස්
සබැඳියාව එක්කරලන්නට දෙවිදාණෝ ගැලවීමේ ක්‍රියාවලියට මුලපිරූ සේක. අකීකරුකම හා උඩගුකම නමැති පාපයේ ආදීනත්වයේ පළමු මිනිසාගේ හා පළමු ස්ත්‍රියගේ ක්‍රියාදාමය හේතුකොට ගෙන පාපයේ බීජය මෙලෝ තලය මත පතිත විය. නව ගිවිසුමේ නව ආදම් වන ජේසු සමිදාණෝ ද නව ඒව වන මරියෝත්තමාවෝ ද ස්වකීය දිවි මඟ තුළ දේව කැමැත්ත ඉටු කිරිම තුළින් නව ගිවිසුමේ නව දේව ජනතාව වන ශු . සභාව තුළින් දිනෙන් දින ශුද්ධවත්ව කරගනු යනු සඳහා අපව මෙහෙයවන්නාහ. මෙහි දී ස්වාමින් වහන්සේගේ මාංශගතවීමේ අභිරහස තුළ ස්වාමින් වහන්සේ සිතින් ද කයින් ද මනසින් ද දරා ගත් ඒ උත්තරීතර මාතෘත්වය පිළිබඳ ලූක් සුවිශේෂයේ 1 :
26 - 28 දක්වා පිළිබිඹු වේ. මෙහි දී පුරාණ ගිවිසුමේ දිවැසාවලියට අනුව
(යෙසායා 7:10-14) " බලන්න කන්‍යාවක් ගැබ්ගෙන පුතකු බිහිකරන්නීය. උන්වහන්සේට ' එම්මානුවෙල් ' යන නාමය තබනු ඇත... " නව ගිවිසුම
තුළ ලූක් සුවිශේෂය 1 : 26 - 38 දක්වා ගාබ්‍රියෙල් දේවදූතයා මරියෝත්තමාවන්ට මංගලම් කීමේ සුභාරංචිය කියාපායි.

අසම්මත දේව සැලැස්ම වටහාගෙන ඊට හිස නමා තම මුළු දිවියම පුද දුන් මරියෝත්තමාවන්ගේ ප්‍රතිචාරය මෙහි දී අප හට අභියෝගයකි. " බලන්න,
මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි, ඔබ කී වචනය ලෙස මට ඉටුවේවා..."(ලූක් 1:37). මතෙව් තුමාගේ සුබාරංචියට අනුව ජේසු සමිදාණන් මාංශගත වන්නේ ගැලවීමේ ක්‍රියාවලියට අනුව ආදී පිතෘ යුගය නිමා
කොට කාලය සම්පූර්ණ කළ මරියෝත්තමාවන්ගෙන්මය .
" මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් ජේසුස් වහන්සේ උපන් සේක." (මතෙව් 1:16). තවද ජේසු සමිදුන්ගේ මාංශගතවීම පිළිබඳව ශු . කුරානයේ ද සඳහන් වේ.

සභා පිය ඉගැන්වීම්

සභා සම්ප්‍රදායානුකූලව මේ මංගල්‍යය පිළිබඳව විවිධ කාලවකවානු තුළ එක් එක් සභා පියවරු විවිධ අර්ථ කථන හා නිර්වචනය ඉදිරිපත් කළහ.මෙහි දී ශු . ජෝන් ක්‍රිසොස්තම් මුනිතුමා කැපී පෙනෙයි. තවද සිරියාවේ ශු. එප්‍රායිම් මුනිතුමන් මේ මංගල්‍යය මාර්තු මස 25 වන දින යෙදීමට නිර්දේශ වීම පිළිබඳව අදහස් ඉදිරිපත් කර ඇත. තවද සභා සම්ප්‍රදායානුකූලව ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශා. අතනාසියුස් මුනිතුමන් මේ මංගල්‍යයේ අරුත වඩාත් ගම්‍ය කරලීමට දේවධාර්මික ගීතයක් ඉදිරිපත් කර ඇත.

"මෙන්න අපගේ ගැලවීමේ උදාවයි.
සදාතනික අභිරහසේ අනාවරණයයි.
ගාබ්‍රියෙල් දේව දූතයා මංගලම් කී පරිදි
වරප්‍රසාදයෙන් පිරි දෙව් පුතු කුමරි මවගෙන් බිහිවේ. එම පුතු සමඟින් දෙව්මවුට ආයාචනා කරනෙමු.

ප්‍රීති වන්න, විපුල ප්‍රසාදලත් උත්තමියනි,
ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය."

ධාර්මික පදනම

ස්වකීය දේවත්වය පසෙකලා මනුෂ්‍ය ස්වභාවය ගත් (පිලිප්පි 2:5-11) අප
අතර වැඩ විසූ දෙවිදාණෝ ස්ත්‍රීයකගෙන් උපන් ස්වකීය පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් කරණකොට ගෙන කන්‍ය මරියෝත්තමාවන්ගෙන් මාංශගත වූ සේක. එසේ වූයේ කාලය සම්පූර්ණ වූ කල..... ස්වකීය ගැලවීමේ ක්‍රියාදාමය සාක්ෂාත් කරමිනි (ගලාති 4:4)., (හෙබ්‍රෙව් 1:1-3) මෙහිදී ස්වාමින් වහන්සේගේ මාංශගතවීමේ අභිරහස හුදු වචනාර්යක් නොව එය ජීවත් කරන්නට අප සැම කැදවන්නීය.

පිලපිටිය සාන්ත ආනා සංඝයේ පාදනමස්කාර භක්ති අභ්‍යාසය අද දින (07) දේවස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබුවා.පිලපිටිය සාන්ත ආනා ධ...
08/03/2026

පිලපිටිය සාන්ත ආනා සංඝයේ පාදනමස්කාර භක්ති අභ්‍යාසය අද දින (07) දේවස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබුවා.

පිලපිටිය සාන්ත ආනා ධර්ම සේවා සභාව හා තරුණ සමිතිය විසින් සංවිධානය කළ පාදනමස්කාර භක්ති අභ්‍යාසය දේවස්ථානයේ ක්‍රියාත්මක වන සමිති සමාගම් සහ නුවාන කොට්ඨාශ වල බැතිමතුන් විසින් මෙහෙයවනු ලැබුවා.

01/03/2026
ජේසු ක්‍රිස්තු ආරාධීත වේවා!අද දින අභිනවයෙන් පත්වන අනුරාධපුර පදවියේ සතරවන රදගුරු (04) තැන්පත් අති උතුම් සාගර ජයමාන්න හිමි...
28/02/2026

ජේසු ක්‍රිස්තු ආරාධීත වේවා!

අද දින අභිනවයෙන් පත්වන අනුරාධපුර පදවියේ සතරවන රදගුරු (04) තැන්පත් අති උතුම් සාගර ජයමාන්න හිමිපාණන්ට කැලණිය මීසමේ, පිලපිටිය සංඝයේ යාච්ඤාශීලී සුභාශිංසන!

Address

Biyagama Road, Pilapitiya
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anne's Church, Pilapitiya - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share