HCS - St.Pauls Church - Waragoda

HCS - St.Pauls Church - Waragoda "ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න;
ඔවුන් නොවළක්වන්න"
(මතෙව් 19:14)

"Let the little children come to me;
and do not hinder them"
(Matthew 19:14)

ආදර ජේසු මරිය ජුසේ තුමෙනි , අප පවුල තුලත් ඔබ ශු. පවුලේ ගුණාංගයන් වර්ධනය කරවන්නට අවැසි වරම් ලබා දුන මැනවි…
28/12/2025

ආදර ජේසු මරිය ජුසේ තුමෙනි , අප පවුල තුලත් ඔබ ශු. පවුලේ ගුණාංගයන් වර්ධනය කරවන්නට අවැසි වරම් ලබා දුන මැනවි…

ආදරණීය දුවේ , පුතේ , අම්මෙ, තාත්තේඔබත් අදම උත්සහ කරන්න.
11/12/2025

ආදරණීය දුවේ , පුතේ , අම්මෙ, තාත්තේ
ඔබත් අදම උත්සහ කරන්න.

අද ශු. සභාව ජන්ම දෝෂ රහිතව පිළිසිඳ ගැනීමේ මංගල්‍යය සමරනවා. ජේසුස් වහන්සේගේ මව වීමේ අභියෝගාත්මක කැඳවීමදේව අම්මා භාර ගත්තා...
07/12/2025

අද ශු. සභාව ජන්ම දෝෂ රහිතව පිළිසිඳ ගැනීමේ මංගල්‍යය සමරනවා. ජේසුස් වහන්සේගේ මව වීමේ අභියෝගාත්මක කැඳවීම
දේව අම්මා භාර ගත්තා. ඇය දේව කැමැත්ත තමන්ගේ ජීවිතයේ ඉටු වෙන්නට ඉඩ සලසනවා.

දේව අම්මාව විතරක් නෙමේ, දෙවියන් වහන්සේ අපිවත් ජන්ම පාප දෝෂයෙන් නිදහස් කරනවා. නමුත් දේව අම්මගෙයි අපෙයි වෙනසක් තියෙනවා. ඇය දෙවියන් වහන්සේට දුන් පොරොන්දුව 100%ක්ම ඉටු කළා. කුමන බාධා ආවත් විශ්වාසය අත්හැරියේ නැහැ. නමුත් අපි මේ ලෝකයේ දේවල් වලට වහල් වෙලා පාපය අපේ ජීවිත රජ කරවනවා. ප‍්‍රශ්න පරික්ෂා එනවිට උන්වහන්සේට අවලාද කරනවා. මේ නිසයි අපිට දේව වරප‍්‍රසාද ලැබෙන්නේ නැත්තේ, දේව රාජ්‍යය අහිමි වෙන්නේ. ඉතින් අපි අදිටන් කරගනිමු දේව අම්මා වගේ දේව රාජ්‍යය ලබා ගන්නට, අභියෝග කෙතරම් ආවත් පාපයට නොවැටී විශ්වාසයෙන් සිටින්නට, ධර්මිෂ්ඨව ජීවත් වන්නට.

මම උසස්, වැදගත්, බුද්ධිමත්, සල්ලි තියෙනවා කියල එක එක විදිහට ඔලුව උදුම්වාගෙන අන් මිනිසුන් ගණන් නොගන්නාට ජේසුස් වහන්සේගේ ආ...
06/12/2025

මම උසස්, වැදගත්, බුද්ධිමත්, සල්ලි තියෙනවා කියල එක එක විදිහට ඔලුව උදුම්වාගෙන අන් මිනිසුන් ගණන් නොගන්නාට ජේසුස් වහන්සේගේ ආශිර්වාදයද නොලැබෙන බව මතක තබා ගන්න.

ශු. ජූඩ් මුනිදුන් දුන් අවවාද- ඔබට එරෙහිව විවාද කරන්නන්ට උපකාර කිරීමට උත්සහ කරන්න.- ස්ථිර විශ්වාසය වෙනුවට දෙගිඩියාව ඇත්තන...
28/10/2025

ශු. ජූඩ් මුනිදුන් දුන් අවවාද

- ඔබට එරෙහිව විවාද කරන්නන්ට උපකාර කිරීමට උත්සහ කරන්න.

- ස්ථිර විශ්වාසය වෙනුවට දෙගිඩියාව ඇත්තන්ට දයානුකම්පා කරන්න.

- පාපයට මුළු සිතින්ම ද්වේෂ කරන්න. එහෙත් පව්කාරයාට අනුකම්පා කරන්න.

ශු. කාර්ලෝ ඇකියුටිස් තුමා යනු 1991 දී උපත ලැබූ ඉතාලි තරුණ පිරිමි ළමයෙකි. ඔහු පරිඝණක වලට ඇලුම් කල අතර කතෝලික ඇදහිල්ල අන්ත...
13/10/2025

ශු. කාර්ලෝ ඇකියුටිස් තුමා යනු 1991 දී උපත ලැබූ ඉතාලි තරුණ පිරිමි ළමයෙකි. ඔහු පරිඝණක වලට ඇලුම් කල අතර කතෝලික ඇදහිල්ල අන්තර්ජාලය හරහා පතුරුවා හැරීමට තම කුසලතා භාවිතා කළේය. ඔහු ශු. දිව්‍ය සත්ප්‍රසාදය කෙරෙහි ගැබුරු භක්තියක් දැක්වූ අතර ලොව පුරා ශු. දිව්‍ය සත්ප්‍රසාද ආශ්චර්යයන් පෙන්වන වෙබ් අඩවියක්ද නිර්මාණය කළේය. දිනපතා ශු. දිව්‍ය පුජාවට ඉතා දැඩි භක්තියෙන් යුතුව සහභාගී වූ මෙතුමා ප්‍රීතිමත්, ඇදහිල්ලෙන් පිරුණු ජීවිතයක් ගත කල අතර ඔහුගේ කරුණාව තුලින් අන් අයට බොහෝ උපකාර කළේය. ඔහු 2006 දී ලියුකේමියාවෙන් මිය ගියේ වයස අවුරුදු 15දී වන අතර 2025 දී ශුද්ධවරයට ඔසවා තබන ලදී.

අම්මේ තාත්තේ... ඔබ ඔබේ දරුවාට හොද අධ්‍යාපනයක් දෙන්න උත්සහ කරනවා වගේම ඔබේ දරුවාව ජේසු ගාවට ලං කරන්නත් ගොඩක් උත්සහ කරන්න. ...
12/10/2025

අම්මේ තාත්තේ... ඔබ ඔබේ දරුවාට හොද අධ්‍යාපනයක් දෙන්න උත්සහ කරනවා වගේම ඔබේ දරුවාව ජේසු ගාවට ලං කරන්නත් ගොඩක් උත්සහ කරන්න. අධ්‍යාපනයෙන් කොතරම් ඉහලට ගියත් ඔබේ දරුවා ජේසුට ආදරේ ජේසුට ලං වෙච්ච දරුවෙක් නෙමේනම් දිනෙක ඔබට පසු තැවෙන්න සිදුවෙනවාමයි...

🎉Hello everyone! You're warmly invited to the Flavor Fiesta on Oct 11 at 3 PM at St. Paul’s Playground, waragoda, Kelani...
11/10/2025

🎉Hello everyone! You're warmly invited to the Flavor Fiesta on Oct 11 at 3 PM at St. Paul’s Playground, waragoda, Kelaniya! 🎪✨

Come enjoy the flavors, fun, and festive vibes 🎶🍴 Let’s support this great event together—your presence means a lot! 🙌
Cheers! 🥳

ශු. ජපමාලය යක්ෂයාගේ බලය බිද දැමිය හැකි බලවත් ආයුධයක්..... ශු. ජපමාලයේ බලය අත්දකින්න..... ඒ තුල ජීවිතේ වෙනසක් අත්දකින්න.....
08/10/2025

ශු. ජපමාලය යක්ෂයාගේ බලය බිද දැමිය හැකි බලවත් ආයුධයක්..... ශු. ජපමාලයේ බලය අත්දකින්න..... ඒ තුල ජීවිතේ වෙනසක් අත්දකින්න....

15/09/2025
රෝස කුසුමේ දෙව් මව්ගේ දර්ශනය වීමරෝස කුසුම හෙවත් ROSA MYSTICA අභිරහස්මය දේව මාතා පුවත මේ දිනවල නිතරම අසන්නට ලැබෙයි. ඉමහත්...
15/07/2025

රෝස කුසුමේ දෙව් මව්ගේ දර්ශනය වීම

රෝස කුසුම හෙවත් ROSA MYSTICA අභිරහස්මය දේව මාතා පුවත මේ දිනවල නිතරම අසන්නට ලැබෙයි. ඉමහත් විශ්වාසයෙන් හා කැපවීමෙන් රෝස කුසුමේ මෑණියන්ගේ නානා අන්දමේ පිහිටාධාර ලබා ගන්නෝ අපමණය. ලුර්දු, පාතිමා වැනි ස්ථාන වල කන්‍යමරිය මාතාවන් දර්ශනය වූ අයුරින් ඉතාලියේ ඇල්ප්ස් කදු පාමුල දර්ශනය වූ මරිය මාතාවන් රෝස කුසුමේ දෙව් මව් හැටියට හදුන්වනු ලබයි.

ROSA MYSTICA නමින් ලොව පුරා ප්‍රචලිත මෙම දර්ශනයටද කදිම ඉතිහාසයක් ඇත. මිට වසර 59 කට ඉහත උතුරු ඉතාලියේ ” මොන්තිචියරි” නම් පිටිසර ගම්මානයක ජිවත් වූ සාත්තු සේවිකාවට මරිය මාතාවන් දර්ශනය වීම තුලින් මෙම සිද්ධිය ඇරබේ. ඇය නමින් පියරිනා ගිලිය. ඕ ප්‍රථම වරට දෙව් මවුන් දුටුවේ ඇය සේවය කල රෝහල තුලදීය. ඇය හදිසියේ දර්ශනය කල මරිය මාතාවන් සුදු පාට වේලයක් හිසෙහි රදවා ගෙන ලා දම් පාට ඇදුමකින් සැරසී සිට ඇත. ඇගේ දෙනෙත් වල කදුලුය. මුහුණ ශෝකාකුලය. ඇගේ වත වසා ගත් කඩු තුනකි. පසු දර්ශන වලදී ඒ කඩු සුදු හා රන්වන් පාට රෝස මල් තුනකට හැරී තිබිණි. ඒ අයුරින් දර්ශනය වූ මරිය තුමිය පියරිනාට පැවසුවේ වදන් තුනකි. යාච්ඤා, පශ්චාත්තාපය හා පරිත්‍යාගය යන වචනයි.

මේ අයුරින් මරිය මාතාවන් කිහිප වතාවක්ම පියරිනාට දර්ශනය වී ඇත. ඇයගේ ඉල්ලීම වුයේ මනුෂ්‍යයින් තම වැරදි වලට සැහැසිකම් වලට මනස්ථාපනය විය යුතු බව හා ඒවාට වන්දි ගෙවිය යුතු බවකි. මෙම දේව මාතා ඉල්ලීම එතුමියගේ කලින් සුදුවූ සෙසු දර්ශන වලද දුටු පොදු ඇයදීමකි. ලෝකය තම පාපී ජීවිතය අතහැර දැමිය යුතු බව එයින් කියවේ.

පියරිනා සාත්තු සේවිකාව දුටු මෙම දර්ශනය ටික දිනකින් ලැව් ගින්නක් මෙන් මුළු මහත් ඉතාලිය පමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රියා යන රටවල් ගණනාවකට පැතිර ගියේය. ලක්ෂ ගණනක් ජනයා මොන්තිචියරි ගමට ඇදී ආහ. මෙහි විශේෂත්වය වුයේ ආබාධිතයින් සුවය ලැබීමයි, යකුන් දුරු වීමයි. ඊට අමතරව ඇතැම් දින වල දර්ශනය සිදු වන අවස්ථාවන්වලදී අහසේ පුදුමාකාර සලකුණු පහල වීමද වන්දනාකරුවන්ගේ මවිතයට හේතු විය.

මෙම දර්ශන මාලාව 1947 වසරේ ජුලි 13 වන දින , ඔක්තෝම්බර් 22 වන දින , නොවැම්බර් 16 වන දින , නොවැම්බර් 22 වන දින , දෙසැම්බර් 7 වන දින, දෙසැම්බර් 8 වන දිනයන්හිදී දර්ශනය විය.

පසුව කලක් නැවතී තිබුණු මෙම රෝස කුසුමේ දර්ශනය 1966 වසරේදී පියරිනා හෙදියට නැවතත් දර්ශනය විය. ඒ 1966 අප්‍රේල් 17 දින, මැයි 13 වන දින, ජුනි 9 වන දින සහ අගෝස්තු 6 වන දිනයහිදීය. මෙවර දෙව් මව් දර්ශනය වුයේ FONTANELLE නම් දිය උල්පතට යාබදවය. දෙව් මවගේ සෙවන ලද මෙම දිය උල්පතින් දිය පානය කල විට ශරිරාබාධ සහිත රෝගීන් සුවය ලද බව වාර්තා වෙයි. යුරෝපයේ වෛද්‍ය විශේෂඥයෝ ඒවා තමන්ට හිතා ගැනීමට පවා නොහැකි ප්‍රාතිහාර්යයන් බවට සාක්ෂි දැරුහ.

දෙව් මවගේ උපදෙස් මත පියරිනා විසින් තමා දුටු දෙව්මව්ට අනුරු ප්‍රතිමා සෑම තැනම අරබන ලදී. පදක්කම්ද සාදවන ලදී. ඕ මෙම සුරුවම් හා පදක්කම් FONTANELLE දිය උල්පත අසල තබා මරිය මව්ගේ ආශිර්වාද ලබා ගත්තාය. එසේ ලබා ගත් රෝස කුසුමේ අභිරහස්මය ප්‍රතිමා අද ලෝකයේ සෑම රටකටම පාහේ බෙදා හැර ඇත. මෙම ප්‍රතිමා කිහිපයක් ශ්‍රී ලංකාවටද ලැබී ඇත. ROSA MYSTICA දේව මාතා ප්‍රතිමා වල අභිරහස වනුයේ එහි දෙනුවන් වලින් කදුළු ගලා ඒමයි. මෙම ප්‍රාතිහාර්යය විද්වතුන්ට පවා තේරුම් ගැනීමට නොහැකි වී ඇත. 1958 ශුද්ධෝත්තම පියතුමා බටහිර ජර්මනියේදී මෙය සත්‍ය සිදුවීමක් බවට සනාථ කළේය

නිර්මල කන්‍යා මරිය තුමියගේ පාතිමා දර්ශනයඅන්ධකාරයෙන් නොසන්සුන්තාවයෙන් අනාරක්ෂිතතාවයෙන් තීරණාත්මක මොහොතක් පෘතුගාලයට ඉතාමත්...
05/07/2025

නිර්මල කන්‍යා මරිය තුමියගේ පාතිමා දර්ශනය

අන්ධකාරයෙන් නොසන්සුන්තාවයෙන් අනාරක්ෂිතතාවයෙන් තීරණාත්මක මොහොතක් පෘතුගාලයට ඉතාමත් අදුරු සමයක් විය. 1917 මැයි මස 13 වන දින පෘතුගාලයේ පාතිමා භුමි භාගයේ අල්ජුන්ටාල්හි කෝවාද රීරියාහි මධ්‍යම ප්‍රදේශයේ ඕක් ගස් මුදුනක මරිය තුමිය එඩේරු දරු තිදෙනෙකුට දර්ශනය වීමෙන් මව් මරි බැතියේ තවත් පිටුවක් පෙරළිණි.

දර්ශනයේ දරු තිදෙනා නම් එවකට වසර 10,9 හා 7 ක් වයසැති ලුසී , ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා ය. සුපුරුදු ලෙස ලුසී , ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා කොබේසෝ තැනිතලාවේ බැටළුවන්ට තණ කවමින් සිටියෝය. ඒ අතර ඕක් ගස් තුලින් දර්ශනයකි. ඔහුන් එය කුමක්දැයි නොදැන තැතිගෙන සිටින විට ” බිය නොවන්න මම ඔබට අනතුරක් නොකරමි කියා ශබ්දයක් ඇසුනි. ලුසී ධෛර්යවත්ව ප්‍රශ්න කරමින් ඔබ පැමිණියේ කොහේ සිටද කියා ඇසීය. මම ස්වර්ගයේ සිට පැමිණියෙමියි මරිය තුමිය පැවසිය.

මෙය සිදුවූයේ 1917 මැයි 13 වන දිනය. ඒ මරිය තුමියගේ පළමු දර්ශනය විය. දෙවන දර්ශනය 1917 ජුනි 13 වන දිනද තුන්වන දර්ශනය 1917 ජුලි 13 වන දිනද හතර වන දර්ශනය අගෝස්තු 13 වන දිනද පස්වන දර්ශනය සැප්තැම්බර් 13 වන දිනද හය වන දර්ශනය ඔක්තෝබර් 13 වන දිනද විය . මරිය තුමිය අවසන් දර්ශනය නිම කර සමුගන්නවාත් සමගම සූර්යයා දෙස බලන්න කියමින් ලුසී ශබ්ද නගන්නට විය. වැසි ගතියෙන් අදුරු වී තිබූ අහස ක්ෂණිකයෙන් ආලෝක විය. රැස්වී සිටි ජනතාව දනින් වැටී යාච්ඤා කළහ.

මහත් කලබගැනියක් ඇතිවී මුළු මහත් ප්‍රදේශයම දෙවනත් කරවමින් ආනන්ද ජනක ප්‍රීති ගෝෂාවක් ඇති විය. දර්ශනලාබී දරු තිදෙනා ඒ මධ්‍යයේ ඇදහිය නොහැකි දර්ශනයක් ගුවනේ දුටුවෝය. සුර්යග්‍රහණයේදී මෙන් සුර්යය පහසුවෙන් දැක ගත හැකි විය. බලන්නන්ගේ ඇස් වලට කිසිම හානියක් නොවිය. විවිධ රශ්මි ධාරාවන් ඉන් නික්මී වර්ණවත් විය.

ජේසුගේ මව ලෙස තෝරා ගත් මරිය රැජිණිය අපෙන් ඉල්ලා සිටියේ ජේසු තුමන් ඉගැන්නු ස්වර්ගයේ වැඩ සිටින යාච්ඤාව ඇතුලත් ශු. ජපමාලය නිතරම භක්තියෙන් උච්චාරණය කරන්න කියාය.

Address

St. Pauls Church , Waragoda
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when HCS - St.Pauls Church - Waragoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share