Kelaniya Royal Temple - කැලණිය රාජ මහා විහාරය

  • Home
  • Sri Lanka
  • Kelaniya
  • Kelaniya Royal Temple - කැලණිය රාජ මහා විහාරය

Kelaniya Royal Temple - කැලණිය රාජ මහා විහාරය Official page of Rajamaha Viharaya - Kelaniya, Sri Lanka. It's situated roughly 11 kilometres northeast of Colombo. At present, venerable Prof.
(31)

කැලණිය රාජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවෙහි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ කැලණි ගඟ අසබඩ කැලණිය ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. එය කොළඹට ඊසාන දෙසින් 11 km පමණ දුරින් පිහිටා ඇත. මෙහි වත්මන් විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණාන් වහන්සේය. කැලණිය ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් වු පුදබිමකි. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවූයේ ස

ම්බුද්ධත්වයෙන් වසර 8 ක් ගතවූ කාලයේදීයි. එනයින් කැලණිය පුදබිමේ ඉතිහාසය ක්‍රි.පූ. 500 ක් තරම් ඈතට දිවෙන බවට සැලකිය හැකිය. මහාවංශයට අනුව, බුදු හිමි වැඩ සිට ධර්මය දේශනා කළ මැණික් එබ්බවූ මැණික් පුටුවක් නිධන් කොට කැලණියේ ස්ථූපය ඉදිකරවා ඇත. මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි. බුදුන් වහන්සේගේ මෙම ලංකාගමනයට පන්සියයක් මහ රහතන් වහන්සේ ද එකතු වූහ. කැලණි පුරවරයේ මණිඅක්ඛිත නාග භවනට පැමිණි බුදුන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණිඅක්ඛිත මහ නා රජාණන් සැදී පැහැදී බලා සිටියේ පුරවරය මහත් සේ අලංකාරවත් කරමිනි. අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ බුදුන් වහන්සේ නා විමනේ මාණික්‍යය ආසනයේ සිට සද්ධර්මය දේශනා කළ සේක. බුදුන් වහන්සේ කැලණි රාජධානියේ දී ධර්මය දේශනා කළ ස්ථානයේ දී ඒ මැණික් පුටුව නිධන් කර කුඩා ස්තූපයක් ප්‍රථමයෙන් මණිඅක්ඛිත නා රජු විසින් තනවන ලදී. Situated in the Gampaha administrative district of Sri Lanka, the Buddhist temple known as the Kelaniya Raja Maha Viharaya is situated near the Kelaniya town along the Kelani River. Mahinda Sangharakkhita of Kollupitiya is the head of the temple. During Lord Gautama Buddha's third and final journey, Kelaniya gained it’s sacred status. The third trip to Sri Lanka by Lord Buddha happened eight years after his enlightenment and as a result, the sacred place of Kelaniya has a history that begins in BC. One may argue that it dates back up to 500 years. As per the Mahavamsa, the Buddha expounded the Dharma from a gem-encrusted chair that was treasured, and this led to the construction of a stupa in Kelaniya. Following eight years of enlightenment, the great Gautama Buddha came to Kelaniya at the invitation of King Maniakkhita on the full moon day of Vesak. He left a historical note on his third sadaham voyage to Lakbima. Alongside the Buddha on his way to Sri Lanka were five hundred Maharahats. When the Buddha and five hundred Maharahats arrived at Maniakkhita Naga Bhavana in Kelani town and enhanced the town's beauty, King Maniakkhita Mahana was prepared and eager to welcome them. The Buddha first bathed in the next to, lovely Kelani River before using the Na Vimane Manikya Asana to preach the Dharma. The monarch Maniakkhita Na, who prized that gem chair, first erected a modest stupa near the location where the Buddha delivered the Dhamma in the Kingdom of Kelani. Read about more details - https://kelaniyatemple.lk

අට අනූවක් රෝග දුරුකර ආයු වර්ණාදී පංච බල උපදන, අවුරුදු සිරිතට හිස තෙල් ගෑමේ මංගල්‍යය මෙවරත් විහාරාධිපති කැලණිය විශ්ව විද්...
16/04/2026

අට අනූවක් රෝග දුරුකර ආයු වර්ණාදී පංච බල උපදන, අවුරුදු සිරිතට හිස තෙල් ගෑමේ මංගල්‍යය මෙවරත් විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ ගරු කුලපති, අග්ග මහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, සම්මානිත මහාචාර්ය, අතිගෞරවාර්හ පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි චාරිත්‍රානුකූලව ඊයේ (15) පුර්ව භාග 6:55 ට යෙදුන සුභ මුහුර්තයෙන් විහාරස්ථානයේදී සිදු කරන ලදී.

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

ධම්ම පදයෙන් බිඳක්..           #ධම්මපදය
01/04/2026

ධම්ම පදයෙන් බිඳක්..

#ධම්මපදය

අද බක් පොහොය දිනයයි!අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ අද වැනි බක් පුර පසළොස්වක දිනකය, එනම් චූලෝදර ...
01/04/2026

අද බක් පොහොය දිනයයි!

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ අද වැනි බක් පුර පසළොස්වක දිනකය, එනම් චූලෝදර හා මහෝදර නා රජවරුන්ගේ සංග්‍රාමය වළකාලමින් නාගදීපයට වැඩම කිරීම. එමෙන්ම සිද්ධාර්ථ කුමරුන් සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත වු මහල්ලාගේ රුව දැක තිබුණේද අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනක බව ද ශාසන ඉතිහාසයේ සඳහන් ය.

ඔබ සැමට පින්බර බක් පුන් පොහොය දිනයක් වේවා!

අද මැදින් පොහොය දිනයයි!වැඩිහිටි ශාක්‍ය ඥාතී පිරිසක් පෙන්නුම් කළ මාන්නය දුරු කරනු වස් බුදුන් වහන්සේ විසින් යමා මහා පෙළහර ...
01/03/2026

අද මැදින් පොහොය දිනයයි!

වැඩිහිටි ශාක්‍ය ඥාතී පිරිසක් පෙන්නුම් කළ මාන්නය දුරු කරනු වස් බුදුන් වහන්සේ විසින් යමා මහා පෙළහර පැවැත් වූ අවස්ථාවේ හි කපිලවස්තුපුර ගොස් සිටි මල්ල රජ දරුවන් සිව්දෙනා මහත් සේ පැහැදී සසුන් ගත වීම, පිය රජතුමා හා සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවි සකෟදාගාමී සහ සෝවාන් ඵල ලැබීම, ඥාති සොහොයුරු නන්ද කුමරු හා පුත්‍ර රාහුල කුමරු පැවිදි කරනු ලැබීම ආදී බුදු සිරිතෙහි වැදගත්ම සිදුවීම් රැසකට පාදක වූයේ ද, දීර්ඝ කපිලවස්තුපුර ගමන සඳහා කාළුදායි රහතන් වහන්සේගේ ආයාචනය පිළිගෙන විසි දහසක් වූ රහතන් වහන්සේලා ද කැටුව බුදුන් වහන්සේ රජගහ නුවරින් පිටත් වූයේ ද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

අභිමානවත් 78 වන නිදහස් දිනය අදයි! 💫Happy 78th Independence Day, Sri Lanka!
04/02/2026

අභිමානවත් 78 වන නිදහස් දිනය අදයි! 💫
Happy 78th Independence Day, Sri Lanka!

අද නවම් පොහොය දිනයයි!බුදුන් වහන්සේ, වේළුවනාරාමයේ දී උන්වහන්සේට එතෙක් සිටි සියළුම ශ්‍රාවකයින් කැඳවා ඔවුන් ඉදිරියේ දී පළමු...
31/01/2026

අද නවම් පොහොය දිනයයි!

බුදුන් වහන්සේ, වේළුවනාරාමයේ දී උන්වහන්සේට එතෙක් සිටි සියළුම ශ්‍රාවකයින් කැඳවා ඔවුන් ඉදිරියේ දී පළමු වැනි සහ දෙවැනි අග්‍රශාවක තනතුරු අනුපිළිවෙලින් සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලාට පිරිනැමුවේ ද ඒ පිළිබඳ ඇතැම් භික්ෂුන් අතර ඇති වු කතා බහා ඇසීමෙන්, සැරියුත් සහ මුගලන් රහතන් වහන්සේලා මිස ශ්‍රාවකයන්ගෙන් අන් කිසිවෙකු ඒ උතුම් තනතුර පෙර භවයක ප්‍රාර්ථනා කර නොතිබු බව වදාරා, ඔවුන්ගේ අතීත තොරතුරු ගෙනහැර දක්වා විමතිය දුරු කළේ ද අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා!

රුසියානු සමූහාණ්ඩුවේ ගරු ජනාධිපති විලැද්මිර් පුටින් මැතිතුමා විසින් රුසියානු රාජ්‍යයෙන් පිරිනමන ඉහළම පුරවැසි සම්මානය වන ...
18/01/2026

රුසියානු සමූහාණ්ඩුවේ ගරු ජනාධිපති විලැද්මිර් පුටින් මැතිතුමා විසින් රුසියානු රාජ්‍යයෙන් පිරිනමන ඉහළම පුරවැසි සම්මානය වන මිත්‍රත්වයේ රුසියානු රාජ්‍ය සම්මානය (Order of Friendship), දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් ලංකාපුත්‍ර, ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ දායක සභාවේ ගරු සභාපති වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මැතිතුමන්ට 2025 නොවැම්බර් මස 04 වන දින පිරිනමන ලදී.

මෙම ඓතිහාසික ගෞරවනීය අවස්ථාව සැමරීමක් ලෙස විහාරාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ ගරු කුලපති, උපාධ්‍යාය ධුරන්ධර, අග්ග මහා පණ්ඩිත, සම්මානිත මහාචාර්ය, අතිගෞරවාර්හ පූජ්‍ය ‍කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථ දායක සභාව විසින් සංවිධානය කරනු ලබන පිළිගැනීමේ සහ ආශීර්වාද කිරීමේ උත්සවය 2026 ජනවාරි මස 18 වන ඉරුදින (අද) පස්වරු 3.00ට විහාරස්ථ අති පූජ්‍ය තලේවල විජිත ධම්මරක්ඛිත නාහිමි අනුස්මරණ ශාලාවේදී ත්‍රෛනිකායික නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහ රුසියානු සමූහාණ්ඩුවේ ගරු තානාපතිතුමා වන ගරු Levan S. Dzhagaryan මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

The Order of Friendship, the highest civilian honor awarded by the Russian Federation, was conferred by His Excellency President Vladimir Putin on Dr. Saman Ranjith Weerasinghe, Honorable Chairman of the Dayaka Sabha of the historic Sri Kalyani Raja Maha Viharaya, in recognition of his decades-long service in strengthening diplomatic, cultural, and economic relations between Sri Lanka and Russia. The award was officially presented on November 4, 2025.

To commemorate this prestigious and historic honor, a reception and blessing ceremony was organized by the Dayaka Sabha of the historic Sri Kalyani Raja Maha Viharaya, in accordance with the guidance of the Viharadhipathi, Chancellor of the University of Kelaniya, Upadhyaya, Agga Maha Pandita, award-winning Professor, and Most Venerable Kollupitiye Mahinda Sangharakkhitha Nayaka Thero.

The ceremony was held on Sunday, January 18, 2026 (Today), at 3.00 p.m. at the Most Venerable Thalewala Vijitha Dhammarakkhitha Nayake Thero Memorial Hall within the temple premises, with the participation of the Chief Prelates of the three Nikayas, His Excellency Mr. Levan S. Dzhagaryan, Ambassador of the Russian Federation and other distinguished guests.

මාධ්‍ය කාර්යංශය | The Media Bureau

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ දුරුතු මහා පූජෝත්සවයේ සිය රාජකාරී භාරය සාර්ථකව නිම කර, අපගේ පූජ්‍ය කොල්ලුපිටියේ ...
17/01/2026

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ දුරුතු මහා පූජෝත්සවයේ සිය රාජකාරී භාරය සාර්ථකව නිම කර, අපගේ පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආශීර්වාදයෙන්ද ජනයාගේ ආදරයෙන්ද සනසෙමින්, විහාර පරිශ්‍රයේ විවේක සුවය ලබන කැලණි ගං මිටියාවතේ ආඩම්බරකාර පින්සර කුමරු කණ්ඩුල.

Brown & Company PLC සමූහ ව්‍යාපාරයට ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ පින්බර ස්තූතිය!
13/01/2026

Brown & Company PLC සමූහ ව්‍යාපාරයට ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ පින්බර ස්තූතිය!

Address

Kelaniya Raja Maha Viharaya
Kelaniya
11300

Alerts

Be the first to know and let us send you an email when Kelaniya Royal Temple - කැලණිය රාජ මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share