31/07/2026
🌼 2026 ජූලි මස 23 වන ගුරු දින උත්තම සාසන ගුණ උපහාර පූජා පෙළහර 🌼
🙏 අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ තුළ වැඩසිටින්නාවූ මහා සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් විහිදෙන්නාවූ අනන්ත සම්බුදු ගුණ කිරණින් ඒකාලෝක වූ රුවන්වැලි මහා ජය භූමියේදී...
🙏 ගරු ගුණ පෙරදැරිව සැදැහැ සිතින් පිළියෙළ කරගත්තාවූ ප්‍රණීත කිරිපිඬු ආහාර පූජාව, සිසිල් පැන්, ඖෂධ පාන, අමු ඖෂධ, වියළි ඖෂධ, සුවඳ දැහැත්, විළඳ මී පැණි, කිරි පැණි, අවුල්පත් ආදී අනේකවිධ ප්‍රණීත පූජෝපහාරයන්ගෙන් පිරිවරන ලදුව, අටපිරිකර පූජා සමඟින්, නෙළුම් මල්, මහනෙල් මල් ඇතුළු සුවඳ මල් පූජෝපහාරයන්ගෙන් සරසන ලදුව පූජා කරමින්...
🙏 අප තිලෝගුරු අමා මෑණී සුගත තථාගත සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ සිහිකර කෘත ගුණ උපහාර පූජාවන් පවත්වා....
🙏 දහවල ගල්කඩවල අරිය චින්තාශ්‍රම බොදු සෙනසුනෙහිදී සම්බුද්ධ පූජාව ප්‍රමුඛව අට අරිය පුද්ගල මහ සඟ රුවන සිහිකර සපිරිකර මහා සංඝගත දක්ෂිණාව පිළිගන්වා මහා සාසන ගුණ පුදමින්...
🙏 එදින සවස් භාගයේ අනන්ත අපරිමිත මහා සර්වඥතා ඥානයෙන් ලොවට විහිදුනු අපමණ අරිය ප්‍රඥාලෝකය සිහිකර නව අරිඅහාදී බුදු ගුණ සජ්ජායනා කරමින් 1,008ක පහන් සිළු දල්වා, සුවඳ දුම් පුදමින්, ගරු ගුණ උපහාර පූජා පවත්වා...
🙏 සකළ ලෝ සත වෙත මෙත්සිතින් සෙත් පතා සිදුකළ මහත්ඵලවූ පුණ්‍ය කුසළ සම්භාරය, සතුටු සිතින් දැකබලා සාදුකාර දෙමින් තම තමාගේ දෝතින් සිදුකළ සේ නොඅඩුව අනුමෝදන් වෙත්වා!
🙏 සාදු! 🙏 සාදු!! 🙏 සාදු!!!