08/04/2026
අන්තඃපුරයක් පිරෙන්න කාන්තාවන් හිටපු ෂාජහාන් රජු, එක් බිරිඳක් වෙනුවෙන් තමන්ගේ සියලුම ධනය නාස්ති කරමින් හදපු ලෝකයේ ලස්සනම සොහොන් කොත.
ෂාජහාන් රජතුමා තමන්ගේ හිටපු බිරිඳක් වන "මුම්ටාස්"වෙනුවෙන් මුළු ධනයම වියදම් කරලා තමයි මේ ලෝකයේ ලස්සනම සොහොන් කොත හැදුවා කියලා සදහන් වෙන්නේ.
ඒ විතරක් නෙවේ ආයෙත් මේ වගේ දෙයක් නොහැදෙන්න, මේක නිර්මාණය කරපු ශිල්පීන්ගේ ඇස් පවා අන්ධ කළා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා.
මේක ඇත්තටම පිස්සු හැදෙන නිර්මාණයක්.හැබැයී..
ලෝකයා ආදරේ සංකේතයම් විදිහට Taj Mahal දකිද්දී, Taj Mahal කතාවේ ගොඩක් අය කතා කරන්න කැමති නැති,ඉතිහාසය ඇතුළේ හැංගිලා තියෙන ඇත්තම කතාවක් තමා,
අවුරුදු 19කට දරුවෝ 14ක් ඒ කියන්නේ.. ෂාජහාන් සහ මුම්ටාස් අතර විවාහ ජීවිතය පැවතුණේ අවුරුදු 19ක පමණ කාලයක්. ඒ කාලය ඇතුළත මුම්ටාස් දරුවන් 14 දෙනෙක් ප්‍රසූත කළා. ඒ කියන්නේ ඇගේ ශරීරයට කිසිම විවේකයක් ලැබිලා නැහැ, ඇය දිගින් දිගටම වගේ හිටියේ ගැබිනියක් විදිහට.
මුම්ටාස් මියගියේ ඔවුන්ගේ 14 වෙනි දරුවා (ගවුහරා බේගම්) ප්‍රසූත කරන අවස්ථාවේදී ඇතිවුණු සංකූලතා සහ අධික රුධිර වහනය නිසයි.
ජීවත් වෙලා ඉද්දි බිරිඳගේ වේදනාව නොදැකපු (අවුරුදු 19කට දරුවෝ 14ක්!) රජෙක් මැරුණට පස්සේ ලෝකේ ලස්සනම සොහොන හැදුවා. 🏛️
ඉතින් දරුවන් 14ක් වදන්න දීලා ඇගේ ශරීරය විනාශ වෙන්න ඇරියේ ඇත්තටම ආදරේ නිසාද,?
නැත්නම් රජුගේ ලිංගික අවශ්‍යතා සහ තමන්ගේ පරම්පරාව බෝ කිරීමේ ආත්මාර්ථකාමී වුවමනාව නිසාද?
(අදහස පහලින් කියමු.)
Story එක කොහොම වුණත්, මේ සුදු කිරිගරුඬ වල තියෙන details සහ මේ මුළු architecture එකම නම් Next Level 🕌🔥