Senkadagala SAKYA

Senkadagala SAKYA සෙංකඩගල සක්‍යා – Sacred Journeys from Kandy✨

වේලක්කන්නි සහ චෙන්නායි - වන්දනා හා සංචාරක චාරිකාව (Velankanni and Chennai)✝️✨දින 5ක් පුරාවට වේලක්කන්නි පුදබිම හා චෙන්නාය...
25/07/2026

වේලක්කන්නි සහ චෙන්නායි - වන්දනා හා සංචාරක චාරිකාව (Velankanni and Chennai)✝️✨

දින 5ක් පුරාවට වේලක්කන්නි පුදබිම හා චෙන්නායි නගරයේ විශේෂිත පූජනීය ස්ථාන වැඳපුදා ගැනීම ඇතුළු සාප්පු සවාරි

➡️පළමු දිනය
• උදෑසන චෙන්නායි නගරයට ළඟාවීම.
• එදිනම සුඛෝපභෝගී බස් රථයකින් වේලක්කන්නි බලා පිටත්වීම.

➡️දෙවන දිනය
• වේලක්කන්නි ප්‍රධාන බැසිලිකාවේ උදෑසන දිව්‍ය පූජා යාගයට සහභාගී වීම.
• කිරි ගෙනගිය දරුවාට දෙව්මව්යන් දර්ශනය වූ පූජනීය ස්ථානය නැරඹීම.
• ආබාධිත දරුවාට දෙව්මව්යන් දර්ශනය වූ පූජනීය ස්ථානය නැරඹීම.

➡️තුන්වන දිනය
• වේලක්කන්නි කෞතුකාගාරය නැරඹීම.
• සවස චෙන්නායි බලා නැවත පැමිණීම.

➡️සිව්වන දිනය
• ශාන්ත තෝමස් නන්ද
• ශාන්ත තෝමස් කුඩා කන්ද
• ශාන්ත තෝමස් බැසිලිකාව
• සවස චෙන්නායි නගරයේ සාප්පු සවාරි.

➡️පස්වැනි දිනය
• උදෑසන චෙන්නායි නගරයේ සාප්පු සවාරි.
• රාත්‍රි කාලයේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම.

ආසන වෙන් කරවා ගැනීම් ආරම්භ කර ඇත!

සියලුම ප්‍රවාහන පහසුකම් සුඛෝපභෝගී බස් රථ මගින් සිදුකෙරේ

වැඩි විස්තර සඳහා අදම අමතන්න
077 281 3030
076 4033409
Dona Priyanthi

24/07/2026

සෙංකඩගල සක්‍යා – Sacred Journeys from Kandy✨

🪷 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පස් නමක් රහතන් වහන්සේලා, සුමන සාමණේර වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස අන...
29/06/2026

🪷 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පස් නමක් රහතන් වහන්සේලා, සුමන සාමණේර වහන්සේ සහ භණ්ඩුක උපාසක යන ධර්ම දූත පිරිස අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කිරීමත්

🪷 දේවානම්පියතිස්ස රජු ඇතුළු සතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කරමින් ථේරවාදී බුදු සසුන ලක්දිව ස්ථාපිත කිරීමත්

🪷 අප මහා ලොව්තුරු සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කිරීමේ දී ප්‍රථම වරට සවනක් ඝණ බුද්ධ රශ්මිය විහිදීමත්

වැනි උතුම් සිදුවීම් රැසක් සිදු වූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි 🌕🙏🏻

සංසාර දුක් නිවෙන, පින්සාර සිත් සැදෙන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

Senkadagala SAKYA

26/06/2026

අති සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාව

උතුම් දඹදිව වන්දනාවක සැබෑ අසිරිය විඳින්න ඔබත් අදම සෙංකඩගල සක්‍යා සමග එක් වන්න.

දාන ශීල භාවනා වැඩසටහන්, කිරි ආහාර පූජා , අශ්ඨපරිෂ්කාර පූජා, සුවඳ මල් පූජා , පහන් පූජා, අටවිසි බෝධිපූජා,සර්වඥ ධාතූන්වහන්සේලා වන්දනාව ඇතුලු සිත් නිවන තවත් පිංකම් රාශියක් සමඟින් සුඛෝපභෝගී දඹදිව වන්දනා චාරිකාවකට එක්වීමට ඔබටත් අවස්ථාව

වන්දනාවේ යෙදෙන ප්‍රධාන ස්ථාන:-

🛑බරණැස
🛑බුද්ධගයාව
🛑රජගහනුවර
🛑විශාලා මහනුවර
🛑කුසිනාරාව
🛑ලුම්බිණිය
🛑කපිලවස්තු නුවර
🛑සැවැත්නුවර
🛑සංකස්සපුර
🛑අග්‍රා
🛑නවදිල්ලිය

⭕️අපෙන් ඔබට ⭕️👇

✅යාමට සහ ඒමට සෘජු ගුවන් ට්කට්පත්
✅ඉන්දියා සහ නේපාල වීසා
✅තරු පන්තියේ හෝටල්වල නවාතැන් පහසුකම් (A/C)
✅ප්‍රනීත ආහාරපාන (බුෆේ ක්‍රමයට)
✅වායු සමනය කරන ලද බස් රථවල ගමනාගමන පහසුකම්
✅සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර
✅ ගමන් බෑග් 02ක්
✅බෝතල් කළ පානීය ජලය අවශ්‍ය තරම්
✅සාප්පු සවාරි
✅පළපුරුදු මාර්ගෝපදේශකත්වය (කාන්තා/පිරිමි)

-------------------

⭕️ඉඩකඩ සීමිත බැවින් අදම අප හා සම්බන්ධ වන්න...
⭕️ඔබගේ ආසනය අදම වෙන්කරවාගන්න

අමතන්න

🛑අජිත් ජයවර්ධන
0718236510

🛑හිරෝෂිමා ජයවර්ධන
0774545412
0716294504

🛑ගාමිණී ගුණවර්ධන
0766562717



ශාසනික වටිනාකමින් යුත් සිදුවීම් රැසක් සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අදයි! 🤍☸️🪷 සිදුහත් බෝසතාණන් වහන්සේ කිඹුල්වත්...
30/05/2026

ශාසනික වටිනාකමින් යුත් සිදුවීම් රැසක් සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අදයි! 🤍☸️

🪷 සිදුහත් බෝසතාණන් වහන්සේ කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව එළිය දැකීමත්, අප මහා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ලොව්තුරා බුද්ධත්වයට පත් වීමත් මෙන්ම, කුසිනාරා නුවර දී අනුපාදිසේස පිරිනිවන් මංචකයේ වැඩසිට පිරිනිවන් පෑම ආදී වූ උතුම් තෙමඟුල සිදු වූයේ ද

🪷 සුමේධ තවුසානෝ පළමුවරට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් බුදු බව පතා නියත විවරණ ලද්දේ ද

🪷 කිඹුල්වත් නුවරට වැඩි බුදු හිමියන්, ඥාතීන්ගේ මානය දුරැලීම පිණිස යමාමහ පෙළහර පාන ලද්දේ ද

🪷 බුදුරජාණන් වහන්සේගේ තෙවණ ලංකාගමනය සිදු වූයේද

අදවන් උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය 🌕✨

ඔබ සැමට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා..! 🙏🪷

Senkadagala SAKYA Tours

ඔබට සහ ඔබගේ පවුලේ සියලු‍ දෙනාට සතුට,සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සම්පත් පිරි සුභ අලු‍ත් අවුරුද්දක් වේවා!🌞✨
14/04/2026

ඔබට සහ ඔබගේ පවුලේ සියලු‍ දෙනාට සතුට,සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සම්පත් පිරි සුභ අලු‍ත් අවුරුද්දක් වේවා!🌞✨

11/04/2026

ආයෙ නම් මේ ගානට Thailand යනවා තියා හිතන්නවත් බෑ....

දවසින් දවස ඉහල යන ගුවන් ටිකට් පත් මිල ගනන් නිසා...
රු 249 900 ⁣ට දෙන අවසන් චාරිකාව තමයි මේ..

✈️පිටත් වීම මැයි 17 රාත්‍රීයේ

💰 මුලු පැකේජ් එකම රු 249,900
📞 0718236510

✈️ යන්න එන්න ගුවන් ටිකට් පත්
👜 යන්නයි එන්නයි දෙකටම කිලෝ 20ක්
🏨 නවාතැන් ගැනීමට තරු පන්තියේ හෝටල්
🍽 ප්‍රධාන ආහාර වේල් 3ම
🛏️ පුද්ගලික කාමර
🌇 බයියොක් ස්කයි හෝටලයේ 81 වැනි මහලේ උදෑසන ආහාරය (Breakfast buffet)

◾️සියලුම නරඹන ස්ථාන සදහා ඇතුල්වීමේ ටිකට් පත්

🌴 පතායා හිදී…

◾️සිටි ටුවර්
◾️බිග් බුද්ධ විහාරය සමග City View
◾️ලේසර් බුද්ධ ප්‍රථිමාව
◾️තායිලන්තයේ විශාලතම මැණික් සහ ආභරණ ප්‍රදර්ශනාගාරය (Gems Gallery)

🚤පතායා ස්පීඩ් බෝට්ටු සවාරිය
🏝️කොරල් දූපතේ(කෝ ලාන් දූපතේ)සුන්දර වෙරළ තීරයේ අධිවේගී බෝට්ටු චාරිකාව (Kho Larn Island With Speed Boat)

▪️Optional Events-
🪂Parasieling
🛶Banana boat
🏊‍♂Under Sea Aquarium | Jet ski
🕺පතායා වෝකින් ස්ට්‍රීට් නොනිදන මාවත
🍺 Pubs And Night Life

🛳️ Chayo - praya නදියේ සුඛෝපභෝගී නෞකාවක රාත්‍රි සංචාරය (තායිලන්තයේ කබරෙට් සංදර්ශන සහ International buffet සමග අසීමිතව බියර් ඇතුලත් )

🚡 Dream world - රෝලර් කෝස්ටර් කේබල් කාර් Go Cart Track සමග සිහින පාරාදීසයේ Unlimited Rides සමග දවසක්

☃️ Snow Town - සිතල හිම නගරයක ⛷හිම පදිමින් විනෝද වන්නට


▪️ලොව එදා මෙදා තුර බිහිවුණු විශිෂ්ටතම පුහුණු වූ
🦈ඩොල්ෆින්
🐘අලි
🦧ඔරං උටන් සහ
🥷හොලිවුඩ් සජීවී දර්ශන සමග Marine Park

▪️අසියාවේ විශාලතම එළිමහන් සත්වෝද්‍යානය වලින් එකක් Safari World 🐆🐪🦘🦒🦏

◾️ලොව සුපතල Street Foods Experience

◾️ලෝකයේ දැවැන්ත සාප්පු වීදි සහ විලාසිතා මන්දිර අත්දැකීම් සමග Platinum Mall | Pratunam Market | Indra Market | Night Market | Baiyoke Morning Market

👨‍✈️ පළපුරුදු දක්ෂ මගපෙන්වන්නන් යටතේ

ඔබත් අදම අමතන්න:
071 823 6510
071 6294504
077 4545412

08/04/2026

අන්තඃපුරයක් පිරෙන්න කාන්තාවන් හිටපු ෂාජහාන් රජු, එක් බිරිඳක් වෙනුවෙන් තමන්ගේ සියලුම ධනය නාස්ති කරමින් හදපු ලෝකයේ ලස්සනම සොහොන් කොත.

ෂාජහාන් රජතුමා තමන්ගේ හිටපු බිරිඳක් වන "මුම්ටාස්"වෙනුවෙන් මුළු ධනයම වියදම් කරලා තමයි මේ ලෝකයේ ලස්සනම සොහොන් කොත හැදුවා කියලා සදහන් වෙන්නේ.

ඒ විතරක් නෙවේ ආයෙත් මේ වගේ දෙයක් නොහැදෙන්න, මේක නිර්මාණය කරපු ශිල්පීන්ගේ ඇස් පවා අන්ධ කළා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

මේක ඇත්තටම පිස්සු හැදෙන නිර්මාණයක්.හැබැයී..

ලෝකයා ආදරේ සංකේතයම් විදිහට Taj Mahal දකිද්දී, Taj Mahal කතාවේ ගොඩක් අය කතා කරන්න කැමති නැති,ඉතිහාසය ඇතුළේ හැංගිලා තියෙන ඇත්තම කතාවක් තමා,

අවුරුදු 19කට දරුවෝ 14ක් ඒ කියන්නේ.. ෂාජහාන් සහ මුම්ටාස් අතර විවාහ ජීවිතය පැවතුණේ අවුරුදු 19ක පමණ කාලයක්. ඒ කාලය ඇතුළත මුම්ටාස් දරුවන් 14 දෙනෙක් ප්‍රසූත කළා. ඒ කියන්නේ ඇගේ ශරීරයට කිසිම විවේකයක් ලැබිලා නැහැ, ඇය දිගින් දිගටම වගේ හිටියේ ගැබිනියක් විදිහට.

මුම්ටාස් මියගියේ ඔවුන්ගේ 14 වෙනි දරුවා (ගවුහරා බේගම්) ප්‍රසූත කරන අවස්ථාවේදී ඇතිවුණු සංකූලතා සහ අධික රුධිර වහනය නිසයි.

ජීවත් වෙලා ඉද්දි බිරිඳගේ වේදනාව නොදැකපු (අවුරුදු 19කට දරුවෝ 14ක්!) රජෙක් මැරුණට පස්සේ ලෝකේ ලස්සනම සොහොන හැදුවා. 🏛️

ඉතින් දරුවන් 14ක් වදන්න දීලා ඇගේ ශරීරය විනාශ වෙන්න ඇරියේ ඇත්තටම ආදරේ නිසාද,?
නැත්නම් රජුගේ ලිංගික අවශ්‍යතා සහ තමන්ගේ පරම්පරාව බෝ කිරීමේ ආත්මාර්ථකාමී වුවමනාව නිසාද?
(අදහස පහලින් කියමු.)

Story එක කොහොම වුණත්, මේ සුදු කිරිගරුඬ වල තියෙන details සහ මේ මුළු architecture එකම නම් Next Level 🕌🔥

සිල් ගත්තා..🌝🤍
08/04/2026

සිල් ගත්තා..🌝🤍

Address

33/A, Yakgahapitiya, Gunnepana
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Senkadagala SAKYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share