Sri Sudarsanaramaya - Hapu/Pallegama

Sri Sudarsanaramaya - Hapu/Pallegama Communicating national, religious and social activities taking place at the temple

31/05/2026
30/05/2026

අප විහාරස්ථ ශ්‍රී ශාරිපුත්‍ර දහල් පාසලේ දූ දරුවන් විසින් නිර්මාණය කළ වෙසක් පහන් කූඩුව

30/05/2026

අසිරිමත් බුදු තෙමඟුල සැමරීම සඳහා හිමිදිරි උදෑසන සිට ආගමික වතාවත් සිදුකළ අතර සවස අෂ්ඨපාන චතුමධුර සහිත අටවිසි බුද්ධ වන්දනාව ඉහළවතගම සහයෝගීතා සංවිධානයේ දායකත්වයෙන් සතර පේරුවෙි දායක පින්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.

29/05/2026

හපු/පල්ලේගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ වාර්ෂික වෙසක් මහා පෙරහැර 2026.05.29 වන අද දින විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත මොරගොල්ල අලුත්පාර හන්දියේ සිට විහාරස්ථානය වෙත පැමිණි අතර හෙට දින පෙරවරු කාලයේ කිරි ආහාර පාත්‍ර වැඩම කිරීමේ පෙරහැර අංකෙළිපිටිය මංසන්ධියෙන් ආරම්භ වීමට නියමිතය.

විහාර පරිශ්‍රය අලංකාර කිරීමේ තෙවන අදියර 2026.04.30 වන අද දින දවස පුරාවට ම 💐 විශ්‍රාමික නාවික හමුදා නිළධාරි සමරජීව       ...
30/04/2026

විහාර පරිශ්‍රය අලංකාර කිරීමේ තෙවන අදියර 2026.04.30 වන අද දින දවස පුරාවට ම
💐 විශ්‍රාමික නාවික හමුදා නිළධාරි සමරජීව
මාලියද්ද මහතා
💐 කුලරත්න හතුරුසිංහ මහතා (විශ්‍රාමික ශ්‍රී
ලංකා ගමනාගමන මණ්ඩලය)
යන දෙපළගේ ශ්‍රම දායකත්වයෙන් සිදුවිය.
එම දායක පින්වතුන් දෙපළට ම නිරෝගි සුවය වේවා!

06/04/2026

රාත්‍රි කාලයේ විහාරස්ථානයේ ඉදිරිපස මිදුල පැල සිටුවමින් අලංකාර කිරීම.

ශ්‍රම දායකත්වය

💐 විශ්‍රාමික නාවික හමුදා නිළධාරි සමරජීව මාලියද්ද මහතා.
💐 කුලරත්න හතුරුසිංහ මහතා
💐 අනූප යොහාන් පුතණුවන්

" ආරාම රෝපා වනරෝපා"අප විහාර පරිශ්‍රය අලංකාර කිරීමේ දෙවන අදියර අද දින ආරම්භ වූ අතර විශ්‍රාමික නාවික හමුදා නිලධාරී සමරජීව ...
02/04/2026

" ආරාම රෝපා වනරෝපා"

අප විහාර පරිශ්‍රය අලංකාර කිරීමේ දෙවන අදියර අද දින ආරම්භ වූ අතර විශ්‍රාමික නාවික හමුදා නිලධාරී සමරජීව මාලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන්

💐 ආයුර්වේද වෛද්‍ය තිලකරත්න මාලියද්ද
මහතා
💐 කුලරත්න හතුරුසිංහ මහතා
💐 අනූප යොහාන් පුතණුවන්

ශ්‍රම දායකත්වයෙන් සහයෝගය පළකරන ලදී.ශ්‍රම දායකත්වය දැක්වූ ඔබ හැම⁣ට බොහොමයක් පින්!

" ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යනු පඬි වදනක් වුවද ඇතැම් විස්මිත කෞෂල්‍යයෙන් හා නිපුණතාවයෙන් පරිපූර්ණ කලාකාමි ප්‍රතිභ...
21/03/2026

" ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" යනු පඬි වදනක් වුවද ඇතැම් විස්මිත කෞෂල්‍යයෙන් හා නිපුණතාවයෙන් පරිපූර්ණ කලාකාමි ප්‍රතිභාපූර්ණ මිනිසුන් ඊට හාත්පසින් වෙනස් විවිධ දක්ෂතා සහිතව උපත ලබා විස්කම් පායි.
වෘත්තියෙන් රියදුරුවරයෙක් ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ කළද පාරම්පරික සිත්තරෙකුට නොදෙවෙනි අජිත් හේවගේ මහතා එළඹෙන විහාරස්ථ වාර්ෂික වෙසක් පෙරහැර මංගල්‍යය වෙනුවෙන් නව නිර්මාණ කිහිපයක් සකස්කොට ඇති අයුරු.
Ajith Hewage මහතාණෙනි ඔබතුමාගෙ කලා කෞෂල්‍යය තීව්‍ර වේවා!

15/03/2026

තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 'සමාජ මාධ්‍ය භික්ෂු මහ සමුළුව'
අපේ රටේ ශාසනයට ජාතියට රටට හිතැති භික්ෂූන් වගන්සේලාට තාක්ෂණික දැනුම සහ සමාජ මාධ්‍ය නිවැරදිව හා නිර්මානාත්මකව භාවිතයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම පුහුණුව ලබාදෙන අදහසින් හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් මෙම වැඩමුලුව සිදු කෙරේ. ඉන් සසුනට සහ භික්ෂු සමාජයට ලැබෙන දායකත්වයන් කුමක්ද ?

1. ලංකාව පුරා වැඩසිටින සසුන් ලැදි ක්‍රියාකාරී තරුණ ස්වාමින් වහන්සේලා හදුනා ගැනීම සහ සුහදත්වය ඇතිවීම.

2. ⁠පංසල්, ආරණ්‍ය, දහම් පාසල් , පිරිවෙන් සඳහා නිල ෆේස්බුක් පිටුවක් නිර්මාණය වීම.

3. ⁠ධර්ම දේශක, කාව්‍ය ධර්ම දේශක හා ක්‍රියාකාරි දක්ෂ භික්ෂූන් වහන්සේලා තම ශාසනික හා ජාතික කටයුතු වෙනුවෙන් නිල පේජ් එකක් සැකසීම.

4. ⁠සමාජ මාධ්‍ය වැඩමුළුවේදී වීඩියෝ එඩිටින්, පේජ් එකක් සැකසීම සහ සමාජ මාධ්‍ය භාවිතයට අදාළ අවශ්‍ය සියලුම දැනුම ඉතාම සරලව ප්‍රායෝගිකව ලබා දීම.

5. ⁠ශාසනයට රටට ජාතියට හිතැති දක්ෂ තරුණ භික්ෂු කණ්ඩායමක් නිර්මාණය වීම.

6. ⁠සමාජ මාධ්‍ය තුල ශාසනයට පරිහානි කරවූ දෑ වෙනුවෙට සසුනට රරට ජාතියට වැඩදායී ධනාත්මක දේ සමාජ ගත වීම. ආදියයි.

එලඹෙන සිංහල අවුරුදු සමයේ සහ වෙසක් සමයේ කාර්‍යය්න් සදහා සමාජ මාධ්‍ය භාවිතය ඉතා වැදගත් නිසා ඉතාම ඉක්මනින් වැඩමුළුව පැවැත්වේ. එබැවින මෙම වැඩමුලුවට අවුරුදු 15 ත් 55 ත් අතර තුන් නිකායේම ස්වාමින් වහන්සේලාට වැඩම කළ හැකි අතර ඔබ වහන්සේ වැඩම කරන්නේ නම්

ඉබ වහන්සේගේ ඡායාරූපය, නම සහ ලිපිනය දැන්ම 0714962050 අංකයට වට්සැප් කරන්න.
තෙරුවන් සරණයි...!!! ☸️🇱🇰

Address

Sri Sudarsanaramaya, Hapu/Pallegama, Thalathuoya
Kandy

Telephone

+94812404122

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sudarsanaramaya - Hapu/Pallegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sudarsanaramaya - Hapu/Pallegama:

Shortcuts

Share