17/05/2026
🌼🌿භාග්‍යවතුන් වහන්සේ ජවය ඇතිකරගැනීම පිණිස දන් නොවැළඳූ සේක.
🌼🌿සවි ශක්තියෙන් මත්වීම පිණිස දානය නොවැළඳූ සේක.
🌼🌿සිරුරේ මස් පුරවා තරකර සරසා ගැනීම පිණිස දන් නොවැළඳූ සේක.
🌼🌿අඩු තැන් මසින් පිරිපුන් කරගැනීම පිණිස දන් නොවැළඳූ සේක.
🌼🌿මේ කයෙහි පැවැත්ම පිණිස පමණක් දන් වැළඳූ සේක.
🌼🌿මේ කයෙහි යැපීම පිණිස පමණක් දන් වැළඳූ සේක.
🌼🌿මේ කයෙහි වෙහෙස දුරුකර ගැනීම පිණිස පමණක් දන් වැළඳූ සේක.
🌼🌿 "පැරණි කුසගිනි වේදනා නැතිකරමි. අළුත් කුසගිනි වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව නිවැරදිව හා පහසුවෙන් පවැත්වෙන්නේය!" යන අදහසින්, බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිස පමණක් වැළඳූ සේක.
🌷තථාගතයන් වහන්සේ දන් වළඳා අවසන් වී මොහොතක් නිශ්ශබ්දව හිඳි සේක.
🌷පුණ්‍යනුමෝදනාව ප්‍රමාද නොකෙරූ සේක. වළඳා අවසානයෙදීම අනුමෝදනා කළ සේක.
🌷වැළඳු බතට නින්දා නොකෙරූ සේක.
🌷වෙනත් බතක් බලාපොරොත්තු නොවූ සේක.
🌷ධර්ම කථාවෙන්ම ඒ පිරිස කුශල ධර්මයෙහි සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා, අවසානයේ බුද්ධාසනයෙන් නැගිට විහාරයට වඩින සේක.
🌿මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » බ්‍රාහ්මණවග්ගො » බ්‍රහ්මායු සූත්‍රයේ කොටසක් ඇසුරෙන් 🌿
🌸🌼🌸🌼🌸🌼🌸🧿🌸🌼🌸🌼🌸🌼🌸
සම්බුද්ධ පූජාව භාග්‍යවතුන් වහන්සේට පූජා වේවා!!! සාධූ! සාධූ!! සාධූ!!!🌼
උතුම් බුද්ධ රත්නයට මාගේ වැඳුම වේවා!!!🌼
උතුම් ධර්ම රත්නයට මාගේ වැඳුම වේවා!!!🌼
උතුම් සංඝ රත්නයට මාගේ වැඳුම වේවා!!!🌼
💎ගෞතම සම්බුදු සසුන ආරක්ෂා කරන්නා වූ දෙදෙව් ලොව අධිපති ශක්‍ර දෙවිඳුන්,
💎සහම්පති, සනන්කුමාර, ඝටීකාර, තිස්ස සතරමහාබ්‍රහ්මයන් වහන්සේලා ඇතුළු ආර්ය බ්‍රහ්මයන්,
💎ධෘතරාෂ්ඨ, විරූඪක, විරූපාක්ෂික, වෛශ්‍රවණ සතරවරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා,
💎මනිඅක්ඛිත නා රජු ඇතුළු සම්බුද්ධ ශාසනය රකින ශ්‍රද්ධාවන්තයින් වෙසෙන සෘද්ධිමත් නාගලෝක වාසීන්,
💎විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම, උත්පලවර්ණ දැඩිමුන්ඩ, ගම්භාර දෙවිවරුන්,
💎සොළොස්මස්ථානයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතුළු
💎මහේශාක්‍ය අල්පේශාක්‍ය සියළුම දෙවිවරුන්ට මේ පිං අනුමෝදන් වෙත්වා!!!🌼
මගේ පළමු කල්‍යාණ මිත්‍රයාටත්, මේ දක්වා හමුවූ සියළුම කල්‍යාණ මිත්‍රයින්ටත්, නිර්වාණවබෝධ ගමනේ පහසුවට මේ පිං උපනිශ්‍රය වේවා!!!🌼
අනාදිමත් ඈත සසරේ මගේ වී සිට මියගොස් තවමත් පිං බලාපොරොත්තුවන පරලෝකගත මෙභව පෙරභව ඥාතීන්ටත්, මගේ ඇසුරේ සිටි සුරතල් සතුන්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා!!!🌼