Freedom KING

Freedom KING සබ්බ දානං ධම්ම දානං ජිනාතී...!

14/08/2026
පහන් පූජාවේ ආනිසංසඅජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පිදූ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ ...
01/08/2026

පහන් පූජාවේ ආනිසංස

අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පිදූ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේ ය. සතිස් වතාවක් සක් දෙව් වුණා. වාර සත් සියයක් ප්‍රදේශ රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද ඒ කුසලය ම උපනිශ්‍රය වූ බව දැක්වේ.

(අපදාන පාලි: 400 වන අපදානය)

පඤ්චදීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධින් වහන්සේට පහන් පහක් පිදූ පිනෙන් අසූ වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුණා ය. අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපනිශ්‍රය වී ඇත.

(9 වන ථේරී අපදානය)

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ චෛත්‍යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථේරි අපදානේ දක්වා ඇත්තේ ය.

සෑම තැනම තමාට ප්‍රදීප දැල් වේ.
දිවැස් ලැබේ.
තීක්‍ෂණ නුවණ ලැබේ.
යසසින් දිලිසෙත්.
ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්.
උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.
ඒකදීපිය හිමි සිද්ධාර්ථ බුදුරජුන් ගේ චිතකයට එක් පහනක් පුදා එක් තිස් වරක් සක් දෙවිඳු විය. විසි අට වතාවක් සක්විති රජ බව ද ලැබුවා. තව විශේෂ අනුසස් දෙකක් ද ලැබුවා.

විෂම ස්ථාන වලට යන විට සමවෙන්නා හ.
විනිවිද පෙනෙන දෙනෙත් ඇත්තෙක් විය.
(416 වන ථේර අපදානය)

පින්වතුනි! පහන් සුවාසූ දහසක් විසිරුණ කැලඹුන සිතින් පිදුවත් මෙපමණ අනුසස් ගෙන නො දෙන අතර, පැහැදුන සිතින් එකඟ සිතින් බුද්ධිමත්ව එක පහනක් පිදුවත් මහත් අනුසස් ලැබෙන බව වටහා ගනිත්වා.

@රුවන් වැලි මාහා සෑ රදුන් අභියස

04/07/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

19/06/2026

සාර අසංක කල්ප ලක්ෂයක් පුරා සමතිස් පාරමිතා සපුරමින් අසමසම සම්බුද්ධ ඥානය හෙවත් සර්වඥතා ඥානය ප්‍රමුඛ අපමණ ඥාන සම්භාරයක් අත්කරගත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ
▪️දුක්ඛ ආර්ය සත්‍ය
▪️දුක්ඛ සමුදය සත්‍ය
▪️දුක්ඛ නිරෝධය සත්‍ය
▪️දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය යන
සිව් වැදෑරුම් පරම සත්‍ය පෙන්වා දෙමින් දෙව් මිනිසුන් සහිත ලෝක සත්වයාට මෙම ගෝර කටුක සංසාරයෙන් එතරවීම සදහා වන ඒකායන නිර්වාන මාර්ගය විවර කර දුන් සේක ...!

🇱🇰 ❤️ 🙏 ☸️

Follow Freedom KING ??







🇱🇰

එකිනෙක පරදවමින් පිපී වැනෙන ඒ දහස් සංඛ්‍යාත නෙළුම් කුසුම්, මහපොළොවෙන් පැනනැඟුණු ශ්‍රද්ධා මන්දාරයක් සේය. ලෞකික ලෝකයේ සියලු...
13/06/2026

එකිනෙක පරදවමින් පිපී වැනෙන ඒ දහස් සංඛ්‍යාත නෙළුම් කුසුම්, මහපොළොවෙන් පැනනැඟුණු ශ්‍රද්ධා මන්දාරයක් සේය.

ලෞකික ලෝකයේ සියලු සෝතැවුල්, ඝෝෂාවන් මොහොතකට නිහඬ කරවන මේ ශ්වේත වර්ණ පාරිශුද්ධත්වය, දුරු කල එය
සිත ඇතුළට රැගෙන එන්නේ අමුතුම සිසිලසක්.

"සාධු...! සාධු...! සාධු...!"
🇱🇰 ❤️ 👑







🇱🇰

📷

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වැඩසිටිමින් පූජනීයත්වයට පත් වූ ඒ උතුම් පින්බිම තුළ සිදුකළ සුවඳැති මල් පූජාව දැකබලා අනුමෝදන්...
12/06/2026

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ වැඩසිටිමින් පූජනීයත්වයට පත් වූ ඒ උතුම් පින්බිම තුළ සිදුකළ සුවඳැති මල් පූජාව දැකබලා අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

මේ උතුම් පින් බලයෙන් මෙය දකින ඔබ සැමගේ සිත් ද සුවපත් වේවා..

Photo credit : පූජ්‍ය දෙබැද්දපිටියේ පඤ්ඤාසාර හිමි.

🇱🇰 ❤️ 👑







🇱🇰

📷

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
10/06/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!

තුන් හෙළයම එක්සේසත් කල, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කල ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවින් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Freedom KING posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Freedom KING:

Shortcuts

Share