Isurupura Media Unit

Isurupura Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isurupura Media Unit, Religious Center, Isurupura Sri Sangharaja Maha Viharaya, Dodamgoda, Kalutara.

2026 වර්ෂයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දින එනම් මැයි 30 වන සෙනසුරාදා, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයේ...
04/06/2026

2026 වර්ෂයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දින එනම් මැයි 30 වන සෙනසුරාදා, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයේදී කිරි කෝපි, බිස්කට් සහ සීනි සම්බෝල සහිත පාන් දන්සලක් ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම පින්කම, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ සහ ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ උදාර අනුශාසකත්වය හා ප්‍රමුඛත්වය මත, උන්වහන්සේගේ සුරතින් නිල වශයෙන් විවෘත කරමින් ආරම්භ විය.

කිරි කෝපි හා බිස්කට් දන්සල සදහා ඉසුරුපුර නායකත්ව සංසදය, ඉසුරුපුර මාධ්‍ය ඒකකය, ඉසුරුපුර මත්ද්‍රව්‍ය විරෝධී සංගමය සහ බෝසත් පාරමී පදනමේ බැතිබර දායකත්වය සපයන ලදී.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

2026 වර්ෂයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දින එනම් මැයි 30 වන සෙනසුරාදා, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයේ...
04/06/2026

2026 වර්ෂයේ වෙසක් පුර පසලොස්වක පොහෝ දින එනම් මැයි 30 වන සෙනසුරාදා, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරස්ථානයේදී ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සුවිශේෂී පොහෝ දින වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදී.

මෙම උතුම් පින්කම, කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ සහ ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ උදාර අනුශාසකත්වය හා ප්‍රමුඛත්වය මත සංවිධානය විය.

එදින අලුයම අෂ්ටාංග උපෝසථ ශීලය සමාදන් කරවීමෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම බුද්ධ පූජා සහ ගිලන්පස පූජාවන් ද ඇතුළත් විය. ප්‍රදේශයේ උපාසක උපාසිකාවන් ද දහම් පාසල් දරු දැරියන් ද විශාල පිරිසක් ද මෙම ශීල ව්‍යාපාරය හා ධර්ම වැඩසටහන් මාලාව සඳහා භක්ත්‍යාදරයෙන් සහභාගී වූහ.

පිටපත් රචනය,
නෙතග ගම්භීර.
සභාපති,
ඉසුරුපුර මාධ්‍ය ඒකකය.

2026 වර්ෂයේ වෙසක් මස 24 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දස...
28/05/2026

2026 වර්ෂයේ වෙසක් මස 24 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය. උන්වහන්සේ විසින් පංචශීලය පිහිටුවීමෙන් අනතුරුව දවසේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

මෙදින උදෑසන රැස්වීමේ මූලිකත්වය ගනු ලැබුවේ 7 වන ශ්‍රේණියේ දරු දැරියන් විසිනි. ඔවුන්ගේ දායකත්වයෙන් ඉංග්‍රීසි කතාවක්, ගායනයක් සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් බොදු පුවත් විකාශනය සිදු කළ අතර, මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව ලබාදීම ද ඉන් පසුව සිදුවිය.

විහාරාධිපති හිමියන්ගේ අනුශාසනාවෙන් සහ දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් පසු උදෑසන රැස්වීමේ වැඩකටයුතු නිමාවට පත් විය. ඉන් අනතුරුව, එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් විහාරස්ථානය අලංකාර කිරීම උදෙසා දහම් පාසල් ද්විත්වයේම සිසු සිසුවියන් එක්ව වෙසක් කූඩු නිර්මාණය කිරීමේ අලංකාර වැඩසටහනක ද නිරත වූහ.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

2026 වර්ෂයේ වෙසක් මස 17 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දස...
20/05/2026

2026 වර්ෂයේ වෙසක් මස 17 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය.

එහිදී නායක ස්වාමීන් වහන්සේ විසින් පංච ශීලය පිහිටුවීමෙන් අනතුරුව ඉoග්‍රීසි කතාවක්, ගායනාවක්, සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද මෙදින මූලිකත්වය ගනු ලැබූ 9 ශ්‍රේනියේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් බොදු පුවත් විකාශනය සිදු කළ අතර ඉන්අනතුරුව මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව ලබාදෙන ලදී.

ඉන්පසු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා කතාවේදී ගුරු සිසු දෙපක්ෂයෙම තනතුරු සංශෝධනය විය.

එහිදී සහකාර පුස්තකාලාධිපතිනිය ලෙස ඉනෝකා ගුරු මැණියන්වද, 2 ශ්‍රේණිය පන්ති භාරකාරත්වය සදහා ලලිතා ගුරු මැණියන්වද,10 ශ්‍රේණිය පන්ති භාරකාරත්වය සදහා රංජනී ගුරු මැණියන්වද ගුරු මණ්ඩලය සදහා පත් විය.

එසේම සම්මානනීය ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස නෙතග ගම්භීර සිසුවාවද, ජ්‍යේෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස ඩිහේන් ලෝලිත සිසුවාවද, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස සංදීප සත්සර සිසුවාව ද නායකත්ව සංසදය සදහා පත් විය.

ඉන්පසුව දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උදෑසන රැස්වීමේ වැඩකටයුතු අවසන් විය.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

2026 වර්ෂයේ වෙසක් මස 10 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දස...
11/05/2026

2026 වර්ෂයේ වෙසක් මස 10 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය. එහිදී නායක ස්වාමීන් වහන්සේ විසින් පංච ශීලය පිහිටුවීමෙන් අනතුරුව,සිංහල කතාවක්,ඉංග්‍රීසි කතාවක්, සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද ඉදිරිපත් කරන ලදී. මෙදින මූලිකත්වය ගනු ලැබූ ඉසුරුපුර මාධ්‍ය ඒකකයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් බොදු පුවත් විකාශය සිදු කළ අතර ඉන් පසුව මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව ලබාදෙන ලදී. ඉන්පසු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා කතාවෙන් පසු දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උදෑසන රැස්වීමේ වැඩකටයුතු අවසන් විය. ඉන් අනතුරුව, රංජනී ගුරු මෑණියන් විසින් කථිකත්ව හා නිවේදන පුහුණු කිරීමේ වැඩසටහනක්
සිදු කරන ලදී.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

අද දින ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්  මෙහෙය වූ විශේෂ උදෑසන රැස්වීමප්‍රථම වතාවට ඉසුරුපුර ...
03/05/2026

අද දින ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙහෙය වූ විශේෂ උදෑසන රැස්වීම

ප්‍රථම වතාවට ඉසුරුපුර මාධ්‍ය ඒකකයෙන් ඉසුරුපුර පුවත් විකාශය ඉංග්‍රීසි බසින් හා සිංහල බසින්.

2026 වර්ෂයේ වෙසක් මස 03 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අප දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය. එහිදී නායක ස්වාමීන් වහන්සේ විසින් පංච ශීලය පිහිටුවීමෙන් අනතුරුව දවසේ සිතුවිල්ලක්, සමූහ ගායනයක්, කවි ගායනාවක්, සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද ඉදිරිපත් කරන ලදී.

අද දින උදෑසන රැස්වීම භාරව සිටියේ ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ දරු දැරියන් විසිනි.ඔවුන් විසින් සියළුම වැඩසටහන් ඉංග්‍රීසි බසින් ඉදිරිපත් කරන ලදී. ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් ඉදිරිපත් කරන පුවත් විකාශය ද ප්‍රථම වතාවට ඉංග්‍රීසි බසින් හා සිංහල බසින් ඉදිරිපත් කිරීම සුවිශේෂී ඓතිහාසික අවස්ථාවකි.

ඉසුරුපුර මත්ද්‍රව්‍ය විරෝධී සංගමය මගින් මත් ද්‍රව්‍ය විරෝධි ප්‍රතිඥාව ලබාදෙන ලදී. ඉන්පසු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා කතාවෙන් පසු දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උදෑසන රැස්වීමේ වැඩකටයුතු අවසන් විය. ඉන් අනතුරුව, වසන්ත ජයලත් ගුරු පියාණන් විසින් නායකත්ව පුහුණු වැඩසටහන සිදු කරන ලදී.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

2026 වර්ෂයේ  අධි වෙසක්  පුර පසලොස්වක පොහෝ දින එනම් 01  වන  සිකුරාදා  දින සන්ධ්‍යා භාගයේ කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සං...
02/05/2026

2026 වර්ෂයේ අධි වෙසක් පුර පසලොස්වක පොහෝ දින එනම් 01 වන සිකුරාදා දින සන්ධ්‍යා භාගයේ කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති , ශ්‍රී ඉන්දසර දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, වසන්ත ජයලත් ගුරු පියාණන්ගේ මූලිකත්වයෙන් සහ මාධ්‍ය ඒකකයේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් ඉසුරුපුර මාධ්‍ය ඒකකයේ පස්වන සැසිවාරය පැවැත්විණි. එහිදී මාධ්‍ය ඒකකයේ දරු දැරියන් විසින් කතා පැවැත්වූ අතර ඉන්පසු වසන්ත ජයලත් ගුරු පියාණන් විසින් ගුරු කතාව පැවැත්විය. උප ලේකම්තුමියගේ ස්තූති කතාවෙන් පසු එදින වැඩසටහන නිමා විය.

පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

2026 වර්ෂයේ බක්  මස 26  වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති,සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර...
29/04/2026

2026 වර්ෂයේ බක් මස 26 වන ඉරුදින කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති,සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ හා ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ඉන්දසර දහම් පාසලේ උදෑසන රැස්වීම ආරම්භ විය. එහිදී නායක ස්වාමීන් වහන්සේ විසින් පංච ශීලය පිහිටුවීමෙන් අනතුරුව මිහිරි ගායනයක්,කොරියන් කතාවක්,දෙමල කතාවක්,ඉංග්‍රීසි කතාවක්,සාමාන්‍ය දැනීම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ද මෙදින මූලිකත්වය ගනු ලැබූ නායකත්ව සංසදයේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව ඉසුරුපුර මාධ්‍ය ඒකකය මගින් බොදු පුවත් විකාශනය සිදු කළ අතර ඉන්අනතුරුව මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව ලබාදෙන ලදී.ඉන්පසු විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා කතාවෙන් පසු දහම් පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව උදෑසන රැස්වීමේ වැඩකටයුතු අවසන් විය.

ඉන් අනතුරුව, නව සූර්ය වර්ෂයේ චාරිත්‍ර වාරිත්‍රයන්ට මුල් තැන දෙමින් වැඩිහිටියන්ට බුලත් හුරුලු දී වැඳ නමස්කාර කර, ඔවුන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සිදු විය.


පිටපත් රචනය
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

11/04/2026
*ඉසුරුපුර බක්මහ උළෙල – 2026*2026 වර්ෂයේ අප්‍රේල් මස 05 වන රිවි දින, දොඩම්ගොඩ Resolve Garden Hotel පරිශ්‍රයේදී "ඉසුරුපුර ...
10/04/2026

*ඉසුරුපුර බක්මහ උළෙල – 2026*

2026 වර්ෂයේ අප්‍රේල් මස 05 වන රිවි දින, දොඩම්ගොඩ Resolve Garden Hotel පරිශ්‍රයේදී "ඉසුරුපුර බක්මහ උළෙල – 2026" අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
කළුතර දොඩම්ගොඩ ඉසුරුපුර ශ්‍රී සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති, දොඩම්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, සිංහල මාධ්‍ය ශ්‍රී ඉන්දසර දහම් පාසලේ සහ ඉංග්‍රීසි මාධ්‍ය සිරි සුමේධ දහම් පාසලේ ප්‍රධානාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, මුළු දිවයිනටම සාමවිනිසුරු අතිපූජ්‍ය දොඩම්ගොඩ සිරි සුමේධ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ අනුශාසකත්වයෙන් මෙම උළෙල වර්ණවත් විය. ප්‍රදේශවාසීන්ගේ සහ දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙය දහම් පාසලට පමණක් සීමා නොවූ පොදු ප්‍රජා මංගල්‍යයක් ලෙස සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
පෙරවරු 8.00 ට පන්සිල් සමාදන් කරවීමෙන් අනතුරුව, 8 ශ්‍රේණියෙන් ඉහළ තරගකරුවන් සඳහා වූ 'ගම හරහා දිවීමේ' තරගයෙන් උළෙල ආරම්භ විය. ඉන්පසුව සාම්ප්‍රදායික චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් කිරි ඉතිරවීම, පොල්තෙල් පහන දැල්වීම සහ දේශීය කැවිලි පෙතිවලින් සපිරි ආහාර මේසය භුක්ති විඳීම සිදු විය.
10, 11 ශ්‍රේණිවල දරු දැරියන්ගේ නර්තනයෙන් ඇරඹි විනෝදාත්මක අංග පේළිය, අනෙකුත් ශ්‍රේණි මෙන්ම ගුරු භවතුන් ඉදිරිපත් කළ නර්තනයන්ගෙන් ද හැඩවිය. කුඩා දරුවන් වෙනුවෙන් පැවැත්වුණු ටොෆි ඇහිඳීම සහ බැලූන් පිපිරවීම වැනි ක්‍රීඩාවල සිට සැමට විවෘතව පැවැත්වුණු හොඳම සිනාව, හොඳම ඇඬීම, ජන ගායනා, කොට්ට පොර, කඹ ඇදීම සහ සංගීත පුටු වැනි තරග දක්වා ඉසව් රැසක් මෙහිදී පැවැත්විණි. විශේෂයෙන්ම අලියට ඇස බැඳීම, කණා මුට්ටි බිඳීම සහ සැඟවුණු අමුත්තා සෙවීම වැනි තරගවලදී සැවොම මහත් උද්‍යෝගයකින් සහභාගී වූහ. ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව, ජාතික ගීය ගායනයත් සමඟින් මෙම අභිමානවත් බක්මහ උළෙල නිමාවට පත්විය. බෝසත් පාරමී පදනම, ඉසුරුපුර නායකත්ව සංසදය සහ ඉසුරුපුර මාධ්‍ය ඒකකය එක්ව මෙම ප්‍රජා සත්කාරක මහා මංගල්‍යය ඉතා සාර්ථකව සංවිධානය කර තිබුණි.

පිටපත් රචනය:
ඔනාදි ජලංගනා
10 ශ්‍රේණිය
ඉසුරුපුර මාධ්‍ය ඒකකය

Address

Isurupura Sri Sangharaja Maha Viharaya, Dodamgoda
Kalutara
12020

Alerts

Be the first to know and let us send you an email when Isurupura Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share