Jankure Maha Vishnu Dewalaya

Jankure Maha Vishnu Dewalaya ජංකුරේ මහා විෂ්ණු දේවාලය කන්ද උඩරට රාජධානි සමයේ ඉදි වූ පුරාණ දේවාලයකි.

ජංකුරේ මහා විෂ්ණු දේවාලය කන්ද උඩරට රාජධානි සමයේ ඉදි වූ පුරාණ දේවාලයකි. රාවණ රජ සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත දේවාලය ඉදි වූ පරිශ්‍රයේදී රාම කුමරුන් විසින් ඉන්ද්‍රජිත් කුමරුන් පරදවන ලදැයි කියැවේ. ඒ තොරතුරු අනුසාරයෙන් භාරතයේ සිට ලක්දිව ජංකුරේ ප්‍රදේශයට පැමිණි ගෝවින්ද ශ්‍රී නාරායන නම් බ්‍රාහ්මණයා විසින් එහි සිට විෂ්ණු දේව වරමින් පේන බැලූ බවත්, ඒ බව සැලවී පේනයක් බැලීමට පැමිණි කන්ද උඩරට පළමුවන විමලධර්ම

සූරිය රජතුමා විසින් දෙවියන් පිළිබඳ පැහැදී දේවාලය ඉදි කරවන ලදැයි පැවසේ.

සන්නසකින් ගම්වර පුදා, රාජකාරිකරුවන් පත් කරන ලද රජතුමා විසින් දේවාලයේ කපු නිලය පවරන ලද්දේ ගෝවින්ද ශ්‍රී නාරායන බ්‍රාහ්මණයා ප්‍රධාන ඔහුගේ පරපුරට ය. එකී පරපුරෙන් පැවත එන ශ්‍රී නාරායන මුදියන්සේලාගේ සිරිවික්මන් බණ්ඩාර කපුමහතා වර්තමානයේදී ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපු නිලය දරයි.

පළමුවන විමලධර්මසූරිය රජතුමා ඇවෑමෙන් රජ පැමිණි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ සහ රාජාධි රාජසිංහ යන රජදරුවන්ගේ අනුග්‍රහයට පාත්‍ර වූ ජංකුරේ විෂ්ණු දේවාලයේ අනුහස් පිළිබඳ කතා රැසකි.

විහාර දේවාලගම් පනතට යටත් පුරාණ දේවාල 32 අතරට අයත් වන ජංකුරේ මහා විෂ්ණු දේවාලය පනත ප්‍රකාරව ඡන්දයෙන් තෝරාපත් කරගන්නා බස්නායක නිලමේවරයකු යටතේ පාලනය වේ. වර්තමානයේදී දේවාලයේ බස්නායක නිලමේ ධුරය හොබවනු ලබන්නේ බිටුලින්ක් සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අයි.ආර්. උපේන්ද්‍ර මහේෂ් විජේරත්න මහතා විසිනි.

ජංකුරේ මහා විෂ්ණු දේවාලයට පිවිසෙන මාර්ගය සකස් කරගැනීම වෙනුවෙන් බස්නායක නිලමේ තැන්පත් ආචාර්ය මහේෂ් විජේරත්න මහතා විසින් ස...
23/01/2026

ජංකුරේ මහා විෂ්ණු දේවාලයට පිවිසෙන මාර්ගය සකස් කරගැනීම වෙනුවෙන් බස්නායක නිලමේ තැන්පත් ආචාර්ය මහේෂ් විජේරත්න මහතා විසින් සිදු කරන ලද ඉල්ලීම...

18/01/2026

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුක්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ධුරන්ධර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති, කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල මහා විහාරයේ විහාරාධිපති, ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංසාලංකාර පරියත්ති විශාරද, කම්මවාගාචරිය, ශාස්ත්‍රපති පණ්ඩිත අතිගෞරවාර්හ එගොඩමුල්ලේ අමරමෝලි තිස්සාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා...

ගවරතිස්සාරාම රජමහ විහාර ප්‍රතිමාගෘහයේ නිර්මාණය කර තිබෙන විෂ්ණු දේව ප්‍රතිමාව
17/01/2026

ගවරතිස්සාරාම රජමහ විහාර ප්‍රතිමාගෘහයේ නිර්මාණය කර තිබෙන විෂ්ණු දේව ප්‍රතිමාව

ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ අලුත් සහල් මංගල්ලය පුරාණ චාරිත්‍ර විධි ප්‍රකාරව 2026 ජනවාරි මස 03 වැනි සෙනසුරාදා සිදු කෙරිණි. ...
06/01/2026

ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ අලුත් සහල් මංගල්ලය පුරාණ චාරිත්‍ර විධි ප්‍රකාරව 2026 ජනවාරි මස 03 වැනි සෙනසුරාදා සිදු කෙරිණි. තෝරාගත් වෙල්යායකින් නෙළාගත් වී කරල් පෙරහැරෙන් දේවාලයට වැඩම කරවා දෙවියන්ට දැක්වීමෙන් පසුව දිග්ගෙයි ඉදිපිට කිරි ඉතිරවීම සිදු කෙරිණි.

පසුව නෙළාගත් වී කරල්වල සහල් ද මිශ්‍රකොට සකසන ලද මුරුතැන් මහදේවාලයට, පල්ලේදේවාලයට හා අවශේෂ දෙවිවරුන්ට පුදදීමෙන් පසුව රැස්ව සිටි බැතිමතුන් වෙත දේවදානය බෙදා දෙන ලදී.

ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් ආචාර්ය මහේෂ් විජේරත්න මැතිතුමාගේ සැදැහැති දායකත්වයෙන් දුරුතු පුර පසළ...
05/01/2026

ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් ආචාර්ය මහේෂ් විජේරත්න මැතිතුමාගේ සැදැහැති දායකත්වයෙන් දුරුතු පුර පසළොස්වක පොහෝදා ගිරිඋල්ල බෝධිරාජාරාමයේදී පැවැත්වුණු සදහම් දේශනාව

01/01/2026
ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ දිග්ගෙයි ඉදිරිපිට කිරි උතුරුවා 2026 නව වර්ෂය ආරම්භ කරන ලදී.
01/01/2026

ජංකුරේ මහා විෂ්ණු දේවාලයේ දිග්ගෙයි ඉදිරිපිට කිරි උතුරුවා 2026 නව වර්ෂය ආරම්භ කරන ලදී.

උදා වූ 2026 වසර මහා විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටාරක්ෂාවෙන්, ඇහැළ පෙරහැරේ වඩම්මන මහ රන්දුන්නේ මහ රන් යගදාවේ ...
01/01/2026

උදා වූ 2026 වසර මහා විෂ්ණු දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේගේ පිහිටාරක්ෂාවෙන්, ඇහැළ පෙරහැරේ වඩම්මන මහ රන්දුන්නේ මහ රන් යගදාවේ ආනුභාවයෙන් සුබ නව වසරක් වේවා....

Address

Jankure Maha Vishnu Dewalaya
Jankure

Opening Hours

Wednesday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jankure Maha Vishnu Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Jankure Maha Vishnu Dewalaya:

Share