ඓතිහාසික තිස්ස රජමහ විහාරය, කන්කසන්තුරේ

  • Home
  • Sri Lanka
  • Jaffna
  • ඓතිහාසික තිස්ස රජමහ විහාරය, කන්කසන්තුරේ

ඓතිහාසික තිස්ස රජමහ විහාරය, කන්කසන්තුරේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඓතිහාසික තිස්ස රජමහ විහාරය, කන්කසන්තුරේ, Buddhist Temple, Kankasanthure, Jaffna.
(1)

ජීවත් වන ඉඩම පන්සලට පූජා කළ මාණික්කම්මඩුවේ නාගරාජාකෝවිල් යන ගමන් පන්සලත් වඳින්නදීඝවාපී පුදබිම බුදුන්ගේ පාද ස්පර්ශයෙන් පා...
21/08/2026

ජීවත් වන ඉඩම පන්සලට පූජා කළ මාණික්කම්මඩුවේ නාගරාජා

කෝවිල් යන ගමන් පන්සලත් වඳින්න

දීඝවාපී පුදබිම බුදුන්ගේ පාද ස්පර්ශයෙන් පාරිශුද්ධ වූ පුණ්‍ය භූමියක් සේ බොදුනුවෝ අදහති. දීඝවාපී සෑ රදුන් වටා පරිවාර දාගැබ් වහන්සේ වූහ. විටින් විට මේ පෞරාණික දාගැබ් වහන්සේ ව්‍යසනයට ලක් වූ අයුරු වාර්තා විය. මේ වන විට පෝදිවල චන්දානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් වන්දනීය පුදබිමක් බවට පරිවර්තනය වී ඇති පෞරාණික දාගැබ එවැනි ශේෂ වූ පුරා ස්මාරකයකි. එම දාගැබ පිහිටා ඇත්තේ එරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාණික්කමඩු ප්‍රදේශයේය. වරිපතන්චේන මංසන්ධිය පසු කර දීඝවාපිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටරයක් පමණ ගිය කල්හි වම් පස මනරම් ගල්තලාවක් මත එම ඉපැරණි පුදබිම පිහිටා ඇත. එම පර්වතය පාමුල පුරාවිද්‍යා ස්ථානයක් ලෙස සඳහන් දැන්වීම් පුවරුවකි.

මේ පුරාණ පුදබිම යළි ගොඩනංවන්නට අම්පාර විද්‍යානන්ද පරිවේණාධිපති, අරන්තලාව අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන නාහිමියන් ඉදිරිපත් වන්නේ මේ අතරය. සෝමරතන හිමියන්ගේ මඟ පෙන්වීම මත අඹගහපිටියේ සීලරතන හිමියෝ කටයුත්තේ පෙරමුණ ගත්හ. එහෙත් එම පුදබිමේ සංවර්ධන කටයුතු ආරම්භ වෙද්දීම නිමක් නැති කරදර නිර්මාණය විය. අන්තවාදී ලෙස හැසිරුණු උම්මත්තකයන්ට රාජ්‍ය නිලධාරීහු ද යට වූහ. වසර ගානක් ගියත් තවමත් මම ඉපැරැණි භූමිය සංවර්ධනය කරන්නට නොහැකි විය. ඒ සඳහා අවශ්‍ය සියලු නෛතික අවසර ගැනීම් සිදුව අවසන් වුණත් වැඩකටයුතු ආරම්භ කරන්නට ඉඩ ලැබී නැත.

වේලකුට්ටි නාගරාජා අපට හමු වන්නේ ඒ අතරය. පන්සලක් හදන්නට අන්තවාදීන් එරෙහි වෙද්දී පන්සල වෙනුවෙන් තමන් ජීවත් වන ඉඩම පූජා කරන්නට සැරසෙන පොහොසත් අාධ්‍යාත්මික මිනිසා ඔහුය. මේ ඓතිහාසික පුදබිම ගොඩනඟන්නට ආණ්ඩුවේ පුරාවිද්‍යා ඉඩම වෙන් නොකර දේශපාලකයන් ගෝත්‍රික ලෙස හැසිරෙද්දී තමන් ජීවත් වන ඉඩම ඒ වෙනුවෙන් පූජා කරන්නට සූදානම් මේ හින්දු බැතිමතා දකිනු රිසිව අපි මාණික්කම්මඩුවට ගියෙමු.

පිරුණු සිනාවකින් මුව සරසාගෙන බුලත් කසට බැඳුණු දසන් දක්වමින් අව්‍යාජ ලෙස සිනාසෙන මේ තෘප්තිමත් මිනිසා සිය කුඩා නිවසේ එළිපත්තෙන් බැස අපව පිළිගත්තේය.

නාගරාජාගේ බිරිය මහාලවෙනි පවානිය. ඔවුන්ට දරුවන් 06 කි. වසර 25ක් තිස්සේ ඔහු දිඝවාපි පුදබිම ආසන්නයේ පදිංචි වී සිටී. මහා වත්කම් නැති ඔහු ගොවියෙකි. ඔහු කටහඬ මෙසේ අවදි කළේය.

“මහත්තයෝ මෙතැන පැරැණි පන්සලක්. ඒක කොහොම හරි හදන්න. අපිටත් වඳින්න පුළුවන්. මමයි පවුලේ අයයි හරි කැමතියි ඒකට. මෙතැන මුස්ලිම්, දෙමළ ගම්මාන දෙකකට මැදිවෙලා තියන නිසා පන්සල හදනවාට ගමේ අය නම් කැමති නෑ තමයි.

ඉතින් මම හාමුදුරුවන්ට කීවා මෙතැන පන්සලක් හදන්න ඉඩ දෙන්නේ නැති නිසා මගේ ඉඩමේ පන්සල හදන්න කියලා. මගේ මුළු ඉඩමම ගන්න කියලා මම කිවා. පස්සෙ හාමුදුරුවෝ කීවා නැහැ මට මුළු ඉඩමම එපා. පන්සල හදන්න ඉඩමෙන් කොටසක් විතරක් තිබ්බ නම් අපිට ඇති කියලා. ඒ හින්දා ඉඩමෙන් කැමති කොටසක පොඩි ආවාසයක් හදාගෙන පන්සල ආරම්භ කරන්න ආරාධනා කළා.

“ පන්සලට ඉඩම දුන්නාම මාමා කොහෙද ඉන්නෙ.” මම විමසීමි.

“මුළු ඉඩමම පන්සලට ගත්තත් කමක් නෑ. මෙතැන නැති වුණත් දෙවියො මට ඉන්න වෙන තැනක් දෙනවා. ඒක මට විශ්වාසයි. මට පසුගිය කාලේ දිගින් දිගටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් කියනවා ඔතැනින් අයින් වෙන්න වෙන ඉඩමක් දෙන්නම් කියලා. මම ඒත් ගියේ නැහැ. ඒ අය කිවාට මට එතැනින් ඉවත් වෙන්න කියලා මම අවුරුදු 25ක් හිටිය තැන දාලා මම යන්නේ නැහැ. හැබැයි පන්සලක් හදන්න ඉඩම දීලා මම වෙන තැනකට යන්න මං ලෑස්තියි.” ඔහු මෑත දාගැබ් ගොඩැල්ල දෙස බලයි. මේ මිනිසා මෙතැන නොසිටියා නම් මෙවැනි පෞරාණික ස්මාරකයක් අද වන විට මෙතැන නොතිබෙන්නට ඉඩ තිබුණ බව හැඟේ.

“මේ පැත්ත අය ඔක්කොම වගේ මම පන්සලක් හදන්න සිංහලයන්ට උදව් කරනවා කියල මාත් එක්ක තරහයි. මෙතැන පන්සලක් හැදුවාම මොකද වෙන්නෙ කියලා මට තේරෙන්නෙ නෑ. ලොකුහාමුදුරුවො කිව්වා මෙතැන අපි කෝවිලකුත් හදමු කියලා. ඉතින් වෙන මොනවද කියන්නෙ?. ඒක නේද මහත්තයො අපිට වෙන්න ඕනි...”

වෙල්ලකුට්ටි නාගරාජාගෙන් මේ රටේ ජාතිවාදී ගෝත්‍රිකයන් ඉගෙන ගත යුතු දේ බොහෝය. පුරාවිද්‍යා භූමියක ශාස්ත්‍රීය සංරක්ෂණ කටයුත්තක් සඳහා ගිය නිලධාරී කණ්ඩායමක් පහර දී පන්නාගත් නොදියුණු මිනිසුන් අතර මෙවැනි මිනිස්සු ද වෙති. විටෙක නාගරාජා මේ පුදබිම සංවර්ධනය වනවාට එරෙහි මිනිසුන්ගෙන් ගුටි කෑවේය. ඔහු බේරාගන්නට පැමිණි ඔහුගේ දියණියත් ඒ මුග්ධ ප්‍රහාරයට ලක් විය. “අපිට ඕන සිංහලයා දෙමළා කියලා නැතිව පන්සලකට කෝවිලකට ගිහින් වඳින්න පුළුවන් රටක්...” නාගරාජා කියනු අසාගෙන සිටියෙමි. එහෙත් ඔහු ප්‍රාර්ථනා කරන රට ඒ අපට තව බොහෝ දුර ය. ගෝත්‍රික ජාතිවාදී දේශපාලන යාචකයන් ඒ අප්‍රමාණ ප්‍රාර්ථනාව අපෙන් වෙන් කර තබා ඇත.

( දුෂ්කරතා හමුවේ උවද මේ වන විට එම ඉඩමේ පන්සල ඉදිකොට වසර කිහිපයක් ඉක්මව ගොස් ඇත. )

Dilini Deepak

විහාරස්ථානයේ ඉඩම දෙකඩ කරමින් කිසි ලෙසකත් මාර්ගයක් ඉදිකළ නොහැක
08/08/2026

විහාරස්ථානයේ ඉඩම දෙකඩ කරමින් කිසි ලෙසකත් මාර්ගයක් ඉදිකළ නොහැක

03/08/2026
උපුටා ගැනීමකි ... හෙළ බොදු උරුමය වෙනුවෙන් දිවි පිදූ අනුරාධපුරයේ සැබෑ ගැළවුම්කාරයා: බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර යුගය...
28/07/2026

උපුටා ගැනීමකි ...
හෙළ බොදු උරුමය වෙනුවෙන් දිවි පිදූ අනුරාධපුරයේ සැබෑ ගැළවුම්කාරයා: බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර යුගය 🏛️🇱🇰

අද අපි අඩක් වැඳුම් පිදුම් කරන, ලෝකයේම අවධානය දිනාගත් අනුරාධපුර අටමස්ථානය සහ ඓතිහාසික රුවන්වැලි මහා සෑය දෙස මොහොතකට හැරී බලන්න. වැලි තලාව අතරින් පෙනෙන ඒ විසල් ගල් කණු සහ දාගැබ් දෙස බලන විට, මේ උතුම් බිම මීට සියවසකට පමණ පෙර වල් බිහිවී, සුද්දන්ගේ මස් කඩ හා මත්පැන් ශාලාවලින් වැසී ගිය අඳුරු කාලයක් තිබූ බව ඔබට සිතාගත හැකිද? 🥀 ඒ විනාශයේ අගාධයට යමින් තිබූ ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය, තමන්ගේ ලේ කිරි කරමින් යළි නඟා සිටුවූ අසහාය ජාතික වීරයාණන් කවුදැයි ඔබ දන්නවාද?

1876 වසරේ ජූලි 09 වැනි දින මීගමුවේ මහා හුණුපිටියේදී උපත ලැබූ එතුමාගේ මුල් නම 'එඩ්වඩ් ද සිල්වා' විය. බ්‍රිතාන්‍ය විදිහට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා, අනාගතයේදී ඉහළ පෙළේ නීතිඥයෙකු වීමේ සිහිනයෙන් පසුවූ ඔහු, අනගාරික ධර්මපාල තුමාගේ ගිනිදැල් වැනි දේශනා ඇසීමෙන් පසු සම්පූර්ණයෙන්ම වෙනස් විය.

බටහිර අන්ධ අනුකරණයෙන් මිදුණු ඔහු, තම ක්‍රිස්තියානි නාමය අතහැර 'වලිසිංහ හරිශ්චන්ද්‍ර' යන අභිමානවත් හෙළ නාමය තෝරා ගත්තේය. එපමණක් නොව, පවුල් ජීවිතයක සැප සම්පත් සම්පූර්ණයෙන්ම බැහැර කර, බඹසර රැකගනිමින් රට වෙනුවෙන්ම පමණක් ජීවත් වන දැඩි බ්‍රහ්මචාරී ප්‍රතිපත්තියක් තෝරාගත්තේය.

වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ ජීවිතයේ ස්වර්ණමය පරිච්ඡේදය ලියැවුණේ අනුරාධපුර පූජා භූමිය වෙනුවෙන් කළ අරගලයයි. බ්‍රිතාන්‍ය පාලකයින් විසින් පූජනීය නගරයේ මස් කඩ, බියර් හල් සහ විවිධ ගොඩනැගිලි ඉදිකරමින් පුරාවස්තු විනාශ කරමින් තිබිණි.

මේ මහා විනාශය හමුවේ නිහඬව බලා නොසිටි හරිශ්චන්ද්‍රතුමා, ගැමියන් එකතු කරමින් දැවැන්ත සංවිධාන ව්‍යාපාරයක් ගොඩනැගීය.

රුවන්වැලි සෑය සංවර්ධනය කිරීමට ස්වර්ණමාලී චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවීම.
ඉංග්‍රීසි ආණ්ඩුවේ මර්දනයට එරෙහිව නොනැවතී නීතිමය සටන් කිරීම සහ පෙත්සම් යැවීම.
903 අනුරාධපුර කැරලි සමයේදී බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණ නිසා සිරගත වීමට පවා නොබියව මුහුණ දීම.

එතුමාගේ නොපසුබට උත්සාහය නිසාම, පසුව අනුරාධපුරය පූජා නගරයක් ලෙස නම් කිරීමට සහ ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට සිදුවිය.

අවුරුදු 37ක් වැනි ඉතා කෙටි ආයු කාලයක් හිමි වූවත්, එතුමා කළ මෙහෙය සදා අමරණීයය.

රට පුරා පයින් සහ කරත්තවලින් යමින් අමද්‍යප ව්‍යාපාරය හරහා ජනතාව මත්ද්‍රව්‍යවලින් මුදවා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් කළේය.
අනුරාධපුර පුරාවෘත්තය", "මහා වංශයේ දුටුගමුණු කතාව" වැනි වටිනා ග්‍රන්ථ රැසක් රචනා කරමින් අපේ අතීත අභිමානය ගෙන් ගෙට ගෙන ගියේය.

තම තරුණ විය, ධනය මෙන්ම ජීවිතයේ සෑම හුස්මක්ම මව්බිමේ නිදහසට හා බෞද්ධ උරුමයට පුදා, 1913 සැප්තැම්බර් 13 වැනි දින මේ අසහාය විරුවා අභාවප්ප්‍රර්ත විය. අනගාරික ධර්මපාලතුමා පවා එතුමාගේ අභාවය ගැන අසමින් දැඩි ශෝකයෙන් "මම මියගියා නම් හොඳයි, හරිශ්චන්ද්‍ර ජීවත් වුණා නම්..." යැයි පැවසූ බව ඉතිහාසයේ සඳහන් වේ.

අද අපි නිදහසේ වන්දනා කරන මේ මහ බිම පසුපස ඇත්තේ ලේ, කඳුළු සහ අතිවිශාල කැපකිරීම්වල කතාවකි.

අපේ රටේ අතීත උරුමයන් වෙනුවෙන් එදා වලිසිංහ හරිශ්චන්ද්‍ර වැනි යෝධයන් පෙන්වූ කැපවීම දෙස බලන විට, වර්තමාන තරුණ පරපුර හැටියට අපේ ජාතික හා ආගමික වටිනාකම් රැකගැනීමට ඔබ ගන්නා පුද්ගලික උත්සාහය කුමක්ද? මේ ගැන ඔබගේ අදහස් අපට කියන්නත් අමතක කරන්න එපා.

වසර 223 කට පෙර බ්‍රිතාන්‍ය සේනාවන් පැරදවු 1803 පලමු සිංහල - බ්‍රිතාන්‍ය මහ සටන.වැඩිදුර කියවීමට - https://jdrra.sljol.inf...
24/06/2026

වසර 223 කට පෙර බ්‍රිතාන්‍ය සේනාවන් පැරදවු 1803 පලමු සිංහල - බ්‍රිතාන්‍ය මහ සටන.

වැඩිදුර කියවීමට - https://jdrra.sljol.info/articles/10.4038/jdrra.v2i2.38

උපුටාගැනීමකි -

එදත් අද වගේම දවසක්

අද විශේෂ දවසක්.ඒ සිංහලේ අවසන් රජුගේ හමුදා අතින් ඉංග්‍රීසි හමුදාව උඩරට දී සමූලඝාතනය වූ දිනය අදයි.1803 ජුනි 24....බ්‍රිතාන්‍ය යුද්ධ ඉතිහාසයේ සංකේතාත්මකව ඉතාම විශේෂ විශාල අපකීර්තිමත් ඛේදවාචකයක් මෙය විශේෂ සිදුවීම ....

1803 වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කළ බ්‍රිතාන්‍යයන්ගේ එකම අරමුණ වුණේ උඩරට රාජධානියත් යටත් කරගැනීමයි. හේතුව පෘතුගීසින්ට මෙන්ම ලන්දේසීන්ටත් යටත් කරගැනීමට නොහැකි වූ සිංහල ය යටත් කරගැනීමේ ගෞරවය දිනාගැනීමේ නිරන්තර අපේක්ෂාව ඔවුන් තුළ තිබීමයි... එය සම්පූර්ණයෙන් ම ආර්ථික අභිප්‍රායක් පමණක් ම නොවේ..කලින් කිව් ලෙසට වසර දහස් ගණනක් පුරාවට තම කලාපයේ කතාබහට ලක්වූ අරුම පුදුම වටිනා දිවයින ලබා ගැනීමේ ගෞරවය දිනා ගැනීමටත් .කිතුදහම ව්‍යාප්‍ත කිරීමට අදාළව විවිධ නිකායික බෙදීම් මැද කතෝලික ලෝකයේ තිබුණු තරගයේ තමන්ගේ තැන තහවුරු කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී වැදගත් වූ බව සිතිය හැකියි..

තව දෙයක් උඩරට සමාජය තුළ රජුටත් වඩා රජුගේ නෑදෑ සනුහරයට අයිති ..වඩුගයන් ගේ බලපෑම පිළිබඳව තිබුණ අප්‍රසාදය අකමැත්තත් ඒ මත ගොඩ නැගුණු ආතතියත් ඉංග්‍රීසින්ට හොඳ ඉඩක් නිර්මාණය කළා...විශේෂයෙන් ම විදේශිකයන් සහ අබෞද්ධයන් වූ රජ පවුලේ බොහෝ අය රාජ්‍ය පාලනයට සිංහල බෞද්ධ සංස්කෘතික පිළිවෙත් වළට දැඩි බලපෑම් එල්ල කරමින් සිටියා..මෙය උඩරට ප්‍රධානීන්ගෙ අකමැත්ත තියුණු වීමට බලපෑවා..මේ අභ්‍යන්තර ආරවුල් අනිත් අවස්ථාවලදී මෙන්ම ඉංග්‍රීසින් පාවිච්චියට ගත්තා.

ඉතින් උඩරට එක පැත්තකින් රජුට විරුද්ධව තිබුණ විරෝධය කුමන්ත්‍රණකාරීව උපක්‍රමික ලෙස යොදාගෙන 1803 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නෝත් (Frederick North) විසින් ජෙනරාල් මැක්ඩොවල් යටතේ බ්‍රිතාන්‍ය සේනාවක් මහනුවර ආක්‍රමණය කිරීමට පිටත් කර හැරියා....

ඉන් පසුව 1803 පෙබරවාරි 21ඉංග්‍රීසි හමුදාව මහනුවරට ඇතුළු වන විට උපක්‍රමයක් ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ වැසියන් මහනුවර නගරය ගිනිබත් කර අත්හැර කැලෑ වැදී සිටියා. ඒ අනුව, 1803 පෙබරවාරි 21 වැනිදා බ්‍රිතාන්‍ය හමුදාව කිසිදු සටනකින් තොරව පාළු වී තිබූ මහනුවර නගරය සහ රජමාලිගාව නිල වශයෙන් අල්ලා ගත්තා.

බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ වෙනුවට ඔවුන්ට හිතවත්, රජ පවුලට අයත් කුමාරයෙකුවූ "මුත්තුසාමි" නමැති අයව 1803 මාර්තු 23 වැනිදා මහනුවර රූකඩ රජු ලෙස අභිෂේක කරවා සිහසුන මත හිඳෙව්වා.

මහනුවර අල්ලාගෙන මුත්තුසාමිව රජ කරවීමෙන් පසු ජෙනරාල් මැක්ඩොවල් ඇතුළු ප්‍රධාන බ්‍රිතාන්‍ය හමුදාව නැවත කොළඹ බලා පිටත් වුණා. ඔවුන් අලුතින් පත් කළ රූකඩ රජුව සහ මහනුවර බලකොටුව ආරක්ෂා කිරීම සඳහා මේජර් ඇඩම් ඩේවි යටතේ සෙබළුන් 1,000 ක පමණ සේනාංකයක් නතර කරලයි ගියේ.
නමුත් වැසි සමය ආරම්භ වීමත් සමඟ මහනුවර කොටුව තුළ සිටි ඉංග්‍රීසි සහ ඉන්දියානු (සීපොයි) සෙබළුන් මැලේරියාව ඇතුළු දරුණු වසංගත රෝගවලට ගොදුරු වුණා. ආහාර සහ බෙහෙත් හිඟ වුණා. සෙබළුන් සිය ගණනින් මිය යන්නට හෝ රෝගාතුර වන්නට වුණා. මෙය සිංහලයන් ඉංග්‍රීසින්ව කොටු කිරීමට ලෙහෙසියෙන් ඇටවූ උගුලක් බඳු වුණා.

කල්බලමින් සිටි සිංහලයන් ...බ්‍රිතාන්‍යයන් උපරිමයෙන් දුර්වල වී සිටි ජූනි 23දා උදෑසන, මිගස්තැන්නේ අධිකාරම් යටතේ පැමිණි සිංහල හමුදාව එකවරම මහනුවර බ්‍රිතාන්‍ය බලකොටුව වටලා දරුණු ප්‍රහාරයක් එල්ල කළා. බ්‍රිතාන්‍යයන්ට ප්‍රතිප්‍රහාර දීමට තරම් ශක්තියක් තිබුණේ නැහැ.

තත්ත්වය දරුණු අතට හැරෙද්දී, ජූනි 24 මේජර් ඩේවි සිංහල හමුදාවට යටත් වීමට තීරණය කර සුදු කොඩියක් එසෙව්වා. එහිදී දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති වුණා. ඒ අනුව බ්‍රිතාන්‍යයන් රූකඩ රජු වූ මුත්තුසාමිත් සමඟ සාමකාමීව ත්‍රිකුණාමලය බලා පසුබැස යාමට එකඟ වුණා.

මහනුවරින් පිටත් වූ බ්‍රිතාන්‍ය හමුදාව ත්‍රිකුණාමලයට යාම සඳහා කටුගස්තොට අසල මහවැලි ගඟ (වටවැලිඅරාව) වෙත ළඟා වුණා. නමුත් අධික වර්ෂාව නිසා ගඟ පිටාර ගලමින් තිබූ බැවින් ඔවුන්ට ගඟෙන් එතෙර වීමට නොහැකි වුණා.
පලායාමට පසු බැසීමට ඔවුන් වෙත ලබා දුන් කාලසීමාව ඉක්මවා ගියා.

මේ අතරතුර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ලෙව්කේ දිසාවට නව නියෝගයක් ලැබුණා. ඒ, එකදු බ්‍රිතාන්‍යයෙකුටවත් පණපිටින් බේරී යාමට ඉඩ නොදෙන ලෙසයි. සිංහල හමුදාව වටවැලිඅරාවේදී ඔවුන්ව නැවත වට කළා. මුලින්ම මුත්තුසාමි කුමාරයාව සිංහලයන් භාරයට ගෙන එතැනදීම හිස ගසා මරා දැමුවා. ඉන්පසු මේජර් ඩේවි ඇතුළු ප්‍රධාන නිලධාරීන් කිහිපදෙනෙකුව සිරකරුවන් ලෙස වෙන් කර ගත් සිංහල හමුදාව, ඉතිරි සියලුම බ්‍රිතාන්‍ය සහ දකුණු ඉන්දීය සෙබළුන්ව වටවැලිඅරාවේදී සමූලඝාතනය කරනු ලැබුවා.

මේ ගැටුමේදී යටත්වූ ඉංග්‍රීසි ප්‍රධානීන් වූයේ Major Adam Davy මහනුවර බ්‍රිතාන්‍ය සේනාංකය භාරව සිටිප්‍රධානඅණදෙනනිලධාරියා(පසුකළෙක1812 දී මහනුවරදීම අසනීප වී මියගියා).Captain Rumley (19 වන පාබල රෙජිමේන්තුවේ )Captain Humphriesමැලේ රෙජිමේන්තුවේකපිතාන්වරයෙක්. (සිරභාරයේදී මියගියා)Albert Princeබ්‍රිතාන්‍යයන් සමඟ සිටි ඕලන්ද (ලන්දේසි) කාලතුවක්කු නිලධාරියෙක්. (පසුව සිංහල හමුදාවට සේවය කළා).
Henry ඉංග්‍රීසි හමුදාවේ සහකාර වෛද්‍ය නිලධාරියා( (Assistant Surgeon ) යන අය සැලකිය හැකියි..

වටවැලිඅරාවේදී එකම දිනයකදී ඝාතනය කෙරුණු ඉංග්‍රීසි සෙබළුන් ගණන 170 කට අධික බවත්
බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ කුලී සෙබළුන් 250 ත් 300 ත් අතර පිරිසක් බවත් කියවෙනවා..
සාමාන්‍යයෙන් අනෙකුත් කරුණු ද සලකා බලන විට ඉංග්‍රීසි හමුදාවේ සමස්ත මරණ සංඛ්‍යාව 450 කට අධික බව සැලකෙනවා...

නමුත් මෙහිදී කෝප්‍රල් George Barnsley බෙල්ලට දරුණු කඩු පහරක් වැදී මළසිරුරු අතර සිට සිහිය ලබා, දින කිහිපයක් කැලෑවේ ඇවිද ගොස් මාතලේ මැක්ඩොවල් බලකොටුවට පළමුවෙන්ම තොරතුරු වාර්තා කරන්නට සමත් වෙනවා...
එමෙන්ම ලුතිනන් John Blakeney සටන වෙලාවේ නුවරින් පිටත මුරපොලක සිටි අතර, වටලෑම ගැන අසා තම කුඩා කණ්ඩායම සමඟ වනාන්තරය හරහා උපක්‍රමශීලීව බ්‍රිතාන්‍ය සේනා වෙත පලාගිය නිලධාරියෙක් ලෙස කියවෙනව.
කපිතාන් හම්ෆ්‍රිස්ගේ සේවකයා ද මේ ගැටුමේදී දිවි බේරාගත් බව කියවෙනවා වටවැලිඅරාවේ ඝාතනය සිදුවන අවස්ථාවේ මහවැලි ගඟ අසල පඳුරක් අස්සේ සැඟවී සිට පසුව ඔහු බ්‍රිතාන්‍යයන් වෙත පලාගිය බව සදහන් වෙනව..
මීට අමතරව සමහර මැලේ සෙබලුන්ව සිංහලයන් විසින් ඉතිරි කරනු ලැබ ඇති අතර සිංහලයන් විසින් ජීවිත දානය දීමෙන් පසු කොටසක් දිගටම සිංහලයන්ට සම්බන්ධ වී සිට ඇති අතර කොටසක් උඩරට රැඳී සිට සති කිහිපයකට පසු රහසිගතව බ්‍රිතාන්‍ය යටත් බලප්‍රදේශ වෙත පලාගිය බවත් කියවෙනව..
කෙසේ වෙතත් ඉංග්‍රීසින් ලංකාවේදී ලැබූ බරපතළ පරාජයක් ලෙස මේ උඩරට ආක්‍රමණය අසාර්ථක වී සමූලඝාතනයට ලක්වීම සැලකෙනව..
කෙසේ නමුත් විවිධ සංකීර්ණ ගැටලු උඩ ඇතිවූ අභ්‍යන්තර අර්බුදයන් උත්සන්න වීම හමුවේ 1815 මාර්තු 02 වෙනිදා පමණ පටන් (දින කීපයකදි අත්සන් කෙරුණුඋඩරට ගිවිසුමෙන්)සිංහලය ඉංග්‍රීසි කිරීටයට ගිවිසුමක් මගින් පැවරෙනව..

ලෝකයේ යුද්ධ හරහා පරිපූර්ණ වශයෙන් කිසිම දිනක යටත් කිරීමට ලක් නොවූ ජාතීන් කීපය අතරේ රැදෙන සිංහලයන්...අවාසනාවන්ත ලෙස සාම ගිවිසුමක් හරහා පසු කාලීනව ඉංග්‍රීසින් ට යටත් වන්නේ..අභ්‍යන්තර ගැටුම් විදේශ අතපෙවීම් සදහා ඉඩහදන ආකාරය පහදමින්..(මෙහි සමහර කරුණු පහසුව සළකා මවිසින් අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලද ඒවායි . නීතිඥ ගුණවර්ධන මහත්මාගේ පෝස්ට් එකක් දුටු විටයි මේ දිනය පිළිබඳව කල්පනා වුණේ...)

තර්ජන ගර්ජන හමුවේ පවා උතුරේ සිංහල බෞද්ධ ඉතිහාසය තහවුරු වෙමින් තිබේ..මුලතිව් කුරුන්දි විහාරයේ ප්‍රතිමාඝරය ආදිසිවන් අයියනා...
11/06/2026

තර්ජන ගර්ජන හමුවේ පවා උතුරේ සිංහල බෞද්ධ ඉතිහාසය තහවුරු වෙමින් තිබේ..

මුලතිව් කුරුන්දි විහාරයේ ප්‍රතිමාඝරය ආදිසිවන් අයියනාර් කෝවිල යනුවෙන් පුරාවිද්‍යා උරුමය විකෘති වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීමට මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් විසින් දරන ලද උත්සාහය අපගේ මැදිහත්වීම හමුවේ පරාජයට පත් වූ බව ඉතා සතුටින් දැනුම් දෙමු.

සම්බුදු සසුනටත්, මව් බිමෙහි සමඟියටත්, ජාතීන් අතර මිත්‍රත්වයටත්, ශ්‍රී ලාංකේය උරුමයටත් හානිකර අවස්ථාවන් වලදී අප නිරන්තරයෙන්ම ඊට විරුද්ධව පෙනී සිටින්නෙමු.

නන් සුරන් බැතියෙන් පිදූ සරු පිංබිමක් විය මිහිතලේ..
19/05/2026

නන් සුරන් බැතියෙන් පිදූ සරු පිංබිමක් විය මිහිතලේ..

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

"ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා≠=================================>බ්‍රිතාන්...
16/04/2026

"ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා

≠=================================>

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ "ඊළාම්" සංකල්පය නිර්මාණය වූ ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් සම්පාදනය කරන ලද "ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?" ග්‍රන්ථය එළිදැක්වීමේ මහෝත්සවය එළඹෙන අප්‍රේල් මස 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතාට පිදෙන උපහාරයක් ලෙස එළිදක්වන මෙම ග්‍රන්ථය, එදින පස්වරු 3:00 ට කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයන් ලෙස පහත විද්වතුන් සහභාගී වීමට නියමිතය:
*මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ
*මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ
*නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා
*ග්‍රන්ථ කර්තෘ පියසිරි අමරකෝන් මහතා

කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය බෙදාහරිනු ලබන්නේ කොළඹ 10, මරදාන, එස්. මහින්ද මාවතේ අංක 114 හි පිහිටි "සූරිය ප්‍රකාශකයෝ" ආයතනය මඟිනි.

#දේශපාලනය #ඉතිහාසය

උතුරේ වසර 2000 කට වඩා පැරණි තවත් පුදබිමක් වූ මුලතිව්, කුරුන්දි රජමහ විහාරය.. විදෙස් භික්ෂූ. වහන්සේල පා ගමනින් වැඩි මොහොත...
14/03/2026

උතුරේ වසර 2000 කට වඩා පැරණි තවත් පුදබිමක් වූ මුලතිව්, කුරුන්දි රජමහ විහාරය.. විදෙස් භික්ෂූ. වහන්සේල පා ගමනින් වැඩි මොහොත..

Address

Kankasanthure
Jaffna
400000

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික තිස්ස රජමහ විහාරය, කන්කසන්තුරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share