29/05/2026
🙏🙏 ( උතුම් ආලෝක පූජාව ) 🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි,
උතුම් ශ්රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය – උද්දාන ගාථා
🌹🌹🌹 පහන් පූජාවේ ආනිසංස 🌹🌹🌹
අජිත ස්වාමින් වහන්සේ පියුමතුරා බුදු රජුන්ට එක් මිතෙල් පහනක් පිදූ පිනින් කල්ප හැටදාහක් දෙව්ලොව සැප විඳ දහස් වතාවක් සක්විති රජව උපන්නේ ය. සතිස් වතාවක් සක් දෙව් වුණා. වාර සත් සියයක් ප්රදේශ රජ වුණා. අවසානයේ නිවන් දැකීමට ද ඒ කුසලය ම උපනිශ්රය වූ බව දැක්වේ.
(අපදාන පාලි: 400 වන අපදානය)
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අද දින සැදැහැවතුන්ගේ උපකාර ඇතිව මාගේ බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් අප විසින් උතුම් ආලෝක පූජාවක් සිදු කලෙමු, පහන් සිතින්
අප රැස් කළ මේ මහනීය කුසල් මෙම උතුම් පිංකමට දායක වූ සත්පුරුෂ සැමටද ,, කළණ මිතුරු පින්වත් ඔබ සැමටද ආයුරාරෝග්යාදී සැපතත් මෙලොව ,පරලොව සුබ සෙතත් ශාන්ත නිවන් සුව පිණිසමත් පාරමී වේවා !!!
ආර්ය ශ්රාවක ශ්රීමත් සුමන සමන් දෙවියන්
සක්දෙව් රජතුමා, සතරවරම් දෙවියන්, උපුල්වන් දෙවියන් මහාඝෝෂ දෙවියන් ප්රමුඛ කොට ඇති අල්පේශාක්ය මහේශාක්ය පින් කැමති දෙවියන් ද , පින් කැමති බ්රහ්ම සමුහයාද, පින් කැමති නාග සමූහයා ද,පින් කැමති අසුර සමූහයාද,සියලුම සත්ත්වයෝ ද මේ පින් අනුමෝදන් වෙත්වා .
ඒ අසිරිමත් ආලෝක පූජාවෙන් ජනිත වූ සියළු පුණ්යසම්භාරයෝ සත්පුරුෂ කල්යාණ මිත්ර හැමදෙනාටම සසර මග සුවපත් වීම පිණිසම ධර්මාවබෝධය පිණිසම වේවා!
අපගේ නායක ස්වාමින් වහන්සේලා ගුරුදේවයන් වහන්සේලා , ධර්මාචාර්යන් වහන්සේලාටත් වැඩමවා වදාල මහා සංඝරත්නය ප්රමුඛ දායක වූ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා!මොහොතක් නෑර සිල් ගුණදම් වැඩේවා!
මෙම ජිවිතය උතුම් ගම්භීර කමටහනක්ම වේවා.!!!!!!
අප රැස්කරගත් සියලු පුණ්යානුභාවයෙන් ආර්ය ශ්රාවක සියලු දිව්ය බ්රහ්මයන්ගේ පිහිට කරුණාවෙන් සම්බුද්ධ ශාසනය ශ්රී ලක්දෙරණ බුද්ධ භූමිය සත්පුරුෂ කළ්යාණ මිතුරු ඔබ සැමැ නිබඳවම ආරක්ෂා කෙරෙත්වා!!!
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Sri Chandajothi Daham Pasala - Hokandara