Lankathilaka Raja Maha Viharaya - ලංකාතිලක රජමහා විහාරය

Lankathilaka Raja Maha Viharaya - ලංකාතිලක රජමහා විහාරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lankathilaka Raja Maha Viharaya - ලංකාතිලක රජමහා විහාරය, Buddhist Temple, Lankathilaka Street, Hiyarapitiya.

ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ප්‍රියන්ත අමුණුගම මැතිතුමන් දළඳා පෙරහැරේ ගමන් කල ආකාරය...
26/08/2026

ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ ප්‍රියන්ත අමුණුගම මැතිතුමන් දළඳා පෙරහැරේ ගමන් කල ආකාරය...

වසර ගණනාවක් ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවාභරණ වඩම්වන සජන් මේජර් කණ්ඩුල වීරා සහ ඉසුරු දළඳා මාළිගාවෙහි පෙරහරේ ගමන් කරන...
22/08/2026

වසර ගණනාවක් ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ දේවාභරණ වඩම්වන සජන් මේජර් කණ්ඩුල වීරා සහ ඉසුරු දළඳා මාළිගාවෙහි පෙරහරේ ගමන් කරන අවස්ථාවක්.....

අද දළඳා පෙරහැරෙහි අවසන් කුඹල් පෙරහැර කරඬුව වැඩමවීමේ භග්‍ය ලද සිංහ රාජා...
22/08/2026

අද දළඳා පෙරහැරෙහි අවසන් කුඹල් පෙරහැර කරඬුව වැඩමවීමේ භග්‍ය ලද සිංහ රාජා...

අද පලමු වරට දළඳා මාලිගාවෙහි කරඬුව වැඩමවීමට මංගල වරම් ලද නුඹට දළඳා සමිඳු පිහිටයි.... මේ 2024 වසරේ ලංකාතිලක රජමහා විහාරයේ ...
20/08/2026

අද පලමු වරට දළඳා මාලිගාවෙහි කරඬුව වැඩමවීමට මංගල වරම් ලද නුඹට දළඳා සමිඳු පිහිටයි.... මේ 2024 වසරේ ලංකාතිලක රජමහා විහාරයේ වගකීම ඉටුකරන අවස්ථාවේ ගත් ජායාරූප....

20/08/2026

මේ පෙරහැර බලලා තියනවාද..?

2026 පළමු කුඹල් පෙරහැර දින රාත්‍රියේ පැවැත්වූ බිසෝ පෙරහැර

මහනුවර දළඳා පෙරහැර සහ දේවාල පෙරහැර අවසන් වෙලා ගෙවැදිලා නැවත රාත්‍රියේ මලුව වටේ යන මේ පෙරහැර බිසෝ පෙරහැර කියලා කියන්නේ.. මේක බලන්න නම් මහ පෙරහැර ඉවර වෙලා තවත් පැයක් දෙකක් ඉන්න ඕන.. මේ පෙරහැරත් දින 10ම පැවැත්වෙනවා..

දළඳා පෙරහැරේ වාගේම පිටිසර දේවාල පෙරහැර ආරම්භ වුනාම ඒවාහිත් රැ පෙරහැර, බිසෝ පෙරහැර, දුවන පෙරහැර කියන මේ අංගය පැවැත්වෙනවා...

මේ ගැන තියන එක ජනප්‍රවාදයක් විතරක් දාන්නම් දන්න අය වෙන විස්තරයක් Comment කරන්න..

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ දළදා පෙරහැර රජතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති බවත්, සමහර අවස්ථාවල රජතුමාත් බිසෝවරුනුත් එම පෙරහැර නැරඹූ බවත්, තවත් අවස්ථාවල රජතුමා පෙරහැරේ ගමන් කළ බවත්, තවත් අවස්ථාවල අග බිසව ඇතුළු පරිවාර බිසෝවරුන් මෙම පෙරහැරේ ගමන් කළ බවත් ජනප්‍රවාදයේ කියැවේ.ජනප්‍රවාදයට අනුව මෙසේ පෙරහැර පැවැත්වෙන එක් අවස්ථාවක එය නරඹමින් සිටි අග බිසවට නින්ද ගොස් ඇති බවත් ඇය ඇහැරෙන විට පෙරහැර අවසන් වී ඇති බවත් දැනගත් බිසව රජතුමාට කන්නලව් කර පෙරහැර නොදැක්ක බව පවසා ඇති අතර දෙවියන්ට පින් පිණිස නැවත වරක් පෙරහැර පවත්වන ලෙස ඉල්ලීමක් කර ඇත.රජතුමාගේ අනින් දෙවියන්ට උපහාරයක් වශයෙන් අග බිසව ඇතුළු පරිවාර බිසවුන් වහන්සේලාට නැරඹීමට මෙම පෙරහැර නැවත වීදි සංචාරය කිරීමට කටයුතු සලස්වා ඇත.එය බිසෝ පෙරහැර, දුවන පෙරහැර, දෙවේලේ පෙරහැර, මළුවේ පෙරහැර යන විවිධ නම් වලින් හඳුන්වනු ලබයි.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන සෑම දිනකම ප්‍රධාන පෙරහැර වීදි සංචාරය කර අවසානයේ ගෙවදීමෙන් පසු ඒ සියලුම මුළුතැන් පූජා වතාවත් පවත්වා අවසානයේ නැවත වරක් දේවාභරණ ඇතුපිට වඩම්මවා සිව් මහා දේවාල පෙරහැරක් පවත්වනු ලබයි. දැනට මෙම පෙරහැර මාලිගා චතුරස්‍රයේ පමණක් සංචාරය කරන අතර පුරාණයේ නම් ප්‍රධාන පෙරහැර ගමන් කළ වීදි වලම ගමන් කර ඇති බව සඳහන් වේ.එදා මෙන්ම මෙම පෙරහැර විශාල නොවුණත් ප්‍රධාන පෙරහැර ගමන් කළ වීදි වලම ගමන් නොකළත් මෙම චාරිත්‍රය සංකේතවත් වන ආකාරයට අදටත් මාලිගා චතුරස්‍රයේ පමණක් මෙම පෙරහැර ගමන් කරනු ලබයි.

2025 පසුගිය වසරේ ලංකාතිලක රජමහා විහාරයෙන් අත්දැකීම් ලබා අද... උරුමය වෙනුවෙන් වසර 25කට පසු පියමනින්නට නියමිතයි....
19/08/2026

2025 පසුගිය වසරේ ලංකාතිලක රජමහා විහාරයෙන් අත්දැකීම් ලබා අද... උරුමය වෙනුවෙන් වසර 25කට පසු පියමනින්නට නියමිතයි....

අද දින ජන්ම දිනය සිහිපත් කරන...මහනුවර ඓතිහාසික රාජපූජිත මල්වතු මහා විහාරයේ විංශත්වාර්ගික කාරක මහාසංඝ සභාවේ කාරක සංඝ සභික...
13/08/2026

අද දින ජන්ම දිනය සිහිපත් කරන...

මහනුවර ඓතිහාසික රාජපූජිත මල්වතු මහා විහාරයේ විංශත්වාර්ගික කාරක මහාසංඝ සභාවේ කාරක සංඝ සභික
ඓතිහාසික ලංකාතිලක රාජමහා විහාරය
කොත්මලේ පුසුල්පිටිය රාජමහා විහාරය
කොබ්බෑකඩුව රාජමහා විහාරය
මහනුවර කොටුගොඩැල්ල රාජමහා විහාරය
පහල කඞුගන්නාව මාවෙල රාජමහා විහාරය
මාතලේ ඇඹිල්ල රාජමහා විහාරය
උඩුනුවර නියමකන්ද සංඝාරජ පිරිවෙන් රාජමහා විහාරය
කඵගොමුව බෝධිරාජරාමය
ගොඩවෙල බෝධිරාජාරාමය
යන විහාර ගණයේ විහාරාධිපති, මල්වතු මහාවිහාරාධිවාසී, ගෞරවාර්හ අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සී අභිධාන නාහිමිපාණන් වහන්සේට දළඳා සමිදු ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී ජන්ම දිනයක් වේවා...!!

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨️
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ✨️

Address

Lankathilaka Street
Hiyarapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Lankathilaka Raja Maha Viharaya - ලංකාතිලක රජමහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share