The Mobile Monk

The Mobile Monk Abhidhamma IQ 🧠✨
​අභිධර්මයේ ගැඹුරු තැන් Quiz හරහා සරලව. දිනපතා ඔබේ ධර්ම ඥානය (IQ) උරගා බලන්න. Let's grow together! 💪☸️

Join the journey of as we explore Mind Science through Abhidhamma.

අභිධර්මය IQ පෝස්ට් 50 සාර්ථකව අවසන් කළ අප, මීළඟ පියවර ලෙස මෙම "මත විමසුම" පෝස්ට් මාලාව අද මෙලෙස ආරම්භ කරමු.​📍 විශේෂ පණිව...
12/03/2026

අභිධර්මය IQ පෝස්ට් 50 සාර්ථකව අවසන් කළ අප, මීළඟ පියවර ලෙස මෙම "මත විමසුම" පෝස්ට් මාලාව අද මෙලෙස ආරම්භ කරමු.
​📍 විශේෂ පණිවිඩය:
ථේරවාදය හෝ මහායානය ලෙස හැඳින්වුවද, මේ සියල්ලේම මූලය වන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයයි. ලක්දිව ශාසන ඉතිහාසය පුරාම මෙම මතවාදයන් විවිධ අයුරින් විකාශනය වී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශනශීලී දැනුමක් ඔබ තුළ ඇති කිරීම මාගේ අරමුණයි.
​📍 මා පිළිබඳ හැඳින්වීම:
මම රුහුණ විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව, බෞද්ධ දර්ශනය හා පාලි යන විෂයයන් හැදෑරූ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි (BA). වසර 20ක ශාසනික පසුබිමක් ඇති මා, දැනට වසර 8ක සිට පරිවේනාචාර්යවරයෙකු ලෙස සේවයේ නිරතව සිටිමි.
​පසුගිය වසර පහකට ආසන්න කාලයක සිට සුෂුම්නා ආබාධයක් හේතුවෙන් ඉනෙන් පහළ පූර්ණ අංශභාග තත්ත්වයට පත්ව, ශරීර කෘත්‍ය පවා පාලනයකින් තොරව සිදුවන දැඩි කායික අපහසුතා මැද වුවද, ධර්ම ඥානය බෙදා දීමේ උදාර අරමුණින් මම තවමත් පොතපත සහ අන්තර්ජාලය ඇසුරින් දැනුම සොයන්නෙමි. මා ලබන ඒ ශාස්ත්‍රීය දැනුම ඔබ සමඟ බෙදා ගැනීමට ලැබීම මා ලබන මහත් සතුටකි.
​📍 අරමුණ:
ඔබ ලබාදෙන ප්‍රතිචාරය මත පදනම්ව මීළඟ පෝස්ට් මාලාවේ දිශානතිය තීරණය වේ.
​⚠️ අනුගමනය කළ යුතු නීති:
​කරුණාකර අකුර (A, B හෝ C) පමණක් කමෙන්ට් කරන්න.
​අදහස් පළ කිරීමට හෝ තර්ක කිරීමට මෙහි අවස්ථාවක් නොමැත.

​ #සිviral #සිviralpost ේ.

අභිධර්ම IQ ප්‍රශ්නාවලියෙහි අර්ධ ශතකයේ සන්ධිස්ථානය සනිටුහන් කරන 50 වැනි පියවර වෙත අද අප පැමිණ සිටින්නෙමු. බුදු දහමේ අතිශය...
12/03/2026

අභිධර්ම IQ ප්‍රශ්නාවලියෙහි අර්ධ ශතකයේ සන්ධිස්ථානය සනිටුහන් කරන 50 වැනි පියවර වෙත අද අප පැමිණ සිටින්නෙමු. බුදු දහමේ අතිශය ගැඹුරු මෙන්ම සූක්ෂ්ම විග්‍රහය වන අභිධර්මය, තර්කානුකූලව සහ බුද්ධිගෝචරව හදාරන ඔබ වෙනුවෙන්ම අද මෙම සුවිශේෂී ප්‍රශ්නය ඉදිරිපත් කරමි.
​ලෝකයේ පවතින සකලවිධ ධර්මතාවන් හේතු-ඵල දහමට යටත්ව වෙනස් වන සුලු (අනිත්‍ය) ස්වභාවයක් ගත්තද, ඒ සියලු ප්‍රත්‍යයන්ගෙන් ඔබ්බට ගිය, අජර අමර වූ නිවන් සුවයෙහි පරමාර්ථ ස්වභාවය වටහා ගැනීම සැබෑ ප්‍රඥාවන්තයාගේ ලක්ෂණයයි. වසර ගණනාවක අධ්‍යයන අත්දැකීම් ඔස්සේ ගොඩනැඟූ මෙම ප්‍රශ්න මාලාව, ධර්ම ඥානය වර්ධනය කරගැනීමට මෙන්ම නිවැරදි දෘෂ්ටියක් ඇති කරගැනීමට ඔබට මහත් උපකාරයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
​මෙම සුවිශේෂී 50 වැනි ප්‍රශ්නයට ඔබේ නිවැරදි පිළිතුර සහ අදහස් පහතින් කමෙන්ට් කරන්න. ධර්ම දානය පිණිස මෙය ෂෙයාර් කිරීමටද අමතක නොකරන්න.

​ #සිviral #සිviralpost

📌 විශේෂ දැනුම්දීමක්😪Facebook ආයතනය මගින් මාගේ ගිණුම දැනට තාවකාලිකව අවහිර (Block) කර ඇති බැවින්, අභිධර්මය 49 වන පෝස්ට් එක...
11/03/2026

📌 විශේෂ දැනුම්දීමක්😪
Facebook ආයතනය මගින් මාගේ ගිණුම දැනට තාවකාලිකව අවහිර (Block) කර ඇති බැවින්, අභිධර්මය 49 වන පෝස්ට් එක සඳහා ප්‍රතිචාර දැක්වීමට (Like/Comment) මට දැනට නොහැකි වී තිබේ. ඉදිරි දින දෙක තුන ඇතුළත එම තහනම ඉවත් වූ වහාම ඔබගේ සියලු කමෙන්ට් සඳහා පිළිතුරු ලබාදීමට මා කටයුතු කරන බව කාරුණිකව අවධාරණය කරමි.
​📍 නව පෝස්ට් මාලාව ආරම්භය🙏

මෙම "මත විමසුම" නව පෝස්ට් මාලාව අප ආරම්භ කරන්නේ අභිධර්මය IQ 50 වන පෝස්ට් එක අවසන් වූ පසුවයි.

​📍 අරමුණ🙋‍♂️
ලක්දිව බුදුදහමේ ඓතිහාසික විකාශනය සහ වර්තමානයේ පවතින විවිධ ශාසනික මතවාදයන් පිළිබඳව ඔබ තුළ විමර්ශනශීලී දැනුමක් ගොඩනැගීම මෙහි මූලික අරමුණයි.

​⚠️ දැඩි නීතිය😕
මෙය දැනුම උදෙසා කෙරෙන මත විමසීමක් (Poll) පමණක් වන අතර, අදහස් පළ කිරීමට හෝ තර්ක කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නැත. පිළිතුරේ අකුර පමණක් කමෙන්ට් කිරීමට අවසර ඇති අතර, නීතිය කඩ කරන අදහස් වහාම ඉවත් කරනු ලැබේ.
​🙏 විශේෂ ඉල්ලීම:
ඉහත සඳහන් කළ නීති මාලාවට ඔබ එකඟ වන්නේ නම් පමණක් මෙයට ලයික් (Like) එකක් හෝ කමෙන්ට් (Comment) එකක් ලබා දෙන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි.
​අභිධර්මය IQ 50 වන පෝස්ට් එකෙන් පසුව "මත විමසුම - 01" සමඟ හමුවෙමු!

අද ප්‍රශ්නය ලෙස අප තෝරා ගත්තේ බෞද්ධ අප සැමගේ සිතේ තිබිය යුතු "ශ්‍රද්ධාව" නම් වූ උතුම් කුසල ධර්මය පිළිබඳවයි. ඇතැම් විට බා...
11/03/2026

අද ප්‍රශ්නය ලෙස අප තෝරා ගත්තේ බෞද්ධ අප සැමගේ සිතේ තිබිය යුතු "ශ්‍රද්ධාව" නම් වූ උතුම් කුසල ධර්මය පිළිබඳවයි. ඇතැම් විට බාහිර පෙනුම හෝ ඇඳුම් පැළඳුම් දෙස බලා කෙනෙකුගේ ශ්‍රද්ධාව මැනීමට අප උත්සාහ කළත්, අභිධර්ම විග්‍රහයට අනුව ශ්‍රද්ධාව යනු සිතේ ඇති වන ඉතාම ගැඹුරු චෛතසිකයකි.
​මෙම ශ්‍රද්ධාව පංචස්කන්ධ විග්‍රහයට අනුව අයිති වන්නේ රූප, සංස්කාර හෝ විඤ්ඤාණ යන කුමන කොටසටද යන්න ඔබ හොඳින් සිතා බලා පිළිතුරු දිය යුතුයි. ශ්‍රද්ධාව යනු බාහිරින් පෙන්විය හැකි දෙයක් නොව, සිතේ ඇති කරගන්නා වූ අවබෝධාත්මක විශ්වාසයකි.
​මෙයට නිවැරදි පිළිතුර කුමක්දැයි ඔබ සිතන්නේ? රූපස්කන්ධය යනු බාහිර පෙනුම නම්, සංස්කාර යනු සිතේ සකස් වීම් නම් සහ විඤ්ඤාණය යනු දැනගැනීම පමණක් නම්, ශ්‍රද්ධාව අයිති විය යුත්තේ කොතැනටදැයි කමෙන්ට් කරන්න.

​ #සිviral #සිviralpost

බොහෝ පින්වතුන් නිතරම මැසෙන්ජර් හරහා මගෙන් විමසන ප්‍රශ්නයක් වන්නේ අභිධර්මය මුල සිට ඉගෙන ගැනීමට සුදුසු මූලාශ්‍ර මොනවාද යන්...
10/03/2026

බොහෝ පින්වතුන් නිතරම මැසෙන්ජර් හරහා මගෙන් විමසන ප්‍රශ්නයක් වන්නේ අභිධර්මය මුල සිට ඉගෙන ගැනීමට සුදුසු මූලාශ්‍ර මොනවාද යන්නයි.🤔 ඒ වෙනුවෙන් මා අභිධර්මය හදාරන ප්‍රධාන මූලාශ්‍ර කිහිපයක් මෙසේ ඉදිරිපත් කරනවා.🥰
අභිධර්මය වැනි ගැඹුරු දර්ශනයක් තේරුම් යන ලෙස ඉගැන්වීම සැමට කළ හැක්කක් නොවේ.(සූත්‍රයේ අසුරෙන් කරන දේශනාවලට වඩා අතිශයින්ම මෙය ගැඹුරුයි.) මෙම උතුම් ගුරුවරුන් නොසිටින්නට මේ ගාම්භීර දහම වටහා ගැනීමට මා හට අපහසු වන්නට තිබුණා.(එය මාගේ පෞද්ගලික අත්දැකීමයි.😘) මෙහි සඳහන් ඇතැම් දේශකයන් වහන්සේලා පිළිබඳව ඔබ සැමගේ පෞද්ගලික විවේචන තිබිය හැකි වුවත් ඒවා පසෙකලා උන්වහන්සේලාගේ ඉගැන්වීම් ක්‍රමවේදයට පමණක් අවධානය යොමු කරන්න.(ඒක තමයි දෙයක් ඉගෙන ගැනීමේ රහස ඔයා අකමැති කෙනෙකුගෙන් වුවත් ඉගෙන ගන්න දෙයක් තියේනම් ඉගෙන ගන්න.🫡 ) ධර්මය ඉගෙන ගැනීමට කැමති ඔබ සැමට මෙම මූලාශ්‍ර මහඟු පිටුවහලක් වනු ඇත.(මේ වගේ දක්ෂ තවත් ගිහි පැවිදි දේශකයාණන් වහන්සේලා ඕනෑ තරම් ඇති නමුත් මම බහුලව භාවිතා කරන මූලාශ්‍රයි මං ඔය සඳහන් කරේ. 🥰)

කැමති අය මේ මූලාශ්‍ර අධ්‍යනය කරන්න.🫡

​ #සිviral #සිviralpost

අභිධර්ම IQ පෝස්ට් මාලාව යටතේ මීට කලින් මෙයට අදාළව පෝස්ට් දෙකක් පළ කරනු ලැබුවා එම පෝස්ට් දෙකට පින්වතුන් ලබා දී තිබූ පිළිත...
10/03/2026

අභිධර්ම IQ පෝස්ට් මාලාව යටතේ මීට කලින් මෙයට අදාළව පෝස්ට් දෙකක් පළ කරනු ලැබුවා එම පෝස්ට් දෙකට පින්වතුන් ලබා දී තිබූ පිළිතුරු දෙස බැලීමේදී මට වැටහුණු කරුණක් තමයි බොහෝ දෙනෙක් අතිමහන්තාරම්මණ චිත්ත වීථිය ගැන පමණක් දැනගෙන සිටින බව නමුත් අරමුණේ ප්‍රබලතාවය අනුව සිත ක්‍රියා කරන ආකාර හතරක් පවතිනවා ඒ පිළිබඳව අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ දෙනාගේ පිළිතුරු වැරදී තිබුණා ඒ නිසා මේ චිත්ත වීථි හතර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදීම ඉතාම වැදගත් කියලා මට හිතුණා.🤔

පින්වතුනි අරමුණක ආයු කාලය අනුව පඤ්චද්වාරික චිත්ත වීථියක් ගලා යන ආකාර හතර පහතින් හොඳින් අධ්‍යයනය කරන්න.🥰

අතිමහන්තාරම්මණ වීථිය

අතීත භවාංග 1 ➔ භවාංග චලන ➔ භවාංගුපච්ඡේද ➔ පඤ්චද්වාරාවජ්ජන ➔ චක්ඛුවිඤ්ඤාණ ➔ සම්පටිච්ඡන ➔ සන්තීරණ ➔ වොට්ඨපන ➔ ජවන 7 ➔ තදාලම්බන 2 ➔ භවාංග
​මහන්තාරම්මණ වීථිය

අතීත භවාංග 2 හෝ 3 ➔ භවාංග චලන ➔ භවාංගුපච්ඡේද ➔ පඤ්චද්වාරාවජ්ජන ➔ චක්ඛුවිඤ්ඤාණ ➔ සම්පටිච්ඡන ➔ සන්තීරණ ➔ වොට්ඨපන ➔ ජවන 7 ➔ භවාංග

​පරිත්තාරම්මණ වීථිය

අතීත භවාංග 4 සිට 9 දක්වා ➔ භවාංග චලන ➔ භවාංගුපච්ඡේද ➔ පඤ්චද්වාරාවජ්ජන ➔ චක්ඛුවිඤ්ඤාණ ➔ සම්පටිච්ඡන ➔ සන්තීරණ ➔ වොට්ඨපන 2 හෝ 3 ➔ භවාංග
​අතිපරිත්තාරම්මණ වීථිය

අතීත භවාංග 10 සිට 15 දක්වා ➔ භවාංග චලන 2 ➔ භවාංග
​💡 සරල පැහැදිලි කිරීම

අරමුණක් සිතට හමුවන විට එහි ආයු කාලයෙන් කොටසක් ගෙවී ඇති ප්‍රමාණය අනුව වීථිය අවසන් වන ආකාරය තීරණය වේ පාඩම 48 ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සැඟවී ඇත්තේ මෙහි දෙවන කරුණ තුළයි
​ධර්ම කරුණු නිවැරදිව වටහා ගැනීම නිවන් අවබෝධය පිණිසම හේතු වේවා ☸️

අභිධර්මයට අනුව බාහිරින් පැමිණෙන රූප, ශබ්ද වැනි අරමුණක ඇති "ආයු කාලය" හෙවත් ශක්තිය අනුව පඤ්චද්වාරික චිත්ත වීථි ප්‍රධාන කො...
10/03/2026

අභිධර්මයට අනුව බාහිරින් පැමිණෙන රූප, ශබ්ද වැනි අරමුණක ඇති "ආයු කාලය" හෙවත් ශක්තිය අනුව පඤ්චද්වාරික චිත්ත වීථි ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වයි.
🙋‍♂️​අතිමහන්තාරම්මණ වීථිය🙋‍♂️

අරමුණ ඉතා ප්‍රබලයි. මෙහිදී ජවන සිත් හතට පසුව "තදාලම්බන" සිත් දෙකක් ඉපදී අරමුණෙහි රසය විඳ වීථිය අවසන් වේ.

🙋 ​මහන්තාරම්මණ වීථිය🙋‍♂️

අරමුණ ප්‍රබල වුවත්, එය තදාලම්බන සිත් ඉපදවීමට තරම් ශක්තිමත් නැත. එබැවින් මෙහිදී සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්නයෙන් විමසනු ලබයි.
🙋‍♂️​පරිත්තාරම්මණ වීථිය🙋‍♂️

අරමුණ දුර්වලයි. මෙහිදී "ජවන" සිත් පවා උපදින්නේ නැත; සන්තීරණ හෝ වොට්ඨපන සිතින් වීථිය අවසන් වේ.

🙋‍♂️​අතිපරිත්තාරම්මණ වීථිය🙋

අරමුණ ඉතාම දුර්වලයි. මෙහිදී වීථි සිත් කිසිවක් හට නොගන්නා අතර භවාංග සිතේ සෙලවීමක් පමණක් සිදු වේ.
​මේ කරුණු අනුව මහන්තාරම්මණ වීථියක කෙළවර කුමක්දැයි නිවැරදිව තෝරා ගන්න.

​📌 විශේෂ සටහන 📌

මෙය ඔබ ඉගෙනගත් ධර්ම කරුණු මතක් කරගැනීම සඳහා පමණක් පවත්වන කෙටි ප්‍රශ්න මාලාවකි. මෙහි අරමුණ හඳුනාගෙන, පිළිතුර පමණක් සපයන ලෙස කාරුණිකව සිහිපත් කරමි.
ප්‍රශ්නයට අදාළ ඕනෑම ගැටලුවක් ඇත්නම් විමසන්න, එයට මා නිසැකවම පිළිතුරු ලබාදෙමි.
​මෙය නිවන් අවබෝධය පිණිසම වේවා! ☸️
​ #シ゚viral #シ゚viralpost

මරණාසන්න මොහොතකදී ඇසට රූපයක් පෙනීම හෝ කනට පිරිත් ශබ්දයක් ඇසීම වැනි පඤ්චද්වාරික අරමුණක් පැමිණිය හැකිය. එහෙත්, අභිධර්මයේ එ...
09/03/2026

මරණාසන්න මොහොතකදී ඇසට රූපයක් පෙනීම හෝ කනට පිරිත් ශබ්දයක් ඇසීම වැනි පඤ්චද්වාරික අරමුණක් පැමිණිය හැකිය. එහෙත්, අභිධර්මයේ එන "මරණාසන්න වීථි" විග්‍රහයට අනුව, එම ඕනෑම අරමුණක් අවසානයේදී චුති සිතට පෙර ක්‍රියාත්මක වන "අවසන් ජවන සිත් පෙළ" හටගන්නේ කුමන ද්වාරය මුල් කරගෙනදැයි මඳක් ගැඹුරින් සිතා බලා පිළිතුර විමසා බලන්න.
​📌 විශේෂ සටහන
මෙය ඔබ ඉගෙනගත් ධර්ම කරුණු මතක් කරගැනීම සඳහා පමණක් පවත්වන කෙටි ප්‍රශ්න මාලාවකි. මෙහි අරමුණ හඳුනාගෙන, පිළිතුර පමණක් සපයන ලෙස කාරුණිකව සිහිපත් කරමි.
වැඩිදුර දැනුම සඳහා ධර්ම කථික භික්‍ෂූන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කරන්න ප්‍රශ්නයට අදාළ ඕනෑම ගැටලුවක් ඇත්නම් විමසන්න එයට මා නිසැකවම පිළිතුරු ලබාදෙමි.
​මෙය නිවන් අවබෝධය පිණිසම වේවා! ☸️
​ #シ゚viral #シ゚viralpost

09/03/2026

අභිධර්මයේ එන අතිශය ගැඹුරු විග්‍රහයක් වන "රූප දසක කලාප" සහ "චිත්ත වීථි" ක්‍රියාවලිය සරල උපමාවකින් වටහා ගනිමු. අපේ ඇස සහ කන තුළ සිදුවන මේ පුදුමාකාර ක්‍රියාවලිය ඔබ මීට පෙර අසා තිබණා ද? ​

🧘​චක්ඛු දසක කලාපය🔉

ඇස සෑදී ඇත්තේ රූප 10ක එකතුවෙනි. මෙහි ඇති "ජීවිතේන්ද්‍රිය" හරියට ෆෝන් එකක බැටරිය වැනිය. එය ඇස නරක් වීමට නොදී පවත්වා ගනී.
🙋​ප්‍රසාද රූපය (කන්නාඩිය)🙋‍♂️

ඇසේ කළු ඉංගිරියාව මැද ඇති උකුණු හිසක් තරම් වූ සියුම් "ප්‍රසාද රූපය" හරියට කැමරා කාචයක් (Lens) වැනිය. බාහිර රූපයක් එහි ගැටුණු සැණින් "දැකීමේ සිත" උපදී.

🙋‍♂️​සෝත ප්‍රසාදය (ලුණු සිවිය)🙋‍♂️

කන ඇතුළත ලුණු සිවියක හැඩය ගත් ප්‍රසාද රූපයේ ශබ්දයක් ගැටීමෙන් "ඇසීමේ සිත" පහළ වේ.

🧑‍🦽​චිත්ත වීථිය:🧑‍🦽

භවාංග සිත සලිත වී, පංචද්වාරාවජ්ජන සිත හරහා අරමුණට යොමු වී විඤ්ඤාණය පහළ වන ආකාරය පියවරෙන් පියවර මෙහි විස්තර කෙරේ.
​මේ ගැඹුරු දහම් කරුණු සරලව වටහාගෙන ජීවිතයේ අනිත්‍ය බව වටහා ගැනීමට උත්සාහ කරමු.

🫡​විශේෂ සටහන🫡

මෙය ධර්ම කරුණු සරලව වටහා ගැනීම සඳහා පොහොය දා සිල්වත් අපේ සිල්වත් පිරිසට. ඉදිරිපත් කරන ලද්දකි. සැබෑ අවබෝධය සඳහා සම්බුද්ධ දේශනා ගැඹුරින් හදාරන්න.🥰🥰

​ #シ゚viral #シ゚viralpost

Address

Sri Senanada Viharaya Waraayagama
Hambantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when The Mobile Monk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share