13/09/2026
🪷 ඔලබොඩුවේ වස්සාන දේශනා – 2026 🪷
ඓතිහාසික ඔලබොඩුව රාජ මහා විහාරස්ථානයේ වස්සාන පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ තවත් එක් උතුම් පුණ්‍යමය අවස්ථාවක් අද (2026.09.13) දින සාර්ථකව පැවැත්විණි.
සෑම ඉරුදිනකම පැවැත්වෙන මෙම උතුම් ධර්ම දේශනා මාලාවේ අද දින ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මාම්පේ විජයවර්ධනාරාමය හා කොටගෙදර ගංගාරාමය යන උභය විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පූජ්‍ය ගරු කුඹුකේ චන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.
මෙම උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය ඔලබොඩුවේ පදිංචි තිලක් චන්දන මහතා, ආර්. පී. කමලාවතී මහත්මිය සහ ගෝනපොල පදිංචි දෙව්මිණි රණවීර මෙනවිය විසින් සිදු කරන ලදී.
මෙම උතුම් පුණ්‍යකර්මයට දායක වූ සියලු දෙනාටත්, සහභාගී වූ සියලු පින්වතුන්ටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත්, සියලු යහපතත් උදා වේවා! 🪷
#ඔලබොඩුවේවස්සානදේශනා2026
#ඔලබොඩුව