Sri Mihindu Viharaya

Sri Mihindu Viharaya බෞද්ධ විහාරස්ථානය - සිරි මිහිඳු දහම් පාසල
Buddhist Temple - Siri Mihindu Damma School

17/04/2026

සිරි මිහිඳු බක් මහ උළෙල 𝟐𝟎𝟐𝟔

හෙට දින (අප්‍රේල් 18) උදෑසන 7.00ට විහාරස්ථාන භුමියේ දී ආරම්භ වේ.

උදෑසන 7.00ට ගම හරහා දිවීම, සඳුන් උයනෙන් ආරම්භ කර කෝරළ ඉම මංසන්ධිය තෙක් ගොස් නැවත සඳුන් උයනට

* තනි කකුලෙන් කොට්ටා පොර ගැසීම
* කණා මුට්ටි බිඳීම
* ලිස්සන ඒ දණ්ඩ මත ඇවිදීම
* අලියට ඇස තැබීම
* බනිස් කෑම ආදී

විනෝදජනක ජන ක්‍රීඩා ඇතුලු විවෘත තරඟ රැසක් සමඟින් පැවැත්වේ.

පැමිණ සහභාගිවීමට ඔබ සැමට ආරාධනා...෴

මෙයට,
සංවිධායක මණ්ඩලය

14/04/2026

සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව....

භවතු සබ්බ මංගලං
රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන
සබ්බ ධම්මානුභාවේන
සබ්බ සංඝානුභාවේන
සදා සොත්ථි භවන්තු තේ.....
🙏🙏🙏

🙏 ලැබුවාවූ මේ නව වසර......🎇🌞⬇️

තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්...
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්....
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....

නිදුක් වේවා... නීරෝගි වේවා... සුවපත් වේවා...

කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...

ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්.... වීර්යයෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...

ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...

අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...

ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...

යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ෂාව රැකවරණය සැලසේවා...

ගන්න හෙලන හුස්ම ‍රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් ‍රැස් කිරීමේ වාසනාව උදා වේවා...

අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....

සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සියලු පැතුම් ඉටුවන නිදුක් නීරෝගී, වාසනාවන්ත,
☸ සුබම සුබ නව වසරක් වේවා!!! 🌻✪✪꧂

පලසක් විලස යන මග මල් ඇතිරේවා........
අහසක් උසට උස පැතුමන් ඉටු වේවා......
දහසක් පහන් දැල් වී මග එලි වේවා........
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා......

දිනෙන් දිනම ඔබෙ දිවි මග සරු වේවා....
සින මලින් ඔබෙ මුව ඔපවත් වේවා.....
තෙරුවන් බෙලෙන් ගත සිත සුවපත් වේවා.....
නිදුක් නිරෝගී නව වසරක් වේවා........

🙏🙏තෙරුවන් සරණයි...🙏🙏

🌕 බක් පුන් පොහොය දිනය අදයි... 🙏මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ...
01/04/2026

🌕 බක් පුන් පොහොය දිනය අදයි... 🙏

මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි. බක් මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස ප්‍රකටය. කෙත්වතුවල අස්වනු නෙළා ගන්නා වූ, මලින් ඵලින් ගස් බරවූ මාසයක් ලෙස බක් මාසය හැඳින්වේ.

* බුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකා ගමනය

ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදුවූයේ බක් පුර පසළොස්වක පොහොය දිනකය. චූලෝදර – මහෝදර දෙදෙනා අතර මැණික් පුටුවක් නිසා ඇතිවන්නට ගිය මහා ගැටුම නිරාකරණය කිරීමේ පරම අභිලාෂය ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු විය.

මහෝදර නම් නා රජුට තිරව්පිකා නම් සොහොයුරියක් වූවාය. ඇය සරණපවා දුන්නේ කන්ඩමන් පර්වතයේ විසූ නා රජුට ය. මේ දෙදෙනාට චූලෝදර නම් පුතෙක් විය. මහෝදර රජුගේ පියා ඔහු මියයෑමට පෙර තමා සතුව පැවැති මිණි එබ්බවූ පුටුව මහෝදරට නොදී මහෝදරගේ සොහොයුරිය වූ එමෙන්ම චූලෝදරගේ මෑණියන්ට දුන්නේය. ඉන්පසු මෙම මැණික් පුටුවේ හිමිකරු වූයේ චූලෝදරය. තම පියා සතු වූ මැණික් පුටුව වැඩිමහල් පුතු වූ තමාට නොලැබී බෑණාට හිමිවීම පිළිබඳ මහෝදර තදබල වෛරයකින් පසු විය. මෙම පුටුව ලබා ගැනීම සඳහා මහෝදර වරින් වර උත්සාහ කළ ද එය ව්‍යාර්ථ විය. අවසන දී මහෝදර, මැණික් පුටුව ලබාගැනීමේ අභිලාෂයෙන් සේනා සංවිධානය කොට යුද්ධයකට සැරසුණි.

මේ කාරණය දැනගත් බුදුරජාණන් වහන්සේ සිදුවන්නට ගිය මහා මිනිස් සංහාරය වළක්වා, සාමය උදා කිරීමේ අරමුණෙන් යුතුව ලංකාවට වැඩමකොට කාකෝලුක, වට්ටක, ලටුකික ආදී ජාතක කතාවන් ද දක්වමින් සාමයේ ඇති වටිනාකම දෙපිරිසටම පැහැදිලි කරමින් ධර්ම දේශනා කළහ. ධර්ම දේශනය අවසානයේ දෙපිරිසම බුදුන් සරණ ගොස් සමගි වූහ.

* එමෙන්ම සිදුහත් කුමරු සතර පෙරනිමිති අතරින් පළමුවැන්න වූ මහල්ලෙකු දැකීම සිදුවන්නේද බක් පොහොය දිනයකදීය.

“සමග්ගා හොට මා විවදට” යන්න බුදුරදුන් නිතරම තම ශ්‍රාවක පිරිසට කළ අනුශාසනාවකි. වාද විවාද කිරීමෙන්, කලකෝළහල කිරීමෙන් කවදාවත් සැනසීමට පත්විය නොහැක. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. ඉවසීම පෙරදැරිව යුක්තිය, සාධාරණය ඉටු කළ යුතුය. අවේගශීලීව ප්‍රශ්න නිරාකරණය කළ නොහැකි බව අප තේරුම් ගත යුතුය. වර්තමාන ශ්‍රී ලාංකික සමාජය දෙස බලන විට අපට පැහැදිලි වන්නේ ආත්මාර්ථකාමීත්වයෙන් යුත් කරුණාව, මෛත්‍රීය, ඉවසීම වැනි ගුණාංගයන් මිනිසුන්ගේ හදවත් තුළින් ගිලිහෙමින් පවතින බවයි. එබැවින් මෙම උතුම් බක් පුර පසළොස්වක පොහෝ දින අප අධිෂ්ඨාන කරගත යුත්තේ, සාමකාමී පරිසරයක් ගොඩනැඟීමට දායක වීම අප කාගේත් වගකීම හා යුතුකම බවයි.

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා!!! 🙏🙏🙏

26/03/2026
*උතුම් මැදින් පුර පසළොස්වක පොහොය අදයි.* ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව...
02/03/2026

*උතුම් මැදින් පුර පසළොස්වක පොහොය අදයි.*

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය දෙමව්පියන්ට ගෞරව කිරීම, සැලකීම කියා දෙන උතුම් වූ පුන් පොහෝ දිනයකි. බෝසත් චරිතයෙන් සහ බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි දෙමව්පියන්ට සැලකීම.
දෙමව්පියන්ට උපස්ථාන කිරීම, අඹු දරුවන්ට සැලකීම, යහපතෙහි යෙදීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දේශනා කර තිබේ.

බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සිදු වන්නේ අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය.

බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින් නික්ම වුණ දවසේ සිට සුද්ධෝදන රජතුමා තමන්ට සිටි එකම පුත්‍ර රත්නය ගිහි ගෙය අතහැර යෑම පිළිබඳව මහත් අසහනයකින් දුකකින් සිටියහ. සිදුහත් කුමාරයා ගිහි ගෙය හැරගිය දවසේ සිට ඔහු පිළිබඳව සොයා බැලීමට කටයුතු කළා. ඉන්පසු බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට මහත් ආසාවෙන් සිටි නිසා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවාගෙන එන ලෙස පණිවිඩකරුවන් පිටත් කර හැරියා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැක බණ අසා එම පිරිස් ද පැවිදි දිවියට පත්වුණා.

අවසානයේ කාළුදායි ඇමැතිවරයා දහසක් පිරිවර සමග බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරවා ගෙන එන ලෙස සුද්ධෝදන රජතුමන් දැනුම් දුන්නා. එහිදී බුදුන් වහන්සේ බැහැ දැකීමට ගිය කාලුදායි ඇමැතිවරයා ඇතුළු පිරිස ද එහිදී බණ අසා මාර්ගඵල අවබෝධය ලබා පැවිදි දිවියට පත් වුණා. පසුව නිසිකල් පැමිණි පසු බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික භික්ෂූන් වහන්සේලා පෙරටු කරගනිමින් සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. බුද්ධත්වයට පත්වීමෙන් පසුව සිය පියාට සංග්‍රහ කිරීම සඳහා මෙහිදී කිඹුල්වත් නුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම ද මේ අනුව මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදුවීම ද සුවිශේෂි වේ.

දෙමාපියන්ගේ වටිනාකම දන්නා බුදුරජාණන් වහන්සේ ඒ අනුව සිය පියා හමුවීම සඳහා කිඹුල්වත් නුවරට වැඩම කළහ. එහිදි සුද්ධෝදන රජතුමන් බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වූහ. එහිදී බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිසට ධර්මය දේශනා සිදු කළහ. මෙහිදී ගිහියකු වූ සුද්ධෝදන රජතුමා බණ ඇසීමෙන් පසුව සකෘදාගාමි මාර්ගඵල අවබෝධයට පත්වනවා. එතැන් සිට සුද්ධෝදන රජතුමා රාජකීය සුඛවිහරණ අත්හැර ඉතා සරල අල්පේච්ඡ දිවියක් ගත කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වනවා.
මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දින හැඳින්විය හැකිය.

මැදින් පුර පසළොස්වක පොහෝ දිනයේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කළේ සිය ඥාතීන්ට සංසාර බැඳීමෙන් මුදා ගැනීමේ උතුම් අරමුණු ඇතිවය. නමුත් වයසින් ලාබාල බුදුන් වහන්සේට ගරු කිරීම වන්දනා කිරීම අසුන් පනවා පිළිගැනීම් ආදිය වතාවක් ශාක්‍යයන් බැහැර කෙරිණ. මේ නිසා ඥාතීන් ඉදිරියේ යමා මහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා.

එසේම සුද්ධෝදන රජතුමා තෙවන වරට පුත්‍ර වන්දනය සිදුකළ පෝය ලෙස ද හඳුන්වයි.
යසෝදරා දේවියගේ ගුණ වර්ණිත පෝයක් ලෙස ද මැදින් පුර පසළොස්වක පොහෝ දිනය හඳුන්වා දිය හැකිය. සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය අතහැර යෑමෙන් පසුව යශෝධරා දේවිය ද සියලු සුවපහසු සුඛෝපභෝගී ජීවිතය හරිමින් අල්පේච්ඡ දිවියක් ගත කළා. පසුව බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් පසුව ඇයට ගෞරව කිරීම සඳහා යශෝධරා දේවියගේ කුටියට වැඩම කළේය. එහිදී යශෝධරා දේවියගේ ප්‍රේමය හා කැපවීම සංසාරික බැඳීම බුදුන් වහන්සේ අගය කරමින් පතිභක්තියේ ඇති කැපවීම පිළිබඳව කියැවෙන සඳකිඳුරු ජාතකය දේශනා කළේය.
රාහුල කුමරු සසුන්ගත වීම සිදුවූයේද අද වන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනකය. කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේගෙන් සත් හැවිරිදි කුඩා රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලී දායාද ලබා දෙන මෙන් ඉල්ලමින් ගමන් කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා පැවිදි දිවියට පත් කළ බවද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එසේම මෙතෙක් අනුගමනය කළ ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීමයි. ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පොරවා මහණ කිරීම රාහුල කුමාරයාගෙන් ආරම්භ වූයේද අදවන් පුන් පොහෝ දිනකය.
දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි දිවියට පත් නොකරන මෙන් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් සිදු කළ ඉල්ලීම අනුව බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශික්ෂා පදය වූ දෙමව්පියන්ගේ අනුදැනුමකින් තොරව දරුවන් පැවිදි නොකිරීමේ විනය නීතිය ද පනවන ලද්දේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනයක වීම ද විශේෂත්වයකි.
සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය ද බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූයේද අදවන් දිනකය.

මෙලෙස සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අප ජීවිතවලට ළඟා කළ ගත යුතු බොහෝ ගුණ ධර්මයන් රැසක් කියාදෙනවා. උතුම් නිර්වාණයට මග පෙන්වන දෙමාපියන්ට සැලකීම, කෘතගුණ සැලකීම ආදී සුවිශේෂී ගුණධර්මයන් මේ අතර වැදගත් වනවා.
වර්තමාන සමාජය දෙස බලන විට අපගේ දෙමාපියන් දරුවන් හදා වඩා ගත්ත ද ඔවුන් වැඩිහිටියන් බවට පත්වීමෙන් පසුව සමහර දරුවන් දෙමාපියන්ට නැති වැරදි කියමින් දොස් පවරමින් අතහැර දමා සිටින අයුරු දක්නට ලැබෙනවා. ඇතැම් අය ගහනවා බනිනවා, මේවා පංචානංකරිය කර්ම. අද වනවිට සමහර දෙමව්පියන්ට ජීවත්වීමට නිවසක් නොමැතිව, කුසට ආහාරයක් නොමැතිව මහ මගට වැටී සිටිනවා. වැඩිහිටි නිවාසවල ජීවත් වනවා. මෙය වර්තමාන සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
මේ උතුම් මැදින් පුර පුන් පොහෝ දිනයේ අපගේ හැදෙන වැඩෙන දරුවන්ට සිහිපත් කරන්නේ ඔබ වැදූ හැදූ මවට පියාට ගෞරව කිරීමට සැලකීමට කටයුතු කරන ලෙසයි. එසේම සමාජයේ යහපත් පුරවැසියන් ලෙස උතුම් වූ ධර්මය මග යමින් යහපතෙහි යෙදෙමින් මේ සංසාර ගමනේ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළ යුතුය.

(සැකසීම: අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, රැළපනාවේ ධම්මජෝති නාහිමි විසින් රචිත ලිපියකිනි)

21/02/2026

සංඝ නායක පදවි ප්‍රාප්ති උත්සවය

කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී...
2026.02.07

🙏🙏🙏
11/02/2026

🙏🙏🙏

අභිනව නායක හිමිපාණන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍යමහෝත්සවය....2026.02.08
11/02/2026

අභිනව නායක හිමිපාණන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍යමහෝත්සවය....

2026.02.08

අභිනව නායක හිමිපාණන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍යමහෝත්සවය සඳහා අලංකාර වූ විහාරස්ථානය....උදව් උපකාර කළ සැමට තෙරුවන් සරණින් නිද...
11/02/2026

අභිනව නායක හිමිපාණන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍යමහෝත්සවය සඳහා අලංකාර වූ විහාරස්ථානය....

උදව් උපකාර කළ සැමට තෙරුවන් සරණින් නිදුක්,නිරෝගී සුව, චිර ජීවනයම සැලසේවා!!!🙏

සංඝ නායක පදවි ප්‍රාප්ති උත්සවයේ විශේෂ අවස්ථාකෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී...2026.02.07
11/02/2026

සංඝ නායක පදවි ප්‍රාප්ති උත්සවයේ විශේෂ අවස්ථා

කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී...
2026.02.07

දිනමිණ පුවත්පතින්...
11/02/2026

දිනමිණ පුවත්පතින්...

Address

Sri Mihindu Viharaya, Sandun Uyana, Korala Ima
Gonapola
12410

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Mihindu Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share