28/01/2026
"භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වය ලැබ, එතැන් පටන් පන්සාලිස් වසක් මුළුල්ලේ චාරිකාවේ වඩිමින් කෝටි ගණන් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සත්ත්වයනට දහම් අමා වැසි වස්වා, පිරිනිවන් පා වදාළ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, එවක වැඩ සිටි රහතන් වහන්සේලා විසින්, භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය රැක ගනු වස්, සියළු ධර්ම කරුණු එක් රැස් කොට, සංගායනා කොට, සංග්‍රහ කලහ. එහිදී, නොයෙක් වර්ගවල මල් එකම මල් ආසනයක පූජා කලාක් මෙන් බුදුන් වහන්සේ විසින් විවිධ ස්ථාන වල විවිධ පුද්ගලයින් උදෙසා දේශනා කල ධර්මය පෙළ ගස්වා ප්‍රධාන වශයෙන් පිටක හෙවත් ග්‍රන්ථ කොටස් තුනක් යටතේ සංග්‍රහ කරන ලදි. එය ත්‍රිපිටකය නමි.
එම පිටක තුන නම්:
1. විනය පිටකය
2. සූත්‍ර පිටකය
3. අභිධර්ම පිටකය
විනය පිටකයෙහි, භික්ෂුන් වහන්සේලාගේ නිර්වාණ මාර්ගය සෘජුව පවත්වා ගැනීම සඳහාත්, ශාසනයෙහි පැවැත්ම සඳහාත්, බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, විනය කර්ම ආදිය අඩංගුය.
බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වල දේශනා කල ධර්මය සූත්‍ර පිටකයෙහි අඩංගුය.
සූත්‍ර පිටකය කොටස් වශයෙන්, දීඝ නිකාය, මජ්‌ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ලෙස බෙදා තිබේ. දීඝ නිකායෙහි දීර්ඝ සූත්‍ර ද, මජ්‌ඣිම නිකායෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර ද, සංයුත්ත නිකායෙහි ප්‍රඥාවත් පිරිස් උදෙසා දේශනා කල කෙටි සූත්‍ර ද, අනෙකුත් නිකායන්හි විවිධ ධර්ම කරුණු ද ඇතුලත් වේ.
අභිධර්ම පිටකයෙහි, ලෝකයේ යථා ස්වභාවය විභේදනය කරමින් දේශනා කල ගැඹුරු ධර්ම කරණු ඇතුලත් වේ.
සංගායනාවේදී මහා කාශ්‍යප රහතන් වහන්සේ ධර්මයත් විනයත් විචාල අතර, විනයඥයන් අතුරෙන් අග්‍ර උපාලි රහතන් වහන්සේ විසඳූ ක්‍රමයෙන් විනයත්, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද රහතන් වහන්සේ විසඳූ ක්‍රමයෙන් අවශේෂ සියළු ධර්මයත් සංග්‍රහ කරන ලදි. සංගායනාව අවසානයෙහි මහා පෘථිවි තොමෝ ඉතාම හටගත් ප්‍රමෝද්‍ය ඇත්තියක් සේ සය වරක් කම්පිත විය.
බුදුන් වහන්සේ අවබෝධ කල සියලු ධර්මය දේශනා කර නැත. අවබෝධ කල ධර්මය අසීමිතය. දේශනා කර ඇත්තේ නිර්වාණ මාර්ගයට අවශ්‍ය ප්‍රමාණය පමණය. ඒ බව සංයුත්ත නිකායේ සිංසපා සූත්‍රයේ බුදුන් වහන්සේම ප්‍රකාශ කර තිබේ.
ත්‍රිපිටකයේ ඇතුලත් මුළු ධර්මස්කන්ධය අසූහාරදහසකි (84000). ඒ බව සඳහන් වන්නේ ඛුද්දක නිකායේ ථෙරගාථා පාලියේ ආනන්ද ස්ථවිරගාථාවන්හිය. ආනන්ද රහතන් වහන්සේ සුවාසූදහසක් ධර්මස්කන්ධය දරා සිටි බව එහි දැක්වෙයි. එයින් හරි අඩක්, එනම් සතලිස් දෙදහසක් (42000) ම අභිධර්ම පිටකයයි.
📍 සූත්‍ර පිටකය (Sutta Pitaka) දෛනික ජීවිතයට වැදගත් වන බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇතුළත් සූත්‍ර ධර්මයන්.
🔹 දීඝ නිකාය: https://drive.google.com/file/d/1o9eoGd9pqsumikZwOjdtjOjv8mKpXTe9/view?usp=drive_link
🔹 මජ්‌ඣිම නිකාය: https://drive.google.com/file/d/1bQ8W3G2He15DrMTqhDKO6kdlXaIUloa1/view?usp=drive_link
🔹 සංයුත්ත නිකාය: https://drive.google.com/file/d/11ZmGLyMlEVP416pG4w6cCzk4-ARuY2Sk/view?usp=drive_link
🔹 අඞ්ගුත්තර නිකාය: https://drive.google.com/file/d/1wr6Miwi8HUdbzWBfiLKPWI3_ZBH3kp4t/view?usp=drive_link
🔹 ඛුද්දක නිකාය: https://drive.google.com/file/d/1Pud8c0rWU3JXKFa83J7bBY6P0PeiQe_4/view?usp=drive_link
📍 විනය පිටකය (Vinaya Pitaka) භික්ෂූන් වහන්සේලාගේ හික්මීම සහ විනය නීති රීති අඩංගු කොටස්.
🔸 සූත්‍ර විභංගය: https://drive.google.com/file/d/1TgpmhOY49dCtJtijfwgwuyJeSEiZJZFt/view?usp=drive_link
🔸 ඛන්ධක: https://drive.google.com/file/d/10ODKipVwbEp9hKeP3p9QcVAeMDkXUlpR/view?usp=drive_link
🔸 පරිවාර පාලිය: https://drive.google.com/file/d/100DNhrPmszJ2cX97bsgD98E7E83NgkSJ/view?usp=drive_link
📍 අභිධර්ම පිටකය (Abhidhamma Pitaka) සිත, චෛතසික, රූප සහ නිවන ගැන ගැඹුරින් විග්‍රහ කෙරෙන උසස් ධර්මය.
💠 ධම්මසංගණී: https://drive.google.com/file/d/1rumHISib9y_XaFjc5DhfNeAiS__KU6_A/view?usp=drive_link
💠 විභංගප්පකරණය: https://drive.google.com/file/d/1nIR8RYWvSb4NBOG-R_WOTm-NCteNsvhc/view?usp=drive_link
💠 ධාතුකථා: https://drive.google.com/file/d/1jbJU8tYtzxLnQVrDWsfv6wBTILhVNM1A/view?usp=drive_link
💠 පුද්ගල ප්‍රඥප්තිය: https://drive.google.com/file/d/16r51Eh-OCnxC9CGuZZrKHqRY8uk1t_5g/view?usp=drive_link
💠 කතාවත්ථු ප්‍රකරණය: https://drive.google.com/file/d/1ntolkYSK8DHRAe3jjP9ziq4-2dLj_kZe/view?usp=drive_link
💠 යමක ප්‍රකරණය: https://drive.google.com/file/d/15ESZsRYyDSfacw2y-L0J0ulaDz_liT0z/view?usp=drive_link
💠 පට්ඨාන මහා ප්‍රකරණය: https://drive.google.com/file/d/17W8zbsGugIgCC5XDw13KJUHWVy-tlGce/view?usp=drive_link
"මේ වටිනා ධර්ම දානය ඔයාගේ යාළුවන්ටත් දකින්න Share කරන්න අමතක කරන්න එපා. මොකද "සබ්බ දානං ධම්ම දානං ජිනාති" (සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්). 🙏🌸
තෙරුවන් සරණයි !
reels posts #ධර්මදානය #බුදුදහම cradit ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ