ශානු බණ්ඩාර දහම් පදනම - Shanu Bandara Daham Padanama

ශානු බණ්ඩාර දහම් පදනම - Shanu Bandara Daham Padanama සමාජ සත්කාර සඳහා

30/10/2021
29/10/2021
නොවැටහෙන සත්‍ය.........
27/07/2021

නොවැටහෙන සත්‍ය.........

1).ඵරුසං වේදනං - අත්පා කැඩීම්, කැපීම්, පහර වැදීම් වශයෙන් වන කටුක වේදනා ය.මීට අමතර ව සුව කළ නොහැකි බොහෝ කල් පවත්නා හිස සි...
31/05/2021

1).ඵරුසං වේදනං - අත්පා කැඩීම්, කැපීම්, පහර වැදීම් වශයෙන් වන කටුක වේදනා ය.
මීට අමතර ව සුව කළ නොහැකි බොහෝ කල් පවත්නා හිස සිට දෙපතුළ දක්වා ශාරීරික වේදනා මීට ඇතුළත් වේ.

2).ජානිං - ධන පිරිහීම යි. දුක සේ උපයා ගත් සියලු චංචල නිශ්චල දේපළ සොබාවික විපත්වලට හසු වී විනාශ වී යාමයි.

3).සරීරස්ස භෙදනං - සිරුරු බිඳීම ය. හදිසි අනතුරු ආදිය හේතුවෙන් ශරීරාංග කැඩී බිඳී යාමයි. ඔත්පළ වීම විරූපීවීම ආදියත් මීට අයත් වේ.

4).ගරුකං ආබාධං - බලවත් රෝගවලට ගොදුරු වීමයි. මෙලොවදී ලැබෙන, සැප අහිමි කරවන කුෂ්ට, පිළිකා හා ඒඩ්ස් ආදී රෝගයි.

5).චිත්තක්ඛේපං - උමතු වීමයි. සිහි විකල් වීමයි. මානසික ආබාධ මෙන් ම යකුන්, පිසාචයන්, භූතයන් අරක් ගැනීම යි.

6).රාජතො උපස්සග්ගං - රජුන්ගෙන් වන උපද්‍රවයන් ය. උසස් තනතුරු අහිමි වීම සිරගත වීම, දේපළ රාජ සන්තක කිරීම ආදිය යි.

7).දාරුනං අබ්භක්ඛානං - අභූත චෝදනාවලට ලක් වීමයි. තමා නො කළ වැරැදිවලට හසුවී බරපතළ ලෙස ලජ්ජාවට පත්වීමයි.

8).පරික්ඛයං ච ඥාතීනං - නෑ හිතමිතුරන් අහිමි වී ගොස් කාත් කවුරුත් නො මැතිව අසරණ වීමයි. දරුවන් විසින් අතරමං කළ දෙමාපියන් ද මේ දුක් විඳින්නෝ ය.

9).භොගානං පභංගුරං - භෝග සම්පත් වැනසී යාමයි. කෙත්වතු, අස්වැන්න විනාශ වී යාමයි. රන් රිදී, මුතු මැණික්, මිල මුදල් විවිධ හේතු නිසා වැනසී යාමද මේ දුක්වලට අයත් වේ.

10).අගාරානි අග්ගි ඩහති - ගේ දොර ගිනි ගෙන දැවී යාමයි. ලැව්ගිනි, සතුරු උපද්‍රව ආදිය හේතුවෙන් තම දේපළ ගින්නෙන් වැනසී යයි. ඇතැම් විට ජීවිත පවා ගින්නෙන් විනාශ වෙයි.

මේ අනුව මිනිසා දෛනික දිවියේ දී මුහුණ දෙන දුක් දොම්නස් රාශියක් ම මෙම විග්‍රහයට ඇතුළත් වෙයි. සමහරෙක් එම දුක් දොම්නස්වලට හේතුව නො දැන හූල්ලමින්, සුසුම් හෙළමින් ජීවත් වනු විනා එහි හේතු කාරක ධර්මානුකූල ව විමසා එවැනි දහදුක් විඳින්නට හේතුවන අකුසල කර්මවලින් මිදෙන්නට කල්පනා නොකරති.

උක්ත ගාථාවන්හි දහදුක් විඳින්නාට මරණයෙන් පසුව ද සුගතියක් නො ලැබෙන බව දැක්වෙයි. නිදොස් උතුමන්ට අපරාධ කළවුන් මරණයෙන් පසු දුගතියෙහි උපත ලබන බව ද දේශනා කොට තිබෙයි. දහ දුක් විඳිනවාට වඩා මැරෙන එක සැපක් යයි ඇතමෙක් පවසති.

එහෙත් මරණයෙන් පසුව ද සුවයක් ලැබිය නොහැකි බව එයින් පෙනේ. අයහපත් කර්ම කළවුන්ට මෙලොව පරලොව තැවෙන්නට සිදුවන බව ද බුද්ධ දේශනාව යි. මේ ගැන ද සිතා අකුසල කර්මයෙන් මිදී ජීවත් වන්නට කල්පනා කළ යුතු ය.
දහදුක් පිළිබඳ කෙරෙන දේශනාවේ නිදාන කතාවේ විවරණය වන්නේ මුගලන් මහ රහතන් වහන්සේ පෙළන ලද කර්මය යි. සෘද්ධිමතුන් අතරින් අග තනතුරු ලද මුගලන් තෙරණුවෝ දෙව්ලොවින් ද, දුගතියෙහි උපන් අයගෙන් ද සජීවි නිදසුන් ගෙන කුසල අකුසලයෙහි විපාක පෙන්වමින් දහම් දෙසති. මිනිසුන්ගේ සිත් කුසලට යොමු කරවති. මිථ්‍යා දෘෂ්ටික පිරිස් සම්මා දිට්ඨියෙහි පිහිටුවති. මේ නිසා තීර්ථකයන්ට ලද ලාභ ප්‍රයෝජන අහිමි වී ගියේ ය. මුගලන් තෙරුන් ප්‍රාතිහාර්ය හමුවේ ජන සමාජයේ නව ප්‍රබෝධයක් ඇති වීය. මෙයින් වඩාත් වේදනා ලැබුවේ අන්‍ය තීර්ථක කොටස් ය. ඔවුහු මුගලන් තෙරුන් විනාශ කරන්නට සිතූහ. ඝාතන කල්ලියක් සොයා මසු දහසක් දී මුගලන් තෙරුන් විනාශ කරන්නට කුමන්ත්‍රණ කළහ.
මුගලන් තෙරුන් ගල් ලෙනක වාසය කරද්දී ඝාතකයෝ තෙරුන් ඝාතනය කරන්න සූදානම් වූහ. එක් වරක් නොව කිහිප වරක් ම තෙරුන් වහන්සේ සොරුන් මඟ හැර සෘද්ධියෙන් පලා ගියහ. පසුව තමන්ගේ පෙර අකුසල කර්මය මෙනෙහි කොට මේ මරණයෙන් තමාට නො මිදිය හැකි බව තේරුම් ගෙන ගල්ලෙනෙහි ම වැඩ සිටියහ. සොරුන් විසින් තමන්ට රිසි සේ තලා පෙළා මුගලන් තෙරණුවෝ ඝාතනය කෙරුණහ.

මේ සිදුවීම ගැන කැළඹීමට පත් දම්සභාවේ වැඩ සිටි තෙරුන් වහන්සේලා තෙදින් වැජඹි මහා මොග්ගල්ලාන තෙරුනට සිදු වූ දේ පිළිබඳ සංවේගයෙන් කතා කළහ. ඒ ඇසූ බුදුපියාණෝ උන්වහන්සේගේ පුරාකෘත අකුසල කර්මයෙහි බරපතළ බව පෙන්වා දෙමින් පෙර අත්බැවෙක සිය බිරිඳගේ බසට මුළාව අන්ධ මහලු දෙමාපියන් වනයට ගෙන ගොස් සොරුන් කරනා ලෙස අගවා පහර දී රිදවා වනයෙහි දමා ගිය අකුසලයට සසර පුරා විපාක ලබා රහත් වූ ජන්මයෙහිත් විපාක දුන් සැටි පෙන්වා වදාළහ. නිදොස් උතුමනට අවැඩ කිරීමෙන් මෙම දහ දුක්වලින් එකකට පැමිණෙන බව හා මරණින් පසු දුගතිගාමී වන අයුරු ද පෙන්වා දුන්හ. මුගලන් තෙරණුවෝ රහත් ව සිටි හෙයින් දුගතිගාමී නො වූහ. මුගලන් තෙරුන් පෙරදී දෙමාපියනට පහර දී තලා පෙළා දැමීම හේතුවෙන් උන්වහන්සේ ද පහර කා පිරිනිවන් පාන්නට සිදු විය.
තමා වැපිරූ බීජවල අස්වැන්න තමාට ම විඳින්නට සිදු වූ අයුරු මෙයින් පෙනේ. තමන් කරන ලද කුසල අකුසල කර්මයන්ට අනුරූප විපාක තමන් දායාදයක් ලෙස ලැබෙන බව මේ අනුව කල්පනා කළ යුතු ය. සාමාන්‍ය ජීවිතයේ දී අප මුහුණ දෙන දුක් දොම්නස් අපගේ ම කර්මයේ ප්‍රතිඵලයකි. ඇතැම් විට අපට අමිහිරි ශාරීරික වේදනා, එමෙන් ම ධන හානි හා ශරීරාංග දුබල වීම්, බරපතළ රෝගාබාධ, මානසික ව්‍යාධි, අස්ථාන චෝදනා තනතුරුවලින් පහ කිරීම්, සිරගත කිරීම්, නො කළ වැරැදිවලට හසුවීම් ඥාතීන්ගේ වෙන්වීම්, දරුවන් අහිමි වීම්, දෙමාපියන් අසරණ වීම් කෙත්වත් විනාශ වී යාම්, ගින්නෙන් සිදුවන හානි ආදී දහදුක්වල ඇතුළත් සියල්ල අහම්බයක් නො වන බව සිතන්න. ඒ සියල්ල කර්ම විපාකවල ප්‍රතිඵලයන් ය. නියාම ධර්මයන්හි එන කර්ම නියාමය යි.

🙏🙏🙏
26/03/2021

🙏🙏🙏

Address

New Town
Embilipitiya
70200

Telephone

+94711268100

Website

Alerts

Be the first to know and let us send you an email when ශානු බණ්ඩාර දහම් පදනම - Shanu Bandara Daham Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ශානු බණ්ඩාර දහම් පදනම - Shanu Bandara Daham Padanama:

Share