St. Maximilian Kolbe Church Vishakawaththa Sri Lanka

St. Maximilian Kolbe Church Vishakawaththa Sri Lanka St. Maximilian Kolbe Church Vishakawatta Sri Lanka Maximillion Kolbe

Maximillion Kolbe is the Patron Saint of: Drug addicts, journalists, prisoners and the pro-life movement
Church at Vishaka Watta, (Parish of Kanuwana - Colombo Archdiocese)) is the only church in Sri Lanka dedicated to the St.

අද අගෝස්තු 14වන දින, ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිඳුන්ගේ මංගල දිනයයි.මැක්සිමිලියන් කෝල්බේ තුමන් උපත ලබන්නේ 1894 වසර...
14/08/2026

අද අගෝස්තු 14වන දින, ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිඳුන්ගේ මංගල දිනයයි.

මැක්සිමිලියන් කෝල්බේ තුමන් උපත ලබන්නේ 1894 වසරේ ජනවාරි 08 වන දින පෝලන්තයේ ස්ඩුනිස්කා වෝලා නම් නගරයේදීය. පිරිමි දරුවන් හතර දෙනෙකුගෙන් යුත් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනි දරුවා වූ මෙතුමන්ගේ පියා රෙදි වියන්නකු වූ ජූලියස් කෝල්බේ වූ අතර මව වින්නඹු මාතාවක් වූ මරියා ඩබ්‍රොස්කා නම් විය. 1906 වසරේ, වයස දොළහේදී ඔහු අත්දුටු දේව දේවමාතා දර්ශනය ඔහුගේ ජීවිතයට බෙහෙවින් බලපෑවේය.

එම දර්ශනය මෙසේය; 'එදින රාත්‍රියේ මම, දේවමාතාවන් ගෙන් මම කවුරුන් විය යුතු දැයි ඇසුවෙමි. එවිට එතුමිය තම දෙඅතින් ඔටුනු දෙකක් අරගෙන පැමිණියාය. එකක් සුදු පැහැති වූ අතර අනෙක රතුපැහැති එකකි. ඉන් එකක් තෝරා ගන්නා මෙන් එතුමිය මාගෙන් මගෙන් ඉල්ලා සිටියාය. සුදු පැහැති ඔටුන්නෙන් අදහස් කරන ලද්දේ ජීවිතයේ පිවිතුරු භාවය රැකීමයි; රතු පැහැති ඔටුන්නෙන් අදහස් කරනු ලැබූයේ ප්‍රාණ පරිත්‍යාගී වීමයි. මම ඔටුනු දෙකම පිළිගන්නා බව එතුමියට කීවෙමි.

1907 වසරේදී ඔහු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු වූ ෆ්‍රැන්සිස් ෆ්‍රැන්සිස්කානු නිකායේ කණිෂ්ඨ දෙව්සහලට ඇතුළත් වූ අතර 1910 වසරේදී එතුමන්ව එම නිකායේ ආධුනික ආරාමයට ඇතුලත් කර ගන්නා ලදි.එතුමන් තම පළමු පොරොන්දු 1911 වසරේදී දෙන ලද අතර අවසන් පොරොන්දු දෙන ලද්දේ 1914 වසරේදීය.
කෝල්බේ මුනිඳුන් 1915 වසරේදී රෝමයේ ශුද්ධාසනීය ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයෙන් දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා අතර 1919 වසරේ දී සාන්ත බොනවෙන්චර් විශ්වවිද්‍යාලයේදී දේව ධර්ම ශාස්ත්‍රය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගන්නා ලදී. මෙතුමන් තම මිතුරන් 6 දෙනෙකු සමග නිර්දෝෂි දේවමාතාවන්ට කැපවූ සංගමයක් පිහිටුවා ගන්නා ලදී. එමගින් දේව දේව මාතා භක්තිය ප්‍රචලිත කිරීමට ඔවුන් මහත් සේ කැපවී කටයුතු කළෝය. ඔවුන්ගේ අරමුණ වූයේ පව් කරුවන් ගේ සහ ශුද්ධවූ සභාවට විරුද්ධව කටයුතු කරන්නන් ගේ සිත් හැරීම වෙනුවෙන් සේවය කිරීමයි.

1918 වසරේ දී එතුමන් පූජකවරය ලබන අතර 1919 වසරේ දී එතුමන් නැවතත් පෝලන්තය බලා පිටත් වී ගියේය. 1930 වසරේ පටන් මෙතුමන් ආසියාවේ ධර්මදූත සේවයේ යෙදෙන අතර චීනය ජපානය සහ ඉන්දියාව යන රටවල සේවය කළේය.1933 වසරේදී නැවතත් පෝලන්තය බලා පැමිණෙන මෙතුමන් පුවත්පතක් නිකුත් කිරීමට සහ ගුවන් විදුලි සේවාවක් ඇරඹීමටද මුලපිරුවේය.
දෙවන ලෝක යුද්ධය ආරම්භවීමත් සමගම තාපසාරාමය තුළ රැඳුණු එතුමන් එම ස්ථානය තාවකාලික රෝහලක් බවට පත් කරන ලදී. එය පිහිටි නගරය ජර්මානු හමුදා විසින් අත්පත් කර ගැනීමෙන් කරගැනීමෙන් පසු 1939 සැප්තැම්බර් 19 දින එතුමන්ව අත්අඩංගුවට පත් කරගත්ත ද ජර්මානු සම්භවයක් ඇති නිසා දෙසැම්බර් 08 වන දින නිදහස් කරන ලදි .

ඉන් අනතුරුව එතුමන් තාපසාරාමය තුළ පුවත්පත් ප්‍රකාශණ කටයුතු ආරම්භ කරන ලද අතර නැවතත් 1941 පෙබරවාරි 17 දි ජර්මානු අධිකාරිය විසින් තාපසාරාමය වසා දමා කෝල්බේ මුනිදුන් සහ හතරදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
සිර කඳවුරේ දී ද පූජක තුමකු ලෙස කටයුතු කළ එතුමන්ට බොහෝ වද වේදනාවන් විදීමට සිදු වීය. බංකරයක දමා සාගින්නේ මරා දැමීමට සිරකරුවන් දස දෙනකු තෝරා ගත් අවස්ථාවේදී ඉන් එක් සිරකරුවෙකු හඬා වැලපෙද්දී ඔහු වෙනුවෙන් එතුමන් ඉදිරිපත් විය. බංකරය තුළ අනෙකුත් සිරකරුවන්ව එතුමන් විසින් යාඥාවට යොමුකරන ලදී.

සාගින්නෙන් හා පිපාසයෙන් අනෙකුත් සිරකරුවන් මරණයට පත් වුවද කෝල්බේ මුනිඳුන් ජීවත්ව සිටිනවා දුටු ජර්මන් හමුදාව ශරීරයට ඇසීඩ් එන්නත් කර 1941 අගෝස්තු 14 වන දි එතුමන් ද මරණයට පත් කරන ලදී.
ශු. කෝල්බේ මුනිතුමන් භාග්‍යවරයට එසවීම 1971 ඔක්තෝබර් 17 දින අති උතුම් වි වන පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් සිදුකල අතර ශුද්ධවරභාවයට එසවීම 1982 ඔක්තෝබර් 10 දින අති උතුම් දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම හිමිපාණන් විසින් සිදු කරන ලදි.

මෙතුමන් පවුල්වලද ,මත්ද්‍රව්‍ය වලින් මිදෙන්නන්ගේ ද, මාධ්‍යවේදීන්ගේ සහ දේශපාලන සිරකරුවන්ගේද නාම සාන්තුවරයා ලෙස හදුන්වනු ලැබේ. එතුමන් වෙනුවෙන් කැපකරන ලද ශ්‍රී ලංකාවේ පළමු සහ එකම දෙව්මැදුර වන්නේ ඒකල විශාකාවත්ත ග්‍රාමයේ ඇති ශු.මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමන්ගේ දේවස්ථානයයි. ⛪


විශාකාවත්ත ශු. මැක්සිමිලියන් කෝල්බේ දේවස්ථානයේ 2026 වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් කොඩිගස එසවීම අද, අගෝස්තු 09 දින සවස සිදු...
09/08/2026

විශාකාවත්ත ශු. මැක්සිමිලියන් කෝල්බේ දේවස්ථානයේ 2026 වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් කොඩිගස එසවීම අද, අගෝස්තු 09 දින සවස සිදුකරන ලදී.

මීසම් පාලක ගරු අර්නස්ට් ඩි මෙල් පියතුමන්ගේ ආසිරි ගැන්වීමෙන් අනතුරුව කොඩිගස ඔසවන ලද අතර ඉන් පසුව සැදැහැවතුන් විසින් ගෙනෙන ලද ආහාර ආසිරි ගන්වා, ජනතාව අතරේ බෙදාදෙන ලදී.

ශු. මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමෙනි අප නිසා යාක්ඥා කල මැනව. ආමෙන්. ⛪

Photo Credit Aruna Perera

25/07/2026
අගරදගුරු පදවියේ දහම් කෙත අස්වැද්දීමට,නවක පූජක පුතුන් සතර නමක් !කොළඹ අගරදගුරු පදවියේ පූජක සේවාවට එක්වන, නවක තේවාචාරී සහෝද...
21/07/2026

අගරදගුරු පදවියේ දහම් කෙත අස්වැද්දීමට,
නවක පූජක පුතුන් සතර නමක් !

කොළඹ අගරදගුරු පදවියේ පූජක සේවාවට එක්වන, නවක තේවාචාරී සහෝදරතුමන්ලා සතර නමකට පූජක වරම් දානය කිරීම, 2026 ජූලි මස 25 වන සෙනසුරාදා උදේ 9.00 ට, කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්, සහයක රදගුරු හිමිපාණන් වහන්සේලාගේ සහ පදවි පූජකතුමන්ලාගේ ද සහභාගිත්වයෙන්, කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී පැවැත්වෙන දිව්‍ය පූජා යාගයේදී සිදුකෙරේ.

⛪ ගරු ලසාල් ප්‍රියංකර සහෝදරතුමා

මීගමුව කට්ටුව මීසමේ, කට්ටුව සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් දේවස්ථානය

⛪ ගරු ශලංක මදුෂාන් සහෝදරතුමා

දළුගම මීසම, සාන්ත ප්‍රැන්සිස් ද සාලෙස් දෙව්මැදුර දළුගම

⛪ ගරු අසිත ශ්‍රියන්ත සහෝදරතුමා

ජාඇල වෑවල මීසමේ, වෑවල සාන්ත ප්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානය

⛪ ගරු ෂෙහාන් දිල්රුක් සහෝදරතුමා

කිරිමැටියාගාර මීසමේ, කිරිමැටියාගාර සාන්ත අන්තෝනි දේවස්ථානය

සටහන හා සේයාරූ ටී. සුනිල් ප්‍රනාන්දු සහ ප්‍රියංග සම්පත්

ජාඇල දඬුගම ප්‍රදේශයේදී  රිය අනතුරකින් ඉකුත් 14 දින ස්වර්ගස්ථ වූ ගරු  ගීතාලි ඇනස්ලි පියතුමන්ගේ  අවසන් කටයුතු පිළිබඳ නිවේද...
16/07/2026

ජාඇල දඬුගම ප්‍රදේශයේදී රිය අනතුරකින් ඉකුත් 14 දින ස්වර්ගස්ථ වූ ගරු ගීතාලි ඇනස්ලි පියතුමන්ගේ අවසන් කටයුතු පිළිබඳ නිවේදනය

ස්වර්ගස්ථ වූ ගරු ගීතාලි ඇනස්ලි පියතුමාගේ දේහය ජූලි 16 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.00ට කොළඹ අගරදගුරු මැදුරේ දිව්‍ය හෘදයේ දෙව්මැදුර වෙත රැගෙන එනු ලැබේ.

පෙ.ව. 11.00ට දේහය හෙකිත්ත ශාන්ත ලාසරස් දේවස්ථානය වෙත භාරගනු ලබන අතර, එහි රාත්‍රී 8.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තබනු ලැබේ.

ඉන් අනතුරුව දේහය කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත රැගෙන යනු ලැබේ.

අවසන් දිව්‍ය පූජාව (Requiem Mass) ජූලි 17 වැනි සිකුරාදා ප.ව. 3.00ට කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පැවැත්වෙන අතර, ඉන් අනතුරුව දේහය කඳාන දේවස්ථාන සුසාන භූමියේදී භූමදානය කරනු ලැබේ.

12/07/2026
ශුද්ධවූ ජපමාලය ගැන ඉතා හරවත්  නිර්මාණයක් වන "ආදරයේ උල්පත" චිත්‍රපටය  විශාකාවත්ත දේවස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යො...
11/07/2026

ශුද්ධවූ ජපමාලය ගැන ඉතා හරවත් නිර්මාණයක් වන "ආදරයේ උල්පත" චිත්‍රපටය විශාකාවත්ත දේවස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. 🎞️
නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය පැයක ධාවන කාලයකින් යුතු වේ.
ඔබ සැමට අරාධනා !! 🙏

ස්ථානය : විශාකාවත්ත දේවස්ථානය
දර්ශන වේලාව : ජූලි මස 12 ඉරුදින සවස 5 ට
ටිකට්පතක මිළ : රුපියල් 150/-

අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ නව රදගුරු ලෙස පත් කෙරේශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේගේ අනුමැතිය සහ වත...
29/06/2026

අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ නව රදගුරු ලෙස පත් කෙරේ

ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේගේ අනුමැතිය සහ වතිකානයේ නිල නිවේදනයට අනුව, කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු අපෝස්තලික පරිපාලක රදගුරු වන අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ නව රදගුරු ලෙස පත්කර තිබේ.

මෙම පත්කිරීම සිදු වී ඇත්තේ යාපනය පදවියේ රදගුරු වූ අති උතුම් ජස්ටින් ඥාණප්‍රගාසම් හිමිපාණන්ගේ විශ්‍රාම ගැනීම ශුද්ධාසනය විසින් පිළිගැනීමෙන් අනතුරුවය.

අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ නව දේව මෙහෙවර යාපනය පදවියේ සියලු කිතුනු බැතිමතුන්ට ආශීර්වාදයක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම, ප්‍රඥාව, ශක්තිය සහ දේව ආශීර්වාදය නිරන්තරයෙන් උන්වහන්සේ සමඟ වේවායි යාච්ඤා කරමු.
slcatholicnews

කොළඹ අගරදගුරු පදවියට නවක පූජක පුතෙක් ගරු කසුන් ප්‍රනාන්දු තේවාචාර්ය තුමන් අද දින (24) රෝමයේ ශාන්ත අපොලිනාරිස් බැසිලිකාවේ...
27/06/2026

කොළඹ අගරදගුරු පදවියට නවක පූජක පුතෙක්

ගරු කසුන් ප්‍රනාන්දු තේවාචාර්ය තුමන් අද දින (24) රෝමයේ ශාන්ත අපොලිනාරිස් බැසිලිකාවේදී කොළඹ පදවි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජා යාගයේදී පූජාත්වර සක්‍රමේන්තුව ලබාගත්තා.

ගරු කසුන් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේට අපගේ සුබපැතුම් එක්කරමින් තම දූත කාර්යය සමිඳුන් තුළ ප්‍රසන්න ලෙස කරගෙන යාමට අවැසි සුදතුම් වරම් ඉල්ලා කිතුණුවන් ලෙස අපි යාච්ඤා කරාමු.
Sri Lanka Catholic News

Address

Ekala

Alerts

Be the first to know and let us send you an email when St. Maximilian Kolbe Church Vishakawaththa Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St. Maximilian Kolbe Church Vishakawaththa Sri Lanka:

Shortcuts

Share